🔯යම් පදාර්ථයක් තුල ද්‍රව්‍ය දෙකක් හෝ වැඩි ගණනක් අඩංගු නම් මෙවැනි පදාර්ථ මිශ්‍රණ ලෙස හැඳින්වේ.
🔯මිශ්‍රණයක මිශ්‍රවී ඇති එක් එක් ද්‍රව්‍ය එම මිශ්‍රණයේ සංඝටක ලෙස හැඳින්වේ.
සමජාතිය මිශ්‍රණ:-
🔯මිශ්‍රණය පුරාවටම එකම සංයුතියක් සහිත මිශ්‍රණය සමජාතීය මිශ්‍රණ ලෙස හැඳින්වේ.
🔯සමජාතිය මිශ්‍රණයක වර්ණය විනිවිද පෙනෙන බව ඝනත්වය වැනි භෞතික ලක්ෂණ සෑම තැනම එක හා සමාන වෙයි.
විශමජාතිය මිශ්‍රණ:-
🔯මිශ්‍රණය පුරාම සංයුතිය ඒකාකාර නොවන මිශ්‍රණ විශමජාතිය මිශ්‍රණ ලෙස හැඳින්වේ.
🔯මිශ්‍රණය පුරා තැනින් තැනට සංඝටකවල ආංශු පැතිරීම වෙනස් වේ.
🔯එම නිසා මිශ්‍රණයේ වර්ණය, විනිවිද පෙනෙන බව, ඝනත්වය, ආදී ලක්ෂණ තැනින් තැනට වෙනස් වේ.
ද්‍රාවණයක ද්‍රාව්‍යය හා ද්‍රාවකය
🔯ද්‍රාවනයක් ද්‍රාවකයකින් හා ද්‍රව්‍ය එකකින් හෝ කිහිපයකින් සමන්විතයි.
🔯ද්‍රාවණය සෑදීමට මිශ්‍රකල සංඝටක අතුරින් වැඩිපුරම ඇති සංඝටකය ද්‍රාවකය වේ.සෙසු සංඝටක ද්‍රව්‍යය වේ.
ද්‍රව්‍යයක ද්‍රාව්‍යතාව
🔯යම් උෂ්ණත්වයකදී යම් ද්‍රාවකයක ග්‍රෑම් 100 ක් තුළ දියවෙන කිසියම් ද්‍රව්‍යයක උපරිමය ස්කන්ධය එම උෂ්ණත්වයේදී එම ද්‍රාවකය තුල ද්‍රාව්‍යයේ ද්‍රාව්‍යතාව ලෙස හැඳින්වේ.
ද්‍රාව්‍යතාව කෙරෙහි බලපාන සාධක-
i.උෂ්ණත්වය
ii.ද්‍රාව්‍යයේ ස්වභාවය
iii.ද්‍රාවකයේ ස්වභාවය
🔯මේ අනුව ද්රාවක හා ද්‍රව්‍යය ආකාර 4කට බෙදේ.
1.ධ්‍රැවීය කාබනික ද්‍රාවක/ද්‍රාව්‍යය
2.නිර්ධ්‍රැවීය කාබනික ද්‍රාවක/ද්‍රාව්‍යය
3.ධ්‍රැවීය අකාබනික ද්‍රාවක/ද්‍රාව්‍යය
4.නිර්ධ්‍රැවීය අකාබනික ද්‍රාවක/ද්‍රාව්‍යය
1.ධ්‍රැවීය කාබනික සංයෝග
- එතනෝල්
- මෙතනෝල්
- මධ්‍යසාර
- ෆෝමලින්
- ඇසිටෝන්
2.නිර්ධ්‍රැවීය කාබනික ද්‍රාවක/ද්‍රාව්‍යය
- හෙක්සේන්
- බෙන්සීන්
- කබන් ටෙට්ට්‍රාක්ලෝරයිඩ්
3.ධ්‍රැවීය අකාබනික ද්‍රාවක/ද්‍රාව්‍යය
- ජලය
- ඇමෝනියා
- හයිඩ්‍රජන් ක්ලෝරයිඩ්
4.නිර්ධ්‍රැවීය අකාබනික ද්‍රාවක/ද්‍රාව්‍යය
- කාබන් ඩයිසල්ෆයිඩ්
- ද්‍රව කාබන්ඩයොක්සයිඩ්
🔯ධ්‍රැවීය ද්‍රව්‍යය ධ්‍රැවීය ද්‍රාවක වල දියවේ.
උදා-
i.එතනෝල් හා ජලය ධ්‍රැවීය සංයෝගයි. එබැවින් එතනෝල් ජලයේ දියවේ.
ii.ජලය සහ ඇමෝනියා ධ්‍රැවීය සංයෝගයි.එමනිසා ජලය තුල ඇමෝනියා දිවේ.
🔯නිර්ධ්‍රැවීය ද්‍රාව්‍යය නිර්ධ්‍රැවීය ද්‍රාවක වල දියවේ.
උදා.
i.ග්‍රීස් හා භූමිතෙල් නිර්ධ්‍රැවීය ද්‍රාවක වේ.එමනිසා භූමිතෙල් වල ග්‍රීස් දියවේ.
ii.කොහොල්ලා හා භූමිතෙල් නිර්ධ්‍රැවීය ද්‍රාවක වේ.එමනිසා කොහොල්ලා භූමිතෙල් වල දියවේ.
🔯වායුවක ජල ද්‍රාව්‍යතාව උෂ්ණත්වය හා පී ඩනය මත රදා පවතී.
-Kavindu lakshan`