PopAds.net - The Best Popunder Adnetwork

No title

 ඉලෙක්ට්‍රොනික විද්‍යාව


×






ඉලෙක්ට්‍රොනික විද්‍යාව


ඉලෙක්ට්‍රොනික විද්‍යාව



 *විදුලිය සන්නයනය කරන ද්‍රව්‍ය විද්‍යුත් සන්නායක ලෙස හැඳින්වේ.

 උදාහරණ- ලෝහ 

*විදුලිය සන්නයනය නොකරන ද්‍රව්‍ය විද්‍යුත් පරිවාරක වේ.

 උදාහරණ- අලෝහ එබනයිට් , ඇස්බැස්ටර්ස් 

*විදුලිය සන්නයනයට හේතු වන්නේ එම ද්‍රව්‍යයේ පරමාණුවල ඇති මුක්ත ඉලෙක්ට්‍රෝනයි.

*පරිවාරක ද්‍රව්‍ය වල පරමාණු අතර ඇති බන්ධන (සහසංයුජ) ප්‍රබල වීම හේතුවෙන් නිදහසේ හැසිරිය හැකි ඉලෙක්ට්‍රෝන අල්පය.

* සමහර මූල ද්‍රව්‍ය විදුලිය සුළු ප්‍රමාණයක් සන්නයනය කරයි. වැනි ද්‍රව්‍ය අර්ධ සන්නායක ලෙස හැඳින්වේ. උදාහරණ සිලිකන්, ජර්මේනියම්, මෙම අර්ධ සන්නායක පිහිටන්නේ 4 වැනි කාණ්ඩයේය.


*මෙම අර්ධ සන්නායක වල ඇති බන්ධන අනෙකුත් පරිවාරක ද්‍රව්‍යවල එවැනි බන්ධන වලට සහ පේක්ෂකව දුර්වල ය. එම නිසා කාමර උෂ්ණත්වයේ දී පවා ලැබෙන තාපයෙන් බන්ධන බිඳී යයි.

* ඒ නිසා සමහර බන්ධන බිදී ඉලෙක්ට්‍රෝන නිදහස් වෙයි.


*සමහර බන්ධන කැඩි ඉලෙක්ට්‍රොන නිදහස්ව තිබෙන ස්ථාන කුහර ලෙස හැඳින්වේ.

* අර්ධ සන්නායකවල විද්‍යුතය සන්නයනය ට දායක වන්නේ ඉලෙක්ට්‍රෝන සහ කුහරයන්ය.

* නිදහසේ ඇති ඉලෙක්ට්‍රෝන සෘණ ආරෝපිත ධාරා වහක ලෙසද, කුහර ධන ආරෝපිත ධාරා වහක ලෙසද, ක්‍රියාකරයි.

* මේ අනුව අර්ධ සන්නායකයක් හරහා විද්‍යුත් විභව අන්තරයක් ඇතිකල විට (+) විභවයේ සිට (-) විභවය දෙසට කුහරත්, (-) විභවයේ සිට (+) විභවය දෙසට ඉලෙක්ට්‍රෝනත් ගමන් කරයි.

* සම්මත ධාරාව (+) විභවයේ සිට (-) විභවයට ගලා යයි.


i.ලොහ සන්නායක වල විද්‍යුත් සන්නයනය සිදුකරන ආරෝපණ වාහකය වන්නේ නිදහස් ඉලෙක්ට්‍රෝනය.

ii. අර්ධ සන්නායකවල විද්‍යුත් සන්නයනය සිදුකරන ආරෝපණ වාහක වන්නේ සෘණ ආරෝපිත ඉලෙක්ට්‍රෝන හා ධන ආරෝපිත කුහර වේ.

iii. සංශුද්ධ අර්ධ සන්නායක වල පවතින ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව කුහර සංඛ්‍යාවට සමාන වේ.මේ නිසා අර්ධ සන්නායක දැලිස විද්‍යුත් වශයෙන් උදාසීන වේ.


නිසග අර්ධ සන්නායක 

*ස්ඵටික ලෙස පවතින සංශුද්ධ අර්ධසන්නායක නිසග අර්ධ සන්නායක ලෙස හැඳින්වේ.

 උදාහරණ- සිලිකන් ජර්මේනියම් 

*සන්නායකයක උෂ්ණත්වය වැඩි කිරීමේ දී නිදහස් ඉලෙක්ට්‍රොන අහඹු චලිතය වැඩිවේ. ඒ නිසා කිසියම් උෂ්ණත්වයක ධාරාව ගැනීමට බාධා ඇති කරයි.

*එමනිසා සන්නායක වල උෂ්ණත්වය වැඩි කරන විට සන්නායකතාව අඩුවෙයි.


* නමුත් අර්ධ සන්නායකවල උෂ්ණත්වය වැඩි කිරීමේ දී වැඩිපුර බන්ධන බිඳී වැඩිපුර නිදහස් ඉලෙක්ට්‍රෝන හා කුහර සෑදේ.

*එනිසා අර්ධ සන්නායකවල උෂ්ණත්වය වැඩි කිරීමේදී විද්‍යුත් සන්නායකතාව වැඩි වේ.


බාහ්‍ය අර්ධ සන්නායක 

*නිසග අර්ධ සන්නායකයකට වෙනත් මූල ද්‍රව්‍යයක් මාත්‍රණය කිරීමෙන් වහක සංඛ්‍යාව වැඩි වූ අර්ධ සන්නායක බාහ්‍ය අර්ධ සන්නායක ලෙස හැඳින්වේ.

* මෙම මාත්‍රණය කරන මූල ද්‍රව්‍යයන් ලෙස v කාණ්ඩයට අයත් පොස්පරස්, ආසනික්, ඇන්ටිමනි යොදා ගනී.


සිලිකන් නිසග අර්ධ සන්නායකයකට P( පොස්පරස්) මාත්‍රණය කිරීම

* මෙහිදී පොස්පරස් පරමාණුවක් සිලිකන් පරමාණු සමග බන්ධන සාදයි. ඉතිරි වූ ඉලෙක්ට්‍රෝනය මඟින් දැලිසේ සන්නායකතාව වැඩි කරයි.

 මෙලෙස මාත්‍රණය කළ පොස්පරස් (-) වර්ගයේ හෙවත්  n වර්ගයේ අර්ධ සන්නායකයකි.


* මුක්ත ඉලෙක්ට්‍රෝන සෘණ ආරෝපණ නිසා මෙම බාහිය අර්ධ සන්නායක සෘණ( negative) වර්ගයේ හෙවත් n වර්ගයේ අර්ධ සන්නායක ලෙස හැඳින්වේ.


සිලිකන් නිසග අර්ධ සන්නායකයකට බෝරෝන්( B) වැනි III කාණ්ඩයේ මූල ද්‍රව්‍යයක් මාත්‍රණය කිරීම

*සිලිකන් අර්ධ සන්නායකයක් බෝරෝන් වැනි තුන කාණ්ඩයේ මූලද්‍රව්‍යයකින් මාත්‍රණය කළ හොත් B පරමාණුව අසල ඇති Si පරමාණු සමඟ බන්ධන සාදා ගනී.

* මෙහිදී බන්ධන හතරක් සාදාගැනීමට බෝරෝන් පරමාණුවේ බාහිර කවචයේ ඇත්තේ ඉලෙක්ට්‍රෝන තුනක් පමණි.

*එනිසා එක් බන්ධනයක් සෑදීමට ඉලෙක්ට්‍රෝනයක් අඩුවෙයි. මෙම ස්ථානයේ කුහරයක් පිහිටයි.

*කුහර ධන ආරෝපණ ලෙස විදුලිය සන්නයනය කළ හැකි නිසා සන්නායකතාව වැඩි වේ.

* කුහර ධන ආරෝපණ නිසා මෙම බාහිර අර්ධ සන්නායක (+) වර්ගයේ ( Positive) හෙවත් p වර්ගයේ අර්ධ සන්නායකයක් ලෙස හැඳින්වේ.

 *p වර්ගයේ අර්ධ සන්නායක තුළ කුහර සාන්ද්‍රනය එතුළ ඇති ඉලෙක්ට්‍රෝන සාන්ද්‍රණයට වඩා බොහෝ සෙයින් වැඩිය. එමනිසා කුහර බහුතර වාහක ලෙසද, මුක්ත ඉලෙක්ට්‍රෝන අල්පතර වාහක ලෙසද හැඳින්වේ.

* B වෙනුවට Al,Ga,වැනි තුන කාණ්ඩයේ මූල ද්‍රව්‍ය භාවිතා කළ හැක.

*B වැනි 3 කාණ්ඩයේ මූල ද්‍රව්‍ය මගින් ඉලෙක්ට්‍රෝන ලබා ගත හැකි කුහර නිර්මාණය කරන නිසා ඒවා ප්‍රතිග්‍රාහක පරමාණු ලෙස හැඳින්වේ.


p-n සන්ධිය 


*සිලිකන් හා ජර්මේනියම් වැනි නිසග අර්ධ සන්නායක එක් පැත්තක්, III කාණ්ඩයේ මූල ද්‍රව්‍යකින් මාත්‍රණය කර  p වර්ගයේ අර්ධ සන්නායකයකුත්,

 අනෙක් පැත්ත V කාණ්ඩයේ මූල ද්‍රව්‍යකින් මාත්‍රණය කොට n වර්ගයේ අර්ධ සන්නායකයකුත් සෑදුණු විට එහි මැද p-n සන්ධියක් සෑදෙයි.

* මෙම p-n සන්ධිය සාමාන්‍ය සන්නායකයක් ලෙස නොහැසිරෙයි. එනම් විද්‍යුත් වශයෙන් වෙනස් ලෙස හැසිරෙයි.


* p-n සන්ධිය සෑදුනු වහාම n ප්‍රදේශයේ ඇති නිදහස් ඉලෙක්ට්‍රෝන සන්ධිය හරහා p ප්‍රදේශයට විසරණය වේ.

* p ප්‍රදේශයේ ඇති කුහර n ප්‍රදේශය දෙසට විසරණය වේ. එම නිසා කුහරවලට ඉලෙක්ට්‍රෝන සංයෝජනය වී වාහකමුක්ත කලාපයක් සන්ධිය අසල නිර්මාණය වේ.


* මෙම ස්ථරය හීන ස්ථරය/ හායිත පෙදෙස ලෙස හැඳින්වේ.

* හායිත පෙදෙසේ p ප්‍රදේශයට අයත් කොටසට අමතර ඉලෙක්ට්‍රොන ඇතුළු වී ඇති හෙයින් එම ප්‍රදේශය (-) ලෙස ආරෝපනය වේ .

*හායිත පෙදෙස n ප්‍රදේශයට අයත් කොටසට අමතර (+) ආරෝපණ ඇතුළුවී ඇති හෙයින් එම ප්‍රදේශය (+) ලෙසත් පිහිටන පරිදි සන්ධිය හරහා විභව අන්තරයක් ඇතිවේ.

*මෙම විභව අන්තරය මගින් වහක විකර්ෂණය වීම හේතුවෙන් සන්ධි හරහා වහක විසරණය වීම නවතී. එනිසා මේ අවස්ථාවේ ඇතිව තිබෙන විභව අන්තරය විභව බාධකයක් ලෙස හැඳින්වේ.

* මෙම විභව බාධකය කල්පිත බැටරියකට සමාන කර ඇත.

*සාමාන්‍යයෙන් Si වලින් සාදන p-n සන්ධියක විභව බාධකය 0.7V වේ. Ge වලින් සාදන සන්ධියක එය 0.3V වේ.


p-n සන්ධිය නැඹුරු කිරීම

*p-n සන්ධියක් හරහා බාහිර විද්‍යුත් ප්‍රභවයක් මඟින් විභව අන්තරයක් ඇති කිරීම නැඹුරු කිරීම ලෙස හැඳින්වේ.

*සන්ධිය හරහා ඇති කරන විභව අන්තරයේ දිශාව අනුව සන්ධිය ආකාර දෙකකට හැසිරේ.

1. පසු නැඹුරු අවස්ථාව 

2.පෙර නැඹුරු අවස්ථාව


1.පසු නැඹුරු අවස්ථාව 

*p-n සන්ධිය හරහා p අර්ධ සන්නායකයකට (-) විභවය හා n අර්ධ සන්නායකයට (+) විභවය සිටින සේ බාහිර බැටරියක් සම්බන්ධ කළ විට,




*මෙහිදී n ප්‍රදේශයේ ඇති නිදහස් ඉලෙක්ට්‍රෝන (+) විභවය දෙසටත්, p ප්‍රදේශයේ ඇති කුහර (-) විභවය දෙසටත් ආකර්ෂණය වී හායිත පෙදෙස තවත් පුළුල් වේ.

* මෙහි දී p-n සන්ධිය හරහා වහක ගැලීම හෙවත් ධාරාව ගැලීම සිදු නොවේ.

* බාහිර විද්‍යුත් විභවයේ විශාලත්වයට අනුරූපව හායිත පෙදෙස පුළුල් වීම පමණක් මෙහිදී සිදු වේ.

*p-n  සන්ධිය හරහා ධාරාවක් නොගලන නිසා මෙලෙස බාහිර විභවය සම්බන්ධ කිරීම පසු නැඹුරුව ලෙස හැඳින්වේ.


2.පෙර නැඹුරු (ඉදිරි) අවස්ථාව 

p-n සන්ධියේ p ප්‍රදේශයට (+) විභවයත්, n ප්‍රදේශයට (-) විභවයත් සම්බන්ධය වන සේ බාහිර විභව අන්තරය සම්බන්ධ කළ විට,




* මෙහිදී p ප්‍රදේශයේ ඇති කුහර (+) විභවයෙන් විකර්ෂණය වී සන්ධිය දෙසට තල්ලු වන අතර, n ප්‍රදේශයේ ඇති ඉලෙක්ට්‍රෝන (-) විභවය මගින් සන්ධිය දෙසට විකර්ෂණය කෙරේ.මේ නිසා හායිත පෙදෙස කුඩාවේ.

* බාහිර විභවය, විභව බාධකයේ විශාලත්වයට වඩා අඩු නම් ඉතා කුඩා නොගිනිය හැකි තරම් ධාරාවක් ගලා යයි.

*බාහිරින් විභව බාධකයට වඩා වැඩි විභවයක් යොදා ඇති විට හායිත පෙදෙස බොහෝ කුඩා වී p-n සන්ධිය හරහා සැලකිය යුතු ධාරාවක් ගලයි.

* මේ ලෙස බාහිර විභවය සම්බන්ධ කිරීම පෙර නැඹුරු කිරීම ලෙස හැඳින්වේ


p-n සන්ධි ඩයෝඩය


* p-n සන්ධියකින් පමණක් සෑදූ උපාංගය සන්ධි ඩයෝඩයක් ලෙස හැඳින්වේ.

* මෙහි (+) අග්‍රය ඇනෝඩය ලෙසත්,(-) අග්‍රය කැතෝඩය ලෙසත් හැඳින්වේ.

* ඇනෝඩය (+)වන ලෙස බාහිර විභව අන්තරයක් සම්බන්ධ කළ විට දී පමණක් ඩයෝඩය හරහා විදුලිය සන්නයනය කරමින් ධාරාවක් ගලයි.




*සන්ධි ඩයෝඩයක් සාමාන්‍ය කළු පැහැති සිලින්ඩරාකාර හැඩයකින් යුක්ත වේ.

* මෙහි කෙළවර ඇති සුදු හෝ රිදී පැහැති වළල්ල කැතෝඩ අග්‍ර වේ.


 ප්‍රත්‍යාවර්තක ධාරා සෘජුකරණය 

*බොහෝවිට විද්‍යුතය ජනනය කරන්නේ ප්‍රත්‍යාවර්ථ ධාරාවක් ලෙස ය

* නමුත් ඉලෙක්ට්‍රොනික උපකරණ ක්‍රියාකරවීම සඳහා අවශ්‍ය වන්නේ සරල ධාරාවන්ය.

* එක් දිශාවකට පමණක් ධාරාව ගැලීමට ඉඩ දෙන සන්ධි ඩයෝඩ ප්‍රත්‍යාවර්ථක ධාරාවක්, සරල ධාරාවක් බවට පත් කිරීමට භාවිතා කළ හැක.

* ප්‍රත්‍යාවර්ථ ධාරාවක් හෝ විභව අන්තරයක් එක් දිශාවකට පමණක් ගලන ධාරාවක් හෝ විභව අන්තරයක් බවට හැරවීමේ ක්‍රියාවලිය සෘජුකරණය ලෙස හැඳින්වේ.


සෘජුකරණය ආකාර දෙකකට සිදු කරයි

1. අර්ධ තරංග සෘජුකරණය 

2.පූර්ණ තරංග ඍජුකරණය 



1.අර්ධ තරංග සෘජුකරණය

*සෑම විටම ප්‍රත්‍යාවර්තක විභව අන්තරයේ අර්ධයක් පමණක් ප්‍රතිදානය ලෙස ලැබෙන නිසා මෙය අර්ධ තරංග ඍජුකරණය ලෙස හැඳින්වේ.


2.පූර්ණ තරංග ඍජුකරණය 

*ප්‍රත්‍යාවර්ථ ධාරාව අර්ධ දෙකම එකම දිශාවට ගලන ධාරාවක් බවට පත් කර ගැනීමේ ක්‍රියාව පූර්ණ තරංග ඍජුකරණය ලෙස හැඳින්වේ.

* මෙහිදී ඩයෝඩ් හතරක් තනි ඩයෝඩයක් වෙනුවට සේතුවක ආකාරයට සකස් කොට ප්‍රත්‍යාවර්තක ධාරාව ඒ තුළින්

ගැලීමට සැලැස්වූ විට ප්‍රත්‍යාවර්තක ධාරාව අර්ධ දෙකම එකම දිශාවට ගැනීමට සකසා දිය හැක.




* මෙහිදී ප්‍රත්‍යාවර්තක ධාරාව අර්ධ දෙකම LED හරහා එකම දිශාවට ගලන ධාරාවක් බවට පත් කර ඇත.


 සුමටනය 

*තරංග සෘජුකරණයෙන් ලැබෙන්නේ එක් දිශාවකට පමණක් ගලන ධාරාවකි.

* නමුත් මෙහි අගය ශූන්‍යයත්, උපරිමයත් අතර විචලනය වන එකකි.

* නමුත් බොහෝ ඉලෙක්ට්‍රොනික උපකරණ ක්‍රියාකරවීම සඳහා සුදුසු වන්නේ බැටරියක මෙන් නියත වෝල්ටීයතාවක් හෝ සරල ධාරාවකි.

* සෘජුකාරක පරිපථයකින් ලැබෙන විභව අන්තරයේ හෝ ධාරාවේ විචලනය ප්‍රතිදානය අග්‍ර වලට සමාන්තරව විශාල ධාරිතාවක් ඇති ධාරිත්‍රකයක් සවිකිරීමෙන් අඩු කළ හැකිය. මෙම ක්‍රියාවලිය සුමටනය ලෙස හැඳින්වේ.







i.ඩයෝඩයේ සැපයෙන වෝල්ටීයතාවය ක්‍රමයෙන් ශූන්‍යයේ සිට වැඩිවන විට ධාරිත්‍රකය ආරෝපණය වේ.

ii.වෝල්ටීයතාව උපරිමයට ළඟා වීමෙන් පසු නැවත අඩුවන විට ධාරිත්‍රකයේ ගබඩා වූ ආරෝපණ මුදාහැree.

iii. එමනිසා ඩයෝඩයේ සැපයෙන වෝල්ටීයතාව ශුන්‍ය වුවද ධාරිත්‍රකය හරහා විභව අන්තරය යම් ප්‍රමාණයකට අඩුවන නමුත් ශුන්‍ය නොවේ.

* පූර්ණ තරංග ඍජුකරණය ද මේ ආකාරයට සුමටනය කරගත හැක.







*පූර්ණ තරංග ඍජුකරණය කාලය සමග විචලනය වන ආකාරය







* වඩාත් සුමට ධාරාවක් ලබාගැනීමට සුමටනය සඳහා විශාල ධාරිතාවක් ඇති ධාරිත්‍රක භාවිතා කරනු ලබයි.

*සරල ධාරා උපකරණයකට ධන හා ඍණ අග්‍ර මාරුකොට විදුලිය සැපයීමෙන් වන හානිය වැළැක්වීමට ඩයෝඩ භාවිතාවේ.








 ආලෝක විමෝචක ඩයෝඩ(LED)

*Ga,As වැනි සංයෝගයකින් සාදන ලද p-n සන්ධියක් පෙර නැඹුරු කළ විට p-n සන්ධිය අසලදී ආලෝකය විමෝචනය වේ.

* ආලෝකය විමෝචනය කළ හැකි මෙම ඩයෝඩ ආලෝක විමෝචක ඩයෝඩ ලෙස හැඳින්වේ.

* LED යේ දිග අග්‍රය ඇනෝඩය (+) ලෙසද, කෙටි අග්‍රය කැතෝඩය (-) ලෙස ද හැඳින්වේ.

* LED යේ පාදය අප දෙසට අල්ලා බැලූවිට එහි කැපුමට ආසන්න අග්‍රය කැතෝඩය (-) වේ.


*වර්තමානයේ දී විශාල ප්‍රමාණයේ රූපවාහිනී තිර නිපදවීම සඳහා ද භාවිතා වේ.

* සුදු පාට LED නිපදවීමෙන් නිවෙස්, පාරවල් ආලෝක කිරීමට, විදුලිපන්දම් නිපදවීම ආදියට භාවිතාවේ.

* ශක්තිය වැය වීම අඩු වන අතර ආයු කාලය වැඩි වීම මෙහි ඇති ප්‍රධාන වාසියක් වේ.


 සූර්ය කෝෂ 

*සූර්ය කෝෂ සාදා ඇත්තේ ද p-n සන්ධි වලිනි.

* එම නිසා සූර්ය කෝෂ ද ඩයෝඩ ගණයට අයත් වේ.

* මෙම සන්ධි මතට ආලෝකය පතනය විය හැකි ලෙස ඒවා පිටතට විවෘතව සාදා ඇත.

* මෙම සිලිකන් p-n සන්ධිය මතට සූර්ය කිරණ පතනය වූ විට සන්ධිය හරහා කුඩා විද්‍යුත් ගාමක බලයක් ජනනය වේ.

* එවැනි p-n සන්ධියක් විද්‍යුත් ගාමක බල ප්‍රභවයක් ලෙස භාවිතා කල හැක. එම නිසා මෙය සූර්ය කෝෂයක් ලෙස හැදින්වේ.

*මෙම කෝෂ ණනාවක් සම්බන්ධ කිරීමෙන් සූර්ය පැනලයක් සකසා ගත හැක.

* සූර්ය පැනල පළමුව නිපදවන ලද්දේ අභ්‍යවකාශ චන්ද්‍රිකා වල ප්‍රයෝජනයට ය.

* වර්තමානයේ දී මෙම සූර්ය පැනල නිවෙස්, වීදි ආලෝක කිරීමට භාවිතා වෙයි.

* නොමිලයේ ලැබෙන සූර්ය ශක්තියෙන් ක්‍රියා කරන නිසාත්, කිසිදු පරිසර දූෂණයට හේතු වන ද්‍රව්‍යයක් පිට නොකරන නිසාත්, ඉතා විශාල ආයුකාලයක් තිබෙන නිසාත්, සූර්ය කෝෂ අනාගත බලශක්ති අර්බුදයට පිළියමක් ලෙස සැලකේ.

* භාවිතා කරන අවස්ථා- ඔරලෝසු ගණක යන්ත්‍ර ආදියෙහි, සූර්ය කෝෂ බලයෙන් ක්‍රියාකරන මෝටර් රථ නිපදවීමට,



 ට්‍රාන්සිස්ටර

*ට්‍රාන්සිස්ටර සාදා ඇත්තේ p-n සන්ධි දෙකක් මගිනි.

* මෙහිදී p සහ n වර්ග වලට අයත් අර්ධ සන්නායක ප්‍රදේශ තුනක් එකිනෙකට යාබද ව ඇති කළ යුතුය.

* මෙය ආකාර දෙකකට සිදු කළ හැක

 i) pnp අර්ධ සන්නායක 

ii) npn අර්ධ සන්නායක 







*ට්‍රාන්සිස්ටරයේ එක් එක් අර්ධ සන්නායක ප්‍රදේශවලට එක් අග්‍රය බැගින් ට්‍රාන්සිස්ටරයෙන් පිටතට අග්‍ර තුනක් පැමිණේ.

* මෙම අග්‍ර තුන,

 සංග්‍රාහකය (C), විමෝචකය( E), පාදම(B) වේ.


i.pnp ට්‍රාන්සිස්ටරය 

p අර්ධ සන්නායකයේ වාහක කුහර ධන ආරෝපිත නිසා pnp ට්‍රාන්සිස්ටරයේ ධාරාව, විමෝචකයේ( E) සිට පාදම(B) හරහා සංග්‍රාහකයට (C) ගලයි.





ii.npn ට්‍රාන්සිස්ටරය 

*n අර්ධ සන්නායකයේ වාහක ඉලෙක්ට්‍රෝන නිසා npn ට්‍රාන්සිස්ටරයේ ධාරාව සංග්‍රාහකයේ සිට පාදම හරහා විමෝචකය ට ගලා යයි.

*සෑම විටම විමෝචක යේ සිට සංග්‍රාහකයට වාහක ගලයි.

*ට්‍රාන්සිස්ටරයක් සරල ධාරා හා වෝල්ටීයතා වර්ධකයක් ලෙස භාවිතා කෙරේ. එවිට විමෝචකය-පාදම සන්ධිය පෙර නැඹුරු විය යුතු අතර, වැඩි විභවයකින් පාදම-සංග්‍රහක සන්ධිය පසු නැඹුරු කළ යුතුය.

*මේ සඳහා ට්‍රාන්සිස්ටර සංකේතයේ ඊ හිසෙන් ධාරාව ගලන දිශාවට, C සහ E අග්‍ර වලට විභවය සැපයිය යුතුය.

( ඉලෙක්ට්‍රෝන පරිපථ සඳහා අපි සලකා බලන්නේ npn ට්‍රාන්සිස්ටර ගැන පමණි)

* ට්‍රාන්සිස්ටර වර්ධකයක් ලෙස( I හා V) හා ස්විචයක් ලෙස ක්‍රියා කරයි.


ට්‍රාන්සිස්ටරය ධාරා වර්ධකයක් ලෙස 

*ට්‍රාන්සිස්ටරයක් ප්‍රධාන ලෙසම භාවිතා කරන්නේ ධාරා වර්ධකයක් ලෙසයි.

* මෙහිදී ට්‍රාන්සිස්ටර වර්ධක පරිපථයෙ ප්‍රදානයට කුඩා ධාරාවක් සැපයූ විට වර්ධකයේ ප්‍රතිදානයෙන් විශාල ධාරාවක් ලබාගත හැක.







* මෙහිදී ප්‍රධාන පරිපථයේ ධාරාවක් ගලන විට දී පමණක් ප්‍රතිදානය පරිපථයේ ධාරාවක් ගලයි.

* ප්‍රතිදාන පරිපථයට විභව අන්තරයක් සැපයුව ද ප්‍රදානයේ ධාරාවක් නොගලයි නම්, ප්‍රතිදානයේ ධාරාව නොගලයි.

* ප්‍රදානයෙන් කුඩා ධාරාවක් ගලන විටදී ප්‍රතිධානයේ විශාල ධාරාවක් ගලයි.

*ප්‍රදානයේ ධාරාව පාදම ධාරාව ලෙස ද, ප්‍රතිදානයේ ධාරාව සංග්‍රහක ධාරාව ලෙස ද හැඳින්වේ.

* ප්‍රදානයේ ගලන පාදම ධාරාව කුඩා ධාරාවකින්, ප්‍රතිදානයෙදී විශාල සංග්‍රාහක ධාරාවක් බවට ට්‍රාන්සිස්ටරය මගින් වර්ධනය කළ හැක. එම නිසා මෙම ධාරා වර්ධකයක් ලෙස හැඳින්වේ.


ට්‍රාන්සිස්ටරය සංඥා වර්ධකයක් ලෙස 

*ට්‍රාන්සිස්ටරය සංඥා වර්ධකයක් (ප්‍රත්‍යාවර්ථ ධාරා වර්ධකයක්) ලෙස ද බහුලව යොදා ගනී. මෙමගින් ශ්‍රව්‍ය සංඛ්‍යාත සංඥාවක් වර්ධනය කරගත හැක.






* මෙම ස්පීකරයට ශ්‍රව්‍ය සංඛ්‍යාත ජනකයක් තනිව සම්බන්ධ කර යන්තමින් ශබ්දය ඇසෙන තරමට සංඥා වර්ධකයේ ප්‍රතිදානය සකස් කර ගන්න.

* A,B අග්‍ර දෙකට සංඥා ජනකයේ කුඩා සංඥාවක් ලබාදෙන්න.

*මෙහිදී සංඥා ජනකයට කෙලින්ම ස්පීකරය සම්බන්දකල අවස්තාවට වඩා වැඩි ශබ්දයක් ස්පීකරයෙන් ඇසේ.

*මෙහිදී සිදුවනේ සංඥා ජනකයෙන් ලැබුනු ශබ්දය වර්ධනය වී ස්පීකරයෙන් ඇසීමයි.


 ට්‍රාන්සිස්ටරය ස්විචයක් ලෙස 

*යාන්ත්‍රික ස්විචයක් වෙනුවට යම් සන්නිවේදනයකට අනුව ක්‍රියාකරන ඉලෙක්ට්‍රොනික ස්විචයක් ලෙස ට්‍රාන්සිස්ටර භාවිතා වේ.

* පළමුව පරිමා පාලක ප්‍රතිරෝධය අඩුම අවස්ථාවේ පවතින සේ එය සීරුමාරු කරන්න කරගන්න.

* ස්විචය විවෘතව තබා පරිපථයට බැටරි සම්බන්ධ කරන්න.

* බහු මීටරයේ ස්විචය on කර 2.5V යොමුකර ට්‍රාන්සිස්ටරයේ පාදම හා විමෝචකය අතරට සමාන්තරව සම්බන්ධ කරන්න.

*ස්විචය on කරන අවස්ථාවේදී පාඨාංකය බලන්න.

 i. මෙහිදී විමෝචකය(E) සහ පාදම(B) අතර විභව අන්තරය 0.7Vට අඩු වූ විට ට්‍රාන්සිස්ටරයේ සංග්‍රාහක නොගලයි.

ii.E-B විභව අන්තරය 0.7V පමන වන විට ධාරාව ගැලීම ඇරඹේ.

iii.E-B විභව අන්තරය 0.7V ට වඩා වැඩි විට උපරිම සංග්‍රාහක ධාරාවක් ගලයි.


*මේ අනුව B-E අග්‍ර අතර විභවය 0.7V අඩු විට ට්‍රාන්සිස්ටර විවෘත ස්විචයක්(off) ලෙස ක්‍රියා කරයි.

*B-E අග්‍ර අතර විභවය 0.7V වැඩි වූ විට සංවෘත ස්විචයක් ලෙස ක්‍රියා කරයි.

 උදාහරණ- ආලෝකයට සංවේදී ප්‍රතිරෝධකයක් වන LDR, ආලෝක සංවේදකයක් ලෙස යොදා ගෙන ඇත.

* මෙහිදී LDR වල ඉදිරි පෘෂ්ඨයට ආලෝකය වැටුණු විට එහි ප්‍රතිරෝධය ඉතා අඩු වන අතර, අඳුරේදී ප්‍රතිරෝධය ඉතා වැඩිය

Post a Comment

Previous Post Next Post