PopAds.net - The Best Popunder Adnetwork

No title

 විද්‍යුත් උපකරණවල ජවය හා ශක්තිය


×






විද්‍යුත් උපකරණවල ජවය හා ශක්තිය


විද්‍යුත් උපකරණවල ජවය හා ශක්තිය




 එදිනෙදා ජීවිතයේදී සෑම විටම විද්‍යුත් ශක්තිය වෙනත් ශක්තියක් බවට පරිවර්තනය කොට ප්‍රයෝජනයට ගනු ලබයි.



උදා.


• ආලෝකය


• ශබ්දය


• තාපය


• චාලක ශක්තිය


• ආලෝකය හා ශබ්දය




විද්‍යුත් උපකරණයක ක්ෂමතාවය



 ඒකක කාලයකදී සිදුවන කාර්යය ප්‍රමාණය හෝ ඒකක කාලයකදී වැයවන විද්‍යුත් ශක්ති ප්‍රමාණය ක්ෂමතාවය ලෙස හැඳින්වේ.



 විද්‍යුත් උපකරණයක් හරහා V විභව අන්තරයක් යටතේ, I ධාරාවක් ගලයි නම්, එවිට ක්ෂමතාවය (ශක්ති උත්සර්ජන ශිඝ්‍රතාවය) P නම්,



ක්ෂමතාවය = විභව අන්තරය x ධාරාව



P = V I



 ක්ෂමතාවයේ ඒකක = W(වොට්) 




විද්‍යුත් උපකරණ වලදී වැයවන විද්‍යුත් ශක්තිය 



විද්‍යුත් උපකරණයක් භාවිතා කරන කාලය අනුව එයින් වැය වන මුළු විද්‍යුත් ශක්ති ප්‍රමාණය වෙනස් වේ.



 ක්ෂමතාවය P වන උපකරණයක, t කාලයක් තුළදී වැය වන මුළු ශක්ති ප්‍රමාණය E නම්,




 සම්පූර්ණ වැය වන ශක්ති ප්‍රමාණය = ක්ෂමතාවය x කාලය



 E = Pt



E වල ඒකකය =J (ජූල්)



P =VI


E = Pt


 එම නිසා



 E =V I t



 ගෘහ විද්‍යුත් පරිපථ



ශේෂ ධාරා බිඳිනය (RCCB) මඟින් ,



 *කෙනෙකුට විදුලි සැර වැදීමකදී හෝ උපකරණ වල විදුලි කාන්දුවකදී විදුලිය කපා හැරේ.


 *මෙහිදී මුළු නිවසේම විදුලිය විසන්ධි වේ.


 *මීට අමතරව මුළු නිවසටම ලබාගන්නා ධාරාව ඇම්පියර් 30 ට වඩා වැඩි වූ විට විදුලිය කපා හැරේ.මේනිසා රත්වීම නිසා රැහැන් ගිනි ගැනීම වැළකේ.



MCB මගින්,



 *මෙමගින් පරිපථය තුලට අධි ධාරා ගැලීම වැළකේ. එමනිසා පරිපථයක් ගිනි ගැනීමෙන් වැළකේ.


* විදුලි කාන්දුවක් හෝ විදුලි සැර වැදීමකට මෙයින් ආරක්ෂාවක් නැත.




 කිලෝවොට් පැය වලින් විද්‍යුත් ශක්ති මැනීම



 *නිවසේ ඇති විදුලි මීටරයෙන් විද්‍යුත් ශක්තිය මැනෙන්නේ කිලෝවොට් පැය වලිනි (KWh).



 *කිලෝවොට් පැයක් යනු,


 කිලෝවොට් එකක( 1KW) ක්ෂමතාවයක් ඇති උපකරණයක්, පැයක් තුළදී පරිභෝජනය කරන ශක්තියයි.



 1KWh = 1KW x 1h


1000W x 60x60


3600000J


3600KJ



 *නිවසේ භාවිතා වන විදුලි උපකරණ වල ක්ෂමතාවය සහ භාවිතා කරන කාලය දන්නා විට එයට වැයවන විද්‍යුත් ශක්ති ප්‍රමානය,



 වැය වන කිලෝ වොට් ගණන = වොට් ගණන/1000 x පැය ගණන





E = Pt සූත්‍රය භාවිතයෙන් ගැටලු විසඳීමේදී, 



* P වල අගය වොට්(W) වලින්ද, t වල අගය තත්පර(s) වලින්ද ආදේශ කල යුතුයි.


* P වල අගය කිලෝවොට්( KW) වලින්ද, t වල අගය පැය(h) වලින්ද ආදේශ කල යුතුයි.


  

Post a Comment

Previous Post Next Post