PopAds.net - The Best Popunder Adnetwork

ශාක හා සත්ව සෛල

 🎋🎋ශාක හා සත්ව සෛල✨️✨



➡සෛලයක් යනු කිසියම් කාර්යයක් ඉටු කිරීමට හැඩගැසුනු කුඩාම ජෛවීය ඒකකයයි. (ජීවයේ ව්යූහමය ඒකකය මෙන්ම කෘත්‍යම ඒකකයයි)


💠සෛල වාදය මගින් අනාවරණය වන කරුණු,



i.ජීවයේ ව්‍යුහමය මෙන්ම කෘත්‍යමය ඒකකය සෛලයයි.

ii. සියලුම ජීවීන් සෑදී ඇත්තේ එක සෛලයකින් හෝ සෛලවලිනි.

iii. නව සෛල ඇති වන්නේ කලින් පැවති සෛල වලිනි.


➡සෛල තුළ අඩංගු විවිධ කෘත්‍ය ඉටුකරන ඉතා කුඩා ව්‍යුහ ඉන්ද්‍රිකා ලෙස හැඳින්වේ.


➡සියලුම ඉන්ද්‍රීකා අඩංගු වන සේ නිර්මාණය කරන ලද සෛලය දර්ශීය සෛලයක් ලෙස හැදින්වේ.


💠සෛල බිත්තිය 


➡ශාක සෛලවල බාහිර ආවරණය සෛල බිත්තියයි.


➡සෛල බිත්තිය සෑදී ඇත්තේ සෙලියුලෝස් වලිනි.


➡සෛල බිත්තිය අජීවීය.


➡ප්‍රධාන කෘතිය වනුයේ සෛලය හැඩය පවත්වා ගැනීම, සන්ධාරණය හා ආරක්ෂාවයි.


ප්ලාස්ම පටලය(සෛල පටලය)

➡ ශාක සෛලවල සෛල බිත්තියට ඇතුළතින් ප්ලාස්ම පටලය පිහිටයි.


➡ සත්ත්ව සෛලවල ආවරණය සාදන්නේ ප්ලාස්ම පටලය මඟිනි.


➡ප්ලාස්ම පටලය සෑදී ඇත්තේ පොස්පොලිපිඩ හා ප්‍රෝටීන වලිනි.


➡අර්ධ පාරගම්‍ය පටලයකි.


➡ප්ලාස්ම පටලය ප්‍රධාන කෘතිය වන්නේ සෛල ආවරණයක් ලෙස ක්‍රියා කිරීම, ජලය අයන හා සමහර අණුවලට සෛලය තුළට ඇතුළුවීමට සහ පිටවීමට ඉඩ ලබා දීමයි.



💠සෛල ප්ලාස්මය


➡සෛල ඉන්ද්‍රිකා හැරුණු විට සෛලය තුළ අඩංගු ජෙලිමය තරලමය කොටස සෛල ප්ලාස්මය ලෙස හඳුන්වයි.


➡මෙහි කාබනික මෙන්ම අකාබනික ද්‍රව්‍ය අඩංගු වේ.


➡ සෛල ප්ලාස්මයේ ප්‍රධානකෘත්‍ය වන්නේ,

  සෛලයට හැඩයක් ලබා දීම, සෛල ඉන්දිකා දැරීම හා විවිධ පරිවෘත්තීය ක්‍රියා සිදුකිරීම.


💠න්‍යෂ්ටිය

 

➡සෛලයක පවතින ප්‍රධාන ඉන්ද්‍රියයි.


➡න්‍යෂ්ටි පටලයෙන් ආවරණය වී ඇත.


➡න්‍යෂ්ටිය තුල න්‍යෂ්ටිකාව සහ ක්‍රොමැටීන් ද්‍රව්‍ය අඩංගු වේ.


➡සෛල විභාජනයේ දී මෙම ක්‍රොමැටීන් ද්‍රව්‍ය වර්ණදේහ ලෙස දිස් වේ.


➡න්‍යෂ්ටියේ ප්‍රධාන කෘත්‍ය වන්නේ සෛලයේ ජීව ක්‍රියා පාලනය කිරීමයි.



💠මයිටොකොන්ඩ්‍රියම 


➡අණ්ඩාකාර හෝ දණ්ඩාකාර හැඩති පටලමය සෛල ඉන්ද්‍රිකාවකි.


➡මයිටොකොන්ඩ්‍රියා තුළ ස්වායු ස්වසනය ප්‍රතික්‍රියා සිදු වී ශක්ති නිදහස්කෙරේ.


➡මයිටොකොන්ඩ්‍රියම තුල නිපදවන ශක්තිය සෛලය තුල සිදුවන පරිවෘත්තීය ක්‍රියා සඳහා යොදා ගනී.



💠ගොල්ගි සංකීර්ණය

 

➡එක මත එක පිහිටි පටලයකින් මායිම් වූ පැතලී තැටි රාශියක් ලෙස පිළියෙළ වූ ගොල්ගිදේහ හා අවට පිහිටි ස්‍රාවීය ආශයිකා සමූහය ගොල්ගි සංකීර්ණය ලෙස හැඳින්වෙයි.


➡ ගොල්ගි දේහ වල ප්‍රධාන කෘත්‍ය වන්නේ ස්‍රාවීය ද්‍රව්‍ය නිපදවීම හා අසුරා තැබීමත්, ස්‍රාවීය කෘත්‍ය ඉටුකිරීමත් ය.



💠රයිබොසෝම


➡රයිබොසෝම යනු පටල නොදරන ඉතා කුඩා සෛල ඉන්ද්‍රිකාවකි.


➡මෙය උප ඒකක දෙකකින් සෑදී ඇත.(විශාල හා කුඩා උප ඒකක)


➡ රයිබොසෝම සෛල ප්ලාස්මයේ නිදහස් ලෙස හා රළු අන්තඃප්ලාස්මීය ජාලිකා වට සම්බන්ධ වී පවතී.


➡රයිබොසෝම වල ප්‍රධාන කෘත්‍ය වන්නේ ප්‍රෝටීන් සංස්ලේෂණය කිරීම සඳහා ස්ථාන සැපයීමයි.



💠අන්තඃප්ලාස්මීය ජාලිකා


➡අන්තඃප්ලාස්මීය ජාලිකා සෛල ප්ලාස්මය තුල අඩංගු පැතලි හෝ නාලාකාර හෝ මඩිවලින් යුක්ත අන්තර් පටල පද්ධති ජාලයකි.


🔀 මේවා ආකාර දෙකකි.

i.රලු අන්තඃප්ලාස්මීය ජාලිකා 

ii.සිනිඳු අන්තඃප්ලාස්මීය ජාලිකා


i.රළු අන්තඃප්ලාස්මීය ජාලිකා-

පෘෂ්ඨයට සම්බන්ධ රයිබොසෝම නිසා රළු බව ඇතිවේ.


➡ මේවයේ කෘතිය වනුයේ ප්‍රෝටීන පරිවහනය කිරීමයි.


ii.සිනිඳු අන්තඃප්ලාස්මීය ජාලිකා-


➡මේවා රයිබොසෝම රහිත නාලාකාර මඩි ජාලයකි.


➡සිනිදු අන්තඃප්ලාස්මීය ජාලිකා මගින් ලිපිඩ හා ස්ටෙරොයිඩ නිපදවා පරිවහණය කරයි.


💠රික්තකය


➡රික්තක යනු ශාක සෛලවල පවතින පටලයකින් වට වූ තරලයකින් පිරුණු විශාල ඉන්ද්‍රිකාවක්වේ.


➡රික්තකයේ වූ තරලය සෛල යුෂය ලෙස හඳුන්වයි.


➡ සෛලවල ජලතුල්‍යතාව පවත්වාගැනීම, සන්ධාරණය පවත්වා ගැනීම හා වර්ණක මගින් සෛලවලට වර්ණයක් ලබා දීම රික්තකයේ කෘත්‍ය වේ.


➡සෛල වර්ධනය හා සෛල විභාජනය


💠සෛල වර්ධනය


➡සෛල වර්ධනය යනු සෛලයක ප්‍රමාණය හෝ වියළි බර අප්‍රතිවර්ත්‍ය ලෙස වැඩි වීමයි.

 ➡නමුත් සෛලයකට වර්ධනය විය හැකි උපරිම සීමාවක් ඇත. ඉන් ඔබ්බට සෛල වර්ධනය සිදුනොවන අතර වර්ධනය වූ සෛලය ඉන්පසු විභාජනය වේ.


💠සෛල විභාජනය 


➡සෛල විභාජනය යනු නව සෛල සෑදෙන පරිදි යම් සෛලයක සිදුවන සෛලීය ද්‍රව්‍ය බෙදීමේ ක්‍රියාවලියයි.


💠සෛල විභාජනය සිදුවන ප්‍රධාන ක්‍රම දෙකකි.


i.අනූනන විභාජනය 

ii.ඌනන විභාජනය 


i.අනූනන විභාජනය

 

සෛල න්‍යෂ්ටියක පවතින වර්ණදේහ සංඛ්‍යාව නියතව තබා ගනිමින්,සෛල සංඛ්‍යාව වැඩිකර ගැනීම අනූනන විභාජනය ලෙස හැඳින්වේ.


➡අනූනන විභාජනයේ දී මාතෘ සෛලයේ වර්ණදේහ සංඛ්‍යාවට සමාන වර්ණදේහ සංඛ්‍යාවක් දුහිතෘ සෛලයට ලැබෙන අතර සර්ව සම සෛල දෙකක් ඇති වේ.


💠අනුනන විභාජනයේ වැදගත්කම


➡බහු සෛලික ජීවීන්ගේ දේහ වර්ධනය සඳහා වැදගත් වේ.

➡අලිංගික ප්‍රජනනය ක්‍රමයක් ලෙස සැලකේ.

➡තුවාල සුව වීම සහ මැරුණු සෛල වෙනුවට නව සෛල ලබාදීම



ii.ඌනන විභාජනය

 

➡වර්ණදේහ සංඛ්‍යාව අඩක් බවට පත් කරන විභාජනය ඌනන විභාජනය ලෙස හඳුන්වයි.

➡ලිංගික ප්‍රජනනයේදී සිදුවන මාතෘ හා පීතෘ ජන්මාණු සංයෝජනයෙන් පසු ජීවී විශේෂයක වර්ණදේහ සංඛ්‍යාව පරාවෙන් පරම්පරාවට නියතව පවත්වා ගෙන යාමට උපකාරී වේ.

➡ඌනන විභාජනය පියවර දෙකකින් සිදුවන අතර පළමුව ඌනන විභාජනයකුත්, දෙවනුව අනූනන විභාජනයකුත් සිදුවේ.

➡ඌනන විභාජනයේ දී වර්ණදේහ වල ව්‍යුහමය වෙනස්වීම් සිදු වන නිසා ජීවීන්ගේ ප්‍රභේදන හෙවත් නව ලක්ෂණ ඇතිවීමට(ජෛව පරිනාමයට) වැදගත් වේ.


💠ඌනන විභාජනයේ වැදගත්කම


➡පරම්පරාවෙන් පරම්පරාවට වර්ණදේහ සංඛ්‍යාව නියතව පවත්වා ගැනීමට


➡වර්ණදේහ වල ඇතිවන වෙනස්කම් හෙවත් ප්‍රභේදන හටගැනීමට නිසා පරිණාමයට.


Youtube channel ▶️

සැකසුම - kavindu lakshan 

                  

               POWERED BY Online සත්කාරය 

Post a Comment

Previous Post Next Post