➡️ජීවී බව පිළිබඳව පොදුවේ පිළිගත හැකි ලක්ෂණ එනම් ජීවීන්ට පොදු ලාක්ෂණික නම්,
i.සෛලීය සංවිධානය
ii.පෝෂණය
iii.ශ්වසනය
iv.උද්දීප්තතාව හා සමායෝජනය
v.බහිස්ස්‍රාවය
vi.චලනය
vii.ප්‍රජනනය
viii.වර්ධනය හා විකසනය
i.සෛලීය සංවිධානය
➡️ඒක සෛලික ජීවීන් තුල ඉන්ද්‍රීකා මට්ටමේ සංවිධානයක් ඇත.
➡️බහු සෛලික ජීවියෙකුගේ ද ආරම්භ සිදුවෙන්නේ ශුක්‍රාණුවක් හා ඩිම්බයක් සංසේචනය වීමෙන් හට ගන්නා තනි සෛලයක් වන යුක්තානුවක් මඟිනි.
➡️බහු සෛලික ජීවියකුගේ දේහය විවිධ සෛල වලින් සමන්විතය. එම සෛල විවිධ කෘත්‍ය සඳහා වැදගත් වේ.
➡️සජීවී තත්ත්වයේ පවතින කුඩාම ව්‍යුහමය හා කෘත්‍යමය ඒකකය සෛලය වන අතර, නිශ්චිත කාර්යයක් සඳහා විශේෂණය වූ සෛල සමූහයක් පටකයක් ලෙස හැඳින්වේ.0
➡️පටක කිහිපයක් එකතුවීම අවයවයක් ද, අවයව කීපයක් එකතු වීමෙන් පද්ධතියක් සෑදෙන අතර,පද්ධති සමූහයක් එකතු වීමෙන් ජීවියෙකු ගොඩ නැගෙයි.
ii.පෝෂණය
➡️ජීවය පවත්වා ගැනීම සඳහා ශක්තිය හා ද්‍රව්‍ය ලබා ගැනීමේ ක්‍රියාවලිය පෝෂණය ලෙස හැඳින්වෙයි.
➡️ජීවීන් මෙම පෝෂ්‍යද්‍රව්‍ය (ආහාර) තමන් විසින්ම නිපදවා ගැනීම ස්වයංපෝෂී පෝෂණයක් ලෙස හැඳින්වේ.
➡️ස්වයංපෝෂී පෝෂණය ආහාර නිෂ්පාදනය සඳහා භාවිතා වන ශක්තිය පදනම් කරගෙන කාණ්ඩ දෙකකට බෙදේ.
i.ආලෝක ශක්තිය භාවිතා වන්නේ නම් ප්‍රභා ස්වයංපෝෂින් ලෙසද,
ii.රසායනික ශක්තිය භාවිතා වන්නේ නම් රසායනික ස්වයංපෝෂින් ලෙසද හඳුන්වයි.
➡️ බොහොමයක් ශාක ප්‍රභා ස්වයංපෝෂින් වේ.
➡️බොහෝ බැක්ටීරියා රසායනික ස්වයංපෝෂින් වේ.
➡️ප්‍රභාසංස්ලේෂණය මගින් ශාක වල නිපදවන ආහාර ශාකයේ කඳ මුල් පත්‍ර හෝ ඵලවල ගබඩා කරයි.
➡️ශාක විසින් නිපදවන ලද ආහාර හෝ වෙනත් ජීවි සම්භවයක් ඇති කාබනික ආහාර ප්‍රයෝජනයක් ගන්නා නිසා සතුන් විෂමපෝෂී කොටසට අයත් වේ.
iii.`ශ්වසනය
➡️ජීව සෛල තුළ දී සංචිත ආහාර මඟින් ශක්තිය නිපදවන ක්‍රියාවලිය සෛලීය ස්වසනය ලෙස හැඳින්වේ.
➡️සෛලීය ස්වසනය ජෛව රසායනික ප්‍රතික්‍රියා දාමයකි.
➡️ශ්වසන ක්‍රියාවලිය බාහිරින් නිරීක්ෂණය කළ හැකි වන්නේ ශ්වසනයට අවශ්‍ය ඔක්සිජන් ආශ්වාසයෙන්ද,
ශ්වසනයේදී නිපදවන කාබන්ඩයොක්සයිඩ් ප්‍රාශ්වාසයෙන් ද වන බැවිනි.
iv.උද්දීප්‍යතාව හා සමායෝජනය
➡️බාහිර හා අභ්‍යන්තර පරිසර වලින් පැමිණෙන උත්තේජ වලට ප්‍රතිචාර දැක්වීමට ඇති හැකියාව උද්දීප්‍යතාව යි.
➡️උත්තේජ සඳහා ප්‍රතිචාර දැක්වීමේදී විවිධ ඉන්ද්‍රියන් අතර සම්බන්ධීකරණය සමායෝජනය ලෙස හඳුන්වයි.
➡️සමායෝජනය සඳහා ස්නායු පේශි සහ හෝමෝන වැදගත් වේ.
v.බහිස්ස්‍රාවය
➡️පරිවෘත්තීය ක්‍රියා වලදී නිපදවන අපද්‍රව්‍ය සිරුරෙන් බැහැර කිරීම බහිස්‍ස්‍රාවයයි.
vi.චලනය
➡️විවිධ අවශ්‍යතා සපයා ගැනීම සඳහා ජීවීහු චලනය උපයෝගී කර ගනිති.
➡️මෙහිදී ජීවියාගේ සම්පූර්ණ දේහය හෝ දේහ කොටසක් හෝ චලනය වේ.
vii.ප්‍රජනනය
➡️ඒක ශෛලික ජීවියෙකු හෝ බහු සෛලික ජීවියකු තම වර්ගයාගේ ඉදිරි පැවැත්ම සඳහා නව පරම්පරාවක් බිහි කිරීමේ ක්‍රියාවලිය ප්‍රජනනය නම් වේ.
Viii.වර්ධනය හා විකසනය
➡️සෛල වර්ධනය යනු ජීවී සෛලයක ප්‍රත්‍යාවර්ත නොවන වියළි බරෙහි වැඩිවීමයි
➡️විකසන ලෙස හඳුන්වන්නේ සෛල සංකීර්ණතාවෙන් ඉහළ යාමයි.
➡️මේ අනුව වර්ධනය හා විකසනය ප්‍රධාන පියවර තුනකින් සිදුවේ
i. ප්‍රත්‍යාවර්ත නොවන පරිදි සෛල ප්‍රමාණයෙන් විශාල වීම.
ii.සෛල විභාජනය මගින් සෛල සංඛ්‍යාව වැඩිවීම
iii. සෛල විශේෂණය වීම
🟠වෛරස
➡️වෛරස ප්‍රමාණයෙන් ඉතාම කුඩා වන අතර නිරීක්ෂණය කළ හැක්කේ ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයෙන් පමණි.
➡️මේවා පවතින අවස්ථා අනුව ජීවී මෙන්ම අජීවී ලක්ෂණද පෙන්වයි.
➡️ වෛරස සෛල ලෙස නොසැලකේ.
➡️ඒවා න්‍යෂ්ටික අම්ල සහ ඒ වටා සැකසුණු ප්‍රෝටීන කොපුවකින් සෑදී ඇත.
➡️මෙම න්‍යෂ්ටික අම්ල කොටස DNA හෝ RNA හෝ විය හැක.
➡️අදාල ඉන්ද්‍රිකා කිසිවක් නොමැති බැවින් වෛරස තුළ කිසිදු පරිවෘත්තිය ක්‍රියාවක් සිදු නොවේ. බැවින් වෛරස වලට ක්‍රියාත්මක විය හැක්කේ සජීවි ධාරක සෛල තුළ පමණි.