1. පදාර්ථයක් යනු අවකාශයේ ඉඩක් ගන්නා ස්කන්ධයක් සහිත ද්‍රව්‍යයකි.
2. පදාර්ථයේ තැනුම් ඒකකය පරමාණුවයි.
3. පරමාණුව සෑදී ඇත්තේ උප පරමාණු අංශු වලිනි
4. ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන නියුට්‍රෝන යනු උප පරමාණුක අංශු වේ.
5. ඉලෙක්ට්‍රෝන සෘණ ආරෝපිත ප්‍රෝටෝන ධන ආරෝපිත නියුට්‍රෝන උදාසීන
6. පරමාණුවක අඩංගු ඉලෙක්ට්‍රෝන ගණන ප්‍රෝටෝන ගනනට සමානයි.එමනිසා පරමාණුව විද්‍යුත් වශයෙන් උදාසීනයි
7. පරමාණුක ක්‍රමාංකය යනු මුලද්‍රව්‍ය පරමාණුවක න්‍යෂ්ටියේ අඩංගු ප්‍රෝටෝන සංඛ්‍යාවයි.
8. ස්කන්ධ ක්‍රමාංකය යනු පරමාණුවක න්‍යෂ්ටියේ අඩංගු ප්‍රෝටෝන සංඛ්‍යාවේත් නියුට්‍රෝන සංඛ්‍යාවෙත් එකතුවයි
9. පරමාණුවක න්‍යෂ්ටියේ සිට පිටතට පිළිවෙලින් එක් එක් ශක්ති මට්ටම් වල ඉලෙක්ට්‍රෝන පිරී ඇති ආකාරය නිරූපණය කිරීම ඉලෙක්ට්‍රෝන වින්‍යාසයයි.(2,8,8,18)
10. න්‍යෂ්ඨිය සිට ඉවතට පිටතට යන විට ශක්තිය ක්‍රමයෙන් වැඩි වේ නමුත් ශක්ති මට්ටම් අතර පරතරය අඩු වේ
11. සමස්ථානික යනු එකම මූලද්‍රව්‍යයේ ඇති වෙනස් ස්කන්ධ ක්‍රමාංක සහිත පරමාණු වලටය
12. පළමුවන අයනීකරණ ශක්තිය
වායුමය අවස්ථාවේ ඇති මූලද්‍රව්‍ය පරමාණුවකින් ඉලෙක්ට්‍රෝනයක් ඉවත් කර වායුමය ඒක + අයනයක් සෑදීමට සැපයිය යුතු අවම ශක්තිය එහි පළමුවන අයනීකරණ ශක්තිය ලෙස හැඳින්වෙයි.
13.ආවර්තයක් සැලකූවිට එහි අඩුම ප්‍රථම අයනීකරණ ශක්තියක් ඇත්තේ පළවෙනි කාණ්ඩයේ මුලද්‍රව්‍ය වලටයි.උපරිම ශක්තියක් ඇත්තේ අටවෙනි කාණ්ඩය මූලද්‍රව්‍ය වලටයි.
14. මූල ද්‍රව්‍ය පරමාණුවක් තවත් මූලද්‍රව්‍ය පරමාණුවක් සමග සහසංයුජ බන්ධනයකින් බැදී ඇති විට එම බන්ධනයේ ඉලෙක්ට්‍රෝන තමා වෙත ඇද ගැනීමේ හැකියාව විද්‍යුත් ඍණතාවයි.
15. ආවර්තයක් දිගේ වමේ සිට දකුණට යන විට විද්‍යුත් ඍණතාව වැඩිවේ.
16. කාණ්ඩයක් දිගේ පහළට යන විට විද්‍යුත් ඍණතාව අඩුවේ.
17. ලෝහ
ලෝහ වල භෞතික ගුණ
(i)ආවේණික ලෝහක දිස්නයක් තිබීම
(ii)ගැටීමේදී රැව් දීම
(iii)සාමාන්‍ය උෂ්ණත්වයේ දී ඝනයක්ව පැවතීම(Hg ලෝහයක් වුනත් සාමාන්‍ය උෂ්ණත්වය ද්‍රවයක් ව පවතී)
(iv)තන්යය හා අහන්‍යතාව
(v)හොඳ තාප සන්නායක හා විද්‍යුත් සන්නායක වීම
(vi)ඉහළ ඝනත්වයක් තිබීම
ලෝහ වල රසායනික ගුණ
(i)ලොහ ඉලෙක්ට්‍රොන පිටකර ඒක ධන අයන හෙවත් කැටායන සාදයි
(ii)ලෝහ ඔක්සිජන් සමඟ සංයෝජනය වී භාස්මික ඔක්සයිඩ සාදයි එම ඔක්සයිඩ ජලයේ දී වීමෙන් භාෂ්මික ද්රාවණ සෑදේ
සෝඩියම් Na
➡️සෝඩියම් අධික ප්‍රතික්‍රියාශීලී මූලද්‍රව්‍යයකි.කිසිවිටෙකත් ලෝහයක් ලෙස නොපවතී
➡️අධික ප්‍රතික්‍රියාශීලීතාව නිසා සෝඩියම් ස්වභාවය පවතින්නේ වෙනත් මූල ද්‍රව්‍ය සමඟ සංයෝජනය වීමෙන් ය
➡️අධික ප්‍රතික්‍රියාශීලීතාවය නිසා වාතය නොගැටෙන සේ භූමිතෙල් හෝ පැරෆීන් තෙල්වල ගබඩා කරයි
➡️පහසුවෙන් පිහියකින් කැපිය හැක.කැපූ පෘෂ්ඨයේ රිදී වන් දිස්නයක් ඇත.ටික වේලාවකින් දිස්නය ක්‍රමයෙන් අඩුවෙයි
සෝඩියම් වල භෞතික ගුණ
(i)පිහියකින් කැපියහැකි තරම් මුදු ලෝහයකි.
(ii)ජලයේ ඝනත්වයට වඩා අඩුය එම නිසා ජලයේ පාවේ
(iii)හොඳ විද්‍යුත් හා තාප සන්නායකයකි
රසායනික ගුණ
(i)සෝඩියම් ලෝහය ඔක්සිජන් සමඟ ප්‍රබලව ප්‍රතික්‍රියා කර ඔක්සයිඩ සාදයි
(ii)සිසිල් ජලය සමඟ සීඝ්‍රයෙන් ප්‍රතික්‍රියා කර සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සහ හයිඩ්රජන් වායුව නිපදවයි
(iii)සෝඩියම් ලෝහය තනුක අම්ල සමග ප්‍රචණ්ඩව ප්‍රතික්‍රියා කර ලවණය හා හයිඩ්රජන් වායුව නිපදවයි
සෝඩියම් ලෝහයේ භාවිත
➡️රන්රිදී නිස්සාරණයට අවශ්‍ය සෝඩියම් සයනයිඩ් නිපදවීම
➡️කාබනික රසායන විද්‍යාවේදී ඔක්සිහාරකයක් ලෙස සෝඩියම් සංරසය සෑදීම
➡️ඩෙනිම් වර්ණ ගැන්වීමට අවශ්‍ය සායම් සෑදීම
➡️කහ පැහැය ආලෝක ලාම්පු සෑදීමට
මැග්නීසියම් Mg
මැග්නීසියම් වල භෞතික ගුණ
(i)ජලයට වඩා ඝනත්වය වැඩි ය
(ii)තාප හා විද්‍යුත් සන්නායකයකි.
(iii)නිදහසේ ලෝහයක් ලෙස නොපවතී.එමනිසා සංයෝග ලෙස පවතී.
(iv)වාතයේදී ප්‍රතික්‍රියා කරන නිසා දිස්නය අඩුය.කඩදාසියකින් මැද ගත් විට දිස්නය වැඩිය
රසායනික ගුණ
(i)වාතයේදී රත් කලවිට දීප්තිමත් සුදු දැල්ලක් ඇතිකරමින් දැවී සුදු පැහැති magnesium oxide සාදයි
(ii)සිසිල් ජලය සමග ප්‍රතික්‍රියා නොකරයි
(iii)උණු ජලය සමග ප්‍රතික්‍රියා කර මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් හා හයිඩ්රජන් වායුව පිට කරයි
(iv)තනුක අම්ලයක් සමග සීඝ්‍ර ප්‍රතික්‍රියා කර ලවණ සහ හයිඩ්‍රජන් වායු නිපදවයි
මැග්නීසියම් වල භාවිත
➡️milk of magnesia ඖෂධ නිපදවීමට
➡️වීඛාදනය වලක්වන කැපවීමේ ලෝහයක් ලෙස
➡️මැග්නේලියම් මිශ්‍රලෝහය සෑදීමට
18.අලෝහ
අලෝහ වල භෞතික ගුණ
(i)සාමාන්‍ය උෂ්ණත්වයේ දී ඝන අවස්ථාවේ පවතී
(ද්‍රව හා වායු අවස්ථාවේ පවතින අලෝහ ද ඇත
ඝන-C,P,S
ද්‍රව-බ්රෝමීන්වායු
වායු- ක්ලෝරීන් ෆ්ලුවෝරීන්)
(ii)ලෝහමය දිස්නයක් නැත
(iii)දුර්වල විද්‍යුත් හා තාප සන්නායක වේ
(නමුත් කාබන් වල බහුරූපී අවස්ථාවක් වන මිනිරන් විද්‍යුත් සන්නායකයකි)
(iv)අලෝහ ඝණත්වයෙන් අඩු වුවද කාබන්හි බහුරූපී අවස්ථාවක් වන දියමන්ති ඝනත්වයෙන් ඉහලය
අලෝහ වල රසායනික ගුණ
(i)අලෝහ සෘණ අයන සාදයි
(ii)අලෝහ ඔක්සිජන් සමග සාදන ඔක්සයිඩය බොහෝවිට ආම්ලික ඔක්සයිඩ වේ.මේවා වායුමය අවස්ථාවේ ද පවතී.ජලයේ දීයවී අම්ල සාදයි.
N නයිට්‍රජන්
(i)වායුගෝලයේ පරිමාවෙන් 78.1% ක් ඇත
(ii)පාංශු වාතයේ සංඝටකයක් ලෙස පවතී.
(iii)හියුමස් වැනි කාබනික ද්‍රව්‍ය වල පවතී
නයිට්‍රජන් වායුවේ භෞතික ගුණ
(i)වර්ණයක් හෝ ගන්ධයක් නැත.
(ii)වාතයට වඩා මදක් සැහැල්ලුය.
(iii)ජලයේ සුළු වශයෙන් දිය වේ
නයිට්‍රජන් වායුවේ රසායනික ගුණ
(i)ප්‍රතික්‍රියාතාව ඉතා අඩු වායුවකි.
(ii)එහෙත් ඉහළ උෂ්ණත්ව වලදී නයිට්‍රජන් ඔක්සිජන් හයිඩ්‍රජන් කාබන් සිලිකන් වැනි අලෝහ සහ Mg,Al වැනි ලෝහ සමඟ ප්‍රතික්‍රියා කරයි
(iii)ප්‍රබල විද්‍යුත් ශාපයක් හමුවේ වාතයේ ඇති ඔක්සිජන් නයිට්‍රජන් සංයෝජනය වී අස්ථායි නයිට්රික් ඔක්සයිඩ් සාදයි
(iv)කාර්මිකව ඇමෝනියා වායුව නිපදවීමේ දී
(v)ලෝහ නයිට්‍රජන් වායුව සමග රත්කිරීමේදී ලෝහයේ නයිට්රයිඩය සාදයි
නයිට්‍රජන් වායුවේ භාවිත
➡️කාර්මිකව ඇමෝනියා පොහොර නිපදවීමට
➡️අක්‍රීය වායුවක් නිසා විදුලි ලාම්පු උෂ්ණත්වමාන ආදිය තුළ පිරවීමට
➡️ඉලෙක්ට්‍රොනික උපාංග සෑදීමේදී
➡️සියුම් ලෝහ කොටස් ඔක්සිජන් සමඟ ගැටීම වැළැක්වීමට නයිට්‍රජන් වායු පරිසරයක් භාවිතා වේ *සමහර ප්‍රතික්‍රියාශීලී රසායන ද්‍රව්‍ය ගබඩා කිරීමේදී ආවරණ වායුවක් ලෙස
➡️අධික සිසිලන කාරකයක් ලෙස
➡️වාහන වල ටයර් පිරවීමට
S සල්ෆර්
➡️සාමාන්‍ය ව්‍යවහාරයේ දී ගෙන්දගම් ලෙසින් හැඳින්වේ.
➡️ස්වභාවය විවිධ ස්වරූප ලෙසින් පවතී
➡️බහුරූපී ආකාර ලෙස පවතී.
➡️සල්පර් බිඳෙනසුලු කහ පැහැති ස්ඵටික ලෙස හා සුදු පැහැති කුඩු වැනි අස්ඵටික ලෙස පවතී ➡️ස්වභාවයෙන් නිදහස් මුලද්‍රව්‍යයක් මෙන්ම සල්ෆේට,සල්ෆයිඩ් වැනි සංයෝග ලෙස පවතී
➡️ජීවීන්ගේ දේහයේ ඇමයිනෝ අම්ලවල ප්‍රධාන සංඝටක යයි
➡️පැහැදිලි අලෝහ ගුණ පෙන්වයි
භෞතික ගුණ
➡️ජලයේ අද්‍රාව්‍යයි
➡️ස්ඵටික ආකාරය කහ පැහැති
➡️කාබනික ද්රාවණ වල සුළු වශයෙන්ද කාබන් ඩයිසල්ෆයිඩ් ද්රාවකයේ ඉතා හොඳින්ද දිය වේ
රසායනික ගුණ
➡️නිල් දැල්ලක් සහිතව වාතයේ දැවී සල්ෆර් ඩයොග්සයිඩ් වායුව සාදයි.
➡️බොහෝ ලෝහ සල්ෆර් සමඟ රත්කල විට ලෝහයේ සල්ෆයිඩය සෑදේ
ලෝහයේ භාවිත
➡️සල්ෆියුරික් අම්ලය නිපදවීමට
➡️රබර් වල්කනයිස් කිරීමට
➡️ලී පල්ප විරංජනය කිරීම සඳහා
➡️මැග්නීසියම් සල්ෆේට් සෑදීමට
➡️ගිනිකූරු රතිඤ්ඤා වෙඩි බෙහෙත් සෑදීමට.
➡️wine බීර නිපදවීමේදී දිලීර නාශකයක් ලෙස
➡️ඖෂධ වර්ග නිපදවීමට
කාබන් C
➡️ස්පටික මෙන්ම අස්පටික ස්වභාවයන් ද ඇත.
➡️ස්පටීක රූපීය ආකාරය බහුරූපීතාව දක්වයි.උදාහරණ:- කාබන් වල දියමන්ති,මිනිරන්ෆූ,ලරීන්
➡️අස්පටික ආකාර අගුරු,දැලි,ගල් අඟුරු
➡️ස්වභාවයේ කාබන්ඩයොක්සයිඩ් ලෙස පවතී
➡️බහුලව පවතින අනුව මූල ද්‍රව්‍යයකි
➡️සත්ව හා ශාක පටකවල සියලුම කාබනික සංයෝග වල පෙට්‍රෝලියම් ආදියේ තැනුම් ඒකකය ලෙස
භෞතික ගුණ
🔘දියමන්ති හැර අනිකුත් ස්වරූප කළු පාට වේ.
🔘ඝන අවස්ථාවේ පවතී.සාපේක්ෂව ඝනත්වය අඩුයි.
🔘වැඩිම ඝනත්වයක් ඇත්තේ දියමන්ති වලටයි.
➡️ඉහළ වර්තනාංකය හා දැඩි බව නිසා දියමන්ති ඉහළ වටිනාකමක් දක්වයි
➡️දියමන්ති විද්‍යුත් කුසන්නායකයකි.මිනිරන් විද්‍යුත් සන්නායකයකි.අඟුරු වායු අධිශෝෂකයකි
රසායනික ගුණ
➡️ප්‍රතික්‍රියාශීලීතාව අඩුයි.
➡️ඉතා ඉහල උෂ්ණත්ව වලදී ඔක්සිජන් සමග සංයෝජනය වේ.
➡️අම්ල භෂ්ම ක්ලෝරීන් ආදිය සමග ප්‍රතික්‍රියා නොකරයි.
➡️අඟුරු වැනි අස්ඵටික ආකාර රසායන ප්‍රතික්‍රියා නොකරයි.
➡️අඟුරු තදින් රත්කර ජ්වලනය කල විට ඔක්සිජන් සමග ප්‍රතික්‍රියාව වී කාබන්ඩයොක්සයිඩ් සාදයි.
➡️ඉහළ උෂ්ණත්වයේදී කාබන් කැල්සියම් ඔක්සයිඩ් සමඟ ප්‍රතික්‍රියා කර කැල්සියම් කාබයිට් සාදයි.
භාවිත
1.ඉන්ධනයක් ලෙස-ගල් අඟුරු,බොරතෙල්
2.තීන්ත වර්ග නිපදවීමට හා රබර් වල පිරවුම්කාරකයක් ලෙස
3.පැන්සල් නිපදවීම විදුලි කෝෂ වල ඉලෙක්ට්‍රෝඩ සෑදීම
4.වීදුරු කැපීමට මැණික් කැපීම වායු අවශෝෂකයක් හා ජලය පිරිසිදු කිරීමට
5.කාබන් තන්තු හා නල නිපදවීමට
19.ලෝහාලෝහ
සිලිකන් Si
➡️ඔක්සිජන් හැර වැඩි වශයෙන්ම ඇති මූලද්‍රව්‍ය සිලිකන් වේ.
➡️ස්පඨික හා අස්ඵටික ලෙස ඇත.ස්පටික-තිරුවානා,වැලි.
➡️මැටි සිලිකන් අඩංගු සංයෝගයකි.
භාවිත
➡️ට්‍රාන්සිස්ටර් සහ ඩයෝඩ සෑදීම.
➡️සූරිය කෝෂ සෑදීම,
➡️පරිගණක උපාංග සෑදීම
බෝරෝන් B
➡️සංශුද්ධ බෝරෝන් කළු පැහැති ස්පඨිකරූපී ඝන මූලද්‍රව්‍යයකි.
➡️ඉහළ උෂ්ණත්වයකට රත් කළ ද ප්‍රතික්‍රියා නොකරයි
➡️අස්ඵටිකරූපී බෝරෝන් ඉතා ඉහල උෂ්ණත්ව වලදී ඔක්සිජන් නයිට්‍රජන්,නයිට්‍රික් අම්ලය කාබන් සල්ෆර් වැනි ද්‍රව්‍ය සමග ප්‍රතික්‍රියා කර අනුරූප සංයෝග සාදයි.
භාවිත
➡️ලෝහ පෑස්සීමේදී,
➡️චර්ම ආලේපන සෑදීමට,
➡️ඉහළ උෂ්ණත්ව වලට රත්කළ හැකි වීදුරු සෑදීමට
සංයුජතාව
➡️මූල ද්‍රව්‍ය පරමාණුවක් සමඟ සංයෝජනය විය හැකි හෝ එමගින් ප්‍රතිස්ථාපනය කළ හැකි හෝ හයිඩ්‍රජන් පරමාණු සංඛ්‍යාව සංයුජතාව යයි.
➡️අවසාන ශක්ති මට්ටමේ ඇති ඉලෙක්ට්‍රෝන හඳුන්වනු ලබන්නේ සංයුජතා ඉලෙක්ට්‍රෝන ලෙසයි.
➡️මූල ද්‍රව්‍ය වල සංයුජතාව රසායනික සංයෝජනයේ දී එම මූල ද්‍රව්‍ය පරමාණුවකින් ඉවත් වන ඉලෙක්ට්‍රෝන ගණනට හෝ ලබාගන්නා ඉලෙක්ට්‍රෝන ගණනට හෝ හවුලේ තබාගන්නාa ඉලෙක්ට්‍රෝන ගණනට සමාන වේ