⏩ජීවී දේහ නිර්මාණය වීම සඳහා වැඩි වශයෙන් ම ඉවහල් වන්නේ කාබන්,නයිට්‍රජන්, ඔක්සිජන් හා නයිට්‍රජන් මීට අමතරව සල්ෆර්,පොස්පරස්,සෝඩියම්, පොටෑසියම්
⏩සජීවී පදාර්ථයේ අඩංගු මූලික කාබනික සංයෝග වර්ග හතරකි
කාබෝහයිඩ්‍රේට් ප්‍රෝටීන ලිපිඩ නියුක්ලික් අම්ල
⏩මේවා ජීවීන් තුළ අඩංගු ජෛව අණු වේ
කාබෝහයිඩ්‍රේට්
⏩පෘථිවිය මතුපිට ඇති වඩාත් සුලභම කාබනික සංයෝගයයි.
⏩හරිත ශාක මගින් ප්‍රභාසංස්ලේෂණ ක්‍රියාවලියෙන් නිපදවේ.
උදාහරණ-අල,බතල,සීනි,ධාන්‍ය
⏩කාබෝහයිඩ්‍රේට් වල ප්‍රධාන මූලද්‍රව්‍ය සංයුතිය වන්නේ කාබන්,හයිඩ්‍රජන්,ඔක්සිජන් හා ඔක්සිජන් ය.
මෙහි හයිඩ්‍රජන් හා ඔක්සිජන් අතර අනුපාතය 2:1 ය.
මොනොසැකරයිඩ
⏩මොනොසැකරයිඩ යනු කාබෝහයිඩ්‍රේට් වල තැනුම් ඒකකයයි.
⏩ සරල සීනි ලෙස හැඳින්වේ.
⏩ස්ඵටිකරූපී වේ.
⏩ ජලයේ දිය වේ.
⏩සාමාන්‍යයෙන් පැණි රසය.
උදාහරණ-ග්ලූකෝස්,ගැලැක්ටෝස්,පෘක්ටෝස්
ග්ලූකෝස්-
ඉදුණු පලතුරු හා මී පැණි වල ඇත.
⏩සියලූම පිෂ්ඨමය ආහාර ජීර්ණයේ අන්ත ඵලය ග්ලූකෝස්ය
⏩ශාක ප්‍රභාසංස්ලේෂණය දී නිපදවන්නේ ග්ලූකෝස්ය.
⏩සෛලීය ස්වසනයේදී ග්ලූකෝස් බිඳ හෙලීමෙන් ශක්තිය නිදහස් වේ.
ගැලැක්ටෝස්-
කිරි ආහාරවල ඇත.
⏩ලැක්ටෝස් ජීර්ණයේ ඵලය වේ.
⏩පැනි රසක් නැත.
පෘක්ටෝස්-
ඉදුණු පලතුරු,මීපැණි, වට්ටක්කා, කැරට් වල ඇත.
⏩පළතුරු සීනි ලෙස හැඳින්වේ.
⏩ අමු පලතුරු ඉදෙන විට ඒවා තුළ සෑදෙයි.
⏩පැණි රසින් වැඩිම සීනි වර්ගයයි.
ඩයිසැකරයිඩ
⏩මොනොසැකරයිඩ අණු දෙකක් එකතු වීමෙන් ඩයිසැකරයිඩ සෑදෙයි
⏩මෙහිදී ජල අණුවක් පිට වේ.
⏩ඩයිසැකරයිඩ අණුවකට ජල අනුවක් එකතු කළ විට යළිත් අදාළ මොනසැකරයිඩ ම ලබාගත හැක.
⏩ජලයේ දියවේ.
⏩පැණි රස ස්පඨික වේ.
ඩයිසැකරයිඩ සඳහා උදාහරණ- මෝල්ටෝස්, ලැක්ටොස්, සුක්‍රෝස්
මෝල්ටෝස්
⏩ප්‍රරෝහණය වන බීජවල ඇත.
⏩ ග්ලූකෝස් අණු දෙකක් එකතු වීමෙන් මෝල්ටෝස් අණුවක් සෑදෙයි.
⏩පිෂ්ඨ ජීර්ණයේ අතරමැදි ඵලයකි.
ලැක්ටොස්
*කිරි ආහාරවල ඇත.
⏩ගැලැක්ටෝස් අණුවක් ග්ලූකෝස් අණුවක් සමග එකතු වීමෙන් ලැක්ටොස් සෑදෙයි.
⏩ශාක වල නොමැති එකම සීනි වර්ගයයි.
⏩සුක්‍රෝස් මෙන් පැණි රස නැත
සුක්‍රෝස්
පෘක්ටෝස් +ග්ලූකෝස් --->සුක්‍රෝස් +ජලය
⏩සුදු හා රතු සීනි වල,උක් හා බීට් වල, ඇතැම් පලතුරු වල, ශාකවල ෆ්ලෝයමීය යුෂයේ
පොලිසැකරයිඩ
⏩මොනොසැකරයිඩ අණු රාශියක් බහුඅවයවීකරණය වීමෙන් පොලිසැකරයිඩ සැදේ.
⏩ එමෙන්ම පොලිසැකරයිඩ ජලවිච්ඡේදනය වීමෙන් නැවත මොනසැකරයිඩ සෑදේ.
⏩ඇල් ජලයේ දිය නොවේ. ස්ඵටිකරූපී නොවේ.
උදාහරණ-සෙලියුලෝස්, පිෂ්ඨය හා ග්ලයිකෝජන්
සෙලියුලෝස්-
⏩ශාක සෛල බිත්තියේ, ශාක තුල පිහිටි තන්තුවල ඇත.
⏩මිනිස් ජිර්ණ පද්ධතිය තුළ ජීර්ණයට ලක් නොවේ.
⏩මලබද්ධය වළක්වා ගැනීමට උදව් වේ.
පිෂ්ඨය-
⏩ධාන්‍ය වර්ග, අල වර්ග, කොස්, දෙල් වල ඇත.
⏩ශාකවල ගබඩා කරන කාබෝහයිඩ්‍රේට වර්ගය පිෂ්ඨයයි.
ග්ලයිකොජන්-
⏩සත්ව අක්මාවේ සහ පේශි වල ඇත.
⏩සතුන්ගේ සිරුරු තුල කාබෝහයිඩේට් සංචිත කරනු ලබන්නේ ග්ලයිකෝජන් ලෙසයි.
🟠කාබෝහයිඩ්‍රේට් වල වැදගත්කම
i.ශක්ති ප්‍රභවයක් ලෙස
ii.සංචිත ආහාරයක් ලෙස
iii.ජීවීන්ගේ සෛල බිත්තිය නිර්මාණය කිරීමට
iv.නියුක්ලෙයික් අම්ල වල සංඝකයක් ලෙස
පිෂ්ටය හදුනා ගැනීමේ පරීක්ෂාව:-
⏩පිෂ්ට ද්‍රාවණයකට අයඩීන් ද්‍රාවණයකින් බිඳුවක් එකතු කළ විට දම්පාටට හුරු නිල් පාටක් ලැබීම
⏩ග්ලූකෝස් ගැනීමේ පරීක්ෂාව:-
පරික්ෂා නලයකට ග්ලූකෝස් ද්‍රාවනයක් ගෙන එයට බෙනඩික් ද්‍රාවණයෙන් ස්වල්පයක් එකතුකර එම නලය ජල තාපකයක බහා රත්කිරීමෙන්,
නිල් -->කොළ -->කොළ කහ -->තැඹිලි-->ගඩොල් රතු අවක්ෂේපයක් ලැබීම
සුක්‍රෝස් හදුනා ගැනීමේ පරීක්ෂාව:-
⏩පරීක්ෂණ නළයකට සීනි ද්‍රාවණයක් ගෙන බෙනඩික්ට් ද්‍රාවනයෙන් ස්වල්පයක් එකතු කිරීමෙන් නළය ජල තාපකය කරත් කිරීමෙන් වර්ණ විපර්යාසයක් සිදු නොවේ.
නැවත සකසා ගත් සීනි ද්‍රාවණයකට තනුක සල්පියුරික් අම්ල බින්දු කිහිපයක් දමා රත් කිරීමෙන් පසුව ද්‍රාවණයට බෙනඩික්ට් ද්‍රාවණයෙන් ස්වල්‍යයක් එකතු කිරීමෙන් වර්ණ විපර්යාසය නිරීක්ෂණය කළ හැක.
නිල් -->කොළ -->කොළ කහ -->තැඹිලි-->ගඩොල් රතු අවක්ෂේපයක් ලැබීම
ප්‍රෝටීන
⏩ප්‍රෝටීනවල සෑමවිටම කාබන් හයිඩ්‍රජන් ඔක්සිජන් නයිට්‍රජන් අඩංගු වේ මීට අමතරව සල්ෆර් ඇත.
⏩ප්‍රෝටීන සෑදී ඇත්තේ ඇමයිනෝ අම්ල බහුඅවයවීකරනය වීමෙනි.
ප්‍රෝටීන වල වැදගත්කම
i.ශක්ති ප්‍රභවයක් ලෙස
ii.ව්‍යුහාත්මක සංඝටක සෑදීම සඳහා
iii.එන්සයිම ලෙස ක්‍රියා කිරීම
iv.හෝර්මෝන ලෙස ක්‍රියා කිරීම
v.ප්‍රතිදේහ ලෙස ක්‍රියා කිරීම
ප්‍රෝටීන හදුනාගැනීමේ පරීක්ෂාව
⏩බයුරේට් පරීක්ෂාව
බිත්තර සුදු මද සහිත ද්‍රාවණයක් ලබාගැනීමෙන් පසු එයට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වැඩි පරිමාවක් මිශ්‍රකොට පසුව කොපර් සල්ෆේට් බින්දු කිහිපයක් දැමීමෙන් ද්‍රාවණය තද දම් පැහැයට හැරේ.
එන්සයිම
⏩ජීවීන් තුළ සිදුවන ජෛව රසායනික ප්‍රතික්‍රියාවල සීඝ්‍රතාවය වැඩි කිරීම(ජෛව රසායන ප්‍රතික්‍රියා උත්ප්‍රේරණය) සඳහා අවශ්‍ය වන ජීවීන් විසින් ම නිපදවනු ලබන විශේෂිත ප්‍රෝටීන එන්සයිම ලෙස හැඳින්වේ.
උදා-
⏩සුක්‍රෝස් ග්ලූකෝස් බවට පත්කිරීමට තනුක අම්ල සමග රත් කිරීම කළ යුතුවේ.නමුත් ආහාර ජීර්ණ පද්ධතියේ අඩංගු එන්සයිම මගින් එම ප්‍රතික්‍රියාව අඩු උෂ්ණත්වයක දී ඉතා පහසුවෙන් සිදුකර ගනී.
ලිපිඩ
මෙය තෙල් හා මේද මෙම කාණ්ඩයට අයත් වේ.
⏩කාමර උෂ්ණත්වයේ දී ඝණයක් ලෙස පවතින විට මේදය ලෙසත්, ද්‍රව ලෙස පවතින විට තෙල් ලෙසත් හඳුන්වයි.
⏩ මෙහි අන්තර්ගත වන්නේ කාබන්, හයිඩ්‍රජන්, හා ඔක්සිජන් පමණි.
⏩ ලිපිඩ ධ්‍රැවීය ද්‍රාවක වල දිය නොවේ. කාබනික ද්‍රාවකවල දියවේ.
මේද අම්ල + ග්ලිසරෝල් ----> ලිපිඩ + ජලය
ලිපිඩ වල වැදගත්කම
i.ශක්ති ප්‍රභවයක් ලෙස- ලිපිඩ දහනය කිරීමෙන් වඩා වැඩි ශක්ති ප්‍රමාණයක් ලැබේ.
ii.ව්‍යුහාත්මක සංඝටක සෑදීම සඳහා- ප්ලාස්ම පටලය ඇතුළු සියලුම සෛල පටල
iii.ජල සංරක්ෂණය සඳහා - ශාක දේහවල මතුපිට පෘෂ්ඨයේ ඇති කියුටීන් ඉටි නිසා ජලය පිටවීම වලකී.
iv.දේහ උෂ්ණත්වය පවත්වාගෙන යාම සඳහා - අචලතාපීන්ගේ සමට යටින් ඇති අධශ්චර්මීය මේද ස්ථරය
v.අභ්‍යන්තර ඉන්ද්‍රීය ආරක්ෂාව සඳහා
vi.ඇතැම් හෝමෝන වර්ග සංස්ලේෂණය කිරීම සඳහා
⏩ලිපිඩ හඳුනා ගැනීමේ පරීක්ෂාව
සුඩාන් III පරික්ෂාව
තල තෙල් හෝ පොල්තෙල් ස්වල්පයක් පරික්ෂා නළයකට දමා එයට සුඩාන් III ප්‍රතිකාරය එකතු කර හොඳින් සොලවන්න.එවිට තෙල් ස්ථරය රතු පැහැති වේ
නියුක්ලික් අම්ල
⏩නියුක්ලියෝටයිඩ නැමැති තැනුම් එකක රාශියක් රේඛීයව සම්බන්ධ වීමෙන් සෑදෙන ජෛව අණු කාන්ඩයකි.
⏩කාබන්, ඔක්සිජන්,හයිඩ්‍රජන්, නයිට්‍රජන් හා පොස්පරස් අඩංගු වේ.
⏩සජීවී පදාර්තයේ ප්‍රවේනිකව ඉතා වැදගත් වන්නේ මෙයයි.
⏩නියුක්ලික් අම්ල ප්‍රධාන ආකාර දෙකකි.
i.DNA
ii.RNA
i.DNA
⏩DNA අණුවේ තැනුම් ඒකකය වන්නේ ඩිඔක්සි රයිබෝ නියුක්ලියෝටයිඩයි.
⏩න්‍යෂ්ටිය තුල ඇති DNA අණුවේ ප්‍රවේණික තොරතුරු ගබඩා වී ඇත.
ii.RNA
⏩RNA අණුවේ තැනුම් ඒකකය වන්නේ රයිබෝ නියුක්ලියෝටයිඩයි.
⏩ප්‍රෝටීන් සංස්ලේෂනයට වැදගත් වේ.
නියුක්ලික් අම්ල වල වැදගත්කම
i.ජීවීන්ගේ ප්‍රවේණික තොරතුරු ගබඩා කිරීම සඳහා වැදගත් වේ.
ii. ජීවීන්ගේ ප්‍රවේණික තොරතුරු පරම්පරාවෙන් පරම්පරාවට සම්ප්‍රේෂණය කිරීමට වැදගත් වේ.
iii.ප්‍රෝටීන් සංස්ලේෂණය කිරීමය වැදගත්ය
iv.සෛලයේ සිදුවන සියලුම ජීව ක්‍රියාවලි පාලනය කිරීමට වැදගත් වේ.
v. වෛරසවල ප්‍රවේණික තොරතුරු ගබඩා කර තබා ගැනීමට RNA වැදගත් වේ.
vi.DNA අනුව විකෘති වීමට භාජනය වීමට හැකියාව ඇත.මෙම වෙනස්වීම නිසා ප්‍රභේද හටගනී. මෙම ප්‍රභේද පරිනාමයට වැදගත් වේ.
ජලය
⏩ජිවීන්ගේ ගරීර බරෙන් 2/3 ක් පමන ඇත්තේ ජලයයි.
⏩ජීවය පවත්වාගෙන යාමට ජලය සතු සුවිශේෂී ගුණ,
i.ද්‍රාවක ගුණය-
ii.සිසිලන කාරක ගුණය
iii.සංශක්ති ආශක්ති බල
iv.ජලය මිදීමේදී සිදුවන අසමාකාර ප්‍රසාරණය
ඛනිජ ලවන
⏩ජීවීන්ගේ ජීවි ක්‍රියා පවත්වා ගැනීම සඳහා පෝෂණ සංඝටකයක් ලෙස ඛනිජ ලවන වැදගත් වේ.
⏩අධිමාත්‍ර මූලද්‍රව්‍ය හා අංශුමාත්‍ර මූලද්‍රව්‍ය ලෙස වර්ග දෙකකි.
⏩වැඩි ප්‍රමාණයක් අවශෝෂණය මූලද්‍රව්‍ය අධිමාත්‍ර මූලද්‍රව්‍ය ලෙසත් ,අඩු ප්‍රමාණයන් අවශෝෂණය මූල්‍ය අංශුමාත්‍ර මූලද්‍රව්‍ය ලෙස හැඳින්වේ.
පොටෑසියම්
කාර්යභාරය-
⏩සෛල තුල තරල වල සමබර බව පාලනය කිරීමට අවශ්‍ය වේ.
⏩හෘදයේ සහ මාංශ පේශිවල ක්‍රියාකාරිත්වය සඳහා අවශ්‍ය වේ.
⏩ස්නායු ආවේග සම්ප්‍රේෂණයේ දී වැදගත් වේ.
ඌනතා ලක්ෂණ-
⏩පේශි දුර්වල වීම
⏩මානසික ව්‍යාකූලතා ඇතිවීම
සෝඩියම්
කාර්යභාරය-
⏩එන්සයිමවල ක්‍රියාකාරීත්වය ඇති කරයි.
⏩ජීර්ණ යුෂ වල සංඝටකයකි.
⏩සෛල තුළ ආඍති පීඩනය නියතව පවත්වා ගනී.
⏩ස්නායු ආවේග සම්ප්‍රේෂණයේ දී වැදගත් වේ.
ඌනතා ලක්ෂණ-
⏩ස්වසන ආබාධ හට ගනියි
⏩කෙන්ඩා පෙරලීම
⏩ඔක්කාරය
⏩පාචනය
මැග්නීසියම්
කාර්යභාරය-
⏩අස්ථිවල හා දත්වල සංඝටකයකි.
⏩පරිවෘත්තිය ක්‍රියාවලදී උපකාරී වේ.
ඌනතා ලක්ෂණ-
⏩අධික ලෙස හෘද ස්පන්දනය සිදු වීම
⏩ස්නායු දුබලතා ඇතිවීම
කැල්සියම්
කාර්යභාරය-
⏩දත් හා අස්ථි වර්ධනයට අවශ්‍ය වේ.
⏩ රුධිරය කැටි ගැසීමේ දී වැදගත් වේ.
⏩ස්නායුවල මනා ක්‍රියාකාරීත්වයට උපයෝගී වේ.
⏩කිරි වල සංඝටකයකි.
⏩විටමින් B අවශෝෂණයට වැදගත් වේ.
ඌනතා ලක්ෂණ-
⏩දත් හා අස්ථි දුර්වලවීම
⏩වර්ධන ඌනතා ඇති වේ.
⏩වැඩිහිටියන්ගේ අස්ථි බිදීයයි(ඔස්ටියෝපොරෝසිස්)
පොස්පරස්
කාර්යභාරය-
⏩දත් හා අස්ථි වර්ධනයට අත්‍යවශ්‍ය වේ.
⏩නියුක්ලෙයික් අම්ලයේ අත්‍යවශ්‍ය සංඝටකයකි.
⏩කාබෝහයිඩ්‍රේට් හා මේද පරිවෘත්තියේදී වැදගත් වේ.
⏩පේෂිවල හා ස්නායු වල ශක්තිය ක්ශණිකව මුදා හැරීමට උපයෝගී වේ.
ඌනතා ලක්ෂණ-
⏩ අස්ථි දුර්වල වී පහසුවෙන් කැඩී යාම සිදුවේ
යකඩ
කාර්යභාරය-
⏩හිමොක්ලොබින් සංස්ලේෂණයට අත්‍යවශ්‍ය වේ.
⏩ මාංශ පේශි වල ඔක්සිජන් ගබඩා කර ගැනීමට අවශ්‍ය වේ.⏩එන්සයිම සෑදීමේදී සංඝටකයක් ලෙස ක්‍රියා කරයි.
ඌනතා ලක්ෂණ-
⏩ක්‍රියාකාරීත්වය අඩු වීම
⏩මානසික වර්ධනයේ දුර්වලතා
⏩රක්තහීනතාව
⏩නිද්‍රාශීලී බව
අයන්
කාර්යභාරය-
⏩තයිරොක්සින් හෝමෝනය නිෂ්පාදනය කිරීමට අත්‍යවශ්‍ය වේ.
ඌනතා ලක්ෂණ-
⏩බුද්ධි සංවර්ධනයට බාධා ඇති වේ.
⏩ ඉගෙනීමට මැලි බවක් දක්වයි.
⏩ උස යාම සීමාවේ.
විටමින්
⏩විටමින් යනු කාබනික සංයෝගයකි.
⏩ශරීරය තුළ සිදුවන ජෛව රසායනික ප්‍රතික්‍රියාවලට සහභාගී වන අතර නිරෝගී බව පවත්වා ගැනීමට දායක වේ.
⏩විටමින් B,C ජලයේ දිය වේ.
⏩විටමින් A,D,E,K ජලය දිය නොවෙයි. නමුත් මේවා මේදෙය වේ.
විටමින් A
ප්‍රයෝජන-
⏩පෙනීමට වැදගත් වෙන දුෂ්ටි වර්ණක සෑදීමට අත්‍යවශ්‍ය වේ.⏩සම පැහැපත් හා නිරෝගීව පවත්වාගෙනයෑමට වැදගත් වේ.
ඌනතා ලක්ෂණ-
⏩රාත්‍රී අන්ධතාවය
⏩ඇසේ බිටෝ ලප ඇති වීම.
⏩සමේ වියළි බව
⏩වැළමිට දනහිස ආදියෙහි කටු වැනි බිබිලි මතු වීම.
⏩ස්වසන පද්ධතිය ආශිත රෝග
විටමින් B
ප්‍රයෝජන-
⏩ස්නායු පටක වල නිසි පැවැත්මට අවශ්‍ය වේ.
⏩රතු රුධිරානු සෑදීමට අවශ්‍ය සංඝටකයකි.
⏩සම නිරෝගීව පවත්වාගෙන යාමට වැදගත් වේ.
⏩මේද පරිවෘත්තීය සඳහා වැදගත් වේ.
⏩ ඇටමිදුළු නිර්මාණයට අවශ්‍ය වේ.
⏩ ප්‍රතිදේහ සෑදීමට අවශ්‍ය වේ.
⏩රක්තානු පරිණතියට අවශ්‍ය වේ.
ඌනතා ලක්ෂණ-
⏩ බැරි බැරි රෝගය
⏩මුඛ කොන් වනවීම.
⏩රක්ත හීනතාව
⏩සමේ වියළි බව සහ වර්ණ වෙනස් වීම
විටමින් C
ප්‍රයෝජන-
⏩සමේ නිරෝගීතාව සඳහා වැදගත් වේ.
⏩දත්වල එනැමලය සෑදීමට අවශ්‍ය වේ.
⏩කොලැජන් තන්තු සංස්ලේෂණයට අවශ්‍ය වේ.
ඌනතා ලක්ෂණ-
⏩විදුරුමස් දුර්වලවීම
⏩අභ්‍යන්තර රුධිර ගැලීම් ඇති වීම
⏩රෝග සුව වීමට කල්ගත වීම
විටමින් D
ප්‍රයෝජන-
⏩කැල්සියම් හා පොස්පරස් අවශෝෂනය පාලනය කරයි.
ඌනතා ලක්ෂණ-
⏩රිකට්සියාව(අස්ති විකෘති වීම)
විටමින් E
ප්‍රයෝජන-
⏩පටක සහ සෛල වර්ධනයට අවශ්‍යවේ.
ඌනතා ලක්ෂණ-
⏩පරිනත නොවූ දරු උපත් සිදුවීම.
⏩රතු රුධිරානු බිදයාම වේගවත් කිරීම.
⏩ප්‍රජනනය හා සම්බන්ධ දුර්වලතා
විටමින් K
ප්‍රයෝජන-
⏩රුධිර කැටිගැසීමට අවශ්‍ය සංගටක සෑදීමට
ඌනතා ලක්ෂණ-
⏩රුධිර කැටිගැසීම ප්‍රමාද වීම.
For More👇