PopAds.net - The Best Popunder Adnetwork

ඉතිහාසය කෙටි සටහන් - දෙවන කොටස

 


කෝල්බෲක්‌ ප්‍රතිසංස්කරණවලින්‌ පසුවආරම්භ වූ යුරෝපීය උද්ඝෝෂණ කෙරෙහි බලපෑ කරුණු

1.      වතු වගාවට අවශ්‍ය යටිතල පහසුකම්‌ සංවර්ධනය සඳහා ව්‍යවස්ථා දායකසභාවෙන්‌ මුදල්‌ වෙන්කර ගැනීම දුෂ්කර වීම.

2.      ව්‍යවස්ථාදායක සභාවේ නිල නොලත්‌ පිරිස සුළුතරය වීම.

3.      නිල නොලත්‌ පිරිස ඡන්ද බලයෙන්‌පත්‌ නොකර ආණ්ඩුකාරයා නම්‌කිරීම.


1910 ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ කෙරෙහි බලපෑ සාධක

1.      දේශපාලන ක්‍රමයේ වෙනසක්‌ අවශ්‍ය බවට ලාංකීය මධ්‍යම පන්තිය කෙරෙන්‌ පළ වූ ඉල්ලීම්‌(1908 - 1909 කාලය තුළ)

2.      ජේම්ස්‌ පීරිස්‌ මහතා විසින්‌ යටත්‌ විජිතභාර ලේකම්‌ වෙත ඉදිරිපත්‌ කළ විධිමත්‌ පෙත්සම(1908 - දෙසැම්බර්‌)

3.      පහත රට නිෂ්පාදන සංගමය, හලාවත සංගමය හා යාපන සංගමය ඉදිරිපත්‌ කළ පෙත්සම්‌


1912 අමද්‍යප උද්ඝෝෂණය කෙරෙහිබලපෑ මූලික කරැණු

1912 වසරේ දී රජය රා තැබෑරුම්‌පිහිටුවීමට අවසර දෙමින්‌ නව සුරාබදු පනතක්‌ පැනවීම.


1912 අමද්‍යප උද්ඝෝෂණයේ කැපි පෙනෙන ලක්ෂණ

1.      රජයේ සුරාබදු පුතිපත්තියට එරෙහිව මහජන මතයක්‌ ඇති කිරීමට උත්සාහ දැරීම.

2.      මධ්‍යම ජාතික ඉංග්‍රීසින්‌ උගතුන්‌ හා ආගමික පුනරුදයේ ක්‍රියාකාරීන්‌ එකම අරමුණකින්‌ කටයුතු කිරීම.

3.      රට පුරා අමද්‍යප සමිති ජාලයක්‌ගොඩ නැගීම.

4.      අමද්‍ය වේදිකාවේ දී ආණ්ඩුවේ කටයුතු විවේචනය වීම.


අමද්‍යප කටයුතු හරහා දේශපාලනයට පැමිණි නායකයින්‌.

1.      එෆ්‌. ආර්‌. සේනානායක 

2.      ඩී. එස්‌. සේනානායක

3.      සර්‌. ඩී. බී. ජයතිලක


ඉන්දියානු නිදහස්‌ සටන්‌ ආභාසය ලංකාවට ලැබුණු අවස්ථා

1.      මහත්මා ගාන්ධි, ජවහල්‌ ලාල්‌ නේරුවැනි නායකයෝ ලංකාවට පැමිණ මෙරට ජනතාව ඇමතීම.

2.      ඉන්දියාවේ මෙන්‌, වඩා සංවිධානාත්මක ව උද්ඝෝෂණ මෙහෙයවීමට මෙරට නායකයන්‌ කටයුතු කිරීම.

3.      සිංහල, දෙමළ, මුස්ලිම්‌ වැනි විවිධ ජන කොටස්‌ එක්‌ වී 1919 දෙසැම්බර්‌මස ලංකා ජාතික සංගමය පිහිටුවීම.


1931 ඩොනමෝර්‌ ආණ්ඩුක්‍රමයේ කැපී පෙනෙන ලක්ෂණ

1.      රාජ්‍ය මන්ත්‍රණ සභාව නමින්‌ 61 දෙනෙකුගෙන්‌ යුතු ව්‍යවස්ථාදායක සභාවක්‌ පිහිටුවීම.

2.      ලාංකිකයන්‌ හට සර්වජන ඡන්දබලය හිමි වීම.

3.      ව්‍යවස්ථාදායක මෙන්‌ ම විධායක කටයුතු පිළිබඳ බලයක්‌ රාජ්‍ය මන්ත්‍රණ සභාවට ලැබීම. (විධායක කාරක සභා ක්‍රමය)

4.      ආණ්ඩුකාරවරයාගේ බලය බොහෝදුරට අඩු වීම.


1931 න්‌ පසු මෙරට පැවති උද්ඝෝෂණවල අරමුණු

1.      ආණ්ඩුකාරවරයාගේ බලතල සීමාකිරීම.

2.      රාජ්‍ය නිලධාරීන්ට පවරා තිබූ අමාත්‍යාංශ ලාංකික ඇමතිවරුන්ට පවරා ගැනීම.


සූරියමල්‌ ව්‍යාපාරය යනු

මෙරට වාමාංශික නායකයින්‌ නිදහස ඉල්ලා ගෙන ගිය උද්ඝෝෂණවල ප්‍රචාරක කටයුතු සඳහා යොදාගත්‌ ව්‍යාපාරය


19 වන සියවස තුළ මෙරට වතු වගාවේ ශීඝ්‍ර දියුණුවක්‌ ඇති වීමට බලපෑ ප්‍රධානකරුණු

1.      කෝල්බෲක්‌ කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක වීම. 

2.      මෙරට ඉඩම්‌ විදේශීය ධන ආයෝජකයින්‌ විසින්‌ අක්කර දහස්‌ ගණනින්‌ මිලදී ගැනීම.

3.      ව්‍යාපාරික කෘෂි කර්මාන්තය කෙරෙහි විදේශිකයින්‌ ධනයආයෝජනය කිරීම.


බ්‍රිතාන්‍ය සමයේ (කෝපි වගාව දියුණුවීමට බලපෑ කරුණු )

1.      කෝල්බෲක්‌ ප්‍රතිසංස්කරණ වලින්‌ පසුව විදේශිකයන්‌ වැඩි වැඩියෙන්‌ කෝපි වගාවට ධනය ආයෝජනය කිරීම.

2.      යුරෝපා වෙළඳපොළේ කෝපිවලට ඇති ඉල්ලුම ඉහළ යාම.

3.      කෝපි වගාවෙන්‌ විශාල වශයෙන්‌ ලාභ ලැබිය හැකි වීම.

4.      ඉන්දියානු ශ්‍රමිකයන්‌ නිසා ලාභදායි ශ්‍රමය ලබා ගත හැකි වීම.


මෙරට කෝපි වගාවේ පරිහානියට තුඩුදුන්‌ කරුණු

1.      1844 න්‌ පසුව බ්‍රිතාන්‍යය අනුගමනය කළ නිදහස්‌ වෙළෙඳ ප්‍රතිපත්තිය

2.      1848 පමණ ඇති වූ ලෝක ආර්ථික පරිහානිය

3.      1869 සිට පැතිර ගිය කෝපි කොළ රෝගය


ශ්‍රී ලංකාවේ තේ වගාවේ උන්නතියටබලපෑ කරුණු

1.      ලංකාවේ තේ සඳහා ලෝක වෙළෙඳපොළේ හොඳ ඉල්ලුමක්‌ පැවතීම.

2.      වියළි කලාපය හැර සෙසු ප්‍රදේශ බොහොමයක තේ වගාවට උචිත පරිසරයක්‌ පැවතීම.

3.      ගුණාත්මක බවින්‌ ඉහළ තේ නිපදවීමට මෙරට සමත් වීම.

4.      ප්‍රවාහන පහසුකම්‌ වැඩිදියුණු වීම.

5.      දකුණු ඉන්දීය කම්කරුවන්‌ නිසා ශ්‍රමය ලාබදායී ලෙස ගත හැකි වීම.


ශ්‍රී ලංකාවේ බහුල වශයෙන්‌ තේවගා කළ ප්‍රදේශ

1.      නුවරඑළිය

2.      මහනුවර

3.      බදුල්ල

4.      රත්නපුර

5.      ගාල්ල

6.      මාතර

7.      මාතලේ


බ්‍රිතාන්‍ය පාලන සමයේ මෙරට පොල්‌වගාව ආශ්‍රිත ව දක්නට ලැබුණු විශේෂ ලක්ෂණ

1.      කෝපි මිල ඉහළ යාම හේතුවෙන්‌ පොල්‌ වගාව කෙරෙහි උනන්දුවක්‌ ඇති වීම.

2.      යුරෝපීයන්ට වඩා ස්වදේශිකයන් පොල්‌ වගාවට යොමු වීම.

3.      1920 වන විට මෙරට විදේශ විනිමය ඉපැයීම්වලින්‌  27% ක්‌ පමණ පොල්‌ නිෂ්පාදන වලින්‌ ලැබීම.

4.      පොල්‌ වගාව පැවති ප්‍රදේශවල මාර්ග දියුණු වීම.


බ්‍රිතාන්‍ය සමයේ මෙරට රබර්‌ වගාව ව්‍යාප්ත චීමට බලපෑ කරුණු

1.      20  සියවස ආරම්භ වන විට මෝටර්‌ කර්මාන්තය දියුණු වී රබර්‌ මිලඉහළ යාම.

2.      ශ්‍රී ලංකාවට ගැළපෙන රබර්‌ වර්ග සොයා ගැනීම

3.      නිෂ්පාදන ශිල්ප ක්‍රම වැඩි දියුණු වීම.

4.      කෙටිකාලීනව තේ මිල පහළ යාම.


මෙරට රබර්‌ වගාව බහුල ව ව්‍යාප්ත දිස්ත්‍රික්ක

1.      කෑගල්ල 

2.      ගාල්ල

3.      කළුතර

4.      රත්නපුර

5.      කොළඹ


බ්‍රිතාන්‍ය පාලන කාලයේ මෙරට සිදු වූ සමාජ වෙනස්වීම්

1.      පැරණි ප්‍රභූ පන්තිය අභාවයට යාම

2.      නව මධ්‍යම පන්තියක්‌ බිහි වීම

3.      කම්කරු පන්තියක්‌ බිහි වීම


නව මධ්‍යම පන්තිය නියෝජනය කළ අය

1.      නව ධනෝපායන මාර්ග වලින්‌ මුදල්‌ උපයාගත්‌ ව්‍යාපාරිකයින්‌.

2.      ඉංග්‍රීසි අධ්‍යාපනයෙන්‌ රජයේ තනතුරු ලබාගත්‌ උගතුන්‌.


බ්‍රිතාන්‍ය සමයේ ස්වදේශිකයන්ට චිවාත වූ නව ධනෝපායන මාර්ග.

·        කොන්ත්‍රාත් ක්‍රමයට වතුකරයට අවශ්‍ය දේ සැපයීම.

·        අරක්කු නිෂ්පාදනය හා බෙදා හැරීම

·        මිනිරන්‌ කර්මාන්තය

·        තොග හා සිල්ලර වෙළෙඳාම

·        ප්‍රවාහන කටයුතු

·        පොල්‌ වගාව


20 වන සියවස ආරම්භයේ දී කමකරු සටන්‌ ඇතිවීමට බලපෑ හේතු

1.      කම්කරුවන්ට අවම වැටුපක් ‌හිමිවීම.

2.      වැඩ කරන පැය ගණන නිශ්චිත නොවීම

3.      කම්කරු රක්ෂණ, වන්දික්‍රම හෝවෙනත්‌ ශුභ සාධන කටයුතුනොතිබීම.


20 වන සියවස ආරම්භයේ ඇති වූ කමිකරු සටන්‌

1.      මුද්‍රණ කම්කරු වැඩ වර්ජනය

2.      කොළඹ රෙදි සෝදන්නන්ගේ වැඩවර්ජනය

3.      කරත්ත කරුවන්ගේ වැඩ වර්ජනය


බ්‍රිතාන්‍ය පාලන කාලය තුළ බටහිර සංස්කෘතිය මෙරට පැතිර යාමට බලපෑ කරුණු

1.      ඉංග්‍රීසි භාෂා අධ්‍යයනය හා බටහිර අධ්‍යාපනය වේගයෙන්‌ ව්‍යාප්ත වීම.

2.      අධ්‍යාපන කටයුතු සඳහා විදේශගතවූවන්‌.

3.      යුරෝපීයන්‌ මෙරටට වැඩි වැඩියෙන් ‌පැමිණීම.


බ්‍රිතාන්‍ය පාලනය නිසා මෙරටට උරුමවූ යහපත්‌ අංග

1.      ඉංග්‍රීසි භාෂා දැනුම රට තුළ පැතිරීම.

2.      ගමනාගමන හා සන්නිවේදන කටයුතු දියුණු වීම.

3.      අපනයන වැවිලි බෝග හඳුන්වා දීම.

4.      කාර්මික විප්ලවයේ බලපැම ලැබීම්‌.

5.      පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රමය.


බ්‍රිතාන්‍ය පාලනය නිසා මෙරටට උරුම වූ අයහපත්‌ අංග

·        රටේ බහුතර ජනතාව දුප්පතුන්‌ බවට පත්‌ වීම.

·        සාම්ප්‍රදායික සංස්කෘතික ලක්ෂණ වල යම්‌ පිරිහීමක්‌ ඇති වීම.

·        මද්‍යසාර භාවිතය රට පුරා ව්‍යාප්තවීම.

·        ඉඩම්‌ අහිමි ජනතාවක්‌ බිහි වීම.

·        ස්වයං පෝෂිත අර්ථ ක්‍රමය බිඳවැටීම.

·        දේශීය දැනුම බෙහෙවින්‌ අභාවයට යාම.

·        ගම්‌ සභා වැනි ප්‍රයෝජනවත්‌ ආයතන විනාශ වීම.


1945 ප්‍රකාශයට පත්‌ සෝල්බරි කොම්ෂන්‌ වාර්තාවේ නිර්දේශ

රටේ අභ්‍යන්තර කටයුතු පිළිබඳපූර්ණ බලතල ලාංකිකයන්ට ලැබෙනආණ්ඩුක්‍රමයක්‌.


සෝල්බරි‌ ආණ්ඩුකුමය මගින්‌ හඳුන්වාඳුන්‌ ප්‍රධාන ආයතන 

1.      අග්‍රාණ්ඩුකාර ධුරය

2.      අගමැති ප්‍රධාන කැබිනට්‌ මණ්ඩලය

3.      පාර්ලිමේන්තුව

4.      අධිකරණය


1947 දී ඩි.එස්‌. සේනානායක මහතාබ්‍රිතාන්‍ය ආණ්ඩුව සමග අත්සන්‌ කළ ගිවිසුම්‌ 

1.      අවශ්‍ය අවස්ථාවල දී බ්‍රිතාන්‍යයේ නාවික, ගුවන්‌ හා සෙසු යුද්ධ කටයුතු වලට මෙරට භූමිය භාවිත කිරීමට ඉඩ ලබා දෙන ආරක්‍ෂක ගිවිසුම.

2.      නිදහස්‌ රටක්‌ වශයෙන්‌ ලංකාව ජාත්‍යන්තර සබඳතා අලුතෙන්‌ ගොඩනගා ගැනීමේ දී බ්‍රිතාන්‍යයේ සහාය මෙරටට ලබාදීමට කැමැත්ත ප්‍රකාශ කළ බාහිර කටයුතු පිළිබඳ ගිවිසුම.


සෝල්බරි ආණ්ඩුක්‍රමය යටතේ අග්‍රාණ්ඩුකාර තනතුරේ විශේෂ ලක්ෂණ

1.      එංගලන්ත කිරීටය නියෝජනය වීම. (රැජිනගේ මෙරටනියෝජිතයා ලෙස කටයුතු කිරීම)

2.      මුළුමනින්‌ ම නාමමාත්‍ර විධායක තනතුරක්‌ වීම.

3.      සිය කටයුතු මෙහෙයවීමේදී හැමවිටම අගමැතිගේ උපදෙස්‌ පරිදි ක්‍රියා කළ යුතු වීම.


සෝල්බරි ආණ්ඩුක්‍රමය යටතේපාර්ලිමේන්තුවේ විශේෂ ලක්ෂණ

1.      මහජන මන්තී මණ්ඩලය හා සෙනෙට්‌ සභාව ලෙස ද්වි මණ්ඩලයක්‌ ක්‍රියාත්මක වීම.

2.      මහජන මන්ත්‍රී මණ්ඩලය 101 දෙනෙකුගෙන්‌ සමන්විත වීම.

3.      නිල කාලය වසර 5ක්‌ වීම.

4.      සෙනෙට්‌ සභාවට සාමාජිකයෝ 30දෙනෙක්‌ අයත්‌ වීම.


සෝල්බරි ආණ්ඩුක්‍රමය යටතේ අගමැතිප්‍රධාන කැබිනට්‌ මණ්ඩලයේ විශේෂ ලක්ෂණ

1.      අගමැතිවරයා කැබිනට්‌ මණ්ඩලයේ ප්‍රධානියා වීම.

2.      විධායක කටයුතු කැබිනට්‌ මණ්ඩලයට පැවරී තිබීම.

3.      ඇමති මණ්ඩලය පත්‌ කිරීම අගමැතිගේ උපදෙස්‌ පරිඳි අග්‍රාණ්ඩුකාරයා විසින්‌ සිදු කිරීම.

4.      අධිකරණ ඇමති ධුරය හා තවත්‌ එක්‌ ඇමති ධුරයක්‌ සෙනෙට්‌ සභා සාමාජිකයන්ගෙන්‌ පත්කළ යුතුවීම

5.      සාමූහික ලෙස පාර්ලිමේන්තුවට වගකීම.


සෝල්බරි ආණ්ඩුක්‍රමය යටතේ අධිකරණ කටයුතු

1.      ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු අධිකරණ පද්ධතියක්‌ මගින්‌ අධිකරණ කටයුතු පැවැත්විය යුතු විය.

2.      අග්‍ර විනිශ්චයකාරවරයා ඇතුළු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන්‌ පත්‌කරන ලද්දේ අග්‍රාණ්ඩුකාරවරයා විසිනි.

3.      අධිකරණ සේවා කොමිසම මගින්‌ අධිකරණයට සම්බන්ධ විනිසුරුවන්ගේ පාලන කටයුතු මෙහෙය විය.


ද්විපක්‍ෂ ක්‍රමය පැවති රටවල්‌

1.      එංගලන්තය

2.      ඇමරිකාව


බහු පක්‍ෂ ක්‍රමය පවතින රටවල්‌

1.      ප්‍රංශය

2.      ජර්මනිය

3.      ඉන්දියාව

4.      ශ්‍රී ලංකාව


දේශපාලන පක්‍ෂ ක්‍රමයේ ඇති වැදගත්කම

1.      ඒ ඒ පක්‍ෂයේ ප්‍රතිපත්ති මත ජනතාව සංවිධානය කිරීමට හැකි වීම.

2.      ඒ ඒ පක්‍ෂයේ මතය ජනතාවඅතරට ගෙනයාම පහසු වීම.

3.      දේශපාලනඥයන්‌ හා ඡන්ද දායකයන්‌ අතර සබඳතාව ගොඩනැගීමට හැකි වීම.


1935 ලංකා සමසමාජ පක්‍ෂය පිහිටුවීමේ අරමුණු

1.      වාමාංශික දේශපාලන අදහස්‌ මෙරට තුළ ක්‍රියාත්මක කිරීම.

2.      ශ්‍රී ලංකාව තුළ සමාජවාදී සමාජයක්‌ නිර්මාණය කිරීම.


1946 එක්සත්‌ ජාතික පක්‍ෂය බිහිවීමකෙරෙහි බලපෑ කරුණු

1.      මධ්‍යස්ථ දේශපාලනඥයන්‌ සඳහා පක්ෂයක්‌ බිහිව නොතිබීම.

2.      1947 ප්‍රථම පාර්ලිමේන්තු මැතිවරණයට තරග කිරීම.


1951 බිහිවූ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයසඳහා සහාය පළ කළ අය

1.      ස්වභාෂා උගතුන්‌ 

2.      භික්ෂූන්‌ වහන්සේලා

3.      දේශීයත්වය අගය කළ පිරිස්‌


1956 මැතිවරණ පෙරළිය කෙරෙහි බලපෑ කරුණු 

1.      නව බලවේග රැසක්‌ බණ්ඩාරනායක මහතා වටා ඒකරාශී වී තිබීම.

2.      දේශීය භාෂාව, ආගම හා සංස්කෘතිය අගය කළ ප්‍රතිපත්තියක්‌ අනුගමනය කිරීම.

3.      එතෙක්‌ නොවිසඳුණ සමාජ ආර්ථික ගැටලු රැසකට විසඳුම්‌ දීමට ප්‍රයන්ත දැරීම.

4.      පක්ෂ කිහිපයක් එකතු වී පෙරමුණක් වශයෙන් තරග කිරීම.


බණ්ඩාරනායක අගමැතිතුමාගේ පාලන සමයේ අනුගමනය කළ ප්‍රතිපත්ති හා හඳුන්වා දුන්‌ ප්‍රතිසංස්කරණ

1.      සිංහල භාෂාව රාජ්‍ය භාෂාව බවටපත්‌ කිරීම.

2.      1947දී බ්‍රිතාන්‍යය සමග අත්සන්‌ කර තිබූ ආරක්‍ෂක හා බාහිර කටයුතු පිළිබඳ ගිවිසුම්‌ අහෝසි කිරීම.

3.      නොබැඳි, මධ්‍යස්ථ විදේශ ප්‍රතිපත්තියක්‌ අනුගමනය කිරීම.

4.      වරාය හා බස්‌ ප්‍රමුඛ ජනසතු ව්‍යාපාර.

5.      දේශීය කර්මාන්ත හා කෘෂිකර්මය දියුණු කිරීමට කටයුතු කිරීම.

6.      විද්‍යෝදය හා විද්‍යාලංකාර පිරිවෙන්‌ විශ්වවිද්‍යාල බවට පත්‌ කිරීම.


1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ (ජනරප)මූලික ලක්ෂණ

1.      එතෙක්‌ ලංකාව යනුවෙන්‌ හැඳින්‌වූ මෙරට ශ්‍රී ලංකාව යනුවෙන්‌ හැඳින්වීම.

2.      බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය සමග පැවති ව්‍යවස්ථානුකූල බැඳීම අවසන්‌කිරීම.

3.      ශ්‍රී ලංකාව ඒකිය ජනරජයක්‌ බවට පිළිගැනීම.

4.      ජනතාවගේ මූලික මිනිස්‌ අයිතිවාසිකම්‌ සුරක්‍ෂිත කිරීම.


1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දැක්වෙන මූලික. අයිතිවාසිකම

1.      නීතිය පසිඳලීම, ක්‍රියාත්මක කිරීම හා නීතියේ රැකවරණය සර්ව සාධාරණ වීම.

2.      නීතියට අනුකූලව මිස පුද්ගලයෙකුගේ ප්‍රාණයට, නිදහසට හෝ සුරක්‍ෂිතභාවයට හානිනොකිරීම.

3.      සෑම පුරවැසියෙකුට ම සිතීමේ,හෘද සාක්‍ෂියේ හා ආගමික නිදහසට ඇති අයිතිය.

4.      සාමකාමීව රැස්වීමට හා අදහස්‌ප්‍රකාශ කිරීමට පුරවැසියන්ට ඇති නිදහස.


1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින්‌ස්ථාපිත නව තනතුරු, ආයතන හා බලතල

1.      අග්‍රාණ්ඩුකාර ධූරය වෙනුවට නාමික විධායක ජනාධිපති තනතුර හඳුන්වා දීම.

2.      ව්‍යවස්ථාදායක සභාව වෙනුවට ජාතික රාජ්‍ය සභාව ස්ථාපිත කිරීම.

3.      විධායක බලය ක්‍රියාත්මක කිරීම. කැබිනට මණ්ඩලයට පැවරීම.

4.      යුක්තිය පසිඳලීමේ කටයුතු සඳහා අධිකරණ පද්ධතියක්‌ පිහිටුවීම.(ශ්‍රේෂ්ඨාධිකරණය, මහාධිකරණය,දිසා අධිකරණය,මහේස්ත්‍රාත්‌අධිකරණය, ආණ්ඩුක්‍රම වාවස්ථාඅධිකරණය.)


1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විශේෂ ලක්ෂණ

1.      ශ්‍රී ලංකාව, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය යනුවෙන්‌ හැඳින්වීම.

2.      ශ්‍රී ලංකාව ඒකීය රාජ්‍යයක්‌ බව දක්වා තිබීම.

3.      ව්‍යවස්ථාව ආරම්භයේ දී ම ජනතාපරමාධිපත්‍යය ගැන සඳහන්‌ කර තිබීම.

4.      ජනතාව සතු ව්‍යවස්ථාදායක බලය මහජන ඡන්දයෙන්‌ පත්වන මන්ත්‍රීවරුන්‌ විසින්‌ ද ජනමත විචාරණයක. දී ජනතාව විසින්‌ ක්‍රියාත්මක කරනු ලැබීම.

5.      ජනතාව සතු විධායක බලය ජනතාව විසින්‌ තෝරා පත්‌ කරන ජනාධිපතිවරයා විසින්‌ ක්‍රියාත්මක කිරීම.

6.      ජනතාවගේ අධිකරණ බලයඅධිකරණ පද්ධතිය මගින්‌ ක්‍රියාත්මකවීම.


1978 විධායක ජනාධිපති ධූරයේ ලක්ෂණ හා බලතල

1.      රජයේ ප්‍රධානියා, විධායකයේ ප්‍රධානියා, ආණ්ඩුවේ ප්‍රධානියා, සන්නද්ධ සේවාවන්හි සේනාධිනායකයා වීම.

2.      ජනාධිපතිවරණ ඡන්ද විමසීමකදී ජනතා ඡන්දයෙන්‌ තේරි පත්‌ වේ.

3.      ජනාධිපතිවරයාගේ ධූර කාලය වසර හයකි.

4.      වාවස්ථාදායකය හා සම්බන්ධ බලතල කිහිපයක්‌ ද හිමි ව තිබීම.

5.      අධිකරණ ක්ෂේත්‍රයේ බලතල ප්‍රමාණයක්‌ ද හිමි ව තිබීම.

6.      යුද්ධය හා සාමය ප්‍රකාශ කිරීමේ බලය

7.      රාජ්‍ය උත්සව වල මුලසුන දැරීමේ බලය

8.      ජාත්‍යන්තර වශයෙන්‌ ජනරජය නියෝජනය කිරීමේ බලය

9.      රාජ්‍ය මුද්‍රාව භාරයේ තබා ගැනීමේ බලය

10.   කවර කරුණක්‌ සම්බන්ධයෙන් ‌හෝ ජනාධිපතිවරයාට විරුද්ධව අධිකරණයක නඩු පැවරිය නොහැකි වීම.

11.   අගමැතිවරයා පත්කිරීම, ඇමතිවරුපත්‌ කිරීම ඇතුළු අමාත්‍යමණ්ඩලයේ ප්‍රධානියා වශයෙන්‌ කටයුතු කිරීමේ බලය.


1978 ව්‍යවස්ථාව අනුව අමාත්‍ය මණ්ඩලයට පැවරුණු නිශ්චිත කාර්යයන්‌

1.      පාර්ලිමේන්තුව විසින්‌ පනවන ලද නීති ක්‍රියාත්මක කිරීම.

2.      ඒ ඒ අමාත්‍යංශවල අය-වැය ඇස්තමේන්තු හා අතුරු අය-වැය සැකසීම.

3.      අමාතාවරුන්ට පැවරුණු ඒ ඒ විෂය භාරව කටයුතු කිරීම.



1978 ව්‍යවස්ථාව අනුවපාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන්‌ පත්වීම.

1.      මන්ත්‍රීවරුන්‌ 225 දෙනෙකුගෙන්‌ සමන්විත වීම.

2.      මන්ත්‍රීවරු 196 ක්‌ සමානුපාතික නියෝජන ක්‍රමය අනුව තේරි‌ පත්‌වීම.

3.      ඒ ඒ පක්‍ෂ ලැබූ ඡන්ද සංඛ්‍යාවේ අනුපාතය අනුව 29 ක්‌ ජාතිකලැයිස්තුවෙන්‌ පත්‌ වීම.


1978 ව්‍යවස්ථාව අනුව අධිකරණආයතන සංව්ධානය වී ඇති අනුපිළිවෙළෙ

1.      ශ්‍රේෂ්ඨාධිකරණය

2.      අභියාචනාධිකරණය

3.      මහාධිකරණය

4.      දිසා අධිකරණය

5.      පවුල්‌ අධිකරණය

6.      මහේස්ත්‍රාත්‌ අධිකරණය

7.      ප්‍රාථමික අධිකරණය


ශ්‍රේෂ්ඨාධිකරණයට අයත්‌ කාර්යයන්‌

1.      මූලික අයිතිවාසිකම්‌ පිළිබඳ නඩු විසඳීම

2.      ජනාධිපතිට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත්‌ කෙරෙන දෝෂාභියෝග පරීක්ෂා කිරීම.

3.      පාර්ලිමේන්තු වරප්‍රසාද කඩකිරීම පිළිබඳ චෝදනා විමසීම.

4.      ඡන්ද පෙත්සම්‌ පිළිබඳ අධිකරණ කටයුතු කිරීම.


1978 ව්‍යවස්ථාවෙන්‌ පිළිගෙන ඇති මූලික අයිතීන්‌

1.      නීතිය ඉදිරියේ සමානත්වයෙන්‌ සැලකීමේ නිදහස

2.      කථා කිරීමේ හා අදහස්‌ ප්‍රකාශකිරීමේ නිදහස

3.      වධ හිංසාවලින්‌ මිදී සිටීමේ නිදහස

4.      කැමති ආගමක්‌, හෝ විශ්වාසයක්‌ දැරීමේ නිදහස .

5.      කැමති වෘත්තියක් රැකියාවක් ‌කිරීමේ නිදහස


1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන්‌ ඡන්ද විමසිමේ ක්‍රම

1.      ජනාධිපතිවරණය

2.      සමානුපාතික නියෝජන ක්‍රමය

3.      ජනමත විචාරණය


ජනාධිපති වරණයක විශේෂ ලක්ෂණ

1.      ශ්‍රී ලංකාව ම එකම ඡන්දකොට්ඨාසයක්‌ බවට පත්‌ වීම.

2.      ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාවෙන්‌ නියත බහුතරයක්‌ හෙවත්‌ 50% ඉක්මවූ ඡන්ද ප්‍රමාණයක්‌ ලබාගත්‌ අපේක්ෂකයා ජයග්‍රහණය කිරීම.

3.      සමානුපාතික නියෝජන ක්‍රමය යොදාගන්නා මැතිවරණ

4.      පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්‌ තෝරාපත්‌ කර ගැනීම.

5.      පළාත්‌ සභා මන්ත්‍රීවරුන්‌ තෝරා පත්‌ කර ගැනීම.

6.      පළාත්‌ පාලන ආයතන (ප්‍රාදේශීයසභා / නගර සභා / මහනගර සභා) සඳහා නියෝජිතයන්‌ තෝරා පත්‌ කර ගැනීම.


සමානුපාතික නියෝජන ක්‍රමයට පැවැත්වෙන මැතිවරණයක විශේෂ ලක්ෂණ

1.      අපේක්ෂකයන්‌ කණ්ඩායම්‌ වශයෙන්‌ ඉදිරිපත්‌ වේ.

2.      ඡන්දය භාවිතා කිරීමේ දී අදාළ පක්ෂයට ඡන්දය ලබා දී අපේක්ෂකයාට මනාපය සටහන්‌කළ යුතු ය.

3.      ඒ ඒ පක්‍ෂ ලබා ගත්‌ ඡන්ද සංඛ්‍යාවට අනුපාතිකව පක්ෂයට හිමි ආසන ගණන තීරණය වේ.

4.      එක්‌ එක්‌ අපේක්‍ෂකයා ලබාගත්‌ මනාප ප්‍රමාණය අනුව ඔවුන්ට ජයග්‍රහණය හිමි වේ.


ජනමත විචාරණය යනු,

1.      ජාතික වැදගත්කමකින්‌ යුතු කරුණක්‌ සම්බන්ධයෙන්‌ සෘජුවම මහජන මතය ලබා ගන්නා ක්‍රමයකි.

2.      තම අභිමතය ඔව් හෝ නැත ලෙස ප්‍රකාශ කෙරෙන ක්‍රමයකි.



Post a Comment

Previous Post Next Post