PopAds.net - The Best Popunder Adnetwork

ප්‍රවේණිය || Grade -10 ||| online සත්කාරය

 


 


ආවේණික ලක්ෂණ යනු පරම්පරාවෙන් පරම්පරාවට සම්ප්‍රේෂණ වන ලක්ෂණයි.



➡️එක් එක් විශේෂයකට පොදු වූ ආවේණික ලක්ෂණ තිබුණද එක් විශේෂයකට අයත් සෑම ජීවියෙක්ම එක සමාන නොවේ.



උදාහරණ:-


මිනිසුන්ගේ ශරීර වර්ණය වෙනස් වේ.හිසකෙස්වල ස්වභාවය වෙනස් වෙයි.




මිනිස් විශේෂයේ පවත්නා ආවේණික ලක්ෂණ



i.සමේ වර්ණය කළු සුදු තල්ලුවීම


ii.හිසෙකස් බොකුටු වීම හෝ නොවීම.


iii.දිව රෝල් කිරීමේ හැකියාව හා නොහැකියාව.



➡️ආවේණික ලක්ෂණ පරම්පරා කිහිපයක් මගහැරී ඊළඟ පරම්පරාවට සම්ප්‍රේෂණය විය හැක.


කලාතුරකින් හමුවන ආවේණික ලක්ෂණ කිහිපයක්,



🔘 බහු අංගුලිතාව


🔘 බද්ද අංගුලිතාව


🔘 ඇලි බව


🔘 දුඹුරු හෝ නිල් ඇස් තිබීම



➡️ආවේණික ලක්ෂණ සම්ප්‍රේෂණය වීම සෑම ජීවියකුටම පොදුය.



ආවේණික ලක්ෂණ සතුන්ගේ,



හොටයක් තිබීම


කොරපොතු තිබීම


සමේ වර්ණය


පියාපත් තිබීම



ශාකවල,



කරල් සෑදීම


මල් පිපීම


ශාකවල උස් මිටි බව


ඵලයේ රස



ආවේණික නොවන ලක්ෂණ



පරිසර වෙනස්වීම් පෝෂණය ව්‍යායාම හා ක්‍රියාකාරකම් ආදී නිසා ඇති වන ලක්ෂණ ආවේණික නොවේ.



උදාහරණ-


➡️ව්‍යායාම මගින් ශරීර පේශී වර්ධනය


➡️හමේ ඇතිවන පැල්ලම්



➡️ආවේණික ලක්ෂණ ප්‍රවේණි ගත වන ආකාරය පිළිබඳ විද්‍යාත්මක පරීක්ෂණ මගින් සොයා ගනු ලැබුවේ මෙන්ඩල්ය.




ආවේණිය පිළිබඳ මෙන්ඩල්ගේ පරීක්ෂණ



➡️මෙන්ඩල්ගේ ආවේණිය පිළිබඳ පරීක්ෂණයට ඔහු විසින් තෝරා ගත්තෙ ගෙවතු මෑ ශාකයයි


එම ශාකය තෝරා ගැනීමට එහි තිබූ විශේෂ ලක්ෂණ කිහිපයක් නම්,



i.පහසුවෙන් වගාකල හැකි වීම


ii.කෙටි කලකින් ඵලදාව ලබාගත හැකිවීම


iii.නුමුහුම් ශාක ලබා ගත හැකි වීම



➡️නුමුහුම් ශාකයක් යනු පරම්පරා ගණනාවක් තිස්සේ තෝරාගත් ලක්ෂණ නොවෙනස්ව පවතින ශාකයි.



iv.පහසුවෙන් හඳුනාගත හැකි පරස්පර ලක්ෂණ යුගල තිබීම.( උස මිටි, කොළ පාට කහ පාට බීජ)



v.ස්වභාවිකව ස්ව පරාගණය සිදු වීම අවශ්‍ය වූ විට පර පරාගණය සිදු කළ හැකි වීම



vi.ශාක මුහුම් කිරීමෙන් පරම්පරාව දිගටම ගෙන යා හැකි ජනිතයන් ලබාගත හැකිවීම



➡️ඔහු ගෙවතු මෑ ශාකයේ පරස්පර ලක්ෂණ හතක් පරික්ෂා කළේය. ඔහු පරික්ෂා කලේ වරකට එක් ලක්ෂණ යුගලයක් බැගිනි.




➡️උස හා මිටි ලක්ෂණ යුගල සම්බන්ධයෙන් මෙන්ඩල් අනුගමනය කළ ක්‍රියාමාර්ග පහත දැක්වේ.



1.නුමුහුම් උස ශාක නුමුහුම් මිටි ශාක බෝ කර ගැනීම.මෙය දෙමව්පිය පරම්පරාව හෙවත් P වේ.



2.උස ශාක වල පරාග මිටි ශාකවල කලංකය මත ද මිටි ශාක වල පරාග උස ශාක වල කලංකය මත ද තැන්පත් කිරීම.



3.මෙසේ පර පරාගණයෙන් ලබාගත් කරල් වල බීජ සිටුවීමෙන් ශාක ලබා ගැනීම. මෙම ශාක සියල්ල උස ඒවා වූ අතර F1 පරම්පරාව ලෙස හඳුන්වයි.



4.F1 පරම්පරාවේ ශාක අතර ස්ව පරාගණය සිදුවීමට ඉඩ හැරීම.


5. එවිට ලැබුණු බීජ සිටුවීමෙන් F2 ශාක පරම්පරාව ලබා ගැනීම. මෙම F2 පරම්පරාවේ උස : මිටි අනුපාතය ආසන්න වශයෙන් 3:1 විය.



➡️F1 පරම්පරාවේ ශාක සියල්ල උස ඒවා වීමෙන් මිටි ලක්ෂණ යටපත්විය.


➡️F1 පරම්පරාවේ නිලීන ව තිබූ මිටි ලක්ෂණය F2 පරම්පරාවේ දී නැවත දක්නට ලැබීම මෙම පරීක්ෂණයේ වැදගත් නිරීක්ෂණයක් විය.



ඒකාංග මුහුමක් යනු,


ප්‍රතිවිරුද්ධ ලක්ෂණ යුගලයකින් එක් ලක්ෂණයක් බැගින් පමණක් ප්‍රවේණි ගත වන ආකාරය සලකා බැලීම.



➡️ඒකාංග මුහුමක ලක්ෂණ ප්‍රවේණි ගතවන රටාව =3:1



➡️F1 පරම්පරාවේ දී එක් ලක්ෂණයක් සම්පූර්ණයෙන් යටපත් වන අතර F2 පරම්පරාවේ දී එම ලක්ෂණය නැවත ඉස්මතු වේ.මෙය නිලීන ලක්ෂණයයි.



➡️පරම්පරා දෙකේදීම ලැබුනේ P පරම්පරාවේ තිබූ ලක්ෂණ දෙකෙන් එකක් සහිත ශාක පමණි.අතරමැදි ලක්ෂණ සහිත ශාක දක්නට නොලැබිනි.



➡️මෙයට හේතුව ශාක එක් ලක්ෂණයක් තීරණය කිරීම සඳහා එකිනෙකට වෙනස් සාධක දෙකක් තිබීම බව මෙන්ඩල්ගේ අදහස විය.



➡️මෙම සාධක නිරූපණය කිරීමට ප්‍රවේණි විද්‍යාවේ දී සංකේත භාවිතා කෙරේ.මෙහිදී ප්‍රමුඛ සාධකය කැපිටල් වලින්ද නිලීන සාධකය සිම්පල් වලින් ද දක්වයි.


උස = T මිටි = t



ප්‍රවේණි විද්‍යාවේ මූලික සංකල්ප



ආවේණිය පිළිබඳ ජන සංකල්පය



➡️මෙහිදී ප්‍රමුඛ ලක්ෂණය ඉංග්‍රීසි කැපිටල් අකුරකින් ද නිලීන ලක්ෂණය එහි simple අකුරින් ද සම්මත ආකාරයෙන් දක්වයි.



➡️කිසියම් ලක්ෂණයක් සඳහා වූ ජාන දෙක සමාන නම් එම ජීවියා එම ලක්ෂණයට සම යුග්මක වේ. නැතහොත් එම ජීවියා සම යුග්මක ජාන සහිත යැයි කියනු ලැබේ.



➡️කිසියම් ලක්ෂණයක් සඳහා වූ ජාන දෙක අසමාන නම් එම ජීවියා එම ලක්ෂණයට විෂම යුග්මක/ විෂම යුග්මක ජාන සහිත යැයි කියනු ලැබේ.



උදා උස බව ඇති කරන ජානය T ද මිටි බව ඇතිකරන ජානය t ද වේ.



සම යුග්මක අවස්ථා TT,tt


විෂම යුග්මක අවස්ථා Tt



➡️කිසියම් ලක්ෂණයක් සඳහා වූ ජාන යුගළ දක්වන ප්‍රකාශය එම ජීවියාගේ ජාන ප්‍රකාශය ලෙස හැඳින්වේ.


උදා.TT,Tt,tt



➡️ජීවියෙකුගේ බාහිර වශයෙන් ප්‍රකාශ වන ලක්ෂණය රූපානුදර්ශය වේ.



➡️එම රූපානුදර්ශය තීරණය කිරීම සඳහා ජීවියා තුළ ඇති ජාන සංයුතිය එම ජීවියාගේ ප්‍රවේනි දර්ශය ලෙස හැඳින්වේ.



➡️ජීවීන්ගේ ලක්ෂණ පරම්පරාවෙන් පරම්පරාවට සම්ප්‍රේෂණය කරන ප්‍රවේණික ද්‍රව්‍ය ලෙස ක්‍රියා කරන්නේ වර්ණදේහ වල අඩංගු DNA නම් වූ ජෛව අනුව වේ.



➡️ජානයක් යනු යම් ලක්ෂණයක් සඳහා වූ වග කියන්නාවූ DNA අනුවක පිහිටි නිශ්චිත භෂ්ම අනුපිළිවෙලකි.(යම් ලක්ෂණයක් සඳහා විශේෂිත වූ DNA අනු කොටසකි)



➡️ජීවියකුගේ තිබෙන ලක්ෂණ රාශියක් තීරණය කරන හා ඒවා ඉදිරි පරම්පරාවලට සම්ප්‍රේෂණය කෙරෙන ජාන අති විශාල සංඛ්‍යාවක් වර්ණදේහයක් මත පිහිටයි.



➡️ඕනෑම ජානයක් වර්ණදේහයක් මත පිහිටන නිශ්චිත ස්ථානයක් ඇත.



➡️එකම ලක්ෂණ පෙළක් සඳහා සැකසුණු වර්ණදේහ යුගලක් සමජාත වර්ණදේහ යුගල ලෙස හැඳින්වේ.



➡️ජීවියෙකුට මෙම සමජාත වර්ණදේහ යුගලය උරුම වන්නේ එක් වර්ණදේහයක් මවගෙන්ද අනෙක් වර්ණදේහය පියාගෙන්ද වශයෙනි.



➡️කිසියම් ලක්ෂණයක් තීරණය කරන ජාන යුගළ යුගලක් පිහිටන්නේ සමජාත වර්ණදේහ වල අනුරූප ස්ථානවලය.



➡️ජනාමානු සෑදීමේදී මෙම ජාන ස්වාධීනව වියුක්ත වේ.



➡️එකම වර්ණදේහය මත පිහිටි ස්වාධීන වියුක්ත නොවන ජාන ප්‍රතිබද්ධ ජාන ලෙස හඳුන්වයි.





මානව ආවේණිය




➡️ආවේණික ලක්ෂණ ඉදිරි පරම්පරාවට සම්ප්‍රේෂණය වීම ආවේණිය ලෙස හැඳින් වේ.



➡️එම ලක්ෂණ සම්ප්‍රේෂණය වීමේ ක්‍රියාවලිය ප්‍රවේණිය ලෙස හැඳින්වේ.



➡️සෛලයක න්‍යෂ්ටිය අඩංගු වර්ණදේහ හැඩයෙන් හා ප්‍රමාණයෙන් විවිධ වුවත් යම් ජීවී විශේෂයක ඇති වර්ණදේහ සංඛ්‍යාව නියතයකි.



මිනිසා 46


අශ්වයා 33


මීයා 40




මිනිසාගේ ලිංග නිර්ණය



➡️මිනිස් දේහ සෛලයක වර්ණ දේහ 46 ක් එනම් යුගල් 23 ඇත.



➡️මෙයින් යුගල් විසිදෙකක් අලිංග වර්ණදේහ වන අතර ඉතිරි යුගලය ලිංග වර්ණදේහ ලෙස හැඳින්වේ.



➡️ස්ත්‍රීන්ගේ ලිංග වර්ණදේහ යුගලය ට අයත් වර්ණදේහ ව්‍යුහයෙන් හා හැඩයෙන් එක සමාන වේ.


මේවා x වර්ණදේහ ලෙස හැඳින්වේ.



➡️පිරිමින්ගෙ ලිංග වර්ණදේහ 2 එකිනෙකට වෙනස්ය.ඒවා X සහ Y වර්ණදේහ ලෙස හැඳින්වේ. X වර්ණදේහය ට වඩා Y වර්ණ දේහ ප්‍රමාණයෙන් කුඩාය.පිරිමින්ගේ X වර්ණදේහය ස්ත්‍රීන්ගේ X වර්ණදේහ ට සමාන වේ.



➡️ලිංගික ප්‍රජනනයට අවශ්‍ය ස්ත්‍රී ජර්මානුවක් හෙවත් ඩිම්බයක්, ඩිම්බ මාතෘ සෛලවලින් ඇතිවීමේදීත්, පුරුෂ ජන්මානු හෙවත් ශුක්‍රාණු, ශුක්‍රාණු මාතෘ සෛලවලින් ඇතිවීමේදීත් ලිංග වර්ණදේහ යුගල වෙන්වේ.



➡️ශුක්‍රාණුවක හෝ ඩිම්බයක තිබිය හැක්කේ අලිංග වර්ණදේහ 22 ක් හා ලිංග වර්ණදේහ 1ක් පමණි.




මානව ප්‍රවේණික ආබාධ



ලිංග ප්‍රතිබද්ධ ප්‍රවේණිය නිසා ඇතිවන ප්‍රවේණික ආබාධ



➡️X සහ Y ලිංග වර්ණදේහ ලෙස සැලකුවද ඒවා මත පිහිටි සියලුම ජාන ලිංග නිර්ණය සඳහා භාවිතා නොවේ.



➡️X හා Y වර්ණදේහ වල පිහිටි ජාන බොහෝමයක් අනෙකුත් අලිංග වර්ණදේහ වල ජානමෙන් විවිධ ලක්ෂණ තීරණය කරයි.



➡️X වර්ණදේහය ට වඩා Y වර්ණදේහය කුඩා නිසා X වර්ණදේහය මත ඇති ජාන බොහොමයකට අනුරූප ජාන Y වර්ණදේහය මත නොමැත.



➡️එම නිසා X වර්ණදේහය මත පිහිටි බොහොමයක් ජාන ප්‍රමුඛ වුවත් නිලීන වුවත් පිරිමින් තුළ දී ඒවා සියල්ල ප්‍රකාශවේ.



➡️එහෙත් ස්ත්‍රීන් තුළ X වර්ණදේහ යුගලක් ඇති නිසා ඔවුන්ගේ X ප්‍රතිබද්ධ ජාන සියල්ලම යුගල් වශයෙන් ඇත.



➡️එම නිසා ස්ත්‍රීන් කිසියම් නිලීන ලක්ෂණයක් පෙන්නුම් කරන්නේ X වර්ණදේහ දෙකෙහිම නිලීන ජාන දෙකක් පිහිටා ඇතිවිට පමනි.



උදා.


හිමෝපීලියාව, රතු කොළ වර්ණ අන්දතාව



හිමෝපීලියාව



➡️X වර්ණදේහ මත පිහිටි ලිංග ප්‍රතිබද්ධ නිලීන ජානයක් නිසා ඇතිවේ.



➡️පිරිමින්ට පමණක් ඇතිවේ.



➡️හිමෝපීලියාව යනු තුවාලයක් සිදු වූ විට පිටතට එන රුධිර කැටි නොගැසීමයි.එම නිසා සුළු තුවාලයකින් වුවද අධික ලෙස රුධිරය ගලා ගොස් මරණය සිදුවීමට ඉඩ ඇත.


ගැහැනුන් රෝග වාහකයා ලෙස ක්‍රියා කරයි.



රතු කොළ වර්ණ අන්ධතාව



➡️මිනිසාගේ බහුලතම ලිංග ප්‍රතිබද්ධ ප්‍රවේණික ආබාධයයි.



➡️මෙයට හේතුව X වර්ණදේහයේ පවතින නිලීන ජාණයකි.



➡️රතු කොළ වර්ණ අන්ධතාව යනු රතු පැහැය හා කොළ පැහැය වෙන්කර හඳුනා ගැනීමේ අපහසුතාවයි.



➡️ස්ත්‍රීන්ට ලිංග ප්‍රතිබද්ධ ප්‍රවේණික ආබාධ පෙන්නුම් කිරීමට ඇති හැකියාව ඉතා අඩු වුවත් ලේ නෑයින් අතර සිදුවන විවාහ වලින් ඇතිවන ගැහැනු දරුවන්ට එවැනි ආබාධ වීමට වැඩි ඉඩකඩ ඇත. 



➡️ඊට හේතුව එවැනි ස්ත්‍රියක් එම පවුලට සම්බන්ධ නිසා ඇය කාන්තාවක් වීමට ඉඩ ඇති නිසාය.




ජාන විකෘති හා ඒ නිසා ඇතිවන ප්‍රවේණි ආබාධය



➡️වර්ණදේහ වල ඇති ප්‍රවේණික ද්‍රව්‍ය වන්නේ DNAවේ.



➡️DNA වල සිදුවන වෙනස්කම් නිසා එක් ජානයක ඇතිවන විකෘතියක් ජාන විකෘතියක් ලෙස හැඳින්වේ.



➡️සාමාන්‍යයෙන් ක්‍රියාකාරිත්වයෙන් යුතු ජානයක් විකෘති වූ විට එය ආවේණි ගත වේ.



ජාන විකෘතිය කෙරෙහි බලපාන සාධක නම්,



1.විකිරණ වලට භාජනය වීම


2.රසායනික ද්‍රව්‍ය වල බලපෑම


3.බාහිර බලපෑමකින් තොරව ස්වයංසිද්ධව



උදාහරණ÷ තැලසීමියාව ඇලිබව



තැලසීමියාව



➡️දෛහික වර්ණදේහයක ඇති හිමොග්ලොබින් නිෂ්පාදනයට බලපාන ජානය විකෘති වීමෙන් ඇතිවන රෝගී තත්වයකි.



➡️රුධිරයේ ඔක්සිජන් පරිවහනය කරන්නේ හිමොග්ලොබින් නැමැති ප්‍රෝටීනය මගිනි.



➡️හිමොග්ලොබින් නිෂ්පාදනය අඩාල වීම නිසා තැලසීමියා රෝගීන්ගේ දක්නට ලැබෙන ප්‍රධාන ලක්ෂණය නිරක්තියයි.



➡️මෙයට හේතුව ලේ නෑයන් අතර විවහ සිදු වීමයි.



ඇලිබව 



➡️සමේ වර්නයට බලපාන මෙලනින් වර්නකය නිපදවීමට මූලිකවන දෛහික වර්ණදේහයක පිහිටි ජානයක ඇති වන විකෘතියක් නිසා ඇලිබව ඇතිවේ.



➡️සම ඇසිපිය හිසකෙස් අසාමාන්‍යයෙන් සුදු පැහැයක් ගනී.



➡️මිනිසා මෙන්ම සතුන් තුලද දක්නට ලැබේ.




ආවේණිය පිලිබඳ දැනුම භාවිතයට යොදා ගැනීම



➡️හොඳ ආවේනික ලක්ෂණ සහිත සතුන් හා ශාක තෝරා ගනිමින් ඔවුන් දිගින් දිගටම අභිජනනය කොට වඩා හොද දෙමුහුම් ශාක සතුන් ප්‍රබේද නිපදවා ගැනීමට භාවිතා වේ.



උදා. 


➡️වැඩි කිරි ප්‍රමනයක් ලබාදෙන එලදෙන්නුන් 


➡️වැඩි බිත්තර ප්‍රමාණයක් දෙන කිකිලියන් 




ජාන ඉංජිනේරු විද්‍යාව



➡️ජාන වලින් ඇතැම් DNA කොටස් ඉවත් කිරීම,අමතර DNA කොටස් එකතු කිරීම ජාන ඉංජිනේරු විද්‍යාව ලෙස හැදින්වේ.



➡️මෙය ජීවියෙකුගේ ප්‍රවේනි දර්ශය වෙනස් කිරීමට උපයෝගී වේ.



 ➡️මෙම තාක්ෂණය භාවිතා කරන ක්ෂේත්‍ර නම්,



 i.ආහාර නිෂ්පාදනය හා කෘෂිකාර්මික ක්ෂේත්‍රය


ii.කර්මාන්ත ක්ෂේත්‍රය


iii.වෛද්‍ය ක්ෂේත්‍රය



 i.ආහාර නිෂ්පාදනය හා කෘෂිකාර්මික ක්ෂේත්‍රය



 මේ සඳහා උදාහරණ:-



➡️වල්නාශක ප්‍රතිරෝධී බෝග (බැක්ටීරියාවකින් ලබාගත් ජානයක් ඇතුලු කිරීම)



➡️සීතලට ඔරොත්තු දෙන්න තක්කාලි ප්‍රභේදය (ශීත රටවල මඩ අතර ජීවත් වන මත්ස්‍යයෙකුගේ ජාන බද්ධයෙන් 



 ii.කර්මාන්ත ක්ෂේත්‍රයේ භාවිත 



➡️ඇමයිලේස් වැනි එන්සයිම නිපදවීම


➡️කෘතීම ඇමයිනෝ අම්ල නිපදවීම


➡️නීලහරිත ඇල්ගි යොදාගෙන විටමින් නිපදවීම (B12 හා විටමින් වර්ග නිපදවීම )



iii.වෛද්‍ය ශාස්ත්‍රය භාවිත 



➡️ඉන්සියුලින් නිපදවීමේදී E-Coli බැක්ටීරියාවට ඉන්සියුලින් නිපදවන මිනිස් ජානය ඇතුළත් කිරීමෙන්



➡️වර්ධක හෝර්මෝන ඇතුළත් ප්‍රෝටීන වර්ග නිපදවීමේදි අදාළ ජාන බැක්ටීරියාවට ඇතුළු කිරීම.



➡️ප්‍රතිජීවක නිපදවීමේදි වැඩි දියුණු කරන ලද දිලීර හා බැක්ටීරියා යොදා ගැනීම.



➡️මිනිස් ඉන්ද්‍රිය නවීකරණයේදී මව් කුස තුළ ඇති කලලයේ ධමනි සෑදීමට බලපාන ජානය, ධමනි අවහිර ඇති රෝගීන්ට ඇතුළුකොට අවහිර වූ ධමනිය වෙනුවට නව රුධිරවාහිනී වර්ධනය කරගැනීම




Post a Comment

Previous Post Next Post