01.ඉතිහාසය හැදෑරීමේ මූලාශ්‍රය (10 ශ්‍රේණිය)

        1.1 


  📌️මූලාශ්‍රය වර්ගීකරණය 


🔖සාහිත්‍ය මූලාශ්‍රය 


🔖පුරාවිද්‍යාත්මක මූලාශ්‍රය 




          📌️සාහිත්‍ය මූලාශ්‍රය 


සාහිත්‍ය මූලාශ්‍රය යනු කුමක් ද ?


🔖අතීත ප්‍රජාව විසින් විවිධ කාල වකවානුවල ලියන ලද ග්‍රන්ථ හෝ ලේඛන සාහිත්‍ය මූලාශ්‍රය ලෙස හදුන්වයි.




සාහිත්‍ය මූලාශ්‍රයේ කොටස් දෙක 


🔖දේශීය සාහිත්‍ය මූලාශ්‍රය


🔖විදේශීය සාහිත්‍ය මූලාශ්‍රය




දේශීය සාහිත්‍ය මූලාශ්‍රය යනු 


 කුමක් ද ?


🔖වසර දෙදහසකට පමණ පෙර සිට ශ්‍රී ලාංකිකයන් විසින් ගද්‍ය හා පද්‍ය වශයෙන් ලියන ලද කෘති දේශීය සාහිත්‍ය මූලාශ්‍රය ලෙස හදුන්වයි.




ශ්‍රී ලංකාවේ දේශීය සාහිත්‍ය මූලාශ්‍රය අතර වැදගත් තැනක් ගන්නා කෘති මොනවා ද ?


🔖මහාවංසය 


🔖දීපවංසය


🔖මහාවංස ටීකාව 


 (වංසත්ථප්පකාසිනී)


🔖බෝධිවංසය 


🔖ථූපවංසය


🔖ධාතුවංසය


🔖පූජාවලිය 


🔖සද්ධර්මාලංකාරය


🔖සංදේශ කාව්‍ය 


🔖මයුර සංදේශය 


 🔖තිසර සංදේශය 


  🔖සැළලිහිණි සංදේශය 


🔖ප්‍රශස්ති කාව්‍ය 


  🔖පැරකුම්බා සිරිත 


🔖හටන් කාව්‍ය 


  🔖සීතාවක හටන


   🔖කොන්ස්තන්තීනු හටන


    🔖ඉංග්‍රීසි හටන




ඉතිහාසය ගොඩනැගීමට සාහිත්‍ය මූලාශ්‍රය යොදා ගැනීමේදී සැලකිල්ල යොමු කල යුතු කරුණු මොනවා ද ?


1.මූලාශ්‍රය රචනා කල කාලය 


2.මූලාශ්‍රයේ කතුවරයා 


3.කතුවරයාගේ අරමුණ 


4.මූලාශ්‍රයට කරුණු සපයාගත් ආකාරය 




විදේශීය සාහිත්‍ය මූලාශ්‍රය යනු කුමක් ද ?


විදේශීකයන් විසින් මෙරට පිළිබඳ තොරතුරු සදහන් කරමින් ලියන ලද කෘති විදේශීය සාහිත්‍ය මූලාශ්‍රය ලෙස හැදින්වේ.




ශ්‍රී ලංකාවට පැමිණ මෙහි ඓතිහාසික තොරතුරු වාර්තා ගත කළ කතුවරුන්ගේ කෘති මොනවා ද ?


🔖පාහියන් හිමියගේ දේශාටන වාර්තාව 


🔖ඉබන් බතුතාගේ දේශාටන වාර්තාව 


🔖රිබෙයිරෝගේ ලංකා ඉතිහාසය


🔖බැල්ඩියස්ගේ ලංකා පුරාවෘතය 


🔖රොබට් නොක්ස්ගේ එදා හෙළදිව




ශ්‍රී ලංකාවට නොපැමිණ මෙහි ඓතිහාසික තොරතුරු වාර්තා ගත කළ කතුවරුන්ගේ කෘති මොනවා ද ?


🔖ඇරිස්ටෝටල්ගේ ඩිමුණ්ඩෝ කෘතිය


🔖මෙගස්තිනිස්ගේ ඉන්ඩිකා කෘතිය 


🔖ප්ලිනීගේ නැචුරල් හිස්ටෝරියා කෘතිය 


🔖ටොලමිගේ භූගෝල ශාස්ත්‍ර ප්‍රවේශය 


🔖ටොලමිගේ ලංකා සිතියම


🔖හියුං සියෑං හිමිගේ දේශාටන වාර්තා




සාහිත්‍ය මූලාශ්‍රයවල ප්‍රයෝජන මොනවා ද ?


1.ඓතිහාසික කාල අනුපිළිවළ සකස් කර ගැනීම.


2.එක් එක් අවධිවල දේශපාලන,ආර්ථික, සමාජ,සංස්කෘතික කටයුතු පිළිබඳ  තොරතුරු ලබා ගැනීමට.


3.එක් මූලාශ්‍රයක් මගින් ලැබෙන තොරතුරු තවත් මූලාශ්‍රයක්  මගින් සනාථ කර ගැනීමට.


4.රටක විදේශීය සබඳතා අද්‍යනය කිරීමට .




📌️පුරාවිද්‍යාත්මක මූලාශ්‍රය  




පුරාවිද්‍යා මූලාශ්‍රය යනු කුමක් ද ?


🔖පුරාවිද්‍යා කැණීම් හා පර්යේෂණ මගින් සොයා ගැනෙන පුරාවස්තු,ස්මාරක,කාසි,සෙල්ලිපි හා විවිධ නටබුන් ආදිය පුරාවිද්‍යාත්මක මූලාශ්‍රයන් වේ.




අභිලේඛන යනු මොනවා ද ?


🔖ගල්(ශිලා),මැටිපුවරු,බිත්ති,තඹ,තහඩු,රන් තහඩු,දැව හා විවිධ භාජන ආදියෙහි ලියා ඇති පැරණි ලේඛන පොදුවේ අභිලේඛන යනුවෙන් හදුන්වයි.




🔖ලියා ඇති මාධ්‍ය අනුව ශ්‍රී ලංකාවේ හමුවන විවිධ අභිලේඛන සදහා උදාහරණය.


🔖ශිලාලිපි - නිශ්ශංකමල්ල රජුගේ ගල්පොත ලිපිය


🔖බිත්ති - සීගිරි ගී


🔖තඹ තහඩු - පළමුව විජයබාහු  රජුගේ පනාකඩුව තඹ සන්නස


🔖රන් තහඩු - වල්ලිපුරම් රන්පත


🔖දැව - ඇම්බැක්කේ දේවාලයේ දැව කනුවල ලියූ ලේඛන 


🔖මැටි පුවරු - උළු හා ගඩොල් මත ලියූ අකුරු 


🔖භාජන - මැටි වළං,පාත්‍ර ආදියේ ලියූ අකුරු 




සෙල්ලිපි(ශිලාලිපි) යනු මොනවා ද ?


🔖ගල් මත ලියා ඇති ලේඛන,සෙල්ලිපි හෙවත් ශිලාලිපි යනුවෙන් හදුන්වයි. මේවා ලියා ඇති ගල්වල ස්වරූපය අනුව ලෙන්ලිපි,ගිරිලිපි,ටැම්ලිපි,පුවරුලිපි හා ආසන ලිපි ආදී වශයෙන් වර්ග කර ඇත.මෙරට පැරණිතම ශිලාලිපි බ්‍රාහ්මීය ලිපි ලෙස හදුන්වයි.




🔖ලියා ඇති ස්වරූපය අනුව ශ්‍රී ලංකාවේ හමුවන විවිධ සෙල්ලිපි සදහා උදාහරණ.


🔖ලෙන් ලිපි - ගල්ලෙන් වල කටාරම අසල ලියූ ලිපි


🔖ගිරි ලිපි - ගල් තලාවල හෝ ගල්කුළ මත ලියූ ලිපි


🔖ටැම් ලිපි - සකස්කරගත් ගල්කුළුණු මත ලියූ ලිපි


🔖පුවරු ලිපි - සකස්කරගත් ගල් පුවරු මත ලියූ ලිපි 


🔖ආසන ලිපි - මල් ආසන මෙන් තැනූ ගල්පුවරු මත ලියූ ලිපි




ශ්‍රී ලංකාවේ ඓතිහාසික තොරතුරු ලබාගත හැකි කාසි පිළිබඳ පැහැදිලි කරන්න.


🔖මෙරටින් හමුවන පැරණිතම කාසි 'කහාපණ' නම් වේ.පුරාණ හෝ ධරණ යන නම් ද එම කාසි වලට යෙදේ. ඇතා හා ස්වස්තික කාසි,ලක්ෂ්මි කාසි හා අක නම් රන් කාසි වර්ගයක්ද මෙරට භාවිත කර ඇත.පොළොන්නරු රාජ්‍ය සමයේ තඹ මස්ස කාසි භාවිත කෙරිණි.මෙරටට අවශ්‍ය කාසි රට තුළම නිෂ්පාදනය කර ඇති අතර කාසි නිපදවූ අච්චු පවා කැණීම් වලින් හමු වී තිබේ.




🔖දේශීය කාසි වලට අමතරව රෝම කාසි,චීන කාසි,ඉන්දියානු කාසි ආදියත් ශ්‍රී ලංකාවෙන් හමු වේ. පැරණි කාසි පිළිබදව හදාරන විෂය 'නාණක විද්‍යාව' නම් වේ.




පුරාණ නටබුන් යනු මොනවා ද ?


🔖ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශ වල පැරණි ගොඩනැගීගිලි,දාගැබ්,ගල් කණු,වැව්,පොකුණු ආදී නටබුන් දක්නට ලැබේ.ඓතිහාසික ස්ථාන හෝ පුරාවිද්‍යාත්මක ස්මාරක ලෙස හදුන්වන මෙම නටබුන් මෙරට ඉතිහාසය හැදැරීමට හොඳ මූලාශ්‍රයකි. පැරණි ජනතාවගේ නිර්මාණාත්මක හැකියාව, තාක්ෂණය,ගොඩනැගිලි නිර්මාණය හෙවත් වාස්තු විද්‍යාව,ශිල්පීය දක්ෂතාව,පරිසරය සංරක්ෂණ හැකියාව,ජල පාලනය වැනි විවිධ අංශ පළිබද නිරවුල් දැනුමක් මෙම නටබුන් මගින් ලබා ගත හැක.




චිත්‍ර, මූර්ති හා කැටයම් තුළින් ඉතිහාසය අනාවරණය කර ගත හැක්කේ කෙසේ ද?


🔖පැරණි චිත්‍ර, මූර්ති හා කැටයම් අපේ සංස්කෘතික ඉතිහාසය පෙන්නුම් කරන ජීවමාන සාක්ෂි වේ.අතීත ජනතාවගේ ඇදුම් පැළදුම්,කලා කුසලතාව,අභරණ භාවිතය, ආගමික විශ්වාස ආදී බොහෝ අංශ පිළිබඳ තොරතුරු ලබා ගැනීමට චිත්‍ර, මූර්ති හා කැටයම් උපකාරී වේ.




පුරාවස්තු යනු මොනවා ද ?


🔖පැරණි ජනතාව විසින් නිර්මාණය කරන ලද හෝ පරිහරණය කරන ලද දැනට ඉතිරිව ඇති දේ පුරාවස්තු නම් වේ.කව්තුකාගාරවල,ආගමික ස්ථානවල,විවිධ ආයතන හෝ පුද්ගලයන් භාරයේ පුරාවස්තු පවතී.


🔖කැණීම් මගින්ද බහුලව පුරාවස්තු හමු වේ.අතීත ජනතාවගේ විවිධ හැකියා,කුසලතා,පැරණි සංස්කෘතික,තාක්ෂණය,විදේශ සබඳතා හා ඔවුන්ගේ ජීවන ක්‍රමය ආදිය පිළිබඳ අවබෝධය ලබා ගැනීමට පුරාවස්තු උපකාරීන් වේ.




                1.2


  📌️ඉතිහාසය ඉගෙනීමේ වැදගත්කම




ඉතිහාසය ඉගෙනීමෙන් අත්වන ප්‍රයෝජන මොනවා ද ?


🔖තමා ජීවත්වන සමාජය හා ලෝකය පිලිබද යථාවබෝධය


🔖අතීත අත්දැකීම් මගින් වර්තමානය තේරුම්ගෙන අනාගතය ගොඩනැගීම


🔖රටේ ජාතික අනන්‍යතාව හදුනා ගැනීම 


🔖මනුෂ්‍යත්වයට ආදරය කිරීමෙන් ජාතික

සමගිය ගොඩනැගීම


🔖අන්‍ය සංස්කෘතින්ට ගරු කිරීමට පුරුදු වීම


🔖විවිධ මත ඉවසීමට හුරු වීම


  


                1.3


  📌️පුරාවිද්‍යාත්මක මූලාශ්‍රය ආරක්ෂා කර ගැනීම.




ශ්‍රී ලංකාවේ දැනට ඉතිරිව පවතින පුරාවිද්‍යාත්මක මූලාශ්‍රයන් විනාශ වෙමින් පවතී.ඊට හේතු කවරේ ද ?


🔖රට ශීඝ්‍රයෙන් නාගරීකරණය වීම


🔖ජනාවාස ව්‍යාප්තිය


🔖මංමාවත් තැනවීම


🔖ගොඩනැගිලි ඉදිකිරීම 


🔖කෘෂිකාර්මික කටයුතු 


🔖පුරාවස්තු මත විවිධ දෑ ලිවීම හා

 පුරාවස්තු මත විවිධ දෑ ඇදීම


🔖නිධන් ලබාගැනීම පිණිස පුරාවස්තු

 කඩා බිද දැමීම




පුරාවිද්‍යාත්මක මූලාශ්‍රයන් ආරක්ෂා කර ගත යුත්තේ ඇයි ?




🔖සාහිත්‍යමය මූලාශ්‍රයන් තුළින් කියවෙන අපේ ඓතිහාසික තොරතුරු සනාථ කර ගැනීම පිණිස අපට උපකාරී වන්නේ පුරාවිද්‍යාත්මක මූලාශ්‍රයන් ය. සාහිත්‍ය කෘති තුළ අඩංගු කරුණු සනාථ වන්නේ මෙම පුරාවිද්‍යාත්මක මූලාශ්‍රයන් හරහා ය. අබැවින් අපේ ඉතිහාසය මේ අකාරයැයි අප සනාථ කරගත් තොරතුරු අපේ ඉදිරි පරම්පරාවටද , අරක්ෂා කොට තැබීම අප සැමගේ යුතුකමකි. එම නිසා දැනට ඉතිරිව පවතින පුරාවිද්‍යාත්මක මූලාශ්‍රයන් ආරක්ෂා කර ගැනීම අනිවාර්යයෙන් ම කළ යුතුව ඇත.


51 

Send a Message


Post a Comment