Science ||විද්‍යාව
⭕ ආලෝකය නිකුත් කරන වස්තූන් දීප්ත වස්තූන් වේ.
⭕ ආලෝකය නිකුත් නොකරන වස්තූන් අදීප්ත වස්තූන් ලෙස හැඳින්වේ.
⭕වස්තුවක් හරහා ආලෝකය ගමන් කරනවා නම් එම වස්තුව පාරදෘශ්‍ය වේ.
උදාහරණ වීදුරු පොලිතීන්
⭕සමහර ද්‍රව්‍ය තුළින් ආලෝකය අවිධිමත් ලෙස දිශාව වෙනස් කරමින් ගමන් කරන අතර එහි ආලෝකය මගින් වස්තු පැහැදිලිව හඳුනාගත නොහැක. එවැනි ද්‍රව්‍ය පාරභාසක ද්‍රව්‍ය වේ.
⭕යම් ද්‍රව්‍යක් තුළින් ආලෝකය ගමන් නොකරයි නම් එය පාරාන්ධ වස්තුවකි.
⭕ආලෝක කිරණ සමූහයක් ආලෝක කදම්භයක් ලෙස හැදින්වේ.
⭕ආලෝක කිරණ යම් තැනකට එකතු වේ නම් එය අභිසාරි ආලෝක කදම්බයකි.
⭕යම් තැනකින් ආලෝක කිරණ ඉවතට විහිදී යයි නම් එම ආලෝක කදම්භය අපසාරී ආලෝක කදම්භයකි.
තල දර්පන
තල දර්පණයක පරාවර්තනය සම්බන්ධ නියම දෙකක් ඇත.
1. පතන කිරණයත්, පරාවර්තන කිරණයත්, පතන ලක්ෂයේදී පෘෂ්ඨයට ඇඳි අභිලම්භයත්, එකම තලයක පිහිටයි.
2. පතන කෝණය පරාවර්තන කෝණයට සමාන වේ.
⭕තිරයක් මතට ප්‍රතිබිම්භයක් ලබාගත නොහැකි නම් අතාත්වික ප්‍රතිබිම්භයකි.
⭕තිරයක් මතට ප්‍රතිබිම්භය ලබා ගත හැකි නම් එය තාත්වික ප්‍රතිබිම්බයකි.
⭕තල දර්පනයක් සාදන ප්‍රතිබිම්භ අතාත්ත්වික ප්‍රතිබිම්බ වේ.
⭕දර්පණය සිට වස්තුවට ඇති දුර (වස්තු දුර) දර්පණයේ ප්‍රතිබිම්බයට ඇති දුරට (ප්‍රතිබිම්බ දුරට) සමාන වේ.
⭕තල දර්පණ වලින් සෑදෙන ප්‍රතිබිම්බ වස්තු හා සර්ව සම වේ. නමුත් ප්‍රතිබිම්බය පාර්ශ්වික ලෙස අපවර්තනය වී ඇත (ප්‍රතිබිම්බයේ පැති මාරු වී ඇත).
උදාහරණ ගිලන් රථයක AMBULANCE ලෙස ලියා ඇත්තේ නොපිටටයි.
වක්‍ර දර්පණ(ගෝලීය දර්පණ)
i.අවතල දර්පණ
ii.උත්තල දර්පණ
i.අවතල දර්පණ
1.ප්‍රධාන අක්ෂය දිගේ දර්පණය වෙත එන පැමිණ කිරණ පරාවර්තනය වීමෙන් පසුව අක්ෂය දිගේම ආපසු හැරී ගමන් කරයි.
2.ප්‍රධානඅක්ෂයට සමාන්තරව පැමිණෙන කිරණ දර්පණය මත පතනය වී නාභිය හරහා පරාවර්තනය වේ.
3.නාභිය හරහා පැමිනෙන් කිරණයක් පරාවර්තනය වීමෙන් පසු ප්‍රධාන අක්ෂයට සමාන්තරව ගමන් කරයි.
4.වක්‍රතා කේන්ද්‍රය හරහා පැමිණෙන කිරණයක් පරාවර්තනය වී වක්‍රතා කේන්ද්‍රය හරහාම යයි.
5.ප්‍රධාන අක්ෂයට යම් කෝණයක් ආනතව ධ්‍රැවය වෙත පැමිණෙන කිරණයක් එම කෝණයට සමාන කෝණයකින් පරාවර්තනය වේ.
⭕අවතල දර්පණයෙන් සෑදෙන්නේ අතාත්ත්වික උඩුකුරු විශාලත ප්‍රතිබිම්භයන්ය.
අවතල දර්පණ වලින් ප්‍රතිබිම්බ සෑදෙන අවස්ථා,
1. නාභිය හා ධ්‍රැවය අතර වස්තුව පිහිටා ඇති විට
ප්‍රතිබිම්බය වස්තු වඩා විශාලයි, අතාත්විකයි, උඩුකුරුයි.
රැවුල කැපීමේදී මුහුණ බැලීම සඳහා අවතල දර්පන භාවිතා වෙන්නේ මේ ආකාරයටයි.
2.නාභිය මත වස්තුව ඇතිවිට,
⭕ප්‍රතිබිම්භය අනන්තයේ සෑදේ, ප්‍රතිබිම්බ යටිකුරු ඉතා විශාලයි.(ප්‍රතිබිම්බ අන්තයේ සැදේ යැයි උපකල්පනය කළහොත්)
3.වක්‍රතා කේන්ද්‍රය හා නාභිය අතර ඇති විට,
⭕ ප්‍රතිබිම්බය ඇති වන්නේ වක්‍රතා කේන්ද්‍රයට ඈතින්ය. වස්තු වඩා විශාලය, යටිකුරු වී ඇත, තාත්විකයි.
4.වක්‍රතා කේන්ද්‍රය මත ඇතිවිට,
⭕ප්‍රතිබිම්බය වක්‍රතා කේන්ද්‍රය මතම යටිකුරුව ඇතිවෙයි. ප්‍රතිබිම්බයේ උස වස්තු උසට සමාන වේ. තාත්විකයි.
5.වක්‍රතා කේන්ද්‍රයට ඇතින් ඇතිවිට,
⭕ප්‍රතිබිම්බ සැදෙන්නේ වකතා කේන්ද්‍රය හා නාභිය අතරයි, වස්තු වඩා කුඩායි, යටිකුරු තාත්විකයි.
6.වස්තුව ඉතා ඈතින් ඇති විට,
⭕ප්‍රතිබිම්බ සෑදෙන්නේ නාභිය මත වන අතර දර්පණය සිට වස්තුව පිහිටි පැත්තේම පිහිටයි. තාත්විකයි, වස්තුවට වඩා ඉතාමත්ම කුඩා,යටිකුරු ප්‍රතිබිම්බයකි
උත්තල දර්පන
1.ප්‍රධාන අක්ෂය දිගේ පැමිණෙන කිරණය ප්‍රධාන අංශය දිගේම ආපසු යයි.
2.ප්‍රධාන අක්ෂයට සමාන්තරව පැමිණෙන කිරණයක්, නාභියේ සිට පැමිනෙන කිරණයක් මෙන් පරාවර්තනය වෙයි.
3.නාභිය වෙත පැමිණෙන කිරණයක් ප්‍රධාන අක්ෂයට සමාන්තරව පරාවර්තනය වේ.
4. වක්‍රතා කේන්ද්‍රය වෙතට පැමිණ කිරණයක් පරාවර්තනය වීමෙන් පසු එම මාර්ගයේම ගමන් කරයි.
⭕උත්තල දර්පනයක් ඉදිරියේ කුමන ස්ථානයක වස්තුවක් තැබූවාත් එහි ප්‍රතිබිම්බය වස්තුවට වඩා කුඩා උඩුකුරු අතාත්වික ප්‍රතිබිම්බයකි.
ආලෝක වර්තනය
⭕ආලෝක කිරණයක් එක් මාධ්‍යයක සිට තවත් මාධ්‍යයට ඇතුල්වීමේදී නැමී ගමන් කිරීම ආලෝක වර්තනය ලෙස හැඳින්වේ.
⭕එක් මාධ්‍යයක සිට වෙනත් මාධ්‍යයකට පැමිනි කිරණය නැවතත් එම මාධ්‍යයටම ගමන් කිරීම නිර්ගමනය ලෙස හැදින්වේ.
(වාත මාධ්‍යයේ සිට වීදුරු මාධ්‍ය ට පැමිනි කිරණය නැවත වාත මාධ්‍යයට ගමන් කිරීම නිර්ගමන ලෙස හැඳින්වේ.)
⭕ආලෝක කිරණයක් විරල මාධ්‍යයක සිට ගහන මාධ්‍යයකට ඇතුළුවීමේදී වර්තන කිරණය අභිලම්බ දෙසටත්,
⭕ආලෝක කිරණයක් ගහන මාධ්‍යයක සිට විරල මාධ්‍යයකට ඇතුළුවීමේදී වර්තන කිරණය අභිලම්බයෙන් ඉවතටත් ගමන් කරයි.
වර්තන නියම
1. නියමය
⭕ වර්තනය දී පතන කිරණයත්, පතන කිරණයේ ලක්ෂයට ඇදි අභිලම්බයත්, වර්තන කිරණයත් එකම තලයක පිහිටයි
2.නියමය-
⭕ආලෝක කිරණයක් එක් මාධ්‍යයක සිට තවත් මාධ්‍යයකට වර්තනය වීමේදී,
⭕පතන කෝණයේ sin අගයත්,වර්තන කෝණයේ sin අගයත් අතර අනුපාතය එම මාධ්‍යය දෙක මත පමනක් රදාපවතින නියතයකි.
⭕මෙම නියතය පලමු මාධ්‍යයට සාපේක්ෂව දෙවන මාධ්‍යයේ වර්තනාංකය ලෙස හැදින්වේ
වර්තනාංකය = sin i/sin r
පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය
⭕ගහන මාධ්‍යයේ සිට විරල මාධ්‍යයකට ආලෝක කිරණයක් වර්තනයේදී අභිලම්බයෙන් ඉවතට ගමන් කරයි.
⭕පතන කෝණය ක්‍රමයෙන් වැඩි කරන විට වර්තන කිරණය තව තවත් අභිලම්බයෙන් ඉවතට ගමන් කරයි.
⭕එක්තරා අවස්ථාවකදී පතන කෝණය වැඩි කළ විට වර්තන කිරණය මාධ්‍ය දෙක වෙන් කරන පෘෂ්ඨ දිගේ ගමන් කරයි. එනම් වර්තන කෝණයේ අගය අංශක 90කි.
⭕එම නිසා මෙම අවස්ථාවේදී ගහනතර මාධ්‍ය තුළ පතන කෝණයේ අගය අවධි කෝණය ලෙස හැඳින්වේ.
⭕තවදුරටත් පතන කෝණය වැඩි කළහොත් වර්තන කිරණය ගහනතර මාධ්‍යය තුලටම පරාවර්තනය වේ.
මෙය පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය ලෙස හැඳින්වේ.
⭕පූර්ණඅභ්‍යන්තර පරාවර්තනයෙදී පතන කෝණයේ අගය, අවධි කෝණයේ අගයට වඩා වැඩි වේ.
උදා-ප්‍රකාශතන්තු,ප්‍රිස්මය තුල
කාච
කාච වර්ග හතරකි,
i. ද්වී උත්තල
ii.ද්වි අවතල
iii. තල උත්තල
iv. තල අවතල
⭕කාචයේ වක්‍ර දෙක ගෝල දෙකකට සමාන කලහොත්, ගෝල දෙකේ කේන්ද්‍ර යාකරන සරල රේඛාව ප්‍රධාන අක්ෂය ලෙස හැඳින්වේ.
⭕කාචය තුළ පෘෂ්ඨ දෙක අතර මධ්‍ය ලක්ෂය ප්‍රකාශ කේන්ද්‍රය ලෙස හැඳින්වේ.
⭕ප්‍රකාශ කේන්ද්‍රය හරහා ගමන් කරන ඕනෑම කිරණයක් නොනැමී ගමන් කරයි.
⭕ ප්‍රධාන අක්ෂයට සමාන්තරව කාචය වෙත එන ආලෝක කිරණ වර්තනය වී විරුද්ධ පැත්තේ ප්‍රධාන අක්ෂය මත ලක්ෂයකදී හමුවී ගමන් කරයි. එය නාභිය වේ.
⭕ප්‍රධාන අක්ෂයට සමාන්තර කිරණයක් වර්තනයවී නාභිය හරහා යයි.
උත්තල කාච මඟින් ප්‍රතිබිම්බ සෑදීම
1.ප්‍රකාශ කේන්ද්‍රය හරහා යන කිරණ වර්තනයකින් තොරව කාචය හරහා ගමන් කරයි.
2. ප්‍රධාන අක්ෂයට සමාන්තරව එන කිරණ නාභිය හරහා ගමන් කරයි.
3. නාභිය හරහා එන කිරණයක් වර්තනය වී ප්‍රධාන අක්ෂයට සමාන්තරව යයි
i. වස්තුව කාචය හා නභිය අතර තබා ඇති විට,
ප්‍රතිබිම්බය වස්තුවට වඩා විශාලයි, උඩුකුරුයි, අතාත්විකයි
ii.වස්තුව නාභිය මත තබා ඇති විට,
ප්‍රතිබිම්බය අනන්තයේ සෑදේ,
3.වස්තුව නාභිය(F) හා නාභිදුර මෙන්දෙගුණයක්(2F) අතර ඇති විට,
ප්‍රතිබිම්බය වස්තුවට විරුද්ධ පැත්තේ 2F ට ඈතින් පිහිටයි, යටිකුරු,වස්තුවට වඩා විශාලයි
4. වස්තුව 2F මත ඇති විට,
ප්‍රතිබිම්බය වස්තුවට ප්‍රතිවිරුද්ධ පැත්තෙන් 2F මත පිහිටයි, වස්තුව හා එක සමානයි තාත්විකයි යටිකුරු යි.
5.වස්තුව 2F ට ඈතින් ඇති විට,
ප්‍රතිබිම්බය වස්තුවට විරුද්ධ පැත්තේ F හා 2F අතර පිහිටයි,වස්තුවට වඩා කුඩා, යටිකුරු තාත්විකයි
6.වස්තුව ඈතින් ඇති විට,
ප්‍රතිබිම්බය වස්තුවට විරුද්ධ පැත්තේ F මත පිහිටයි, තාත්විකයි යටිකුරු වස්තුව වඩා බෙහෙවින් කුඩාය
⭕ප්‍රකාශ සංසිද්ධි කිහිපයකට භාජනය වී පැමිණෙන කිරණයක ගමන්මඟ ප්‍රතිවර්තනය කල විට එය පැමිණි මාර්ගය ඔස්සේම ආපසු ගමන් ගනී. මෙම සංසිද්ධිය ආලෝක ප්‍රතිවාර්තිතා මූලධර්මය ලෙස හැඳින්වෙයි.
අවතල කාච
⭕ප්‍රධාන අක්ෂයට සමාන්තර එන කිරණ අපසරණය වීමෙන් පසුව නාභියේ සිට පැමිණෙන කිරණයක් මෙන් වර්තනය වේ.
අවතල කාචවලින් සෑදෙන ප්‍රතිබිම්බ
⭕අතාත්වික ප්‍රතිබිම්භ සෑදේ,
⭕වස්තුවට වඩා කුඩා වී පෙනේ,(වස්තුව කොහේ තිබුණත්)
⭕උඩුකුරු ප්‍රතිබිම්බයක් සෑදේ,
විශාලක කාච/සරල අන්වීක්ෂය
⭕උත්තල කාචයක් විශාලක කාචයක් ලෙස හැඳින්වේ.
*උත්තල කාචයක් සතු මෙම ගුණය කුඩා වස්තුවක් විශාල කර දැකගැනීමට යොදාගනී.
**උත්තල කාචයක් ඉදිරියේ කාචයේ නාභි දුරට වඩා අඩු දුරකින් වස්තුවක් තබා කාචයතුලින් බලන විට වස්තුව විශාලවී පෙනේ.