PopAds.net - The Best Popunder Adnetwork

ප්‍රභාසංස්ලේෂණය

ප්‍රභාසංස්ලේෂණය යනු ආලෝක ශක්තිය උපයෝගී කරගෙන කාබන්ඩයොක්සයිඩ් හා ජලය අමුද්‍රව්‍ය ලෙස යොදා ගෙන හරිතප්‍රද අඩංගු සෛල තුළ සිදුවන ආහාර සංස්ලේෂණය ක්‍රියාවලියයි.


ප්‍රභාසංස්ලේෂණය කෙරෙහි බලපාන සාධක,

i.හරිතප්‍රද 

ii.ආලෝක ශක්තිය 

iii.ජලය 

iv.කාබන්ඩයොක්සයිඩ් 


ප්‍රභාසංස්ලේෂණයේ ප්‍රධාන ඵලය ග්ලූකෝස් නිපදවීම 

ප්‍රභාසංස්ලේෂණයේ අතුරු ඵලය ඔක්සිජන් නිපදවීම 


ප්‍රභාසංස්ලේෂණයේදී ශාක පත්‍ර තුල පිෂ්ඨය නිපදවීම දැයි පරික්ෂා කිරීම 

අවශ්‍ය ද්‍රව්‍ය:- 

✦පරීක්ෂා නළයක්, තේපවක්,බන්සන් දාහකයක්, ජලය,එතිල් මද්‍යසාර, ශාක පත්‍රයක්,

ක්‍රමය:-

✦හොඳින් හිරුඑළිය ලැබෙන ස්ථානයක ඇති ශාකයක පත්‍රයක් ගෙන එය ජලයේ තැම්බීම.

✦පසුව එම ශාක පත්‍රය මද්‍යසාරය අඩංගු කැකෑරුම් නලයක දමා එම නලය ජල තාපකයක බහා තැබීම.

✦ඉන්පසු ශාක පත්‍රය ජලයෙන් සෝදා අයිඩින් ධාවනයෙන් බිංදු කීපයක් දමා වර්ණ විපර්යාස නිරීක්ෂණය කිරීම.

නිගමනය:- 

✦ශාක පත්‍රයට අයඩීන් ද්‍රාවණය දැමූ විට නිල් හෝ තද දම්පැහැ වුවහොත් පිෂ්ඨය නිපදවී ඇතිබව නිගමනය කළ හැකිය.


ප්‍රභාසංස්ලේෂණය සඳහා ආලෝක ශක්තිය අවශ්‍ය බව පෙන්වීම 

අවශ්‍ය ද්‍රව්‍ය:- 

✦පෝච්චියක සිටුවන ලද පැය 48ක් අඳුරේ තැබූ ශාකයක් 

✦පිෂ්ඨ පරීක්ෂාව අවශ්‍ය ද්‍රව්‍ය 

✦කළු සහ අවර්ණ පොලිතීන් පටි


ක්‍රමය:-

✦පෝච්චියක සිටුවන ලද පැය 48ක් අඳුරේ තැබූ ශාකයේ සමාන ප්‍රමාණයේ ශාක පත්‍ර දෙකක් තෝරා ගැනීම( A හා B පත්‍ර).

✦ තෝරා ගත් A පත්‍රයේ යම් කොටසක් කලු පොලිතීනයෙන්ද , B පත්‍රයේ කොටස අවර්න පොලිතීනයෙන්ද ආවරණය කිරීම.

✦පසුව මෙම ඇටවුම පැය 3-5 කාලයක් හිරුඑළිය වැටෙන ස්ථානයක තැබීම.

✦A හා B පත්‍ර සඳහා පිෂ්ඨ පරීක්ෂාව සිදු කිරීම.


නිරීක්ෂණය:-

✦A පත්‍රයට අයිඩින් ද්‍රවණය දැමූ විට කළු පොලිතීන් ආවරණය කර තිබූ කොටසේ වර්ණ විපර්යාසයක් දක්නට නොලැබේ. 

✦B පත්‍රයට අයිඩීන් ද්‍රවණය දැමූ විට අවරණ පොලිතීනයෙන් ආවරණය කර තිබූ කොටස පත්‍රයේ අනෙක් කොටස මෙන්ම තද දම් හෝ නිල් පැහැ වේ.


නිගමනය:-

✦අවර්ණ පොලිතීන් සහිත පත්‍රයට හිරු එළිය ලැබුණ නිසා ප්‍රභාසංස්ලේෂණය සිදුවී පිෂ්ඨය නිපදවී තිබේ.

✦එබැවින් ප්‍රභාසංස්ලේෂණය සඳහා ආලෝක ශක්තිය අවශ්‍ය බව නිගමනය කළ හැකිය.


ප්‍රභාසංස්ලේෂණය සඳහා කාබන්ඩයොක්සයිට් අවශ්ය බව පෙන්වීම

අවශ්‍ය ද්‍රව්‍ය:-

✦පෝච්චියක සිට වූ ශාකයක් 

✦පිෂ්ඨ පරීක්ෂාව ට අවශ්‍ය ද්‍රව්‍ය 

✦සමාන ප්‍රමාණයේ පොලිතින් මලු දෙකත් 

✦KOH ද්‍රාවනයක්

✦ජලය


ක්‍රමය:- 

✦බොහෝ දුරට සමාන ශාක පත්‍ර දෙකක් තෝරා ගැනීම.(C හා D)

✦පාරදෘශ්‍ය පොලිතීන් මලු දෙකක් ගෙන ඒවාට වෙන වෙනම KOH ද්රාවණයක් සහ ජලය දැමීම .

✦පසුව D පත්‍රය KOH ද්‍රාවනය සහිත බෑගය තුලටද, C පත්‍රය ජලය සහිත බෑගය තුලටද ඇතුලුකොට වායුරෝදක වනසේ ගැට ගැසීම.

✦පසුව මෙම ශාකය පැය 3-5 කාලයක් හිරුඑළිය වැටෙන ස්ථානයක තැබීම.

✦පසුව C හා D පත්‍ර ගෙන ඒවා පිෂ්ඨ පරික්ශාවට ලක් කිරීම.


නිරීක්ෂණය:

✦D පත්‍රයට අයඩීන් ද්‍රාවනය දැමූ විට වර්ණ විපර්යාසයක් දක්නට නොලැබීම.

✦C පත්‍රයට අයිඩින් ද්‍රවණය දැමූ විට තද දම් හෝ නිල් පැහැවීම.


නිගමනය:- 

✦ C පත්‍රයට කාබන්ඩයොක්සයිඩ් වායුව ලැබෙන නිසා ප්‍රභාසංස්ලේෂණය සිදුවී පිෂ්ඨය නිපදවී ඇත.

✦එබැවින් ප්‍රභාසංස්ලේෂණය සඳහා කාබන්ඩයොක්සයිඩ් වායුව අවශ්‍ය බව නිගමනය කළ හැකිය.

✦ප්‍රභාසංස්ලේෂණය සඳහා හරිතප්‍රද (ක්ලෝරොෆිල්) අවශ්‍ය බව පෙන්වීම.

අවශ්‍ය ද්‍රව්‍ය:-

✦විචිත්‍ර පත්‍ර සහිත සුදු වද ක්‍රෝටන් ආදී ශාක පත්‍රයක්.

✦සුදු කඩදාසියක්

✦පිෂ්ඨ පරීක්ෂාව ට අවශ්‍ය ද්‍රව්‍ය


ක්‍රමය:- 

✦විචිත්‍ර පත්‍ර සහිත ශාක පත්‍රය ගෙන එහි විචිත්‍ර බව සුදු කඩදාසියක සටහන් කරගැනීම.

✦පසුව එම පත්‍රය සඳහා පිෂ්ට පරීක්ෂාව සිදු කිරීම.


නිරීක්ෂණය:-

✦සුදු විචිත්‍ර පැහැති ස්ථාන වල වර්ණ විපර්යාසයක් නොමැති අතර ඉතිරි කොටස්වල තද දම් පාටට හුරු නිල් පැහැය නිරීක්ෂණය වේ.


නිගමනය:

✦පත්‍ර සුදු විචිත්‍ර පැහැති ස්ථානවල හරිතප්‍රද අඩංගු නොවන නිසා ප්‍රභාසංස්ලේෂණය සිදු වී නොමැත.

✦එබැවින් ප්‍රභාසංස්ලේෂණය සඳහා හරිතප්‍රද අවශ්‍ය බව නිගමනය කළ හැකිය

✦ප්‍රභාසංස්ලේෂණය සඳහා ජලය අවශ්‍ය බව පෙන්වීම

✦මේ සඳහා විද්‍යාගාර පරීක්ෂණයක් සැලසුම් කළ නොහැක එයට හේතුව පරීක්ෂණය සඳහා ජලය ලබා නොදුන් විට ශාකය මිය යන බැවිනි.

✦ප්‍රභාසංස්ලේෂණයේදී ඵලය ලෙස ඔක්සිජන් වායුව සෑදෙන බව පෙන්වීම 


අවශ්‍ය ද්‍රව්‍ය:-

✦ද්‍රෝණිකාව. 

✦කැකෑරුම් නලයක් 

✦පුනීලයක්

✦ජලරුහ ශාකයක් 


ක්‍රමය:-

✦ද්‍රෝණිකාවක් ගෙන එයට ජලය දැමීම.

✦ඉන්පසු වැලිස්නේරියා හෝ හයිඩ්රිල්ලා වැනි ජලරුහ ශාක කිහිපයක් පුනීලය තුළ රැඳවීම.

✦කැකෑරුම් නලයක් ජලයෙන් පුරවා ජලය තුළදී එය යටිකුරු කර පුනීලය මත තැබීම.

✦මෙම ඇටවුම හොඳින් හිරු එළිය ඇති ස්ථානයක තැබීම


නිරීක්ෂණය:-

✦ජලරුහ ශාක වලින් වායු බුබුළු පිටවන බවත් කැකෑරුම් නලය ඉහළ කෙළවරේ වායුව එකතු වන බව දක්නට ලැබීම.

ක්‍රමය:-

✦පිටවූ වායුව ඔක්සිජන් දැයි පරික්ෂා කිරීමට කැකෑරුම් නලයේ පරිමාවෙන් හතරින් තුනක් පමණ වායුව එකතු වූ පසු එහි ඇති ජලය සෙමෙන් ඉවත් කිරීම.

✦අනතුරුව එහි විවෘත කෙළවරෙන් නලය තුළට පුළිඟු කීරක් ඇතුළු කිරීම.


නිගමනය:_

✦පිලිගු කීර දීප්තිමත්ව දැල්වෙන බැවින් ප්‍රභාසංස්ලේෂණයේදී ඔක්සිජන් නිපදවන බව නිගමනය කළ හැකිය.

✦ප්‍රභාසංස්ලේෂණයේ කාර්යභාරය

✦පෘථිවිය තුළ ජීවය පවත්වාගෙන යාම 

✦කාබන් චක්‍රයේ පවත්වාගෙන යාමට දායක වීම 

✦වායුගෝලයේ ඔක්සිජන් හා කාබන්ඩයොක්සයිඩ් සංයුතිය තුලිතව තබා ගැනීමට දායකවීම

✦ශ්වසනය දහනය වැනි ක්‍රියාවලිය නිසා පරිසරයට එකතු වන කාබන්ඩයොක්සයිඩ් වායුව පරිසරයෙන් ඉවත් කිරීමේ කාර්යයට දායකවීම 

✦සවායු ජීවින්ගේ පැවැත්මට මෙන්ම ද්‍රව්‍ය දහනයට අවශ්‍ය වන ඔක්සිජන් නිදහස් කිරීම


-Kavindu Lakshan-

Post a Comment

Previous Post Next Post