PopAds.net - The Best Popunder Adnetwork

ඉතිහාසය කෙටි සටහන් || online සත්කාරය

 


ඉතිහාසය කෙටි සටහන් - පළමු කොටස


කාර්මික විප්ලවය යනු,

මිනිසා විසින්‌ යන්ත්‍ර සූත්‍ර යොදාගෙන භාණ්ඩ නිෂ්පාදනය කරමින්‌, කාර්මික හා තාක්ෂණික ක්ෂේත්‍රයේ ඇති කළ පුළුල්‌ වෙනස යි.


කාර්මික විප්ලවයේ ආරමිභය

18 වන සියවස අග භාගයේ බ්‍රිතාන්‍යයේ.


කාර්ම්ක විප්ලවය බ්‍රිතාන්‍යයේ ආරම්භවීමට හේතු

1.      කර්මාන්තවලට මුදල්‌ ආයෝජනය කළ හැකි ධනවත්‌ පිරිසක්‌ බිහි වීම.

2.      15 වන සියවස්වල යුරෝපයේ ඇති වූ පුනරුදය නිසා විද්‍යාත්මක දැනුම පුළුල්‌ වීම.

3.      යකඩ හා වානේ වැනි බනිජ සම්පත්‌ බ්‍රිතාන්‍යය සතු වීම.

4.      බලශක්තිය සඳහා අවශ්‍ය ගල්‌ අඟුරු සපයා ගැනීම පහසු වීම.

5.      යටත්‌ විජිතවලින්‌ පැවති ඉහළ ඉල්ලුම.

6.      ඉඩම්‌ කොටු කිරීමේ ව්‍යාපාරයෙන්‌ ඉඩම්‌ අහිමි වූ ගම්බද ගොවීන්ගේ අතිරික්ත ශ්‍රමය කාර්මික දියුණුවට යොදා ගත හැකි වීම.

7.      කර්මාන්ත හා ව්‍යාපාර සඳහා ප්‍රාග්ධනය සපයන බැංකු හා මූල්‍ය ආයතන බිහි වීම.

8.      දේශපාලන ස්ථාවරත්වය.

9.      කුඩා දිවයිනක්‌ වීම.


කාර්මික විප්ලවය බ්‍රිතාන්‍යයේ සිදු වූ ප්‍රධාන ක්ෂෙත්‍ර 03

1. ජේෂ කර්මාන්තය

2. යකඩ හා වානේ කර්මාන්තය

3, ගල්‌ අඟුරු කර්මාන්තය


පේෂ කර්මාන්තයේ කාර්මිකරණයක්‌ ඇති වීමට බලපෑ හේතු

1.      යටත්‌ විජිත වලින්‌ පැවති ඉහළ ඉල්ලුම

2.      ජෝන්‌ කේ විසින්‌ දුවන නඩාව නිපදවීම (1733)

3.      ජේම්ස්‌ භාග්‍රීවිස්‌ විසින්‌ ජෙනී යන්ත්‍රය නිපදවීම. (1764)

4.      රිචඞ්‌ ආර්ක්රයිඩ්‌ විසින්‌ ජල බලයෙන්‌ ක්‍රියා කරන නූල්‌ කටින යන්ත්‍රය නිපදවීම, (1769)

5.      සැමුවෙල්‌ ක්‍රොම්ප්ටන්‌ විසින්‌ මියුල්‌ යන්ත්‍රය නිපදවීම. (1779)

6.      එඩ්මන්ඩ්‌ කාර්ට්රයිට්‌ විසින්‌ මියුල්‌ යන්ත්‍රය වාෂ්ප බලයෙන්‌ ක්‍රියා කරවීමේ ක්‍රමය සොයා ගැනීම, (1785)


යකඩ හා වානේ කරමාන්තයේ කාර්මීකරණයක්‌ ඇතිවීමට බලපෑ හේතු 

1.      බ්‍රිතාන්‍යය යපස්‌ නිධි බහුල රටක්‌වීම.

2.      කාර්මික විප්ලවයට පෙර සිටම බ්‍රිතාන්‍යයන්‌ යකඩ හා වානේ නිපදවීම.

3.      දර භාවිතය වෙනුවට ගල්‌ අඟුරු මගින්‌ යපස්‌ උණු කිරීමේ ක්‍රමය සොයා ගැනීම. (ඒබ්‍රහම්‌ ඩර්බි -1730)

4.      හෙන්රි කෝට්‌ විසින්‌ පදම්‌ කළ යකඩ නිපදවිය හැකි රෝලර්‌ යන්ත්‍රය නිපදවීම (1784)

5.      හෙන්රි බෙසමර්‌ විසින්‌ අප ද්‍රව්‍ය ඉවත්‌ කර වානේ නිපදවිය හැකි නව ක්‍රමයක්‌ සොයා ගැනීම. (1856)

6.      විවෘත උදුන්‌ ක්‍රමය සොයා ගැනීම. (1860)

7.      විලියම්‌ සීමන්ස්‌ විසින්‌ යපස්‌ උණුකිරීමට විදුලි උදුනක්‌ සකස්‌ කිරීම.(1870).


ගල්‌අඟුරු කර්මාන්තයේකාර්මීකරණයක්‌ඇතිවීමට බලපෑ හේතු. 

1.      බ්‍රිතාන්‍යය ගල්‌ අඟුරු ආකරවලින්‌බහුල රටක්‌ වීම.

2.      ලාභදායී හා කාර්යක්‍ෂමබලශක්තියක්‌ වීම.

3.      තෝමස්‌ නිව්කොමන්‌ විසින්‌ වාෂ්පඑන්ජිම සොයා ගැනීම. (1735)

4.      ජේම්ස්‌ වොට්‌ විසින්‌ විධිමත්‌ වාෂ්පඑන්ජිමක්‌ නිපදවීම. (1736)

5.      හම්ප්‍රි ඩේව්‌ විසින්‌ ආරක්ෂක ලාම්පුවනිපදවීම. (1812)

6.      කේබල්‌ කමබි මගින්‌ ගල්‌අඟුරුආකරවලින්‌ පිටතට ගෙන ඒමේ ක්‍රමයසොයා ගැනීම. (1839)


ගල්‌ අඟුරැ කර්මාන්තයේ දියුණුවෙන්‌හිමි වූ අතුරු ප්‍රතිලාභ

1.      මහාමාර්ග ඉදිකිරීම සඳහා ගල්තාරයොදා ගැනීම.

2.      රෙදිපිළි සායම්‌ කිරීමට අවශ්‍යසායම්‌ වර්ග නිපදවීම.ඖෂධ හා සුවඳ විලවුන්‌ නිපදවීමටයොදා ගැනීම.

3.      තෙල්‌ හා පොහොර නිපදවීමටයොදා ගැනීම.


කාරමික විප්ලවයේ ව්‍යාප්තිය මෙය ක්ෂේත්‍ර දෙකක්‌ ඔස්සේ සිදු විය.

1. ප්‍රවාහනය / සන්නිවේදනය /කෘෂි කර්මාන්තය

2. වෙනත්‌ රටවල්‌ කරා ව්‍යාප්තිය


1.1 ප්‍රවාහන ක්ෂේත්‍රයේ ව්‍යාප්තිය

1.      ජෝන්‌ මැකඩම්‌ විසින්‌ මාර්ග ඉදිකිරීම සඳහා නව ක්‍රමයක්‌ සොයාගැනීම. (මැකඩම්‌ ක්‍රමය -1811).

2.      ජෝර්ජ්‌ ස්ටීවන්සන්‌ විසින්‌ වාෂ්ප බලයෙන්‌ ක්‍රියා කරන දුම්රිය එන්ජිම නිපදවීම (1814)

3.      රොබට්‌ පූල්ටන්‌ විසින්‌ දුම්‌ බෝට්ටුව නිපදවීම (1807)

4.      හෙන්රි බෙල්‌ විසින්‌ දුම් නැව නිපදවීම. (1811)

5.      ජර්මනියේ ඩෙම්ලර්‌ විසින්‌ මෝටර්‌ රථය නිපදවීම. (1885)

6.      ඇමරිකාවේ රයිට්‌ සහෝදරයන්‌ විසින්‌ ගුවන් යානාව නිපදවීම.(1903)


1.2 සන්නිවේදන ක්ෂේත්‍රයේ ව්‍යාප්තිය

1.      පෙනී තැපැල්‌ සේවය ආරම්භ වීම.(1840)

2.      සැමුවෙල්‌ මෝස්‌ විසින්‌ විදුලිපණිවිඩ ක්‍රමය සොයාගැනීම. (1844)

3.      ඇලෙක්සැන්ඩර්‌ ග්‍රැහැම්බෙල්‌ විසින්‌ දූරකථනය සොයාගැනීම.(1876)

4.      ගුග්ලි මාර්කෝනි විසින්‌ ගුවන් විදුලි යන්ත්‍රය සොයාගැනීම. (1895)

5.      ජෝන්‌ ලොගී බෙයාර්ඩ්‌ විසින්‌ රූපවාහිනිය නිපදවීම. (1925)


1.3 කෘෂි කර්මාන්තයේ ව්‍යාප්තිය

1.      මහා පරිමාණ ගොවිබිම්‌ ආරම්භකිරීම.

2.      ශෂ්‍ය මාරු ක්‍රමය

3.      සත්ත්ව පාලන කටයුතු සඳහා නව තාක්ෂණය යොදා ගැනීම.

4.      නව කෘෂිකාර්මික ක්‍රම හා උපකරණ භාවිතය .


2. වෙනත්‌ රටවලට ව්‍යාප්ත වීමට බලපෑ හේතු

1.      ලෝකයේ ජනගහනය ශීඝ්‍රයෙන්‌ වර්ධනය වීම නිසා භාණ්ඩ වලට තිබූ ඉල්ලුම වැඩි වීම.

2.      යුරෝපය තුළ ගමනා ගමන හා ප්‍රවාහන කටයුතුවල වර්ධනය

3.      ප්‍රංශය හා ජර්මනිය ගල්‌ අඟුරු සොයා ගැනීම.


කාරමික විප්ලවයේ ප්‍රතිඵල

1.      දේශපාලන ක්ෂේත්‍රයේ ඇති කළ වෙනස්කම්‌

2.      ධනපති පන්තියක්‌ හා නිර්ධන පන්තියක්‌ බිහි වීම.

3.      ධනපතීන්‌ හා කම්කරුවන්‌ අතර ගැටුම්‌ ඇති වීම.

4.      වෘත්තීය සංගම්‌ බිහි වීම.

5.      සේවක වැඩවර්ජන, අයිතිවාසිකම්‌ සඳහා සටන්‌ ආදිය ආරම්භ වීම.

6.      ලිබරල්වාදය, සමාජවාදය වැනි දේශපාලන දර්ශන ව්‍යාප්ත වීම.

7.      නව අධිරාජ්‍යවාදයක්‌ ඇති වීම.


ආර්ථික ක්ෂේත්‍රයේ ඇතිකළ වෙනස්කම්‌

1.      කම්හල්‌ හිමි ධනපති පන්තියක්‌ හා වෙළෙඳ පන්තියක්‌ වර්ධනය වීම.

2.      ස්වයං පෝෂිත අර්ථක්‍රමය බිඳ වැටී වැටුප මත සේවය කරන කම්කරු පිරිසක්‌ බිහි වීම.

3.      කෘෂි ආර්ථික රටාව වෙනුවට ආනයන, අපනයන වෙළෙඳ ආර්ථිකයක්‌ ඇති වීම.

4.      කෘෂි නිෂ්පාදන කටයුතු ද කාර්මීකරණය වීම.

5.      ධනවාදී ආර්ථික රටාව ලොව පුරා වේගයෙන්‌ ව්‍යාජත වීම.

6.      බහු ජාතික සමාගම්‌ බිහි වීම.

7.      මුදල්‌ හා බැංකු කටයුතු ව්‍යාප්තවීම.


සමාජ ක්ෂේත්‍රයේ ඇති කළ බලපෑමි

1.      විශාල වශයෙන්‌ නගර බිහි වීම.

2.      කර්මාන්ත ශාලා නිසා රැකියා අවස්ථා පුළුල්‌ වීම.

3.      දැරිය හැකි මිලකට භාණ්ඩ ලබා ගතහැකි වීම.


අවාසිදායක

1.      පන්ති සහිත සමාජයක්‌ බිහි වීම.

2.      නාගරීකරණය වේගවත්‌ වුවත්‌ ඒවායේ මූලික පහසුකම්වල දියුණුව මන්දගාමී වීම.

3.      අඩු වැටුපට කම්කරුවන්‌ සේවයේ යොදවා ගැනීම.

4.      ළමා ශ්‍රමිකයන්‌ බිහි වීම.

5.      සමාජ අපචාර බහුල වීම.

6.      කර්මාන්තශාලා හේතුවෙන්‌ පරිසරදූෂණය සිදුවීම


කාර්මික විප්ලවය ශ්‍රීලංකාව කෙරෙහි බලපෑම

1.      තේ, රබර්, පොල්‌ වැනි බෝග ආශ්‍රිත ව විවිධ කර්මාන්ත ඇරඹීම.

2.      ෆෙඩ්රික්‌ නෝර්ත්‌ ආණ්ඩුකාරයා කෝපි කෙටීමට මෝලක්‌ ඇරඹීම(1804)

3.      තේ වියළීමේ සිට වර්ග කිරීම හා අපනයනය දක්වා බොහෝ කාර්යයන්‌ යන්ත්‍ර සූත්‍ර මගින්‌ සිදුකිරීම.

4.      රබර්‌ පිටරට යැවීම සඳහා සූදානම්‌ කිරීමට යන්ත්‍ර සූත්‍ර යොදා ගැනීම.

5.      මහ මාර්ග තැනීමේ මැකඩම් ක්‍රමය ලංකාවට හඳුන්වා දීම. (1885)

6.      වතු හා කර්මාන්ත ශාලාවල වැඩකළ ශ්‍රමිකයන්ගෙන්‌ කම්කරු පන්තියක්‌ බිහි වීම.

7.      වතු හා කර්මාන්ත හිමියන්‌ වෙතින්‌ උගත් ධනවත් මධ්‍යම පන්තියක් ඇති වීම.

8.      ධනවාදී අර්ථ ක්‍රමය වර්ධනය වීම.

9.      බැංකු ක්‍රමය ආරම්භ වීම.

10.   භාණ්ඩ ප්‍රවාහනය සඳහා මහාමාර්ග හා දුම්රිය ඉදිවීම.

11.   කොළඹින්‌ පිට ජනාකීර්ණ නගරබිහි වීම.

12.   රාජකාරි තැපැල්‌ සේවය ආරම්භවීම (1815)


බ්‍රිතාන්‍යයන්‌ ආසියාව තුළ තම වෙළෙඳ කටයුතු ආරමිභ කළ අයුරු 

1.පෙරදිග ඉන්දියා වෙළෙඳ සමාගම පළමු වරට සුමාත්‍රා දූපත්‌ ප්‍රදේශයේ වෙළෙඳ කටයුතු ඇරඹීම.

2. විලියම්‌ හෝකින්ස්‌ යටතේ ඉන්දියාවේ මූගල්‌ අධිරාජයා වූ ජහන්ගීර් සමග වෙළෙඳ කටයුතුපිළිබඳ සාකච්ඡා පැවැත්වීම.

3. 17 සියවස මුල අග්නිදිග ආසියාතික ප්‍රදේශ සමග වෙළෙඳ සබඳතා තරකර ගැනීමට උත්සාහ කිරීම.

4.  17 සියවස අග වන විට ඉන්දියාවේ මදුරාසිය, බොම්බාය හා කල්කටාව වැනි ප්‍රදේශවල වෙළෙඳ කටයුතුඇරඹීම.


බ්‍රිතාන්‍යයන්‌ ශ්‍රී ලංකාව කෙරෙහිඅවධානය යොමුකිටමට බලපෑ ප්‍රධානහේතු 

1.  ශ්‍රී ලංකාවේ පිහිටීම.

2. ශ්‍රී ලංකාවෙන්‌ කුරුඳු ඇතුළුවටිනා වෙළෙඳ ද්‍රව්‍ය ලබා ගැනීම.


ත්‍රිකුණාමල වරාය කෙරෙහි බ්‍රිතාන්‍යයන්ගේ සැලකිල්ල යොමු වීමට බලපෑ කරුණු

1. ත්‍රිකුණාමල වරාය බෙංගාල බොක්කට මුහුණ ලා පිහිටා තිබීම.

2. ඉන්දියාවේ නැගෙනහිර වෙරළේ ඉංග්‍රීසි නාවික බලය රැක ගැනීමට එම වරායේ පිහිටීම වැදගත්‌ වීම

3.ඊසාන දිග මෝසම්‌ සුළං කාලයේ නැව්‌ ආරක්ෂා කර ගැනීමට එම වරාය යොදා ගත හැකි වීම.


මෙරට මුහුදුබඩ ප්‍රදේශ අත්පත්‌ කරගැනීමට පෙර උඞරටට පැමිණි ඉංග්‍රීසි දුතයන්

1. කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ කාලයේ පැමිණි ජෝන්‌ පයිබස්‌ (1762)

2.රාජාධිරාජසිංහ රජුගේ කාලයේ පැමිණි හියු බොයිඩ්‌ (1782)

3. රාජාධිරාජසිංහ රජුගේ කාලයේ පැමිණි රොබට් ඇන්ඩෲස්‌ (1795)


ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය යටත්‌ විජිතයක්‌ බවට පත්කර ගැනීමේ දී දැකිය හැකි වූ කැපී පෙනෙන අවස්ථා 

1. 1796 දී ඉංග්‍රීසි පෙරදිග ඉන්දියා වෙළෙඳ සමාගම දිවයිනේ මුහුදුබඩ ප්‍රදේශවල බලය පිහිටුවීම.

2. 1802 දී මෙරට මුහුදුබඩ ප්‍රදේශ බ්‍රිතාන්‍ය කිරීටයේ යටත්‌ විජිතයක්‌ බවට පත්‌ කිර්ම.

3.   1815 දී උඩරට රාජධානිය ඉංග්‍රීසීන්‌ විසින්‌ යටත්‌ කර ගැනීම.


කිව්‌ ලිපිය යනු,

ලංකාවේ ලන්දේසීන්‌ සතු ප්‍රදේශ ප්‍රංශවරුන්‌ අතට පත්‌ වීම වළක්වා ගැනීම සඳහා එම ප්‍රදේශ වලට ඉංග්‍රීසි හමුදාව ඇතුළු කර ගත යුතුයැයි ස‍ඳහන් කරමින් බ්‍රිතාන්‍යයේ රැකවරණය ලබා සිටි ඕලන්ද පාලකයා මෙරට ලන්දේසි ආණ්ඩුකාර ෆන් එංගල්‌ බෙක්‌ වෙත එවූ ලිපිය.


මියුරන් කොමිසම යනු,

1797 දී ඉංග්‍රීසි වෙළෙඳ සමාගමට එරෙහිව ලංකාවේ මුහුදු බඩ ප්‍රදේශවල ඇති වූ මහජන විරෝධය පිළිබඳව සොයා බැලීමට පත්‌ කළ කමිටුව.


මියුරන්‌ කොමිසමේ නිර්දේශ

1. බදු එකතු කිරීමට දේශීය නිලධාරීන් යෙදවීම.

2. පොල්ගස්‌ බද්ද ඇතුළු අලුත්‌ බදුවර්ග ඉවත්‌ කිරීම.

3. ආදායම්‌ එකතු කිරිමට හා අධිකරණ කටයුතු වලට වෙන වෙනම නිලධාරීන්‌ පත්‌ කිරීම.

4.  ලන්දේසි උසාවි ක්‍රමය නැවතපිහිටුවීම.


ද්විත්ව පාලනය යනු

1798 ඔක්තෝම්බර්‌ සිට මෙරට මුහුදුබඩ ප්‍රදේශවල පාලන කටයුතු වෙළෙඳ සමාගම හා ආණ්ඩුකාරවරයෙකු යටතේ සිදු වීම.


1803 උඩරට ආක්‍රමණය අසාර්ථකවීමට බලපෑ හේතු.

1. ඉංග්‍රීසින්ට උඩරට පිළිබඳ ව නිවැරදි අවබෝධයක්‌ නොතිබීම.

2. උඩරට රජුට උඩරට වැසියන්ගේ සහාය හිමි වීම.

3.උඩරැටියන්‌ විසින්‌ උපායශීලී ලෙස ඉංග්‍රීසි හමුදාවට ප්‍රහාර එල්ලකිරීම.


1815 උඩරට ආක්‍රමණය සාඊථක වීමට බලපෑ හේතු

1.   ජෝන්‌ ඩොයිලි ප්‍රමුඛ ඉංග්‍රීසීන්ගේ උපායශීලී කටයුතු

2. ශ්‍රී වික්‍රම රාජසිංහ රජු නායක්කාර් ඥාතීන්ගේ බසට අවනතව තීරණගැනීම.

3. උඩරට ප්‍රභූ පන්තිය තුළ භේද උත්සන්න වීම.

4.  භික්ෂූන්‌ වහන්සේලා හා රජු අතර සබඳතාවය ගිලිහී යාම.

5.  රජු හා මහජනතාව අතර විශාල පරතරයක්‌ නිර්මාණය වී තිබීම.


උඩරට ගිවිසුම යනු

උඩරට රාජධානිය බ්‍රිතාන්‍යයට යටත් වූ බව නිල වශයෙන්‌ පිළිගත්‌ ලේඛනය.


උඞරට ගිවසුම අත්සන්‌ කරන ලද්දේ

1815 වර්ෂයේ මාර්තු මස 02 දින මහනුවර මගුල් මඩුවේ දී ය.


උඩරට ගිවිසුමට අත්සන්‌ තබා ඇත්තේ,

1.      ඉංග්‍රීසි ආණ්ඩුව වෙනුවෙන්‌ -රොබට්‌ බ්‍රවුන්රිග්‌ ආණ්ඩුකාරයා

2.      උඩරට වැසියන්‌ වෙනුවෙන්‌ -රදළ ප්‍රධානීන්‌


ඉංග්‍රීසි පාලනයට එරෙහිව උඞරැටියන්‌ දියත්‌ කළ සටන්‌

1.      1818 නිදහස්‌ සටන

2.      1848 නිදහස්‌ සටන


1818 නිදහස්‌ සටනට තුඩු දුන්‌ හේතු

1.      නිදහස අහිමි වීම හා රජෙකු නැතිවීම පිළිබඳ පසුතැවිල්ල

2.      ආගම හා සංස්කෘතියේ ආරක්ෂාව පිළිබඳ ගැටලු මතු වීම

3.      උඩරට ප්‍රභූ පන්තියට පහර වැදීම


1818 නිදහස්‌ සටනේ විශේෂ සිදුවීමි

1.දොරේසාමි නැමැත්තෙක්‌ උඩරට රජු ලෙස සටන්කාමීන්‌ විසින්‌ ප්‍රකාශයට පත්කිරීම.

2.කැප්පෙටිපොළ දිසාව සමග උඩරට රදළවරු බොහොමයක්‌ සටන් කාමීන්ට එකතු වීම.

3.රාජ්‍යයේ උරුමය ලෙස සැලකූ දළදාව සටන්කාමීන්‌ අතට පත්‌ වීම.

4. සටන මර්දනය සඳහා ඉංග්‍රීසීන්‌ විසින්‌ බිම්‌ පාළු ප්‍රතිපත්තියක්‌ අනුගමනය කිරීම


1818 සටනේ ප්‍රධාන නායකයන්‌

1.      කැප්පෙටිපොළ

2.      මඩුගල්ල

3.      පිළිමතලාවේ

4.      ඇහැලේපොල


1818 සටන අසාර්ථක වීමට බලපෑ හේතු 

1.  ඉංග්‍රීසීන්‌ අනුගමනය කළ දැඩි මර්දනකාරී ප්‍රතිපත්තිය.

2.දීර්ඝ කාලීන සටනකට අවශ්‍ය අවි ආයුධ හා සම්පත්‌ උඩරැටියන්‌ සතු නොවීම.

3. සටනේ අසංවිධානාත්මක ස්වරූපය.

4. රජු ලෙස ඉදිරිපත්‌ වූ දොරේසාමි රාජ්‍ය උරුමයක් නැති ව්‍යාජ පුද්ගලයෙකු බව හෙළි වීම.


1818 සටනේ ප්‍රතිඵල

1. ඇහැලේපොළ, කැප්පෙටිපොළ,මඩුගල්ලේ වැනි නායකයින්‌ ජීවිතක්‍ෂයට පත්‌ වීම.

2. රදළයන්‌ රැසකගේ දේපළ රාජසන්තක වීම.

3. සටනට සහාය දුන්‌ නායකයන්‌ පිරිසක්‌ රටෙන්‌ පිටුවහල්‌ කිරීම.

4. ඉංග්‍රීසීන්ට පක්‍ෂ වූ මොල්ලිගොඩ, එක්නැලිගොඩ වැනි රදලයන්ට විවිධ වරප්‍රසාද හිමි වීම.

5. උඩරට ඉංග්‍රීසි බලය ස්ථාවර වීම.


1848 නිදහස්‌ සටනට තුඩු දුන්‌ හේතු

1.      කෝල්බෲක්‌ ප්‍රතිසංස්කරණ වල බලපෑම

2.      රජයේ ඉඩම්‌ ප්‍රතිපත්තිය

3.      ගම්‌ සභාව අඩපණ වීම

4.      රජය හා මහජනතාව අතර සබඳතාව දුරස්‌ වීම


රජයේ නව බදු ප්‍රතිපත්තිය

උදා :-    තුවක්කු බද්ද

               ඇඟ බද්ද

               සුනඛ බද්ද


1848 නිදහස්‌ සටනේ විශේෂ සිදුවීමි.

1.      ආණ්ඩුවේ බදු ප්‍රතිපත්තියට විරෝධය දැක්වීමට මහජනයා ඒකරාශී වීම.

2.      මාතලේ, වාරියපොළ, කුරුණෑගල වැනි ප්‍රදේශවල ජනතාව ආයුධ අතට ගැනීම.

3.      ගොංගාලේගොඩ බණ්ඩා රජු වශයෙන්‌ අභිෂේක කිරීම.

4.      ප්‍රධාන සටන්‌ මධ්‍යස්ථානය මාතලේ ප්‍රදේශය වීම.


1848 සටනේ ප්‍රධාන නායකයෝ

1.      ගොංගාලේගොඩ බණ්ඩා

2.      වීර පුරන් අප්පු

3.      ඩිංගිරාළ

4.      දිනෙස්‌


1848 සටන අසාර්ථක වීමට බලපෑ හේතු

1.      මනාව සංවිධානය වී නොතිබීම.

2.      සටනට ඉදිරිපත්‌ වූ සාමාන්‍ය ජනතාවට යුධ හෝ අවි පුහුණුවක් ‌නොමැති වීම.

3.      උඩරට මාර්ග පිළිබඳ ව ඉංග්‍රීසීන්ට හොඳ අවබෝධයක්‌ තිබීම.

4.      උඩරට ප්‍රදේශ කිහිපයකට පමණක්‌ සටන සීමා වීම.


1848 සටනේ ප්‍රතිඵල

1.      ගොංගාලෙගොඩ බණ්ඩා රටින්‌ පිටුවහල්‌ කිරීම.

2.      පුරන්‌ අප්පු හා කඩහපොළහිමියන්ට මරණිය දණ්ඩනය නියමවීම.

3.      සටනට සම්බන්ධ වූ තවත්‌ පිරිසකට සිරදඬුවම්‌ නියම වීම.

4.      ටොරින්ටන්‌ සාමිවරයා ආපසු බ්‍රිතාන්‍යයට කැඳවීම.

5.      මහජන විරෝධයට තුඩු දුන්‌ බදුවර්ග ඉවත්‌ කිර්ම හා ඇතැම්‌ බදුවර්ග සංශෝධනය වීම.

6.      බුද්ධාගම පිළිබඳව සැලකිල්ලක්‌ දැක්වීමට තීරණය වීම.


ජාතික පුනරුදය යනු

19 වන සියවස අග භාගයේ දී මෙරටබෞද්ධ, හින්දු හා ඉස්ලාම්‌ ජනතාව තුළ ආගමික හා ජාතික වශයෙන්‌ ඇති වූ මහත්‌ ප්‍රබෝධය.


ශ්‍රී ලංකාවේ ජාතික පුනරුදයේ පසුබිම

1. බ්‍රිතාන්‍ය පාලනය යටතේ බටහිර සංස්කෘතිය රට පුරා පැතිර යාම.

2. මිෂනාරි සංවිධාන විසින්‌ කිතුනු දහම මෙරට ව්‍යාප්ත කිරීම.

3.  මිෂනාරි පූජකවරු සඟරා, පුවත්පත්‌ හා පොත්‌ පත්‌ මුද්‍රණය කර බෙදා හැරීම.

4.මිෂනාරි පූජකවරු පන්සල්‌ හා මහජනයා ගැවසෙන ස්ථාන වල දේශන පවත්වමින්‌ ආගමික ප්‍රචාරවල නිරත වීම.

5. රජයේ අනුග්‍රහය යටතේ මිෂනාරී පාසල්‌ ආරම්භ කර පවත්වාගෙනයාම.


ක්‍රි. ව. 1804. - 1818 කාලයේ මෙරටටපැමිණි මිෂනාරි සංවිධාන

1.      ලන්ඩන්‌මිෂනාරි සමාගම - 1804

2.      බැප්ටිස්ට්‌ මිෂනාරි සංවිධානය - 1812

3.      වෙස්ලියන්‌ මිෂනාරි සංවිධානය -1814 - 1815

4.      ඇමරිකන්‌ මිෂනාරී සංවිධානය -1816

5.      චර්ච්‌ මිෂනාරි සංවිධානය - 1818


ශ්‍රී ලංකාවේ බෞද්ධ පුනරුදයට බලපෑ කරුණු

1. මිනාරීන්‌ විසින්‌ ප්‍රතිමා වන්දනාව නිසරු දෙයක්‌ ලෙස ප්‍රචාරය කිරීම.

2.   මිෂනාරීන්‌ විසින් ඇතැම් බෞද්ධ හා හින්දු සිරිත්‌ විරිත්‌ විවේචනය කිරීම.

3.  සිංහල දෙමළ වැනි ස්වභාෂා අධ්‍යාපනයට රජයෙන්‌ ප්‍රමාණවත්‌ අනුග්‍රහයක්‌ නොලැබීම.


ශ්‍රී ලංකාවේ බෞද්ධ පුනරුදයේ වැදගත්‌අවස්ථා / ශ්‍රී ලංකාවේ බෞද්ධ පුනරුදව්‍යාපාරයක්‌ ආරම්භ වූ ආකාරය.

1. පැරණි පිරිවෙන්‌ අධ්‍යාපන ක්‍රමය යළි ආරම්භ වීම.

2.  බෞද්ධයන්‌ විසින්‌ රටේ විවිධ ප්‍රදේශවල මුද්‍රණාල පිහිටුවීම.

3.බෞද්ධ භික්ෂූන් වහන්සේලා මිෂනාරී පූජකතුමන්ලා සමග ප්‍රසිද්ධ වාද විවාද පැවැත්වීම.

4. ඕල්කට්තුමා මෙරටට පැමිණ බුදු දහම වැලඳගැනීමෙන්‌ පසු බෞද්ධ පාසල්‌ පිහිටුවීමට පෙරමුණ ගැනීම.

5.ඕල්කට්තුමාගේ මැදිහත්‌ වීමෙන්‌ වෙසක්‌ පෝය දිනය නිවාඩු දිනයක්‌ බවට පත්‌ කර ගැනීම / බෞද්ධකොඩිය නිර්මාණය කර ගැනීම.

6.දේශානුරාගය භා ජාත්‍යාලය වර්ධනය කිරීමේ ව්‍යාපාරය බිහිවීම.

7. බෞද්ධ පූජනීය ස්ථාන රැකගැනීමේ ව්‍යාපාරයක්‌ බිහි වීම.

8. මද්‍යසාර භාවිතයට එරෙහිව කටයුතු සංවිධානය වීම.


ශ්‍රී ලංකාවේ බෞද්ධ පුනරුද ව්‍යාපාරයයටතේ ආරම්භ වූ පිරිවෙන්‌

1.රත්මලානේ පරම ධම්ම චේතියපිරිවෙන - (වලානේ සිද්ධාර්ථහිමියන්‌ පුරෝගාමී විය)

2.  මාලිගාකන්දේ විද්‍යෝදය පිරිවෙන- (හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමියන්‌පුරෝගාමී විය)

3. පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන- (රත්මලානේ ධම්මාලෝක හිමියන්‌පුරෝගාමී විය)


 බෞද්ධයන්‌ විසින්‌ ආරම්භකළ මුදුණාල

1.  ගාල්ලේ ලංකෝපකාර මුද්‍රණාලය(1862 / ප්‍රථම මුද්‍රණාලය)

2.      ලංකාභිනව විශ්‍රැත මුද්‍රණාලය

3.      කවට කතික මුද්‍රණාලය

4.      සුදර්ශන මුද්‍රණාලය

5.      සරසවි සඳරැස මුද්‍රණාලය


බෞද්ධ මුළණාලවලින්‌ බිහිවූ ප්‍රකාශන

1.      ලක්මිණි පහන

2.      ලංකාලෝකය

3.      සරසවි සඳරැස

4.      සිංහල ජාතිය

5.      සිංහල බෞද්ධයා


වාද විවාද පැවැත්වීමෙන්‌ බෞද්ධපුනරුද ව්‍යාපාරයට විශාල සේවයක්‌කළ බෞද්ධ භික්ෂූන්‌

1.       මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි

2.      හික්කඩුවේ සුමංගල හිමි

3.      වස්කඩුවේ සුභූති හිමි

4.      පොතුවිල ඉන්ද්‍රජෝති හිමි.

5.      රත්මලානේ ධම්මාලෝක හිමි

1 Comments

Previous Post Next Post