PopAds.net - The Best Popunder Adnetwork

තරංග හා ඒවායේ යෙදීම්

👉මාධ්‍යයක් දිගේ හෝ අවකාශයේ ගමන් කරන කැලඹීමක් තරංගයක් ලෙස හඳුන්වයි.

👉තරංග වල ඇති වැදගත් ලක්ෂණයක් වන්නේ එක් තැනක සිට තවත් තැනකට ශක්තිය සම්ප්‍රේෂණය කිරීමේ හැකියාවයි.

👉මෙසේ ශක්තිය සම්ප්‍රේෂණය වීමේදී එම මාධ්‍යයේ අඩංගු පදාර්ථ වල සම්ප්‍රේෂණයක් සිදුනොවේ.


තරංගවල චලිතය

👉මාධ්‍ය සැදී ඇති අංශු තරංග සමග ගමන් නොකළ ද එම එක් එක් මාධ්‍යයේ අංශුවල සිදුවන චලිතය මගින් මාධ්‍ය හරහා තරංග ලෙස ශක්තිය සම්ප්‍රේෂණය වේ.

👉ඝන ද්‍රව වායු රික්තක වල තරංග සම්ප්‍රේෂණය වේ.

👉විද්‍යුත් චුම්බක තරංග වලට පදාර්ථමය මාධ්‍යයක් සහිතව හෝ රහිතව ශක්තිය සම්ප්‍රේෂණය කළ හැක.

                            උදාහරණ සූර්යාලෝකය ගුවන් විදුලි තරංග



 යාන්ත්‍රික තරංග

👉ප්‍රචාරණය සඳහා මාධ්‍යයක් අවශ්‍ය වන තරංග යාන්ත්‍රික තරංග වේ.

👉යාන්ත්‍රික තරංග කොටස් දෙකකට බෙදේ,

i. තීරයක් තරංග 

ii. අන්වායාම තරංග 



තීර්යක් තරංග 

👉මාධ්‍ය අංශු චලනය වන දිශාවට ලම්බක දිශාවට ප්‍රචාරණය වන තරංග තීර්යක් තරංග ලෙස හඳුන්වයි.

           උදාහරණ- නිශ්චල ජල පෘෂ්ඨයට ගල්කැටයක් අතහැරිය විට සිදුවන තරංග, ලණුවක් කෙළවරකින් අල්ලා ඉහළ-පහළ ගැසූ විට ඇති වන තරංග ඉහළ දිශාවට උපරිම ගමන් කර ඇති තරංග අංශු ශීර්ෂ ලෙස හැඳින්වේ. පහළ දිශාවට උපරිම දුරක් ගමන් කර ඇති අංශූන් නිම්න ලෙස හැඳින්වේ.


අන්වායාම තරංග

👉තරංග ගමන් කරන දිශාවට සමාන්තරව මාධ්‍ය අංශු දෝලනය වන්නේ නම් එවැනි තරංග ආයාම තරංග වේ.

👉සරසුලක් නාද කොට ස්පර්ශ කළ විට දෙදරු මක් දැනේ. නාද වුණු සරසුලේ ඔබමොබ චලිතය කම්පනයක් නම් වේ.

👉ධ්වණිය හටගන්නේ මෙබඳු කම්පන හේතුවෙනි. මෙම කම්පන නිසා හටගන්නා අන්වායාම තරංග මගින් ශ්‍රවණ සංවේදන ඇති කරයි.

👉ශ්‍රවණ සංවේදන ඇති කරන නිසා මෙම තරංග ධ්වනි තරංග ලෙස හඳුන්වයි.

👉තීරයක් තරංග තරංග චලනය වන දිශාවට ලම්බකව මාධ්‍ය අංශු චලනය වේ හා ද්‍රව පෘෂ්ඨ මත ලනුකම්බි ආදිය දිගේ ප්‍රචාරණය වේ උදාහරණ ජල තරංග අන්වායාම තරංග තරංග චලනය වන දිශාවට සමාන්තරව මාධ්‍ය අංශු චලනය වී ඝන ද්‍රව හා වායු හරහා ප්‍රචාරය වෙයි. 

උදාහරණ :- ධ්වනි තරංග තරංග චලිතයට දුර හා කාලය යන රාශි දෙක සම්බන්ධව පවතී.

 👉විස්තාරය තරංග චලිතයට සහභාගීවන අංශු විසින් මධ්‍ය පිහිටීමේ සිට සිදු කරන උපරිම විස්ථාපනය විස්තාරය ලෙස හැදින්වේ.

👉තරංග ආයාමය තරංග චලිතයට සහභාගීවන එක් එක් අංශුවක සිට එම චලිත ස්වභාවයෙන්ම පවතින ආසන්නතම අනෙක් අංශුවට ඇති දුර තරංග ආයාමය වේ.

👉ආවර්ත කාලය එක් අංශුවක් විසින් සම්පූර්ණ දෝලනයක් සිදු කිරීමට ගතවන කාලය ආවර්ත කාලය වේ. 

👉තරංගයක් එහි තරංග ආයාමයට සමාන දුරක් ගමන් කිරීම සඳහා ගත කරන කාලය ආවර්ත කාලයට සමාන වේ.

👉සංඛ්‍යාතය එක් අංශුවක් විසින් ඒකක කාලයකදී සිදුකරන දෝලන සංඛ්‍යාව සංඛ්‍යාතය නම් වේ.

👉සංඛ්‍යාතය ආවර්ත කාලයේ පරස්පරය ට සමාන වේ.

👉මෙහි ඒකක Hz වේ. එනම් තත්පරයකදී සිදුකරන දෝලන එකක් ලෙසයි 

👉වේගය තත්පර එකකදී ගමන් කරන දුර වේගය නම් වේ.

👉තරංගයක් එක් ආවර්ත කාලයක් තුළදී තරංග ආයාමයට සමාන දුරක් ගමන් කරයි. 

එනිසා ,

                          වේගය = තරංග ආයාමය/ආවර්ත කාලය  


                           වේගය = තරංග ආයාමය x සංඛ්‍යාත


විද්‍යුත් චුම්බක තරංග 

👉එකිනෙකට ලම්බකව දෝලනය වන විද්‍යුත් ක්ෂේත්‍ර වලින් හා චුම්බක ක්ෂේත්‍රවලින් මෙම තරංග සමන්විතවේ.

👉විද්‍යුත් හා චුම්බක ක්ෂේත්‍ර දෙකෙහිම කම්පන දිශාවලට ලම්බක දිශාවට මෙම තරංග ප්‍රචාරණය වේ.

👉රික්තකයක් තුල විද්‍යුත් චුම්බක තරංගයක වේගය 3×10⁸ ms‐¹

👉පදාර්ථමය මාධ්‍යකදී වේගය රික්කයේ වේගයට වඩා අඩුවන අතර තරංග ආයාමය ද වෙනස් වේ.

👉ගුවන් විදුලි තරංග, ක්ෂුද්‍ර තරංග, දෘශ්‍ය ආලෝකය විද්‍යුත් චුම්බක තරංග සඳහා උදාහරණ වේ.


විද්‍යුත් චුම්බක තරංග වල ලක්ෂණ

👉රික්තකය කදී වේගය 3×10⁸ ms‐¹ වේ.

👉සම්ප්‍රේෂණයට මාධ්‍යයක් අවශ්‍ය නොවේ.

👉බාහිර විද්‍යුත් හා චුම්භක ක්ෂේත්‍ර මගින් මෙම තරංග වලට බලපෑමක් නැත.


විද්‍යුත් චුම්බක වර්ණාවලිය 

👉සංඛ්‍යා ආරෝහණ පිළිවෙලට විද්‍යුත් චුම්බක තරංග පෙළ ගැස්වීමෙන් ලැබෙන සටහන විද්‍යුත් චුම්බක වර්ණාවලිය නම් වේ.

ගැමා කිරණ >එක්ස් කිරණ >පාරජම්බුල කිරණ >දෘශ්‍ය ආලෝකය> අධෝරක්ත කිරණ> ක්ශුද්‍ර තරංග> ගුවන් විදුලි තරංග 


විද්‍යුත් චුම්බක තරංග වල භාවිත, 

දෘෂ්‍ය ආලෝකය

👉දෘෂ්‍ය ආලෝකය යනු විද්‍යුත් චුම්භක වර්ණාවලියේ අපේ ඇසට සංවේදී වන පරාසයයි.

👉මෙම තරංග ආයාමය පරාසය අඩුම තරංග ආයාමය (වැඩිම සංඛ්‍යාතය) සහිත ප්‍රදේශය දම් පාටින් දිස්වේ.

👉 වැඩිම තරංග ආයාමය සහිත ප්‍රදේශය (අඩුම සංඛ්‍යාතය) රතු පාටින් දිස්වේ.

👉දේදුන්නෙ වර්ණ හතක් ලෙස අප හඳුනා ගන්නේ මෙම වර්ණ පරාසයයි.

👉ආලෝකයේ වේගය 3×10⁸ ms‐¹ වේ.


ගැමා කිරණ


👉ගැමා කිරණවල සංඛ්‍යාතය ඉතා අධිකය.එම නිසා ශක්ති ප්‍රමාණයද ඉතා අධිකය.

👉එමනිසා ඝන වානේ තහඩු සහ කොන්ක්‍රීට් ආදිය පවා විනිවිද යාමේ හැකියාව ඇත.

👉ගැමා කිරණ මගින් සජීවී සෛල විනාශ කරන බැවින් පිළිකා සෛල විනාශ කිරීමට යොදා ගැනේ.

👉ආහාර සහ ශල්‍යකර්ම සඳහා භාවිත කරන උපකරණ ආදිය ජීවානුහරණය ට


x කිරණ 

👉 x කිරණ බහුලවම යොදා ගන්නේ ශරීර අභ්‍යන්තරයේ ඡායාරූප ගැනීම සඳහායි.

👉ශරීරයේ ඇති මෘදු පටක හරහා එක්ස්කිරණ පහසුවෙන් ගමන් කරත් අස්ථි හරහා ගමන් කිරීමේදී එක්ස් කිරණ වල තීව්‍රතාව බොහෝ සෙයින් අඩුවේ.

👉අධික වශයෙන් එක්ස් කිරණ වලට නිරාවරණය වීම පිළිකා සෑදීමට හේතුවේ.

👉එක්ස්කිරණ නිෂ්පාදනය වන්නේ අධි වේගයෙන් චලනය වන ඉලෙක්ට්‍රෝන ලෝහමය ඉලක්කයක් මත ගැටීමට සැලෙස්වීමෙනි.එවිට e වල චාලක ශක්තියෙන් කොටසක් x කිරණ බවට පත්වේ.

👉පාරජම්බුල කිරණ (UV කිරණ)

👉විද්යුත් විසර්ජනය මගින් හා රසදිය වාෂ්ප ලාම්පු මගින් පාරජම්බූල කිරණ නිපදවයි.

👉 මෙය මිනිස් ඇසට සංවේදී නොවේ.

👉මෙම කිරණ මගින් මිනිස් සිරුරේ විටමින් බී නිපදවන නිසා යම් ප්‍රමාණයකට සූර්යාලෝකයට නිරාවරණය වීම ප්‍රයෝජනයකි.

👉අධික ලෙස පාරජම්බුල කිරණවලට නිරාවරණය වීමෙන් ඇසේ සුද සහ සමෙහි පිළිකා ඇති විය හැක.

👉විසබීජ නාශනයට භාවිතා කරයි

👉සමහර රසායනික ද්‍රව්‍ය UV කිරණ වලට නිරාවරණය වීමේ දී  දිලිසීමක් ඇති කරයි.

          

                  උදාහරණ- මුදල් නොට්ටුවල වලංගු භාවය නිරීක්ෂණය කිරීමට


            සමහර රෙදි සෝදන කුඩු වලට මෙම රසායනික ද්‍රව්‍ය මිශ්‍ර කරයි. එම කුඩු භාවිත කර රෙදි සේදූ විට හිරු එළියට ආවරණය වීමේදී බැබළීමක් ඇති කරයි.



 අධෝරක්ත කිරණ ( IR කිරණ)

👉දෘෂ්‍ය ආලෝකයේ රතු වර්ණයට වඩා පහළ සංඛ්‍යාතයක් ඇත.

👉අපේ ඇස් වලට නොපෙනේ.

👉රතු වස්තු මගින් IR කිරණ නිකුත් කරන නිසා එම කිරණ අපේ සම මත වැටුනොත් උණුසුම් බවක් දැනේ.

👉බොහෝ විට IR කිරණ තාප විකිරණ ලෙස හැඳින්වේ.


 උදාහරණ- රාත්‍රී කාලයේදී IR කැමරා භාවිතා කිරීමෙන් මිනිස් සත්ව ක්‍රියාකාරකම් නිරීක්ෂණය කළ හැක.( අපගේ ශරීරවලින් IR කිරණ පිටකෙරේ.


👉දුරස්ථ පාලක වල සිට රූපවාහිනී යන්ත්‍ර දක්වා සංඥා යැවීමට

👉භෞත චිකිත්සක ප්‍රතිකාර සඳහා


ක්ෂුද්‍ර තරංග 

👉IR කිරණ වලට වඩා සංඛ්‍යාතය අඩුයි.

👉රේඩාර් පද්ධති ජංගම දුරකථන මයික්‍රෝවේව් උදුන් වල මෙම ශුද්ධ තරංග භාවිතා වේ.

👉අධික ලෙස ජංගම දුරකථන භාවිතා කිරීමෙන් මොළයට හානිවිය හැක.( ක්ශුද්‍ර තරංග මගින් ශරීරයට අහිතකර බලපෑම් ඇති වේ)


ගුවන් විදුලි තරංග 

👉විද්‍යුත් චුම්භක වර්ණාවලියේ දිගුම තරංග ආයාමය ඇති සහ අඩුම සංඛ්‍යාතයක් සහිත තරංග වෙයි.

👉ගුවන්විදුලි තරංග නිපදවන්නේ ගුවන්විදුලි තරංග දොලක මගිනි.

👉ඇන්ටනා මගින් ගුවන්විදුලි තරංග සම්ප්‍රේෂණය සහ ලබාගැනීම සිදුකරයි.

👉ගුවන් විදුලි තරංගයේ විස්තාරය හෝ සංඛ්‍යාතය වෙනස් කිරීම මගින් ගුවන්විදුලි තරංග මගින් තොරතුරු සම්ප්‍රේෂණය කරයි.


ධ්වනිය 

👉ශ්‍රවණය නැමැති සංවේදනය ඇති කරනු ලබන ශක්තිය ධ්වනිය නම් වේ.

👉හඬක් නිපදවන්නේ වස්තුව සිදුවන කම්පන හේතුකොටගෙනය.


ධ්වනි තරංග ප්‍රචාරණය

👉වාතය හරහා ගමන් කරන තරංගයක් ධ්වනි තරංග ලෙස හැඳින්වෙන්නේ එම වස්තුවෙන් නිපදවන කම්පන වල සම්පීඩන හා විරල මගිනි.

👉ධ්වනිය අන්වායාම තරංගයක් වෙයි.

👉ධ්වණිය ඝණ ද්‍රව වායු යන මාධ්‍ය තුනෙන්ම ගමන් කරයි.

👉වැඩිම වේගයකින් ගමන් කරන්නේ ඝන මාධ්‍ය තුලයි, 

👉අඩුම වේගයකින් ගමන් කරන්නේ වායුමය මාධ්‍යය තුළයි.



👉උදාහරණ-නයාට පොළවේ ඇතිවන කම්පන දැනෙන්නේ උගෙ පහළ හනු ඇටයේ අස්ථියක් මගිනි එම කම්පන අස්ථි හරහා නයා වෙත සම්ප්‍රේෂණය වීමෙනි.. මෙමගින් ගොදුරු කරගත හැකි සතුන්ගේ පාදවල ශබ්ද පවා දැනේ.


 👉ධ්වණිය පැතිරීමට මාධ්‍යයක් තිබීම අත්‍යවශ්‍ය වේ.

👉රික්එක තුලින් ධ්වනිය ගමන් නොකරයි.


ධ්වනි වේගය 

👉වියළි වාතය තුළ ධ්වනි වේගය 

👉ජලය තුළදී වේගය වෙයි 

👉වානේ දණ්ඩක් තුළ ධ්වනි වේගය වේ 


ධ්වනියේ ලාක්ෂණික

1. තාරතාවය 

2.හඬේ සැර 

3.ධ්වනි ගුණය



cතරතාවය යනු ධ්වනි තරංගයේ සංඛ්‍යාතය මත රඳා පවතින කනට ඇසෙන සංවේදනයයි. 

1. තාරතාව 

2.හඬේ සැර 

 3.ධ්වනි ගුණය 

👉හඬේ සැර යනු ධ්වනි තරංගය රැගෙන යන ශක්තිය අනුව කනට දැනෙන සංවේදනයයි.


👉කම්පන විස්තාරය වැඩිවන විට හඬේ සැර වැඩි වේ. අඩු වනවිට හඬේ සැර අඩු වෙයි

👉ධ්වනි ගුණය යනු යම් ශබ්දයක තරංග ආකාරයේ හැඩය අනුව කනට දැනෙන සංවේදනයයි.

👉ශ්‍රව්‍යතා පරාසය මිනිසුන්ට ඇසෙන සංඛ්‍යාත පරාසය 20 Hz-20000 Hz අතර.

👉මෙම සංඛ්‍යාත සීමා මිනිස් කනේ ශ්‍රව්‍යතා පරාසය වේ. (මිනිසෙකුගේ වයස වැඩිවත්ම ඇසෙන සංඛ්‍යාත සීමාව ක්‍රමයෙන් අඩුවෙයි)

👉20 Hz ට වඩා අඩු ධ්වනිය අදෝ ධ්වනිය නම් වෙයි.

👉2000 Hz වඩා වැඩි ධ්වණිය අති ධ්වනිය නම් වේ.


 උදාහරන-වව්ලා අතිධ්වනි තරංග භාවිතා කරමින් භාවිත බාධක මගහරිමින් පියාඹයි.


 ඩොල්ෆින් මත්ස්‍යයෝ කුඩා මත්ස්‍යයින් සොයා ගැනීමටත් ඔවුන්ට පහර දෙන මෝරුන් හඳුනාගැනීමටත්


ඩොල්ෆින් මත්සයෝ එකිනෙකා අතර සන්නිවේදනය සිදු කිරීමටත්



 අති ධ්වනි තරංග වල ප්‍රයෝජන


👉 මුහුදේ ගමන් කරන නැව් වල මුහුදු පතුලේ ගැඹුර සෙවීමට හා ඉදිරියේ බාධක සෙවීමට 

👉ගර්භනී මවකගේ ගර්භාෂය තුළ සිටින දරුවාගේ තත්ත්වය නිරීක්ෂණයට 

👉මුත්‍රා ගල් තිබෙන ස්ථාන මතට අතිධ්වනි තරංග යැවීමෙන් මුත්‍රා ගල් පුපුරවා හරියි (කැල්සියම් ඔක්සලේට් )

👉ගුවන්යානා කොටස් වල තිබිය හැකි අනතුරුදායක හිස් අවකාශ හා පිපිරුම් අනාවරණය කර ගැනීමට 




සංගීත භාණ්ඩ 

1.තත් භාණ්ඩ 

2.සමාඝාත භාණ්ඩ

3. ශුශිර භාණ්ඩ 




1.තත් භාණ්ඩ 

👉තත් කම්පනයෙන් හඩ නිපදවන භාණ්ඩ තත් භාණ්ඩ වේ.

👉තත් භාණ්ඩ වලින් නගන හඩෙහි සංඛ්‍යාතය පහත සාධක මත රඳා පවතී.


i කම්පනය වන තත් කොටසේ දිග 

II.තත ඇදී ඇති තරම(පතෙහි ආතතිය0

iii. තතෙහි ඒකීය දිගක ස්කන්ධය 


උදා- වයිලිනය ගිටාරය



2.සමාඝාත භාණ්ඩ 


👉පටල,දඩු හෝ තහඩු වලින් කම්පනය වීමෙන් හඬ උපදවන භාණ්ඩ සමාඝාත භාණ්ඩ වේ.

👉මෙම භාන්ඩ වලින් හඬ නිපදවීමට තට්ටු කිරීම අවශ්‍ය වේ.


 උදාහරණ තබ්ලාව බෙරය තාලම්පට 

👉සමාඝාත භාණ්ඩවල පටලයේ වර්ගඵලය හා පටලයේ ආතතිය වෙනස් වන විට තාරතාවය වෙනස් වේ.


උද-බටනලාව,හොරනැව,හක්ගෙඩිය


                                                                                                                                 -Kavindu lakshan-

Post a Comment

Previous Post Next Post