මානව දේහ ක්‍රියාවලිය
×




මානව දේහ ක්‍රියාවලිය
මානව දේහ ක්‍රියාවලිය
මිනිසාගේ ආහාර ජීර්ණ ක්‍රියාවලිය
ආහාර ජීර්නය යනු ආහාර වල අඩංගු සංකීර්ණ කාබනික සංයෝග අවශෝෂණය කළ හැකි පරිදි සරල කාබනික සංයෝග බවට පත්වීමේ ක්‍රියාවලිය යි.
ආහාර ජීර්ණය සිදුවන ක්‍රියාවලිය
*යාන්ත්‍රික ක්‍රියාවලිය -> ආහාරයේ භෞතික ස්වභාවය වෙනස් වේ.
රසායනික ක්‍රියාවලිය -> ආහාරයේ අඩංගු සංකීර්ණ කාබනික සංයෝග මත අදාළ එන්සයිම ක්‍රියාත්මක වීමෙන් සංකීර්ණ සංයෝග සරල සංයෝග බවට පත්වේ.
ජීර්ණය වීමකින් තොරව ශරීරයට සෘජුව අවශෝෂණය කරගත හැකි පෝෂක
* ඛනිජලවණ සමහර විටමින් වර්ග ග්ලූකෝස් ෆෲක්ටෝස් galactose
මිනිසාගේ ආහාර ජීරණ පද්ධතිය
ආහාර ජීර්ණ පද්ධතිය තුළ සිදු කෙරෙන කාර්යයන්,
* ආහාර ජීරණය
*ජීර්න පල අවශෝෂණය
*ජීර්ණය නොවූ කොටස් සිරුරෙන් බැහැර කිරීම
1.මුඛ කුහරය තුල සිදුවන ජීර්නය
*දත්වලින් විකා අඹරන ලද ආහාර මුඛ කුහරය තුළදී ඛේටය සමග මිශ්‍රවීම
*ඛේටයේ ඇති කේට ඇමයිලේස්(ටයලීන්) නැමති එන්සයිමය ආහාරයේ ඇති පිෂ්ඨය මත සුළු වශයෙන් ක්‍රියාත්මක වී මෝල්ටෝස් බවට හරවා ජීර්ණ ක්‍රියාවලිය ආරම්භ කිරීම.
*මුඛ කුහරය තුළදී ජීර්ණ ක්‍රියාවලිය ආරම්භ වූ ආහාර ගුලියක් ලෙස සකස් වී මුඛ කුහරය අපර කොටසට තල්ලු වීම හා ඉන්පසු මුඛ කුහරයට අපරව ඇති ග්‍රසනිකාවට තල්ලුවීම
* ග්‍රසනිකාවට තල්ලු වූ ආහාර ගුලිය අන්නස්‍රෝතය ට ඇතුළු වේ.
*අන්නස්‍රෝතය දිගේ ආහාර ගුලිය ක්‍රමාකුංචන චලන ඔස්සේ ආමාශයට ගමන් කරයි.
2. ආමාශයේ දී සිදුවන ආහාර ජීරණය
*ආමාශ බිත්තියේ ඇති පේශී ක්‍රියාත්මක වීමෙන් ඇති වන ක්‍රමාකුංචන තරංග නිසා ආහාර යාන්ත්‍රික ජීර්ණයට ලක් වී තලපයක් බවට පත්වේ. මෙය ආමලසය නම් වේ.
* ආමාශය තුළ පැය 3ක් පමණ ආහාර රඳවා ගනී.
*මෙහිදී ජීර්න පල අවශෝෂණය සිදු නොවන නමුත් ජලය,ග්ලූකෝස් හා සමහර ඖෂධ වර්ග අවශෝෂණය කරයි.
* අර්ධ වශයෙන් ජීර්නය වූ ප්‍රෝටීන් හා නොවූ කාබෝහයිඩ්‍රේට්, ජීර්ණය නොවූ ලිපිඩ, ජලය, ලවණ හා විටමින් අඩංගු ආමලසය, කොටස් වශයෙන් ශුද්‍රාන්ත්‍රයේ ආරම්භක කොටස වන ග්‍රහණියට ඇතුළුවේ.
3. ක්ෂුද්‍රාන්ත්‍රය යෙදී සිදුවන ආහාර ජීර්ණය
ආහාර ජීර්ණය ප්‍රධාන වශයෙන්ම සිදුවන්නේ ශුද්‍ර අන්තරයේ දීය.
* ඒ සඳහා අග්න්‍යාශික එන්සයිම මෙන්ම ආන්ත්‍රික එන්සයිම ද සහභාගි වේ.
* ග්‍රහණියේ තිබෙන ආහාරයට අග්න්‍යාශයික ප්‍රණාලය මඟින් අග්න්‍යාශයික යුෂය ගෙන එයි. එහි ට්‍රිප්සීන්, ඇමයිලේස් හා ලයිපේස් නැමැති ජීර්ණ එන්සයිම අඩංගුවේ.
*පිත්ත ප්‍රණාලයෙන් ගෙන එන පිත ද ඊට එකතු වේ.
* ග්‍රහණියේ දී ආහාරයට එකතු වූ පිත සමඟ ආහාර මිශ්‍රවීමෙන් ආහාරය ඇති ලිපිඩ බිඳිති බවට පත්වේ.
* මෙය තෛලෝදකරණය ලෙස හැඳින්වේ
* ශුද්‍රාන්ත බිත්තිය මගින් ස්‍රාවය කරන ආන්තික යුශයේ මෝල්ටේස්,සුක්‍රේස්, ලැක්ටේස් සහ පෙප්ටිඩේස් නැමැති ජීර්ණ එන්සයිම ද ශ්ලේෂ්මල ද අඩංගු වේ.
*ශ්ලේශ්මලය මගින් ආහාර ස්නේහනය කිරීම සිදුකරන අතර ආහාරය ආහාර මාර්ගය තුළ ගමන් කිරීම පහසු කරයි. එමෙන්ම ආමාශ බිත්තියේ හා ශුද්‍රාන්ත්‍ර බිත්තියේ අඩංගු ප්‍රෝටීන්, ජීරණ යුෂ වලින් ජීර්ණය නොවී ආරක්ෂා කරයි.
*මේ අනුව ආහාර ජීර්ණ ක්‍රියාවලිය අන්තඵල මෙසේ දැක්විය හැකිය.
කාබෝහයිඩ්‍රේට් -> මොනසැකරයිඩ, ග්ලූකෝස්, ෆෲක්ටෝස් ,ගැලැක්ටෝස්
ප්‍රෝටීන් -> ඇමයිනෝ අම්ල
ලිපිඩ ->මේද අම්ල + ග්ලිසරෝල්
* ආහාර ජීර්ණයේ අන්ත ඵල දේහයට අවශෝෂණය කිරීම ප්‍රධාන වශයෙන්ම ක්ෂුද්‍රාන්ත්‍රය යෙදී සිදුවේ.
*ක්ෂුද්‍රාන්ත්‍රයෙ අවශෝෂණය නොවී ඉතිරි වන ද්‍රව්‍ය සියල්ල ඉන්පසු මහා අන්තරයට ඇතුළු වේ.
අවශෝෂණ කාර්යක්ෂමතාව වැඩිකර ගැනීමට ශුද්‍ර අන්ත්‍රයේ ඇති අනුවර්තන,
*ක්ෂුද්‍රාන්ත්‍රය ඉතා දිගු වීම
* ශුද්‍ර අන්ත්‍රයේ අභ්‍යන්තර බිත්තිය මත වෘත්තාකාර නැමුම් හෙවත් නෙරීම් පිහිටා තිබීම
*අංගුලිකා මත ක්ෂූද්‍ර අංගුලිකා පිහිටා තිබීම.
*අංගුලිකා බිත්ති ඉතා තුනී වීම
* අංගුලිකා වලට මනා රුධිර සැපයුමක් තිබීම
ක්ෂුද්‍රාන්ත්‍රය අංගුලිකා වල ඇති රුධිර කේෂනාලිකා තුළට අවශෝෂණය වන ජීර්ණ ඵල
*ඇමයිනෝ අම්ල
*විටමින්
*ඛනිජ ලවණ
*මොනසැකරයිඩ ග්ලූකෝස් ෆෲක්ටෝස් galactose
පයෝලස නාලිකා වලට අවශෝෂණය වන ජීර්ණ ඵල
*මේදාම්ල
*ග්ලිසරෝල්
4.මහාන්ත්‍රයේ දී සිදුවන ක්‍රියාවලිය
*මහාන්ත්‍රය ට ඇතුළු වන ද්‍රව්‍ය වල පෝෂක අඩංගු වන්නේ අල්ප වශයෙනි.
*එම ද්‍රව්‍යවල බොහෝ සෙයින් ඇත්තේ ජලය හා ජීරණය නොවූ සෙලියුලෝස් වැනි සංයෝගයි.
* මේ අනුව මහා අන්ත්‍රය තුළ දී මහා අන්ත්‍රයට ඇතුළු වූ තරලමය ද්‍රව්‍ය වලින් ජලය අවශෝෂණය කර එම ද්‍රව්‍ය අර්ධ ඝන තත්ත්වයට පත් කිරීම සිදු කෙරේ.
* ඉන්පසු එම ද්‍රව්‍ය ගුද මාර්ගයට ඇතුළු කෙරේ.
* මල අර්ධ ඝණ ද්‍රව්‍යයක් වන හෙයින් එහි ඇති පිත්ත වර්ණක නිසා කහ පැහැයක් ගනී.
* මලවල ජීර්ණය නොවූ ද්‍රව්‍ය,ක්ෂූද්‍රජීවීන්, ආහාර මාර්ග බිත්තියෙන් ගැලවුණු අපිච්ඡද සෛල හා ශ්ලේෂ්මල අඩංගුවේ.
* ගුද මාර්ගය මල ද්‍රව්‍ය වලින් පිරුණු පසු ගුදය ඔස්සේ සිරුරෙන් බැහැර කෙරේ.
ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිත රෝග හා ආබාධ
i. ගැස්ට්‍රයිටිස්
*ආමාශයේ අභ්‍යන්තර ශ්ලේෂ්ම ආස්තරය ප්‍රදාහයට පත්වීම ගැස්ට්‍රයිටිස් ලෙස හැඳින්වේ.
රෝග ලක්ෂණ
* ඇඹුල් රස උගුරට ඒම
*ආමාශයේ දැවිල්ල හා වේදනාව
මෙම රෝගයට බලපාන හේතු
*නියමිත වේලාවට ආහාර නොගැනීම
*අම්ල මිරිස් හා තෙල් අධික ආහාර ගැනීම
*අධික ලෙස මද්‍යසාර හා දුම්වැටි භාවිතය
*මානසික ආතතිය
රෝගය වළක්වා ගත හැකි ක්‍රම
*නිවැරදි ආහාර පුරුදු
*යහපත් ජීවන රටාව
ii.මලබද්ධය
මළ ද්‍රව්‍ය ඝන තත්වයට පත්වීම නිසා බැහැර කිරීමට අපහසු වීම මල බද්ධය යි
මලබද්ධයට හේතු වන කරුණු,
* මහාන්ත්‍රය තුළ වැඩි කාලයක් මළ ද්‍රව්‍ය රැඳී තිබීම නිසා මහාන්ත්‍රය ට අධික ලෙස ජලය අවශෝෂණය වීම.
* පරිභෝජනය කරන ආහාරයේ තන්තු ප්‍රමාණය අඩු වීම
*අවශ්‍ය තරමට ජලය පානය නොකිරීම .
*මළපහ කිරීමේ අවශ්‍යතාව කල් තැබීම
*සමහර රෝග සඳහා ගන්නා ඖෂධ වර්ග
iii. උණසන්නිපාතය
*බැක්ටීරියාවක් මගින් බෝවන රෝගයකි
* ආහාරපාන මඟින් රෝග කාරකයා ශරීරගත වේ.
රෝගය බෝවන ක්‍රම
*දූෂිත වූ ජලයේ පිහිනීමේදී හෝ ස්නානය කිරීමේදී රෝග කාරක බැක්ටීරියාව මුඛයට ඇතුළු වීම
* අපවිත්‍ර ජලයෙන්
*රෝගියකුගේ මල මුත්‍ර ආදියෙන් අපවිත්‍ර වූ ස්ථානවල වසන මැස්සන් මගින්
*දූෂිත ආහාර පරිභෝජනයෙන්
ප්‍රධාන රෝග ලක්ෂණ
*අතපය වේදනාව
*හිසරදය හා ක්‍රමයෙන් වැඩිවන උණ
රෝගය වළක්වා ගත හැකි ක්‍රම
*උණසන්නිපාත ප්‍රතිශක්තිකරණ එන්නත ලබා ගැනීමෙන්
iv. පාචනය
* වෛරසයක් හෝ බැක්ටීරියාවක් හෝ පරපෝෂිතයෙක් හෝ මගින් අන්ත්‍ර ආසාදනය වීමෙන් පාචනය ඇති වේ.
* ආසාදිතයකු ගේ අසූචි මගින් රෝග ප්‍රධාන වශයෙන් ව්‍යාප්ත වේ.
* දූෂිත වූ ආහාර හෝ ජලය පරිභෝජනය කිරීමෙන් රෝගය පැතිරේ
රෝග ලක්ෂණ
*දියර තත්ත්වයෙන් මලපහ වීම
උණ සන්නිපාතය හා පාචනය වලක්වා ගැනීමට ගත හැකි ක්‍රියාමාර්ග
* නටවා නිවාගත් ජලය පානය කිරීම
*මැස්සන් බෝවන ස්ථාන ඉවත් කිරීම හා ඔවුන් ආහාර මත වැසීම වැළැක්වීමට ආහාරපාන වසා තැබීම.
* මාර්ග අසල විවෘතව අලෙවි කරන ආහාර පාන ගැනීමෙන් වැළකීම
*ජල මුද්‍රිත වැසිකිළි භාවිතය
*වැසිකිළි භාවිතයෙන් පසු තම දෙඅත් සබන් දා මනාව පිරිසුදු කර ගැනීම
මිනිසාගේ ශ්වසන ක්රියාවලිය
ශ්වසනය යනු ජීව ක්‍රියා සඳහා අවශ්‍ය ශක්තිය නිපදවා ගැනීමට සජීවී සෛල තුලදි ආහාර ඔක්සිකරණය කිරීමේ ක්‍රියාවලියයි.
මිනිසාගේ ස්වසන සිදුවන අවස්ථා
*පෙනහැලි හා බාහිර පරිසරය අතර වායු සංසරණය (බාහිර ශ්වසනය)
*ගර්ත තුළ සිදුවන වායු හුවමාරුව
*සෛලීය ස්වසනය
ස්වසන පද්ධතිය යනු
*පෙනහැලි තුළට ඔක්සිජන් සහිත වාතය ඇතුළු කර ගැනීමත්, සෛලීය ශ්වසනයේ දී ඇතිවන නිෂ්ප්‍රයෝජන වායුමය පල පෙනහැලි වලින් ඉවත් කිරීමත්, සිදු කරන ඉන්ද්‍රිය පද්ධතිය ශ්වසන පද්ධතියයි.
නාස්කුහරය තුලින් වාතය ගමන් කරන විට ආශ්වාස වාතයේ සිදුවන ප්‍රධාන වෙනස්කම්,
* ආශ්වාස වාතය තෙත්වීම.
*ආශ්වාස වාතයේ උෂ්ණත්වය ශරීර උෂ්ණත්වයට පැමිණීම
* ආශ්වාස වාතයෙන් අපද්‍රව්‍ය ආගන්තුක අංශු ඉවත් වීම
1.බාහිර ස්වසන
*ශ්වසන පද්ධතියේ ආරම්භක ක්‍රියාවලියයි
*ඒ අනුව ආශ්වාසයෙදී පෙනහැලි තුළට වාතය ඇතුළු වීම සිදුවන අතර ඒ සඳහා පෙනහැලි වල පරිමාව වැඩි විය යුතුය.
* ප්‍රශ්වාසය සිදුවීමට පෙනහැලි වල පරිමාව අඩු විය යුතු අතර ඒ සඳහා උරස් කුහරයේ පරිමාව අඩු කර ගත යුතුය.
2.ගර්තවල සිදුවන වායු හුවමාරුව
*නාස් කුහරයේ සිට ස්වාසනාලය, ස්වාස නාළිකා හා අනුශාසනාලිකා හරහා ගමන් කරන වාතය අවසානයේ අනු ශ්වාසනාලිකා කෙළවර පිහිටි ගර්ත වලට ඇතුළු වෙයි.
* මෙහිදී ගර්ත වල සිට රුධිර කේෂනාලිකා තුළට ඔක්සිජන් වායුව විසරණය වේ.
*එමෙන්ම රුධිර කේශ නාලිකා තුළ ඇති කාබන්ඩයොක්සයිඩ් වායුව හා ජල වාෂ්ප සාන්ද්‍රනය ගර්තික වාතයේ කාබන්ඩයොක්සයිඩ් වායුව හා ජල වාෂ්ප සාන්ද්‍රණයට වඩා වැඩි බැවින් රුධිර කේශනාලිකා වල සිට ගර්ත තුලට කාබන්ඩයොක්සයිඩ් වායුව හා ජල වාෂ්ප විසරණය වේ
*එම නිසා කාබන්ඩයොක්සයිඩ් වායුව හා ජල වාෂ්ප ආශ්වාස වාතය සමග බැහැර කෙරේ.
ස්වසන පෘෂ්ඨය
බාහිර පරිසරය හා රුධිරය අතර වායු හුවමාරුව සිදු වන ස්ථානය ස්වසන පෘෂ්ටය ලෙස හැඳින්වේ.
* ඒ අනුව මිනිසාගේ ස්වසන පෘෂ්ඨය වනුයේ ගර්ත බිත්තියයි.
*ගර්ත බිත්තිය හරහා වායු හුවමාරුව සිදුවන්නේ විසරණය මගිනි.
කාර්යක්ෂම වායු හුවමාරුවක් සඳහා ස්වසන පෘෂ්ඨය සතු ලක්ෂණ
*වායු හුවමාරු වීම සඳහා ස්වසන පෘෂ්ඨය තෙත් හා පාරගම්‍ය විය යුතුය.
* කාර්යක්ශම වායු විසරනයක් සඳහා තුනී පෘෂ්ඨයක් විය යුතුය.
* සතුන්ගේ අවශ්‍යතා අනුව විශාල වායු පරිමාවක් හුවමාරු වීමට තරම් එම පෘෂ්ඨය සතුව විශාල වර්ගඵලයක් තිබිය යුතුය.
* මනා රුධිර සැපයුමක් තිබිය යුතුය
කාර්යක්ෂමව හුවමාරුව සඳහා මිනිසාගේ ස්වසන පෘෂ්ඨය වන ගර්ත බිත්තිය තුළ ඇති අනුවර්තන
*ගර්ත බිත්ති තුනීවීම
*ගර්ත බිත්ති තෙත්ව පැවතීම
*රුධිර කේෂනාලිකා ජාලයක් තිබීම
*වාත කෝෂ රාශියක් පිහිටීම
3.සෛලීය ස්වසනය
*ගර්ත හරහා රුධිරයට විසරණය වූ ඔක්සිජන් දේහ සෛල තුලදි සරල කාබනික සංයෝග සමග ප්‍රතික්‍රියා කිරීම සිදුවන අතර මෙම රසායනික ප්‍රතික්‍රියාවේ දී ශක්තිය නිදහස් වේ.එය සෛලීය ස්වසනය ලෙස හැඳින්වේ.
ශ්වසනයේදී සිදුවන රසායනික ප්‍රතික්‍රියාව සඳහා සමීකරණය
වචන සමීකරණය
ග්ලූකෝස් + ඔක්සිජන් = කාබන්ඩයොක්සයිඩ් + ජලය + ශක්තිය
තුලිත රසායනික සමීකරණය
ස්වායු ශ්වසනය හා නිර්වායු ශ්වසනය
*ශ්වසනය සඳහා ඔක්සිජන් අවශ්‍ය වීම හා අවශ්‍ය නොවීම මත මෙම ආකාර දෙක හඳුනාගත හැකිය
*ඒ අනුව ඔක්සිජන් වායුව ඇති විට සිදුවන ශ්වසනය ස්වායු ස්වසනය ලෙස හැඳින්වෙයි
*ජීවීන් විසින් ඔක්සිජන් වායුව රහිතව සිදුකරන ශ්වසනය නිර්වායු ස්වසනය නම් වේ.
* ශාක සෛල හා ඊස්ට් සෛල තුළ සිදුවන නිර්වායු ශ්වසනය මධ්‍යසාර පැසීම ලෙස හැඳින්වේ.
ග්ලූකෝස් = කාබෝහයිඩ්‍රේට් + එතිල් මද්‍යසාරය + ශක්තිය
*නමුත් මිනිසා ඇතුළු සතුන්ගේ සෛල තුළ සිදුවන නිර්වායු ශ්වසනයේදී ශක්තිය හා ලැක්ටික් අම්ලය නිපදවීම සිදුවන අතර එය ලැක්ටික් අම්ල පැසීම ලෙස හැඳින්වේ.
ග්ලූකෝස් = ලැක්ටික් අම්ලය + ශක්තිය
ජීවීන්ට වැඩි ශක්ති ලාභයක් ස්වායු ස්වසනයේදී ලැබීමට හේතුව
*නිර්වායු ස්වසනයේදී ග්ලූකෝස් අණු අර්ධ වශයෙන් බිඳීම හා ස්වායූ ස්වසනයේදී ග්ලූකෝස් අණු පූර්ණ වශයෙන් බිඳ හෙළීමයි.
ස්වායූ ස්වසනයේදී හා නිර්වායු ස්වසනයෙදී නිපදවෙන ශක්තිය ට කුමක් සිදු වේද?
* ශක්තියෙන් කොටසක් තාපය ලෙස මුදාහැරේ
*ඉතිරි කොටස රසායනික ශක්තිය වශයෙන් අඩිනොසීන් ට්‍රයි පොස්පේට් ( ATP )නැමැති අධිශක්ති සංයෝගයේ තැන්පත්වේ.
ATP වල කෘත්‍ය,
* ශක්තිය ගබඩා කිරීම
*ශක්තිය නිදහස් කිරීම
*ශක්ති වාහකයක් ලෙස ක්‍රියා කිරීම
ශ්වසන පද්ධතිය ආශ්‍රිත රෝග
1.සෙම්ප්‍රතිශ්‍යාව
වෛරසයක් නිසා ඇතිවේ
*වෛරස් ආසාදනයක් නිසා මෙම රෝගයට ඖෂධීය ප්‍රතිකාර නොමැත
රෝග ලක්ෂණ
හිසරදය, කිවිසුම් යාම, සොටු දියර ගැලීම, කැස්ස
ප්රතිකාර
*වෛරස වලට හිතකර දූවිලි පින්න වැනි පාරිසරික තත්ත්වයන් වලින් ආරක්ෂා වීම.
2. නිව්මෝනියාව
*පෙණහැලි වලට බැක්ටීරියා වෛරස් වැනි විෂබීජ ඇතුළුවීමෙන් සෑදේ.
* කල්ගත වූ සෙම්ප්‍රතිශ්‍යාව හා කැස්ස මීට හේතුවේ
3.ඇදුම
*ආසාත්මිකතාවයකි,
* වාතයේ පවතින දූවිලි, පරාග, ලී කුඩු ,සත්ව ලොම් , දුම් වැනි කුඩා අංශු වලට ස්වසන පද්ධතිය දක්වන අසාත්මිකතාව නිසා, ස්වාස නාළිකා ඇතුළතින් ඉදිමීම, හරස්කඩ කුඩා වීම නිසා ආශ්වාස කිරීමේ අපහසුව ඇතිවේ.
* ආශ්වාස යෙදී සිහින් හඬක් නිකුත් වේ.
4. බ්‍රොන්කයිටිස් හෙවත් ශ්වාසනාලිකා ප්‍රදාහය
*වෛරස් හෝ බැක්ටීරියා ආසාදනයකින් ශ්වාසනාලිකා ඉදිමීම නිසා මෙම රෝගී තත්ත්වය ඇති වේ.
* අදික කැස්ස සහ හුස්ම ගැනීමේ අපහසුතාව ඇතිවීම මෙහි රෝග ලක්ෂණයි.
5.ක්ෂය රෝගය
*බැක්ටීරියාවක් නිසා ඇතිවන බෝවන රෝගයකි
* බැක්ටීරියාව පෙනහැලි තුළට ඇතුළු වී ගුණනය වන විට බැක්ටීරියා ගහනය වැඩි වී ක්‍රමයෙන් පෙනහැලි පටක ක්ෂය වන්නට පටන් ගනී.
ක්ෂය රෝගයේ රෝග ලක්ෂණ
* අධික වෙහෙස
*කෑම අරුචිය
*ශරීරයේ ක්ෂයවීම
*කැස්ස සමග රුධිරය පිටවීම
*උණ
රෝගය වළක්වා ගත හැකි ක්‍රම
*ප්‍රතිශක්තීකරන එන්නත් ලබා ගැනීම
*වැළඳුණු විට නිසි ප්‍රතිකාර නිසි අයුරින් භාවිත කිරීම
6.සිලිකෝසිස්
*ග්‍රැනයිට්, ගල් අඟුරු, පතල් වැලි , වීදුරු වැනි කර්මාන්තවල යෙදෙන නිරන්තරයෙන් සිලිකා සංයෝග අඩංගු දූවිලි වලට නිරාවරණය වීමෙන් සෑදේ.
7. ඇස්බැස්ටෝසිස්
* ඇස්බැස්ටෝස් අංශු සහ කෙඳිති සහිත දූවිලි ආශ්වාස කිරීමෙන් මෙම රෝගය වැළදේ.
දුම්පානය නිසා ඇති විය හැකි රෝගාබාධ
*පෙනහැලි පිළිකා
බ්‍රොන්කයිටීස්
මිනිසාගේ බහිස්‍රාවී ක්‍රියාවලිය
බහිස්‍රාවය යනු පරිවෘත්තීය ක්‍රියා වලදී නිපදවන නිෂ්ප්‍රයෝජන ද්‍රව්‍ය සිරුරෙන් බැහැර කිරීමයි
මල බහිස්ස්‍රාවී ද්‍රව්‍යයක් නොවන්නේ ඇයි?
මල යනු ජීර්ණ ක්‍රියාවලියේ දී ජීර්ණය නොවී ඉතිරිවන කොටස් නිසාය
මුත්‍රවාහිනී පද්ධතිය
*මූත්‍ර නිපදවීමට හා මුත්‍ර සිරුරෙන් බැහැර කිරීමට සම්බන්ධ වන ඉන්ද්‍රිය පද්ධතියයි.
මිනිස් මූත්‍ර වාහිනී පද්ධතියේ ප්‍රධාන කොටස්
*වෘක යුගල
*මූත්‍රවාහිනී යුගල
*මුත්‍රාශය
*මුත්‍ර මාර්ගය
මිනිසාගේ මූත්‍ර වාහිනී පද්ධතිය
වෘක
* මිනිසාගේ නයිට්‍රජනීය බහිස්‍රාවී සිදුවන ප්‍රධාන ඉන්ද්‍රියවෘකයයි.
*වෘක යුගලය හා සම්බන්ධ විවිධ අවයව සමූහයෙන් මූත්‍ර වාහිනී පද්ධතිය සංවිධානය වී ඇත.
වෘක්කයක දික්කඩක්
වෘක්කානු
*වෘකයේ ව්‍යුහමය හා කෘත්‍යමය ඒකකය වනුයේ වෘකානුවයි
*අන්වීක්ෂීය වන අතර එක් වෘක්කයක් තුළ සාමාන්‍ය වෘක්කානු මිලියනයක් පමණ ඇත.
වෘක්කනුවක කොටස්
මුත්‍ර නිපදවීමේ ක්‍රියාවලිය
වෘක්කනු තුළ මුත්‍රා සෑදීමේ අවස්ථා
1.ඇතිපරිශ්‍රාවණය
2.වරණීය ප්‍රතිශෝෂණය
3.ශ්‍රාවය
1.අතිපරිශ්‍රාවණය
*ගුච්චික කේශනාලිකා බිත්ති හා බ්‍රෝමන් ප්‍රාවරයේ ඇතුළත බිත්ති තුළින් රුධිර ප්ලාස්මාව පෙරී ප්‍රාවරයේ කුහරයට එකතුවීමේ ක්‍රියාවලිය අතිපරිශ්‍රාවණය ලෙස හැඳින්වේ.
*මෙසේ පෙරෙන තරලය ගුච්චිකා පෙරණය නම් වේ.
* මෙම පෙරනයට ප්ලාස්ම ප්‍රෝටීන් වැනි විශාල අණු සහ රුධිර සෛල එක් නොවේ.
* මේ අනුව ගුච්චිකා පෙරණය රුධිරය ප්ලාස්මය ට බොහෝ දුරට සමාන වේ.
ගුච්චිකා පෙරනයේ ඇති ප්‍රධාන සංඝටක
*ජලය
*ඖෂධ
*glucose
*විවිධ අයන
*ඇමයිනෝ අම්ල
*හෝමෝන
*විටමින්
*යූරියා
2.වරණීය ප්‍රතිශෝෂණය
*ගුච්චිකා පෙරණය වෘක්ක නාලිකාව දිගේ ඉදිරියට යන විට එහි අඩංගු ද්‍රව්‍ය වලින් වැඩි කොටසක් වෘක්ක නාලිකාව වටා පිහිටි රුධිර කේශ නාලිකා වලට නැවත අවශෝෂණය වීම වරණීය ප්‍රතිශෝෂණයයි.
ප්‍රතිශෝෂණය වන ද්‍රව්‍ය
*ගුච්චිකා පෙරනයේ අඩංගු ජලය 90% පමණ
*ඇමයිනෝ අම්ල
*glucose
*විටමින්
*ලවණ
*යූරියා යූරික් අම්ලය සුලු වශයෙන්
*ඖෂධ
3.ශ්‍රාවය
*වෘක්කානුවේ පිටතින් පිහිටි රුධිර කේශනාලිකා වල අඩංගු සමහර ද්‍රව්‍ය වෘක්කානුවේ නාලිකා තුළට ඇතුළුවීම ශ්‍රාවය ලෙස හැඳින්වේ. නිදසුන් හයිඩ්රජන් අයන, පොටෑසියම් අයන,ඇමයිනෝ අයන, ක්‍රියටිනින්, ඖෂධ ,විටමින් බී
නිරෝගී පුද්ගලයෙකුගේ මුත්‍රවල සංයුතිය
ජලය = 96%
ලවන = 2%
යූරියා = 2%
යූරික් අම්ලය අංශුමාත්‍රයක්
ක්‍රියටිනින් අංශුමාත්‍රයක්
මූත්‍රවාහිනී පද්ධතිය ආශ්‍රිත රෝගාබාධ
1.වෘක අකර්මන්‍ය වීම.
* වෘක්ක තුල ඇති වෘක්කානුවල මුත්‍ර පෙරීමේ ක්‍රියාවලිය දුර්වල වීම නිසා වෘක්ක අකර්මන්‍යතාවයට පත්වේ.
රෝගය සඳහා බලපාන හේතු
*ශුද්‍ර ජීවි ආසාදන
*බැර ලෝහ රසදිය ආසනික් වැනි
*විවිධ ඖෂධ c
*කාබන් ටෙට්‍රා ක්ලෝරයිඩ් වැනි සංයෝග
මූලික රෝග ලක්ෂණ
*ජලය හා ලවන දේහ පටක වල රැඳීම නිසා ඇතිවන පටක ඉදිමීම හා රුධිර පීඩනය ඉහළ යාම .
2.නෙප්‍රයිටීස්/වෘක්ක ප්‍රදාහය
*ආසාදන විෂ වර්ග නිසා මෙය ඇති විය හැකිය.
* මුත්‍රවාහිනී ආසාදන හා ශරීරය තුළ ඇතිවන වෙනස්කම් ද මෙයට හේතු වන බව වෛද්‍ය මතයයි
3.වෘක්ක වල හා මුත්‍රාශයේ ගල් සෑදීම
*වෘක්ක වල හෝ මුත්‍රාශයේ කැල්සියම් ඔක්සලේට් වැනි ලවණ ස්ඵටිකීකරණය වීමෙන් මෙම ගල් සෑදේ.
*මුත්‍රවාහිනි ගල් හිරවීමෙන් දැඩි වේදනාවක් ඇතිවෙයි.
රෝගය සඳහා බලපාන හේතු
*පුද්ගලයකු ගන්නා ආහාර
*මූත්‍ර පහ කිරීමේ අවශ්‍යතාව කල් දැමීම
වළක්වා ගත හැකි ක්‍රම
*දිනපතා ප්‍රමාණවත් පරිදි ජලය පානය කිරීම.
මිනිසාගේ රුධිර සංසරණ ක්‍රියාවලිය
රුධිර සංසරණ පද්ධතියේ කාර්යය
* සිරුර තුළ ද්‍රව්‍ය පරිවහනය කිරීම
*ක්ෂූද්‍ර ජීවීන්ගෙන් දේහය ආරක්ෂා කර ගැනීම
*සමස්තිථිය
රුධිර ස්තර
*රුධිර ප්ලාස්මය ලා කහ පැහැති තරලය 55%
*රුධිර දේහාණු තද රතු පැහැති තරලය 45%
රුධිර දේහානු වර්ග