▶පටකයක් යනු ජීවී දේහයක අඩංගු වන නිශ්චිත වූ කෘත්‍යය ඉටුකිරීම සඳහා සැකසුණු පොදු සම්භවයක් සහිත සෛල සමූහයකි.
▶ශාක පටක වර්ගීකරණය
▶ශාක පටක විවිධ නිර්ණායක පදනම් කරගනිමින් වර්ග කළ හැකිය
▶විභාජනය වීමේ / බෙදීමේ හැකියාව පදනම් කරගෙන ශාක පටක ප්‍රධාන කාණ්ඩ දෙකකට වර්ග කෙරේ.
1. විභාජක පටක
2.ස්ථිර පටක
1.විභාජක පටක
▶සක්‍රීය ලෙස අනූනන විභාජනයට ලක් වන නව සෛල ඇති කිරීමට හැකියාව ඇති සෛල වලින් සෑදෙන ශාක පටක විභාජක පටක ලෙස හැඳින්වේ.
🧑🎓විභාජක පටකවල ලක්ෂණ
▶සෛල ප්‍රමාණයෙන් කුඩා සජීවී සෛල වේ.
➡අන්තර් සෛලීය අවකාශ රහිත හෝ පැහැදිලි නැත.
➡සෛලවල කැපී පෙනෙන විශාල න්‍යෂ්ටි ඇත.
➡ විශාල මධ්‍ය රික්තක නැත. කුඩා රික්තක තිබිය හැක.
➡හරිතලව නැත.
➡මයිටොකොන්ඩ්‍රියා විශාල සංඛ්‍යාවක් ඇත.
▶විභාජක පටක වර්ග තුනකි
i. අග්‍රස්ත විභාජක
ii.අන්තරස්ථ විභාජක
iii.පාර්ශ්වික විභාජක
i. අග්‍රස්ත විභාජක පටක
➡ශාක කඳේ සහ මූල අග්‍රස්ථයේ කක්ෂිය අංකුර වලත් පවතී.
➡මෙම පටක වල ක්‍රියාකාරීත්වය නිසා ශාකය උසින් වැඩිවේ.
ii.අන්තරස්ථ විභාජක පටක
➡මෙම පටක කදේ පර්ව පාදවල පිහිටයි.
➡ මෙම පටක වල ක්‍රියාකාරීත්වය නිසා පර්ව වල දිග වැඩි වේ.
➡තෘණ කුලයේ ශාකවල මෙම පටක බහුලය.
iii..පාර්ශ්වික විභාජක පටක
➡ ශාක කඳේ සහ මූලේ පාර්ශ්විකව පිහිටා ඇත.
➡මෙම පටකවල ක්‍රියාකාරීත්වය නිසා කඳේ මහත වැඩි වේ. උදාහරණ ද්වී බීජ පත්‍රී ශාක වල හමුවන කැම්බියම් පටකය.
2.ස්ථිර පටක
➡තවදුරටත් විභාජනය විය නොහැකි නිශ්චිත කෘත්‍යයක් ඉටු කිරීමට විශේෂණය වූ පටක ස්ථීර ලෙස හඳුන්වයි.
➡ස්ථිර පටක වර්ග 2 කි.
i.සරල ස්ථිර පටක
ii.සංකීර්ණ ස්ථිර පටක
i. සරල ස්ථිර පටක
➡මේවා එකම ආකාරයේ සෛල සමූහයකින් යුක්ත වේ.
➡සෛලවල හැඩය හා සෛල බිත්තියේ ස්වභාවය අනුව සරල ස්ථිර පටක වර්ග තුනකි.
a .මෘදුස්තර පටකය
b.ස්ථුලකෝණාස්තර පටකය
c.දෘඩස්තර පටකය
a.මෘදුස්තර පටකය
➡ශාක දේහයේ මෘදු කොටස් නිර්මාණය කරන පටක, මෘදුස්තර පටක නම් වේ.
➡ ශාකයක බහුලවම දක්නට ලැබෙන්නේ මෙම පටකයයි.
▶මෘදුස්තර පටකයේ ලක්ෂණ:-
➡සජීවි සෛල වේ
➡විශාල මධ්‍ය සහිත ගෝලාකාර සම විශ්කම්බ සෛල වේ.
➡න්‍යෂ්ටිය සෛල ප්ලාස්මයේ පර්යන්තව පිහිටයි.
➡ඉතා තුනී සෛල බිත්තියක් පවතින අතර එය සෙලියුලෝස් වලින් සෑදී ඇත.
➡සෛල අතර අන්තර් සෛලීය අවකාශ ඇත
💠ශාකය තුළ මෘදුස්තර පටක දක්නට ලැබෙන ස්ථාන:-
➡ශාක කඳේ බාහිකය හා මජ්ජාව
➡මුලේ බාහිකය හා මජ්ජාව
➡පලවල මාංසල කොටස් වල
➡බීජවල
➡පත්‍රවල
💠මෘදුස්තර පටකයේ කෘතය
➡ප්‍රභාසංස්ලේෂණය
➡ආහාර සංචිත කිරීම
➡ජලය සංචිත කිරීම
➡සන්ධාරණය සැපයීම
b.ස්ථුලකෝණාස්තර පටකය
➡ශාක දේහයට දැඩි බව හා යාන්ත්‍රික ශක්තිය ලබාදීමට මෙම පටක දායකවේ.
➡මේවා විකරණය වූ මෘදුස්තර සෛල වේ.
💠ස්ථුලකෝණාස්තර පටකයේ ලක්ෂණ:-
➡සජීවි සෛල වේ
➡සෛල සෛල ප්ලාස්මය න්‍යෂ්ඨිය හා මධ්‍ය රික්තකයක් පවතී
➡සාමාන්‍යයෙන් දිගැටි සෛල වන අතර හරස්කඩ බහුඅශ්‍ර ආකාර හැඩයක් ගනී
➡සෛල බිත්තිවල ශීර්ෂ සෙලියුලෝස් වලින් ඝන වී පවතී. එම නිසා සෛල බිත්ති විෂමාකාර වන වී ඇත.
➡අන්තර් සෛලීය අවකාශ තිබීමට හෝ නොතිබීමට පුළුවන
➡ස්ථුලකෝණාස්තර පටක ශාකයක දක්නට ලැබෙන ස්ථාන:-
➡ආකාෂ්ටික ශාකවල කදෙහි.
➡ද්වි බීජ පත්‍රී ශාක වල පත්‍රවල නාරටියේ.
💠ස්ථුලකෝණාස්තර පටකයේ කෘතය:-
➡සන්ධාරණය
➡ප්‍රභාසංස්ලේෂණය
c.දෘඩස්තර පටකය
➡ශාක දේහයට දැඩි බව හා යාන්ත්‍රික ශක්තිය ලබාදීමට මෙම පටක දායකවේ.
➡තන්තු සෛල හා උපල සෛල ලෙස සෛල වර්ග දෙකක් මෙම පටකයේ ඇත.
💠දෘඩස්තර සෛලයේ පටකයේ ලක්ෂණ
➡අජීවී සෛල වේ.
➡සෙලියුලෝස් සෛල බිත්ති මත ලිග්නීන් තැන්පත් වී ඇත.
➡සෛල බිත්ති ඒකාකාරව ඝනවී සෛලවල මැද හිස් කුහරයක් සාදයි.
➡සෛල තදින් ඇසිරී පවතී. එබැවින් අන්තර් සෛලීය අවකාශ නැත.
💠දෘඩස්තර පටක ශාක තුල දක්නට ලැබෙන ස්ථාන
🔵තන්තු සෛල
➡ශෛලම පටකය තුළ ශෛලමීය තන්තු ලෙස
➡ප්ලෝයම පටකය තුළ ප්ලෝයමීය තන්තු ලෙස
➡පොල් කෙඳි තුළ
➡හණ කෙදි තුළ
➡කපු නූල් තුළ
🔵උපල සෛල
➡පොල්,දියකඳුරු හා අඹ වැනි පලවල අභ්‍යන්තර ආවරණයේ
➡පේර හා පෙයාර්ස් වැනි ඵලවල ඵලාවරණයේ
➡රට ඉඳි හා කෝපි වල බීජාවරණයේ
💠දෘඩස්තර පටකයේ කෘත්‍ය
➡ශාක දේහයට සන්ධාරණය සැපයීම
ii.සංකීර්ණ ස්ථිර පටක
➡සංකීර්ණ ස්ථිර පටකය එකිනෙකට වෙනස් සෛල වර්ග කිහිපයකින් සමන්විතය.
➡ඉටුකරන කෘත්‍යය අනුව ශාක දේහයේ ස්ථිර පටක වර්ග දෙකකි.
1.ශෛලම
2.ප්ලෝයම
➡ශාකයේ මූල, කද, පත්‍ර ආදියේ වූ සනාල පද්ධතිය තුළ මෙම ශෛලමය හා ප්ලෝයම පටක පිහිටයි.
💠ශෛලම පටකය
ශෛලම පටකයේ ඇති සෛල වර්ග ,
i.ශෛලම වාහිනී සෛල / වාහිනී ඒකක සෛල
ii.වාහකාභ සෛල
iii.ශෛලමිය තන්තු
iv.ශෛලමීය මෘදුස්තර
i.ශෛලම වාහිනී සෛල
➡මේවා අගින් අගට එකතු වී, හරස් බිත්ති දියවී, අඛණ්ඩ නාලාකාර ව්‍යුහයක් වන ශෛලම වාහිනී සෑදේ.
➡මෙම නාලාකාර ව්‍යුහය ශාකය තුළ සිරස් අතට සිදුවන ජල පරිවහනයට දායක වේ.
ii. වාහකාභ සෛල
➡මේවා දිගටි තර්කුරූපි සෛල වේ.
➡ජල පරිවහනයට දායක වේ.
iii.ශෛලමිය තන්තු
➡වාහකාබ වලට වඩා කෙටි පටු සෛල වේ.
➡අජීවී බවට පත්ව ඇත.
➡ශාකයට සන්ධාරණය සපයයි.
iv.ශෛලමීය මෘදුස්තර
➡තුනී සෛල බිත්තියක් සහිත සජීවී සෛල වේ.
➡ආහාර සංචිත කිරීම සඳහා වැදගත් වේ.
💠ශෛලම පටකය කෘතය
➡ශාකයේ මුල් මගින් අවශෝෂණය කරගත් ඛනිජ ලවණ සහිත ජලය ශාකය පුරා පරිවහනය කිරීම.
➡ශාකයට සන්ධාරණය සැපයීම.
💠ප්ලෝයම පටකය
🟠ප්ලෝයම පටකයේ ඇති සෛල වර්ග,
i.පෙනේර නල සෛල/ පෙනේර නල ඒකක
ii.සහචර සෛල
iii.ප්ලෝයමීය මෘදුස්තර
iv.ප්ලෝයමීය තන්තු
i.පෙනේර නල සෛල
➡මෙම සෛල අගින් අග සම්බන්ධ වී හරස් බිත්ති අසම්පූර්ණ ලෙස දියවීමෙන් පෙනේර නල සාදයි.
➡මෙහි වූ හරස් බිත්ති පෙනේර තල ලෙස හඳුන්වයි.
➡ශාකය තුළ ආහාර ද්‍රව්‍ය පරිවහනය සඳහා පෙනේර නල දායකවේ.
➡සජීවී සෛල වේ. නමුත් න්‍යෂ්ටියක් නොමැත.
ii. සහචර සෛල
➡පෙනේර නල ආශ්‍රිත ව පිහිටන අතර දිගටි හැඩයක් ගනී.
➡මෙම සෛලයේ න්‍යෂ්ටිය මගින් පෙනේර නල සෛලයේ ක්‍රියාකාරීත්වය පාලනය කරයි.
➡න්‍යෂ්ටි සහිත සජීවී සෛල වේ.
iii.ප්ලෝයමීය මෘදුස්තර සෛල
➡සජීවී සෛල වේ.
iv.ප්ලෝයමීය තන්තු
➡ප්ලෝයම පටකයේ තැනින් තැන පිහිටයි.
➡අජීවී සෛල වේ.
💠ප්ලෝයම පටකයේ කෘත්‍ය
➡පත්‍ර තුළ නිපදවෙන ආහාර ප්ලෝයම පටකය ඔස්සේ ශාක දේහය පුරා පරිවහනය කිරීම හෙවත් පරිසංක්‍රමණය.
🔵 සත්ව පටක🔵
💠පෘෂ්ඨවංශීන්ගේ දේහය තුල ඇති ප්‍රධාන පටක
i.අපිච්ඡද පටක
ii.සම්බන්දක පටක
iii.පේශී පටක
iv.ස්නායු පටක
i.අපිච්ඡද පටක
➡පෘෂ්ඨවංශී දේහයේ සියලුම අපිච්ඡද පටක මගින් ආස්තරණය කරයි.
➡ඇතැම් අපිච්ඡද පටක තනි සෛල ස්තරකින් සමන්විත වන අතර ඇතැම් ඒවා සෛල ස්ථර කිහිපයකින් යුක්ත වේ.
💠අපිච්ඡද පටක වල ලක්ෂණ
➡මෙම පටකයට අයත් සෛල පාදස්ථ පටලයක් මත පිහිටා තිබේ.
➡මෙම සෛල එකිනෙක තදින් ඇසිරී ඇත
➡මෙම පටකයට රුධිර සැපයුමක් නැති අතර පාදස්ථ පටලය මගින් පෝෂණය වේ.
💠අපිච්ඡද පටක පිහිටන ස්ථාන සඳහා නිදසුන්,
➡රුධිර කේෂනාලිකා බිත්තිය
➡තයිරොයිඩ් ග්‍රන්ථි බිත්තිය
➡ආහාර මාර්ග බිත්තිය
➡මුත්‍රාශය බිත්තිය
➡සමේ අපිචර්මය.
💠අපිච්ඡද පටකය කෘත්‍ය,
➡පෘෂ්ඨ ආස්තරණය කිරීම හා ආරක්ෂාව සැලසීම.
➡අවශෝෂක කෘත්‍ය ඉටු කිරීමය
➡උත්තේජ ප්‍රතිග්‍රහණය කිරීම
➡ස්‍රාවී කෘත්‍ය ඉටුකිරීම
➡පෙරීමේ කෘත්‍ය ඉටු කිරීම
ii.සම්බන්ධක පටක
💠සම්බන්ධක පටක වල ලක්ෂණ
➡සෛල වර්ග කිහිපයකින් හා තන්තු වලින් සමන්විතය
➡ඒවා විශාල පූරකයක් තුළ ගිලී පවතී.
➡බොහෝ සම්බන්ධක පටක වල ස්නායු සැපයුමක් හා රුධිර සැපයුමක් තිබේ.
💠 සම්බන්ධක පටකයේ කෘත්‍ය,
➡දේහයේ විවිධ පටක හා අවයව අතර සම්බන්ධතාව පවත්වා ගැනීම.
➡සන්ධාරණය සැපයීම.
💠සම්බන්ධක පටක සඳහා උදාහරණ ,
i.රුධිර පටකය
ii.අස්ථි පටකය
💠රුධිර පටකය
➡මෙය විශේෂිත සම්බන්ධක පටකයකි.
➡මෙහි පූරකය (රුධිර ප්ලාස්මය) රුධිර සෛල මගින් ස්‍රාවය නො වේ.
➡මිනිස් දේහයේ විවිධ අවයව හා පටක අතර මනා සම්බන්ධතාවක් පවත්වා ගැනීමට උපකාරී වේ.
💠 රුධිර පටකයේ ලක්ෂණ,
➡රුධිර ප්ලාස්මය ලෙස හඳුන්වන තරලමය පූරකයකින් හා දේහාණු වලින් සමන්විතවේ.
➡රතු රුධිරාණු, සුදු රුධිරාණු හා පට්ටිකා ප්ලාස්මය තුළ අවලම්භනය වී ඇත.
➡රුධිර පටකයේ සැමවිටම තන්තු දක්නට නොලැබෙන අතර රුධිරය කැටි ගැසීමේ දී පමණක් තන්තු ඇතිවේ.
රුධිර පටකය කෘත්‍ය,
➡ද්‍රව්‍ය පරිවහනය
➡ආරක්ෂාව
➡සමස්ථිතිය පවත්වා ගැනීම
iii.පේශි පටකය
➡මිනිස් දේහය ගොඩනැගී ඇති පටක අතුරෙන් ප්‍රධාන පටක වර්ගයක් ලෙස පේශි පටකය හැඳින්විය හැකිය.
➡පේශී පටකය පේශී සෛල හෙවත් පේශි තන්තු වලින් සමන්විතය.
➡මෙම පේශි තන්තු සංකෝචනය හා ලිහිල් වීමේ හැකියාවෙන් යුක්තය.
➡පේශි පටකයට මනා රුධිර සැපයුමක් පවතී.
➡සමායෝජනය ප්‍රතිචාර දැක්වීම සඳහා පේශි පටකය කාරකයක් ලෙස ක්‍රියාකරයි.
💠 ප්‍රධාන පේශි පටක වර්ග තුනකි,
i.සිනිඳු පේශි පටකය
ii.කංකාල පේශි පටකය
iii.හෘත් පේශී පටකය
(i).සිනිඳු පේශි පටකය
➡සින්දු පේශී සෛල වලින් සෑදී ඇත
➡අවයවවල බිත්තියේ පිහිටා ඇත.
💠සිනිඳු පේශි පටක සඳහා උදාහරණ,
➡ආහාර මාර්ග බිත්තිය
➡රුධිරවාහිනී බිත්තිය
➡මුත්‍රාශය හා ගර්භාෂයේ බිත්ති
💠සිනිදු පේශි වල ලක්ෂණ,
➡තර්කුරූපී හැඩතිය ශාඛනය වී නොමැත
➡ඒක න්‍යෂ්ටිකය. සෛල මධ්‍යයේ න්‍යෂ්ඨිය පිහිටා ඇත.
➡අනිච්චානුගව ක්‍රියා කරයි.
(ii).කංකාල පේශි පටකය
➡කංකාල පේශී සෛල වලින් සෑදී ඇත.
➡බොහෝ විට සැකිලි පද්ධතිය හා සම්බන්ධව පවතී.
➡පෘෂ්ඨවංශීන්ගේ සංචරණයට හා චලන වලට දායක වේ.
💠කංකාල පේශී පටක සඳහා උදාහරණ,
➡ද්විශීර්ෂ පේෂිය.
➡ත්‍රී ශීර්ෂ පේශිය
➡කකුලේ පේශි
➡මුහුණේ පේශි
💠කංකාල පේශී සෛලවල ලක්ෂණ,
➡කංකාල පේශී සෛල දිගටිය සිලින්ඩරාකාරය
➡බහුන්‍යෂ්ටික හරස් විලේක සහිත වේ
➡ශාඛනය වී නැත.
➡සෛලයේ පර්යන්තව න්‍යෂ්ටි පිහිටයි.
➡මයිටකොන්ඩ්‍රියා විශාල සංඛ්‍යාවක් ඇත.
➡ඉච්චානුගව ක්‍රියා කරන අතර අධික ලෙස ක්‍රියා කිරීමේදී විඩාවට පත්වේ.
(iii).හෘත් පේශී පටකය
➡හෘත් පේශී සෛල වලින් තැනී ඇත.
➡හෘදයේ පමණක් දක්නට ලැබෙන සුවිශේෂී පටකයකි
💠හෘත් පේශි පටක වල ලක්ෂණ,
➡හෘත් පේශී සෛල ඒකන්‍යෂ්ටික හරස් විලේක සහිතය.
➡ශාකනය වී ඇත.
➡උපතේ සිට මරණය දක්වාම විඩාවට පත් නොවේ.
➡රිද්මයානුකූල ව ක්‍රියා කරයි
➡සෛල අතර අන්තරස්ථාපිත මඩල පිහිටයි
➡අනිච්චානුග ක්‍රියා කරයි
iv.ස්නායු පටක
➡පෘෂ්ඨවංශීන්ගේ දක්නට ලැබෙන ඉතා වැදගත් පටකයකි.
➡ස්නායු පටකයේ තැනුම් ඒකකය ස්නායු සෛල හෙවත් නියුරෝන වේ.
➡ආවේග සම්ප්‍රේෂණය සඳහා නියුරෝන විශේෂණය වී ඇත.
💠නියුරෝනවල ලක්ෂණ,
➡නියුරෝණයක් සෛල දේහය හා ප්‍රසර ලෙස කොටස් දෙකකින් සමන්විතය.
➡සෛල දේහය තුළ න්‍යෂ්ඨිය, මයිටකොන්ඩ්‍රියා, ගොල්ගිදේහ, රයිබොසෝම, අන්තඃප්ලාස්මීය ජාලිකා ආදී ඉන්ද්‍රිකා පිහිටා තිබේ.
➡සෛල දේහයෙන් විහිදෙන එක් ප්‍රසරයක් වනුයේ අක්සනයයි.මෙම අක්සනය මගින් සෛල දේහයෙන් ඉවතට ආවේග ගෙනියයි.
➡අනුශාකිකා සෛල දේහයට සම්බන්ධ වී පවතින ප්‍රසර වන අතර ඒවා මගින් උත්තේජ ප්‍රතිග්‍රහණය කර ඒ බව සෛල දේහයට සන්නිවේදනය කරයි.
➡පෘෂ්ඨවංශීන්ගේ අක්සනය වටා මයලීන් කොපු පිහිටයි. මයලීන් කොපු නොපිහිටන ස්ථාන රැන්වියර් ගැට ලෙස හඳුන්වයි.
➡මයලීන් කොපු පිහිටීම නිසා ආවේග සන්නයන වේගය වැඩිවේ.
💠නියුරෝන වල කෘත්‍ය,
➡ආවේග සම්ප්‍රේෂණය
💠ප්‍රධාන නියුරෝන වර්ග 3කි,
i.සංවේදක නියුරෝන
ii.අන්තර්හාර නියුරෝන
iii.චාලක නියුරෝන
Fore more👇
සැකසුම - kavindu lakshan
සහය සැකසුම - Aksh
POWERED BY Online සත්කාරය