හයිඩ්‍රෝකාබන
×




හයිඩ්‍රෝකාබන
හයිඩ්‍රෝකාබන
*කාබන් අඩංගු සංයෝග කාබනික සංයෝග සංයෝග ලෙස හැදින්වේ.
*එහෙත් කාබන්ඩයොක්සයිඩ්,කාබනේට් හා බයිකාබනේට් කාබනික සංයෝග ලෙස නොසැලකේ.
*කාබනික සංයෝගවල අනිවාර්යිය මූලද්‍රව්‍යලෙස කාබන් අඩංගු වන අතර ඊට අමතරව H,N,O,P අඩංගුවේ.
*හයිඩ්‍රජන් හා කාබන් අඩංගු සංයෝග හයිඩ්‍රෝකාබන ලෙස හැදින්වේ.
උදා-ඉටි,පෙට්ට්‍රල්,දර
*බොරතෙල් භාගික ආසවනයෙන් ලබා ගන්නා පෙට්ට්‍රෝලියම් ඉන්දන වල අඩංගු සියලූම සංයෝග හයිඩ්‍රෝකාබන වේ.
*හයිඩ්‍රෝකාබනවල ව්යූහය පදනම්කරගෙන වර්ග 3 කට බෙදේ,
1.ඇල්කේන
2.ඇල්කීන
3.ඇල්කයින
1.ඇල්කේන
සංයෝගයේ කාබන් පරමානු හා කාබන් පරමානු අතර (කාබන් පරමානු එකකට වඩා වැඩි අවස්තාව)ඒක බන්දන පමනක් පවතින හයිඩ්‍රෝකාබන ඇල්කේන ලෙස හැදින්වේ.
2.ඇල්කීන
කාබන් හා කාබන් අතර ද්විත්ව බන්දන එකක් හෝ වැඩි ගනනක් පවතින හයිඩ්‍රෝකාබන ඇල්කීන ලෙස හැදින්වේ.
*කාබන් පරමානු අතර පවතින ද්විත්ව බන්දන හේතුවෙන් ඇල්කීන,ඇල්කේනවලට වඩා ප්‍රතික්‍රියාශීලී වේ.
එතීන්වල ව්යුත්පන්න
*ක්ලෝරෝඑතීන් (එතීන් වල එක් H පරමානුවක් වෙනුවට Cl පරමානුවක් බැදී තිබීම)
*ටෙට්‍රාෆ්ලුවෝරෝඑතීන් (එතීන් වල H පරමානු 4 වෙනුවට F පරමානු 4ක් බැදී තිබීම)
බහුඅවයවක
කුඩා අනු රැසක් එකිනෙකට සම්බන්දවී සෑදෙන විශාල අනු බහුඅවයවක නම් වේ.
බහුඅවයවක සෑදීමේ ක්‍රියාවලිය බහුඅවයවීකරනය ලෙස හැදින්වේ.
බහුඅවයවක පිලියෙල වීමෙන් පසුව දාමයේ අඩංගු මූලික ව්යුහ ඒකක,පුනeරාවර්තන ඒකක ලෙස හැදින්වේ.
සුලභව භාවිතාවන බහුඅවයවක කිහිපයක්
1.පොලිතීන්(පොලිඑතීන්)
2.පොලි ක්ලෝරෝඑතීන්(පොලි විනිල්ක්ලෝරයිඩ්)
3.පොලි ටෙට්‍රා ෆ්ලූවෝරෝ එතීන්(ටෙෆ්ලෝන්)
1.පොලිතින්
*එතීන් අනු බහුඅවයවීකරනයෙන් පොලිතීන් නිපද වේ.
*මෙහිදී සිදුවන්නේ එතීන් අනුවේ කාබන් පරමානුවේ ද්විත්ව බන්දනයෙන් එක් බන්දනයක් බිඳවැටී එතින් අනු දහස් ගනනක් සමග සම්බන්දවීමයි.
*ඒක අවයවයක් යනු,බහුඅවයවක සෑදීමට දායකවන කුඩා අනු.
*පුනරාවර්තන එකක යනු,බහුඅවයවකයේ අඩංගු මූලික ව්යූහ ඒකක
2.පොලි ක්ලෝරෝඑතීන් (පොලි විනිල්ක්ලෝරයිඩ්/ PVC)
ක්ලෝරෝඑතීන් බහුඅවයවීකරනයෙන් පොලි ක්ලෝරෝඑතීන්(PVC) සෑදේ.
3.පොලි ටෙට්‍රා ෆ්ලූවෝරෝ එතීන්
ටෙට්‍රා ෆ්ලූවෝරෝ එතීන් බහුඅවයවීකරනයෙන් පොලි ටෙට්‍රා ෆ්ලූවෝරෝ එතීන් සෑදේ.
1.පොලිතීන් වල ගුණ,
*විද්යුත් පරිවාරක වීම.
*ජලරෝදක වීම.
*වායුරෝදක වීම.
*ආතති වලට ඔරොත්තු දීම.
*කල්පැවැත්ම
*සැහැල්ලු බව
2. PVC වල ගුණ
*ගින්නට ප්‍රතිරෝදී වීම
*විද්යුත් පරිවාරක වීම.
*ජලරෝදක වීම.
*සැහැල්ලු බව.
භාවිත,
*වැහි පිහිලි
*නල ජල බට
3.ටෙෆ්ලෝන් වල විශේෂ ගුණ,
*තාපයට ඔරොත්තු දීම හා විද්යුත් පරිවාරක වීම.
*භාවිත,
ආහාර පිසීමට ගන්නා නොඇලෙන බදුන් නිපදවා ගැනීමට (non-stike)
හිම සපත්තු නිපදවා ගැනීමට
*සම්භවය අනුව බහුඅවයවික ස්වභාවික හා කෘතිම ලෙස වර්ග දෙකකට බෙදේ.
*ස්වාභාවික බහුඅවයවික උදාහරණ-
රබර්, ප්‍රෝටීන, පිෂ්ටය,පිෂ්ඨය, DNA,RNA
කෘතිම බහුඅවයවික උදාහරණ-
පොලිතීන්, ටෙෆ්ලෝන්,නයිලෝන්,පොලිස්ටරීන්, PVC
රබර්
*ස්වභාවික බහු අවයවයකි.
*අයිසෝප්‍රීන් නැමැති එක අවයවකය බහුඅවයවීකරණයෙන් රබර් සෑදේ.
*අයිසෝප්‍රීන් අණුවක්
ව්‍යුහය මත පදනම්ව බහුඅවයවික වර්ග කිරීම
1. රේඛීය බහුඅවයවක
2. ශාක දාම සහිත බහු අවයවක
3. හරස් දාම සහිත බහුඅවයවක
රබර් යනු රේඛීය බහුඅවයවයකි.
මෙම රබර් වල ප්‍රස්ත්‍යස්ත ගුණය හේතුකොටගෙන ඇතැම් භාවිත සඳහා යොදා ගැනීම අපහසු වේ.
මේ නිසා රබර් වල දැඩිභාවය වැඩිකරගෙන ප්‍රස්ත්‍යස්ත ගුණය අඩුකර ගැනීමට වල්කනයිස් කිරීම සිදුකරයි.
මෙම වල්කනයිස් කිරීම සඳහා ස්වභාවික රබර් සල්ෆර් සමඟ ප්‍රතික්‍රියා කරවනු ලැබේ. එවිට වල්කනයිස් කළ රබර් වල ව්‍යුහය හරස් දාම සහිත බව බහු අවයවයකි.
වල්කනයිස් කරන ලද රබර් වල භාවිත
ටයර්, ටියුබ්, බැටරි ආවරන නිපදවීමට
බහුඅවයවක වල වැදගත්කම
*අවශ්‍ය ගුණාංග සහිත නිර්මාණය කළ හැකි වීම
*භාවිතයට පහසු වීම
*විවිධ හැඩයන්ට නිපදවිය හැකි වීම.
*ඕනෑම වර්ණයක් ගැන්වීම හැකි වීම
*මිල අඩුවීම
බහුඅවයවක වල අවාසි
*දිරාපත් නොවේ
*ඒ නිසා විශාල පරිසර හානියක් සිදුවෙයි
*දහනයේදී විෂවායු පිටවන බැවින් එය හානිදායකය.
*කෘතිම බහුඅවයවික වලින් නිපදවන නයිලෝන්,පොලියෙස්ටර් වැනි රෙදි වලින් නිපදවූ ඇඳුම් දහඩි උරා නොගන්නා නිසා සිරුරට අපහසුය.කපු හා වූල් මිශ්‍ර කිරීමෙන් මෙම තත්වය අවම කරගත හෑකිය.