අම්ල භස්ම හා ලවණ
×




අම්ල භස්ම හා ලවණ
අම්ල භස්ම හා ලවණ
අම්ල
*ජලීය ද්‍රාවණයෙදී H (+)අයන මුදාහරින සංයෝග අම්ල ලෙස හඳුන්වයි.
*ජලීය ද්‍රාවණයෙදී හයිඩ්රජන් (+) අයන මුදාහැරීමේ ප්‍රබලතාව පදනම් කරගෙන අම්ල, ප්‍රභල හා දුභල අම්ල ලෙස වර්ග කෙරේ.
(i)ප්‍රභල අම්ල:-
ජලීය ද්‍රාවණයෙදී පූර්ණ අයනීකරණයට ලක් වෙමින් හයිඩ්‍රජන් (+) අයන මුදාහරින අම්ල ප්‍රභල අම්ල ලෙස හැඳින්වේ.
(ii)දුභල අම්ල:-
ජලීය ද්‍රාවණයෙදී භාගිකව අයනීකරණයට ලක්වෙමින් හයිඩ්‍රජන් (+) අයන මුදාහරින අම්ල දුභල අම්ල ලෙස හැඳින්වේ.
*සාන්ද්‍ර අම්ලයක් ජලය සමග මිශ්‍රකිරීමෙන් තනුක අම්ලයක් පිළියෙල කරගත හැක.
අම්ලවල ගුණ
i.විඛාදන ගුණය
ii.ඇඹුල් රසක් තිබීම
iii.තනුක අම්ල සක්‍රීයතා ශ්‍රේණියේ H ට උඩින් ඇති ලොහ සමඟ ප්‍රතික්‍රියා කර ලෝහයේ ලවණය හා හයිඩ්‍රජන් වායුව නිපදවයි.
iv.කාබනේට් බයිකාබනේට් සමග ප්‍රතික්‍රියාවෙන් කාබන්ඩයොක්සයිඩ් නිපදවීම අම්ලයක ලාක්ෂණික ගුණයකි.
v.අම්ල භස්ම සමග ප්‍රතික්‍රියා කර ලවණය හා ජලය සාදයි.
vi.අම්ල නිල් ලිට්මස් වල වර්ණය රතු පාට කරවයි.
අම්ලවල භාවිත
හයිඩ්‍රොක්ලෝරික් අම්ලය
i.වානේ භාණ්ඩවල මල ඉවත් කිරීමට
ii.රාජාම්ලය සෑදීමට
iii.ආහාර තාක්ෂණයේදී අස්ථිමය කොටස් වලින් ජෙලටීන් සාදා ගැනීමට
සල්ෆියුරික් අම්ලය
i.බැටරි ඇසිඩ් යනු තනුක සල්ෆියුරික් අම්ලය වේ.
ii.සායම් වර්ග ප්ලාස්ටික්, ක්ෂාලක නිපදවීමට
iii.සාන්ද්‍ර සල්ෆියුරික් අම්ලය ඉහළ විජලකාරකයක් ලෙස හැඳින්වේ.
ඇසිටික් අම්ලය
i.විනාකිරි නිපදවීම
ii.රබර් කිරි මුදවීම
iii.කඩදාසි කර්මාන්තයේදී
iv.ඡායාරූප පටල නිපදවීමට
භෂ්ම
*භෂ්මයක් යනු ජලීය ද්‍රාවණයක OH (-) අයන සාන්ද්‍රණය ඉහළ නංවන රසායනික සංයෝගයකි
*මේවා වර්ග දෙයකි
(i)ප්‍රබල භෂ්ම
ජලීය ද්‍රාවණයෙදී පූර්ණ ලෙස අයනීකරණය වන භෂ්ම ප්‍රබල භෂ්ම ලෙස හැඳින්වේ
(ii)දුබල භෂ්ම
ජලීය ද්‍රාවණයෙදී අර්ධ ලෙස අයනීකරණය වන භෂ්ම දුභල භෂ්ම ලෙස හැඳින්වේ.
භෂ්ම වල ගුණ
i.අතින් ස්පර්ශ කළ විට සබන් වැනි ලිස්සන ගතියක් දැනීම
ii.භෂ්ම අම්ල සමග ප්‍රතික්‍රියා කොට ලවණ සහ ජලය සෑදීම
iii.භෂ්ම රතු ලිට්මස් නිල් පැහැයට හරවයි
iv.ජලයේ හොඳින් දියවන භෂ්ම ක්ෂාර ලෙස හැඳින්වේ.
භෂ්ම වල භාවිත
1.සෝඩියම් හයිඩොක්සයිඩ්
i.සබන්,කෘතිම සේදුම්කාරක නිපදවීමට රසායනාගාර කටයුතු සඳහා
ii.කඩදාසි නිපදවීමට
iii.සායම් වර්ග නිපදවීමට
iv.පෙට්‍රෝලියම් නිෂ්පාදන පිරිපහදු කිරීමට
v.මිල්ක් ඔෆ් මැග්නීසියා නිපදවීමට
vi.සීනි කර්මාන්තයේදී උක්පැනි සංශුද්ධ කිරීමට
දර්ශක භාවිතයෙන් අම්ල භෂ්ම හදුනා ගැනීම
ලිට්මස් වල
ආම්ලික වර්ණය = රතු
භාෂ්මික වර්ණය = නිල්
පිනොප්තලින් වල
ආම්ලික වර්ණය = අවර්ණ
භාෂ්මික වර්ණය = රෝස පාට
මෙතිල් ඔරේන්ජ් (methyl orange)
ආම්ලික වර්ණය = රතු
භාෂ්මික වර්ණය = කහ
PH පරිමාන
PH පරිමාණය
*බින්දුවේ සිට 14 ට ඇත
*7 උදාසීනයි
*7 ට වඩා අඩු ආම්ලිකයි
*7 ට වඩා වැඩි භාෂ්මිකයි
*0-6 දක්වා වැඩි වීමේදී ආම්ලික ගතිය අඩුය
*8-14 දක්වා වැඩි වීමේ දී භාෂ්මික ගතිය වැඩිවේ
*ප්‍රබල අම්ලවල දර්ශකය 0 ට ආසන්න ද ප්‍රබල භෂ්ම වල අගය 14 ට ආසන්නයේද ඇත
PH කඩදාසි
*දර්ශක කිහිපයක් එකතු කර සාදා ඇත
*ද්‍රාවණයකට මෙම පත්‍රයක් දමා ලැබෙන වර්ණය, වර්ණ කේතය සමග සැසදීමෙන් ආම්ලික භාස්මික උදාසීන බව සොයාගත හැක.
ලවන
*අම්ල භෂ්ම සමග ප්‍රතික්‍රියාවෙන් සාදයි.
*ලවන සෑදීමේදී එකිනෙක සමඟ ප්‍රතික්‍රියා කරන අම්ල හෝ භෂ්ම හෝ ප්‍රබලතාව පදනම් කරගෙන ඒවා ආම්ලික, භාස්මික, උදාසීන ගුණ පෙන්වයි
ලවණ වල ගුණ
*ස්ඵටිකරූපී ඝන සංයෝග වේ
*බොහොමයක් ලවණ ජලයේ දියවේ
*ඉහළ ද්‍රවාංක තාපාංක ඇත
භාවිතය
i.සෝඩියම් ක්ලෝරයිඩ්
*රසකාරකයක් ලෙස
*ආහාර කල් තබා ගැනීමට
*ක්ලෝරීන් වායු නිපදවීම
*සබන් වර්ග සෑදීමට
*සම් පදම් කිරීමට
ii.කොපර් සල්ෆේට්
*සායම් කර්මාන්තයේදි
*විද්‍යුත් ලෝහාලේපන යෙදී
*දිලීර නාශකයක් ලෙස
*බෙනඩික් හා ෆෙලින් ධාවන සෑදීමට
උදාසීනිකරණය
*උදාසීනීකරණ යනු අම්ලයක නිදහස් වන H (+) අයන හා භෂ්මයකින් නිදහස් වන OH( -) අයන සමඟ සම්බන්ධ වී ජල අණු සෑදීමයි.
උදාසීනකරණය භාවිත
*ආමාශයේ ඇතිවන ආම්ලික බව milk of magnesia මඟින් උදාසීන කරයි
*පසේ ආම්ලික බව අඩු කිරීමට අළුහුණු යෙදීම