ජෛව ලෝකය
×




ජෛව ලෝකය
ජෛව ලෝකය
පොදු ගති ලක්ෂණ වලට අනුව ජීවීන් කාණ්ඩ වලට බෙදා දැක්වීම ජීවීන් වර්ගීකරණය ලෙස හැඳින්වේ.
ජීවීන් වර්ගීකරණය වැදගත්කම,
i. ජීවීන් පිළිබඳ පහසුවෙන් අධ්‍යයනය කළ හැකි වීම.
ii. නම් කරන ලද ජීවියෙකු ගේ විශේෂ අනන්‍යතා හඳුනා ගැනීමට පහසු වීම.
iii.සියලු ජීවීන් අධ්‍යයනය නොකර තෝරාගත් ජීවීන් කිහිප දෙනෙකු අධ්‍යයනය කිරීම මගින් සමස්ත ජෛව ලෝකය පිළිබඳව අවබෝධයක් ලබාගත හැකිවීම.
iv. වෙනස් ජීවී කාණ්ඩ අතර සම්බන්ධතා අනාවරණය කළ හැකි වීම.
v. මිනිසාට ආර්ථිකමය වැදගත්කමක් ඇති ජීවීන් හදුනාගත හැකිවීම.
ජීවීන් වර්ගීකරණය කරන ක්‍රම
i. කෘතීම වර්ගීකරණය
ii.ස්වාභාවික වර්ගීකරණය
i. කෘතීම වර්ගීකරණය:-
ජීවීන්ගේ උපාංග පිහිටීම හෝ නොපිහිටීම, වාසස්ථාන වැනි දේ සලකා ජීවීන් වර්ගීකරණය.
මෙහිදී පරිණාමක බන්ධුතා එමඟින් නිරූපණය නොවේ
ii.ස්වාභාවික වර්ගීකරණය:-
පරිණාමික බන්ධුතා නිරූපණය වන ආකාරයට වර්ග කිරීම ස්වභාවික වර්ගීකරණයේදී සිදුවේ.
ස්වාභාවික වර්ගීකරණයේ දී ජීවීන් වර්ගීකරණ ධූරාවලියකට අනුව සැකසේ.
අධිරාජධානී තුනේ වර්ගීකරණය
1.ආකියා අධිරාජධානිය
2. බැක්ටීරියා අධිරාජධානිය
3.ඉයුකැරියා රාජධානිය
1.ආකියා අධිරාජධානිය
මෙම රාජධානියට අයත් වන්නේ ජීවීන් ප්‍රාග්න්‍යෂ්ටික (සංවිධානය වූ න්‍යෂ්ටියල් නොමැති) ජීවීන්ය.
* මොවුන් ගිනිකඳු, වනාන්තර, හිම කඳු, උණුදිය උල්පත්, සාගර පතුල, ලවන බිම්වල ජීවත්වීමේ හැකියාව ඇති ජීවීන් ය.
*ප්‍රතිජීවක වලට සංවේදී නැති බැවින් ප්‍රතිජීවක වලින් විනාශ කළ නොහැක.
උදා- Methanogens,Halophiles
2. බැක්ටීරියා අධිරාජධානිය
මෙම රාජධානියට අයත් ජීවීන් ප්‍රාග්න්‍යෂ්ටික සෛල වලින් සමන්විත ජීවීන්ය.
*මොවුන් ප්‍රතිජීවක මඟින් විනාශ කළ හැකිය.
*ඇතැම් විට ව්‍යාධිජනකයින් ලෙස ක්‍රියා කරන ජීවීන් වේ.
* ඔවුන් පෘථිවියේ සෑම පරිසරයකම දැකිය හැකි බහුලම කාණ්ඩයක් වෙයි.
* බැක්ටීරියා, සයනොබැක්ටීරියා ජිව්න් මෙයට අයත් වේ.
බැක්ටීරියා මගින් මිනිසාට සිදුවන වාසි සහ අවාසි,
*මල දේහ හා ද්‍රව්‍ය වියෝජනය වීම.
*ගෝලීය නයිට්‍රජන් තිර කිරීම නිසා පසේ නයිට්‍රේට ප්‍රමාණය වැඩිවේ
* පොල් ලෙලි /හන පත්‍රවලින් කෙදි ලබාගැනීමේදී හා සම් පදම් කිරීම සඳහා වැදගත් වේ.
*මුදවාපු කිරි, යෝගට්, චීස් නිෂ්පාදනය කිරීමේ දී වැදගත් ය.
* ආහාර නරක් කිරීමට දායක වේ.
* බැක්ටීරියා මිනිසාට මෙන්ම වෙනත් විවිධ රෝග ලක්ෂණ ඇති කරයි
උදා-නියුමෝනියාව,කොලරාව,පිටගැස්ම,ලාදුරු
3.ඉයුකැරියා රාජධානිය
මෙම අධි රාජධානියට අයත් ජීවීන් සූන්‍යෂ්ටික ජීවීන් වේ.
*මොවුන් විවිධ පරිසර තත්ත්ව යටතේ ජීවත් වීමේ හැකියාවක් ඇති ප්‍රතිජීවක වලට සංවේදී නැති ජීවීන්ය.(ප්‍රතිජීවක මඟින් විනාශ කළ නොහැකි)
ඉයුකැරියා අධිරාජධානියට අයත් රාජධානි හතරකි,
i.ප්‍රොටිස්ටා රාජධානිය
ii.ෆන්ගයි රාජධානිය
iii.ප්ලාන්ටේ රාජධානිය
iv.ඇනිමාලියා රාජධානිය
i.ප්‍රොටිස්ටා රාජධානිය
*මොවුන් ඒක සෛලික හෝ විශේෂණය වූ පටක නොමැති බහු සෛලික ජීවීන් වේ.
*මොවුන් ජලය සහිත ඕනෑම පරිසරයක ජීවත් වන අතර බොහොමයක් ප්‍රභාසංස්ලේෂක වෙයි.ඇතැම් විශේෂ විෂමපෝෂී වේ.
උදා-ඇල්ගී,ප්‍රොටොසෝවා
ප්‍රොටිස්ටාවන්ගෙන් මිනිසාට ඇති වාසි සහ අවාසි,
* ජලජ පරිසරවල ආහාරදාමවල ප්‍රාථමික නිෂ්පාදකයන් ලෙස ක්‍රියා කරයි.
* දිලීර සමඟ ඇල්ගී එකතුවී සාදන සංගමයක් වන ලයිකන සෑදීමට දායක වේ.
* බැක්ටීරියා රෝපණයට යොදාගන්නා ඒගර් නිෂ්පාදනය කිරීමට.
*අයිස්ක්‍රීම් නිෂ්පාදනයේ දී යොදාගන්නා ඇල්ජිනික් අම්ලය නිෂ්පාදනයට.
* ඇතැම් ප්‍රොටෝසෝවාවන් මගින් මිනිසාට දරුණු රෝග ඇතිවේ.
උදා- ඇමීබා අතීසාරය, මැලේරියාව
ii.ෆන්ගයි රාජධානිය
කයිටීන් සහිත සෛල බිත්ති දරන සූන්‍යෂ්ටික සෛල වලින් සමන්විත ඒකසෛලික හෝ බහු සෛලික දිලීර රාජධානිය
*දිලීර ඉතා කුඩා ව්යුහ දරයි.
*මෙම ජීවීහු කාබනික ද්‍රව්‍ය වියෝජනය කිරීම සඳහා විශේෂ දායකත්වයක් දක්වයි.
දිලීර මිනිසාට වැදගත් වන අවස්ථා,
* පෝටීන් පරිපූරක ආහාරයක් ලෙස යොදා ගනි. උදා-හතු
*පාන් හා මධ්‍යසාර පැසීමේ ක්‍රියාවලියට යොදා ගනී. උදා-යීස්ට්
* ප්‍රතිජීවක ඖෂධ නිෂ්පාදනයට යොදා ගනී.උදා-පෙනිසීලියම් මගින් පෙනිසිලීන් නිපදවයි.
* සතුන් හා ශාක වල රෝග සාදයි.උදා-අලුහම්
* ආහාර නරක් වීමට බලපායි
iii.ප්ලාන්ටේ රාජධානිය
ශාක ලෙස හඳුන්වන බහු සෛලික ජීවීන්ගෙන් සමන්විත රාජධානියයි.
* ශාක සෛල සෙලියුලෝස් වලින් සමන්විත බිත්ති දරයි.
*මේවා කොල පැහැයෙන් දිස්වේ. මෙයට හේතුව සෛලවල ඇති හරිතලව තුල වූ ක්ලෝරෆීල් වර්නකයයි.එමගින් ආලෝක ශක්තිය අවශෝෂණය කර ප්‍රභාසංස්ලේෂණය සිදුකරයි.
ප්ලාන්ටේ රාජධානිය පුෂ්ප හට ගැනීම හෝ නොගැනීම යන්න පදනම් කරගෙන කාණ්ඩ දෙකකට බෙදේ,
1.අපුෂ්ප ශාක
2.සපුෂ්ප ශාක
1..අපුෂ්ප ශාක-
පුෂ්ප හට නොගන්නා ශාක අපුෂ්ප ශාක ලෙස හැඳින්වේ.
* එම අපුෂ්ප ශාක බීජ හට ගැනීම හා නොගැනීම පදනම් කර නැවත කාණ්ඩ දෙකට බෙදේ,
i.බීජ නොගන්නා අපුෂ්ප ශාක
ii.බීජ හටගන්නා අපුෂ්ප ශාක
i.බීජ නොගන්නා අපුෂ්ප ශාක-
පුෂ්ප හට නොගන්නා මෙන්ම බීජ හට නොගන්නා ශාක වේ.
උදාහරණ- Pogonatum,Nephrolepis,selaginella
ii.බීජ හටගන්නා අපුෂ්ප ශාක
බීජ හටගන්නා අපුෂ්ප ශාක වල බීජ ඵලයකින් ආවරණය වී නැත.
* බීජ පරිසරයට විවෘතව ඇත. එනිසා මේවා විවෘත බීජක ශාක ලෙස හැඳින්වේ.
උදාහරණ- මඩු,පයිනස්
2.සපුෂ්ප ශාක-
පුෂ්ප හටගන්නා ශාක සපුෂ්ප ශාක ලෙස හැඳින්වේ.
*සපුෂ්ප ශාක ලිංගික ප්‍රජනක ව්යූහය පුෂ්පය වේ.
* පුෂ්පය තුල බීජ හට ගනී
* බීජ සැමවිටම පලයක් මඟින් ආවරණය වී පවතී. මේ නිසා ආවෘත බීජක ශාක ලෙස හැඳින්වේ.
* බීජයේ අඩංගු බිජ පත්‍ර සංඛ්‍යාව අනුව සපුෂ්ප ශාක නැවත කාණ්ඩ දෙකකට බෙදේ,
i.ඒක බීජ පත්‍රී ශාක -තල්,පොල්
ii.ද්විබීජ පත්‍රී ශාක-කොස්
iv.ඇනිමාලියා රාජධානිය-
සතුන් ලෙස හඳුන්වන බහු සෛලික ජීවීන්ගෙන් සමන්විත රාජධානියයි.
* ආහාර නිපදවීමේ හැකියාවක් නැති බැවින් සතුන් විෂමපෝෂීන් වේ.
* ඇනිමාලියා රාජධානියට අයත් සතුන් කොඳු ඇට පෙළ දැරීම හෝ නොදැරීම පදනම් කරගෙන කාණ්ඩ දෙකකට බෙදේ,
i.අපෘෂ්ඨවංශීන්
ii.පෘෂ්ඨවංශීන්
i.අපෘෂ්ඨවංශීන්
කොඳු ඇට පෙළක් නැති සතුන් අපෘෂ්ඨවංශීන් ලෙස හැඳින්වේ.
පෘෂ්ඨවංශීන්ගේ ප්‍රධාන වංශ නම්,
i.නිඩාරියා/සිලන්ටරේටා
ii.ඇනෙලිඩා
iii.මොලුස්කා
iv.ආත්‍රොපෝඩා
v.එකයිනොඩමේටා
i.නිඩාරියා/සිලන්ටරේටා-
*සියල්ලම ජලය වාසීන්ය. වැඩි පිරිසක් කරදිය වාසි වන අතර සුළු පිරිසක් මිරිදිය වාසීන් ය.
*බහු සෛලික දේහ සෛල ප්‍රස්තර දෙකකින් ගොඩනැගී ඇති නිසා ද්විප්‍රස්තරයින් ලෙස හැඳින්වේ.
* දේහය තුල සීලෝමාන්ත්‍රය නම් ආහාර මාර්ගය ලෙස ක්‍රියාකරන කුහරයක් ඇත.
* බුහුබා හා මෙඩූසා ලෙස ආකාර ඇත.
*මෙඩූසාවන් සංචාරණය කරයි.
* දේහය අරිය සමමිතික
*සියල්ලන්ම විලෝපිකය.
* පහර දී කුඩා සතුන් අඩපණ කිරීමට දංශක කෝෂ්ඨ දරයි.
* අලිංගික ප්‍රජනනය සිදුවේ. ලිංගික ප්‍රජනනය ද සිදු කරයි.
ii.ඇනෙලිඩා -
*සීලෝමය නැමැති දේහ කුහරය මුලින්ම විකසනය වූ සත්ත්ව වංශයයි.
*ගැඩවිලා,කූඩැල්ලා, පත්තෑ පනුවා මෙම වංශයට අයත් ය.
ඇනලීඩාවන්ගේ ලක්ෂණ,
*තෙතමණය සහිත ගොඩබිම, කරදිය හා මිරිදිය පරිසරවල වාසය කරයි.
*බහු සෛලික දේහ සෛල ස්ථර තුනකින් ගොඩනැගී ඇති නිසා ත්‍රිපස්තරයින් ලෙස හැඳින්වේ.
* සිහින් දිග පනු ආකාර දේහ දරයි.
*දේහය බාහිරව ද අභ්‍යන්තර ද සමාන කන්ඩ බෙදී ඇති නිසා සඛණ්ඩ පනුවන් ලෙස හඳුන්වයි.
* දේහය ද්විපාර්ශවීය සමිතියක් දක්වයි.
දේහය තුළ ශරීර බිත්තිය හා අන්තරය අතර තරලයක් සහිත කුහරයක් පවති. එය සීලෝමය වේ.මෙමගින් ආහාර මාර්ගයට බලපෑමක් ඇතිවීම වළක්වයි.
*සමහර සතුන් අලිංගික ප්‍රජනනය ද සමහර සතුන් ලිංගික ප්‍රදේශ සිදුකරයි.
iii.මොලුස්කා
මෘදු දේහ දරන ත්‍රිපස්තරික සතුන් වේ.
උදා-දැල්ලා,බූවල්ලා,ගොලොබෙල්ලා
මොලුස්කාවන් පහත ලක්ෂණ දරයි.
* භෞමික මිරිදිය හා කරදිය පරිසර වල වාසය කරයි.
*බහුසෛලික,ත්‍රිපස්තර,මෘදු දේහ දරන නිසා මෘද්වංශය ලෙස හඳුන්වයි.
*හිස පේෂිමය පාදය සහ අන්තරාංග ගොනුව ලෙස ප්‍රධාන දේහය ප්‍රධාන කොටස් තුනකින් යුක්ත වේ.
* ශ්ලේෂ්මලයෙන් තෙත්වූ දේහආවරණය දරයි.
* මොලුස්කාවන්ගේ ඇතැමෙක් කැල්සියම් කාබනේට් වලින් සෑදුන බාහිර හෝ අභ්‍යන්තර කවච දරයි.
* දේහයෙන් ද්විපාර්ශික සමමිතියක් දක්වයි.
*ලිංගික ප්‍රජනනය සිදු කරයි. සාමාන්‍යයෙන් ඒක ලිංගික සතුන්වේ.
iv.ආත්‍රොපෝඩා
ඇනිමාලියා රාජධානිය වැඩිම ජීවී විශේෂයක් අයත් වංශයයි
* සත්තු විශේෂ අතරින් 75%ක් පමණ මෙම කාණ්ඩයට අයත් වේ.
ආත්‍රපෝඩාවන් මෙම ලක්ෂණ දරයි,
* භෞමික හා කරදිය මිරිදිය පරිසර වල වාසය කරයි.
*ත්‍රිපස්තරය, සීලෝමික සන්ධිපාද සහිතය. මේ නිසා සන්ධිපාදකයින් ලෙස හැඳින්වේ.
*දේහය කණ්ඩනය වී ඇත. කන්ඩ එකතුවී ටැග්මා සාදයි.
*දේහය මතුපිට කයිටීන් උච්චර්මයක් ඇත. සැකිල්ල ලෙස ක්‍රියා කරයි.
* දේහය ද්විපාර්ශවීය සමමිතියක් දක්වයි.
* ගැහැණු සහ පිරිමි සතුන් ඇත එනම් ලිංගික ප්‍රජනනය සිදු කරයි.
v.එකයිනොඩමේටා
කෝඩේටා වංශයට පරිණාමික බන්ධුතා පෙන්වන සත්ත්ව වංශයයි.
* පසැඟිල්ලා, භංගුර පසැඟිල්ලා, ඉකිරියා, වැනි සතුන් අයත් වේ.
එකයිනොඩමේටාවන්ගේ ලක්ෂණ,
* සියල්ලන්ම කරදිය පරිසර වල පමණක් වාසය කරයි.
* ත්‍රිපස්තරය, සීලෝමය දරයි.
* දේහය අරිය බාහු පහකට වෙන් වී ඇත.
*තියුනු කටු සහිත ආවරනයක් ඇත.
*තාරකා, සිලින්ඩරාකාර හෝ පුෂ්ප හැඩතිය.
* දේහය පුරා පැතිරුණු නාළ පද්ධතියක් ඇත.
* සංචරණය සහ ශ්වසනය සඳහා නාළ පාද ඇත.
* මොළයක් හෘදයක් හා ඇස් නොදරයි.
* දේහය පංච අරීය සමමිතියක් දක්වයි.
* ලිංගික ද්විරූපතාවක් පෙන්නුම් කරයි.එනම් ලිංගික ප්‍රජනනය සිදුකරයි.
පෘෂ්ඨවංශීන්
කොදු ඇට පෙළක් දරන සතුන් පෘෂ්ඨවංශීන් ලෙස හැඳින්වේ.
*මොවුන්ගෙ ව්‍යුහමය ලක්ෂණ පදනම් කරගෙන ඔවුන් නැවත කාණ්ඩ වලට බෙදේ,
i.පිස්කේස්
ii.ඇම්ෆීබියා
iii.රෙප්ටීලියා
iv.ආවේස්
v.මැමාලියා
i.පිස්කේස්-
ජලයේ ජීවත් වීමට හොඳින් අනුවර්තනය වී ඇති මත්සයින් එම කාණ්ඩයට අයත් වේ.
* මොවුන් කරදිය මිරිදිය සහිත ජලජ පරිසර වල වාසය කරයි.
*සමහර මත්සයින්ගේ අභ්‍යන්තර සැකිල්ල කාටලේජ වලින් සෑදී ඇති අතර සමහරුන්ගේ අස්ථි වලින් සෑදී ඇත.
උදාහරණ- සමනල මත්සයා,මඩුවා, මුහුදු අශ්වයා
මත්සයින් පොදුවේ සැලකූ විට දැකිය හැකි ලක්ෂණ,
*අස්තිමය හෝ කාටිලේජමය අභ්‍යන්තර සැකිල්ලක් දරයි.
* ජලයේ ගමන් කිරීම පහසුවන ලෙස දේහය ආනාකූල හැඩතිය.
*දේහය කොරපොතුවලින් ආවරණය වී ඇත.
* පිහිනීම සදහාත්,සංතුලනය සදහාත් වරල් දරයි.
* ජලයේ කම්පන හඳුනාගත හැකි අංශරේඛා පද්ධතියක් ඇත.
*හෘදය කුටීර දෙකකි.
* ජලක්ලෝම මගින් ශ්වසනය සිදුකරයි.
* ඇසිපිය නොමැති ඇස් ඇත.
ii.ඇම්ෆීබියා
උභය ජීවීන් අයත්වන්නේ මෙම කාණ්ඩයටය.
*ජීවන චක්‍රය සම්පූර්ණ කිරීම සඳහා ජලය අත්‍යවශ්‍ය වේ.
* ජෛව පරිණාමයේ දී මුලින්ම ගොඩබිමට ආක්‍රමණය කළ ජීවී ආකාරයයි.උදා- ගෙම්බා, සලමන්දරා
උභය ජීවීන් පහත දැක්වෙන ලක්ෂණ දරයි,
*ජීවන චක්‍රය සම්පූර්ණ කර ගැනීමට ජලය අත්‍යවශ්‍ය වේ.
* රූපාන්තරණයක් සහිතය.
* මොවුන් ග්‍රන්ථි සහිත තුනී සෙවලමය සමක් දරයි.
* සංචරණය සඳහා පංචාංගුලික ගාත්‍රා පිහිටයි.
* හෘදයේ කුටීර තුනකි. කර්ණිකා දෙකක්,තනි කොෂිකාවක් ඇත.
*ශ්වසනය පෙනහැලි හෝ තෙත සම හෝ මුඛය මගින් සිදු කරයි.
*උභය ජීවීන් චලතාපීන්‍ය.
iii.රෙප්ටීලියා
උරගයින් අයත්වන්නේ මෙම වර්ගයටයි.
* භෞමික පරිසරයට ඉතා හොඳින් අනුවර්තනය වී ඇත.
*භෞමික, මිරිදිය හා කරදිය පරිසරවල වාසය කරයි.උදා- කැස්බෑවා, සර්පයින්,තලගොයා,කටුස්සා
උරගයින්ගේ ලක්ෂණ,
*වියළි සමක් දරයි.සම කොරල සහිතයි.
*සංචරණය සඳහා පංචාංගුලික ගාත්‍රා පිහිටයි.
*කර්ණිකා දෙකක් හා අසම්පූර්ණ ලෙස බෙදුනු කෝෂිකාවක් සහිත හෘදයක් ඇත.
* ස්වසනය සඳහා පෙනහැලි තිබේ.
* චලතාපී සතුන් වේ.
*අභ්‍යන්තර සංසේචනය සිදු වේ.
iv.ආවේස්
පක්ෂීන් අයත් වන්නේ මෙම වර්ගයටයි.
*ඔවුන් පියාසර කිරීම සඳහා ඉතා හොඳින් අනුවර්තනය වී ඇත.උදා- පැස්බරා (විශාලම පක්ෂියා), ගුමන කුරුල්ලා (කුඩාම පක්ෂියා)
පක්ෂීන්ගේ ලක්ෂණ,
*ඉතා සැහැල්ලු අස්ථිමය අභ්‍යන්තර සැකිල්ලක් දරයි.
* වාතයේ ගමන් කිරීම පහසුවන පරිදි දේහය අනාකූල හැඩයක් ගනී.
*පිහාටු වලින් ආවරණය වූ සමක් දරයි. කොරල තිබුණද ඒවා අපර ගාත්‍රා වලට සීමා වී ඇත.
* සංචරණය සඳහා පංචාංගුලික ගාත්‍රා පිහිටයි.