➡යම්කිසි භෞතික රාශියක විශාලත්වය පමණක් තිබේ නම් එය අදිශ රාශියකි
➡අදිශ රාශීන් සඳහා උදාහරණ:- දුර, වේගය, ස්කන්ධය, කාලය
➡යම් භෞතික රාශියක විශාලත්වයක් සහ දිශාවක් තිබේ නම් එය දෛශික රාශියකි
➡දෛශික රාශීන් සඳහා උදාහරණ:- විස්ථාපනය, ප්‍රවේගය, ත්වරණය, බර
➡විස්තාපනය යනු එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට යම් දිශාවක් ඔස්සේ සරල රේඛීයව සිදුවන ඈත් වීමයි
➡වේගය යනු දුර වෙනස් වීමේ සීග්‍රතාව යයි.
➡ප්‍රවේගය යනු විස්ථාපනය වෙනස් වීමේ සීග්‍රතාව යයි.
➡ත්වරණය යනු ප්‍රවේගය වෙනස් වීමේ සීග්‍රතාව.
➡වස්තුවක විස්ථාපනය කාලය අනුව විචලනය වීම නිරූපණය කරන ප්‍රස්තාර විස්ථාපන කාල ප්‍රස්තාර වේ
විස්ථාපන කාල ප්‍රස්තාරයක අනුක්‍රමණයෙන් ප්‍රවේගය ලැබේ.
➡ඕනෑම ප්‍රස්තාරයක අනුක්‍රමණය ලැබෙන්නේ Y ඛණ්ඩාංක අතර වෙනස X කණ්ඩාංක අතර වෙනස බෙදූ විටයි
➡වස්තුවක ප්‍රවේගය කාලය අනුව විචලනය වීම නිරූපණය කරන ප්‍රස්තාර ප්‍රවේග කාල ප්‍රස්තාර වෙයි.
➡ප්‍රරවේගකාල ප්‍රස්තාරයේ අනුක්‍රමණයෙන් ත්වරණය ලැබේ.
➡ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වන වස්තුවක විස්ථාපනය ප්‍රවේග කාල ප්‍රස්තාරයෙන් ආවරණය වන ප්‍රදේශයේ වර්ගඵලයට සමානයි
➡ඒකාකාර ත්වරණයෙන් චලනය වන වස්තුවක විස්ථාපනය ප්‍රවේග කාල ප්‍රස්තාරයෙන් ආවරණය වන වර්ගඵලයේය අගයට සමාන වේ.(X අක්ෂය සමග සාදන)
➡ගුරුත්වාකර්ෂණ බලය යනු වස්තුවක් ඉහළ සිට පහළට වැටෙන විට එම වස්තුව මත ක්‍රියා කරන බලයයි.
➡ගුරුත්වජ ත්වරනය යනු ගුරුත්වාකර්ෂණ බලය නිසා හටගන්නා ත්වරණයයි
මුහුදු මට්ටමේ දී ගුරුත්වජ ත්වරණය 10ms‐² වේ.
➡මෙයින් කියවෙන්නේ වස්තුවක් ඉහළ සිට පහළට වැටෙන සෑම තත්පරයක් පාසාම එහි ප්‍රවේගය වන 10ms-² බැගින් වැඩි වන බවයි.
➡වස්තුවක් සිරස්ව ඉහලට ගමන් කරන විට සිදු වන්නේ, එහි ප්‍රවේගය සෑම තත්පරයක් පාසාම 10ms-² බැගින් අඩු වීමයි.
සැකසුම - Kavindu lakshan
Powered BY Online සත්කාරය
POWERED BY online සත්කාරය