03.ශ්‍රී ලංකාවේ දේශපාලන බලය විකාශය වීම (10 ශ්‍රේණිය )

 

         3.1

   📌️පූර්ව රාජ්‍ය සමය




පූර්ව රාජ්‍ය සමය යනු කුමක් ද ? 


🔖රාජ්‍යක් බිහිවීමට පෙර ශ්‍රී ලංකාවේ රට පාලනය කිරීමට අදාළව පැවති ස්වරූපය පූර්ව රාජ්‍ය සමය ලෙස හැදින්වේ. පූර්ව රාජ්‍ය සමයේදී මෙරට පාලනය කිරීමට එක් නිශ්චිත පාලකයෙක් සිටියේ නැත. එකල කුඩා ප්‍රදේශවල සිය බලය පවත්වාගෙන යන ලද්දේ වත්පොහොසත් කම් ඇති ප්‍රභූන් පිරිසක් විසිනි.




'ගෘහපති' යනු කවුරුන් ද ?


🔖ක්‍රි.පූ.900 පමණ වන විට මෙරට ගම්මාන පවුල් කිහිපයකින් සමන්විත වී තිබිණි. සමහර පවුල් වල සාමාජිකයෝ 1-30 අතර ප්‍රමාණයක් ජීවත් වූහ. පවුල යන අදහස දීමට පැරණි කාලයේ භාවිත වූයේ 'කුල' යන්නයි. මෙම සෑම පවුලකම ප්‍රධානියා හදුන්වන ලද්දේ 'ගෘහපති' නමිනි. පසුකාලීන සෙල්ලිපිවල මොවුන් 'ගහපති' යනුවෙන් හදුන්වා ඇත.




ගමික යනු කවුරුන් ද ?


🔖පැරණි ගම් වල ජීවත් වූ ගම් ප්‍රධානීන් 'ගමික' හෙවත් 'ග්‍රාමික' යනුවෙන් පැරණි සෙල්ලිපිවල හා අටුවා කථාවල සදහන් කොට ඇත. පැරණි ගම් පටු කැලෑ තීරයකින් එකිනෙකට වෙන් වශයෙන් පැවතිනි.


🔖මේ ගම් අතර පැවති භාණ්ඩ හුවමාරු,ආවහ-විවහ,ආරවුල් විසදීම් ආදියේදී ඒ ඒ ගම් නියෝජනය කිරීමට ක්‍රියා කල පුද්ගලයා 'ග්‍රාමික' නමින් හදුන්වා ඇත. මෙහි අදහස නායකයා යන්නයි.




🔖ගමක් නියෝජනය කිරීමට නායකයකු තෝරාගන්නා ලද්දේ ගෘහපතින් අතරිනි. එලෙස තෝරාගැනීමේදී අවධානය යොමු කරන ලද්දේ ගෘහපතින් සතු වත්පොහොසත්කම වන්නට ඇත.


🔖ගමක ගෘහපතින් සියලු දෙනා එක්ව ගම වෙනුවෙන් තීරණ ගැනීම වෙනුවට ගෘහපතින්ගේ එකගතාවෙන් ගමේ ජීවත් වන වඩා ධනවත් හා බලවත් පුද්ගලයා ඒ සදහා පත් කර ගැනීමට අපේ පුරාණ ගම්වැසියන් කටයුතු කර තිබේ. පොදු කටයුතු වලට නායකත්වට දීමට, ගමට අයත් වැව නඩත්තු කිරීම, ඉන් ජලය බෙදා හැරීම මොහුගේ කාර්යන් අතර විය.




'පරුමකවරු' යනු කවුරුන් ද ? 


🔖ගම් වල විසූ ගමිකයන් අතරින් වඩා බලවත් තැනැත්තා එක් වැව් පද්ධතියකට අයත් ගම් සියල්ල නියෝජනය කිරීමට කටයුතුකර ඇත. මෙම තැනැත්තා 'පරුමක' යනුවෙන් හැදින්විණි. වැව් පද්ධතියක් හා ඊට අයත් ගම් කිහිපයක ජීවත් වූ වැසියන්ගේ සුභ සිද්ධිය වෙනුවෙන් තීරණ ගැනීමට බලයක් පැවරී තිබූ නිසා 'පරුමකවරු' එකල සමාජයේ ප්‍රභූ පිරිසක් ලෙස සැලකිණි.




'පරුමකලු' යනු කවුරුන් ද ?


🔖පිරිමින් පමණක් නොව ඇතැම් අවස්ථාවල දී කාන්තාවන්ද ප්‍රාදේශීය පාලනයට හවුල් වී ඇත. එවැනි කාන්තාවන් 'පරුමකලු' යනුවෙන් හදුන්වන ලදී.




වැව් ප්‍රපතනයක් යනු කුමක් ද ?


🔖වර්ෂා ජලයෙන් පෝෂණය වන කුඩා ගම් වැව් වලින් කල හැකි වැඩ කොටස තවදුරටත් පුළුල් කිරීමට එම ගම්වැව් ඇළ මාර්ගවලින් සම්බන්ධ කෙරිණි. එවැනි වැව් පද්ධතියක් හැදින්වීමට භාවත කරන්නේ 'වැව් ප්‍රපතනය' යන නමයි.


🔖වියළි කලාපීය ජනයා ඒ සදහා 'එල්ලංගාව' යන වචනය භාවිත කර තිබේ.




පිටාර නිම්නය යනු කුමක් ද ?


🔖වැඩි වර්ෂා කාලවල දී ගංගා මගින් ගංවතුර තත්ත්වයක් ඇති කරයි. එවන් අවස්ථා වල ගංගාවේ ඉවුරු දෙපස ගොඩබිම ජලයෙන් යට වේ. ගංගාව දෙපස ගංවතුරට යට වන ප්‍රදේශය එම ගංගාවේ 'පිටාර නිම්නය' ලෙස හදුන්වය. ගංවතුර මගින් රැගෙන එන රොන් මඩ පිටාර නිම්නයේ තැන්පත් වේ.එම නිසා එම 


🔖ප්‍රදේශ ඉතා සරුසාර වේ. පිටාර නිම්නය හැදින්වීමට "ඩෙල්ටා" යන පදය ද භාවිත වේ.




       📌️රාජ්‍යත්වයේ වර්ධනය 




 දේශපාලන බලය මධ්‍යගත වීම යනු කුමක් ද ?


🔖මෙය රට එක්සේසත් කිරීම යන අදහසට සමාන වේ. බලය එක් පුද්ගලයෙකු යටතට පත්වීම මින් අදහස් වේ. බලය මධ්‍යගත වීමෙන් රාජ්‍ය නිර්මාණය වේ. රාජ්‍යයේ ප්‍රධානියා රජු වේ. රජුගේ පාලනයට යටත් වූ නිශ්චිත භූමි ප්‍රදේශයක් සකස් වේ.




දේවානම්පියතිස්ස රාජ්‍ය සමය වන විට දේශපාලන බලය මධ්‍යගත වීමේ අවශ්‍යතාව වර්ධනය වීමට බලපෑ හේතු මොනවා ද ?


🔖නැගෙනහිර හා බටහිර රටවල් යා කරමින් ඉන්දියානු සාගරය හරහා වැටී තිබුණු මුහුදු වෙළෙඳ මාර්ගයේ මැද පිහිටි රටක් වීම හා ශ්‍රී ලංකාව සතුව තිබූ මැණික්, ඇතුන් හා කුළුබඩු වෙළෙදුන්ගේ සිත් ඇදගත් වෙළෙඳ භාණ්ඩ බවට පත්ව තිබීම නිසා ජාත්‍යන්තර වෙළෙදුන්ගේ අවධානයට ශ්‍රී ලංකාව යොමු විය. නැගී එන මෙම ජාත්‍යන්තර වෙළෙඳාමට සම්බන්ධ වීමෙ දී ස්වාධීන රටක් ලෙස කටයුතු කිරීමේ අවශ්‍යතාව පැන නැගිණි. මේ සදහා මුළු රටම ඒකීය පාලනයට නතු වීමේ අවශ්‍යතාව ඒ වන විට ප්‍රබලව සිටි ඇතැම් ප්‍රාදේශීය පාලකයින්ට වැටහී තිබිණි. මේ නිසා ඔවුන් දේවානම්පියතිස්ස රජු වටා ඒකරාශී වූහ.




 🔖විමධ්‍යගත පැවති ශ්‍රී ලංකාවේ දේශපාලන බලය එක් නිශ්චිත පුද්ගලයකු වෙත යොමු වීමේ ක්‍රියාවලියේ


 නියමුවෙකු ලෙස දුටුගැමුණු රජු වැදගත් වන්නේ  කෙසේද ?


🔖රට එක්සත් කිරීම පිළිබඳ දුටුගැමුණු රජුගේ වැඩකටයුතු වලට සගභාගී වූ සෙන්පතිවරු මුල් කාලයේදී පරුමකවරුන් ලෙස කටයුතු කර ඇත. වේළුසුමන, ඵුස්සදේව, ථේරපුත්තාභය හා නන්දිමිත්‍ර යන සෙන්පතිවරන් පරුමකයින් ලෙස සෙල්ලිපිවල හදුන්වා ඇත.


🔖දුටුගැමුණු රජු විසින් විවිධ දක්ෂතා තිබෙන එවැනි පරුමකවරුන්ගේ සහය ලබාගෙන එතෙක් විමධ්‍යගත වී තිබූ දේශපාලන බලය මධ්‍යගත කළේය. බලය විමධ්‍යගතව පැවති සමයේදී පරුමක තත්වයේ සිටි ප්‍රාදේශීක ප්‍රභූ නායකයෝ බලය මධ්‍යගත වූ පසු රජයේ විවිධ තනතුරු දරන්නන් බවට පත් විය.


🔖මෙලෙස මුළු දිවයිනම එක්සේසත් කල ප්‍රථම පාලකයා ලෙස දුටුගැමුණු රජු ඉතිහාසයට එක් වී ඇත.




මෙරට දේශපාලන බලය මධ්‍යගත කිරීමේදී වසභ රජුගේ කාර්යභාර්ය පහදන්න .


🔖වසභ රජුගේ පාලන කාලයේදී සමස්ත ශ්‍රී ලංකාවම එක් ඒකකයක් ලෙස ක්‍රියාත්මක විය. වසභ රජු විසින් පිහිටවන ලද සෙල්ලිපි මෙරට පුළුල් ප්‍රදේශයක පැතිරි තිබේ. පරිපාලන දිස්ත්‍රික්ක(අස්ථාන) වෙන් කොට ඒ එක් එක් දිස්ත්‍රික්ක පාලනය කිරීමට ඇමතිවරු පත් කිරීමද මෙතුමාගේ පාලන කාලයේදී සිදුවිය.




🔖වසභ රජුගේ කාලයේදී යාපනය ප්‍රදේශය පාලනය කරන ලද්දේ එතුමා විසින් පත් කරන ලද සෘෂිගිරි නම් ඇමතිවරයා විසින් බව වල්ලිපුරම් රන්පතේ සදහන් වේ. එකල යාපනය අර්ධද්වීපය නාගදීප(නකදිව) නමින් හදුන්වන ලදි. ශ්‍රී ලංකාවට ස්වාධීන රටක් ලෙස ලෝකය හමුවේ පෙනී සිටින්නට මෙලෙස දේශපාලන බලය මධ්‍යගත වීම නිසා හැකි විය.




                 3.2


  📌️රාජ්‍යත්ව සංකල්පය




රජවරුන්ගේ ක්‍රියාකලාපය සහ පෙනී සිටීමට උත්සහ කළ ස්වරූපය අනුව රාජ්‍යත්වය පිළිබඳ ගොඩ නැගී ඇති විවිධ සංකල්පය මොනවා ද ?


🔖දේවත්ව-මහසෙන් රජු/කූටකණ්ණ අභය රජු


🔖බෝධිසත්ව-


🔖පර්වතරාජ- පළමුවන කාශ්‍යප රජු


🔖වීරත්ව- දුටුගැමුණු රජු 


🔖චක්‍රවර්තී - නිශ්ශංකමල්ල රජු




            📌️රාජ්‍ය උරුමය 




ශ්‍රී ලංකාවේ රාජ්‍ය උරුමය ලැබුන ආකාර කෙසේ ද ?


🔖සහෝදරයාගෙන් සහෝදරයාට


🔖පියාගෙන් පසු පුතාට


🔖රජුගේ අගබිසවගේ සොයුරාට 


🔖රජුගේ සොහොයුරියගේ පුතාට




සහෝදරයාගෙන් සහෝදරයාට රජකම උරුම වීම පිළිබඳ උදාහරණ .


🔖දුටුගැමුණු රජුට පසුව ඔහුගේ  සොයුරු

සද්ධාතිස්ස රජ වීම




පියාගෙන් පසු පුතාට රජකම උරුම වීම පිළිබඳ උදාහරණය .


🔖කාවන්තිස්ස රජුගෙන් පසු දුටුගැමුණු

කුමරුට රජකම හිමිවීම.


🔖වසභ රජුගෙන් පසු ඔහුගේ පුත්

වංකනාසිකතිස්ස රජ වීම.




          📌️ රාජ්‍ය තන්ත්‍රය




ශ්‍රී ලංකාවේ දේශපාලන බලය මධ්‍යගත වීමෙන් පසු රාජ්‍ය පරිපාලනයට සහභාගි වූ නිලධාරී ව්‍යුහය කෙබඳු ද ?


🔖මහරජ  (මපුරුමුකා)


🔖මහඇමති  (මහමත)


🔖ඇමතිවරු(අමෙත)/සේනාපතිවරු(ශෙනපති)


🔖භාණ්ඩාගාරික (බඩගරික)


🔖භෝජනශාලා අධිකාරි (බතගු)


🔖නගර පරිපාලක (නගරගුතික)




                       3.3


 📌මෙරට පාලනය කල ශ්‍රේෂ්ඨ රජවරු




        🔖දුටුගැමුණු රජතුමා


මෙතුමා ඉන්දියානු සාගරයේ වෙළෙඳ කටයුතු නිසා සරු ආදායමක් උපදවන මාතොට අන්තර්ජාතික වරාය එළාර රජුගෙන් මුදාගෙන රට එක්සත් කිරීමේ අවශ්‍යතාව වටහා ගැනීමට සමත්විය.


මෙරට ඉතිහාසයේ ප්‍රථම සංවිධානාත්මක සටන් ව්‍යාපාරයට


නායකත්වය දෙන ලද්දේ මෙතුමාය.




එළාරගෙන් රට මුදාගැනීමේ සටන නිමා වීමෙන් පසුව පරාජයට පත් සිය ප්‍රතිමල්ලවයාගේ සොහොනට නිසි ගරුත්වය ලබාදීමට අණ කිරීමෙන් සිය රාජතාන්ත්‍රික බව පළ කිරීමට එතුමා කටයුතු කළේය. තමා කෙතරම්  බලසම්පන්න  වුවද පාලකයා ලෙස තමාගේ වගකීම ජනතාවගේ සුභසිද්ධිය සැලසීම බව වටහා ගැනීමට එතුමා සමත් වූ බව ජනතාව වෙත දැක්වූ සහනශීලි ආකල්පය මගින් පිළිබිඹු වේ.


 


රුවන්වැලි මහාසෑය ඉදිකරන කාලය තුළ එහි සතර දොරටුවේ දන්සැල් පැවැත්වීමත්,ස්ථූපය ඉදිකිරීමට සහභාගී වන සියලුම දෙනාට වැටුප් ගෙවීමටත් රජු කටයුතු කරන ලදි .


විමධ්‍යගතව පැවති ශ්‍රී ලංකාවේ දේශපාලන බලය වඩාත් ශක්තිමත් පදනමක සංවිධානය කිරීමට මුල් වී කටයුතු කිරීමද දුටුගැමුණු රජුගේ ශ්‍රේෂ්ඨත්වය විදහා දක්වන ලක්ෂණයකි.




          🔖වසභ රජතුමා


වසභ රජු ලම්බකර්ණ වංසයේ ආරම්භක පාලකයාය . රටේ අභ්‍යන්තර පාලනය විධිමත් ලෙස සංවිධානය කිරීමට මෙතුමා සමත්විය. වසභ රජු මෙරට පළාත් බෙද පරිපාලනය විධිමත් කිරීමට කටයුතු කරන ලදි. රජයේ බදු අය කිරීම වඩාත් ක්‍රමවත් වූයේද මෙතුමාගේ පාලන කාලයේදීය. පළමු වරට මේ රටේ විශාල ප්‍රමාණයේ වැව් ඉදිකිරීමටද පුරෝගාමී වූයේ වසභ රජුය.රජු විශාල ප්‍රමාණයේ වැව් දහසයක් ඉදිකරවූ බව සදහන් වේ.




වසභ රජු විහාර ප්‍රතිසංස්කරණ සදහාත් භික්ෂූන් වහන්සේලාගේ සිව්පසය සපයාගැනීමටත් විහාර වලට දීමනා ප්‍රධානය කරන ලදි .රටේ දේශීය ආදායම වැඩි කරගැනීමට අවශ්‍ය පදනම සකස් කොට ඉන් ලැබෙන ආදායම රටේ වාරිමාර්ග දියුණු කිරීමටත් යොදවන ලදි.




     🔖පළමුව විජයබාහු රජතුමා


කුඩා කාලයේදී කීර්ති නම් වූ මෙතුමා ඇතුළු රාජකීය පවුලට රුහුණු ප්‍රදේශයේ දී රැකවරණය සලසන ලද්දේ සිත්නාරුබිම බුදල්නා නම් වූ ආරක්ෂක නිලධාරියෙකි. දකුණු ඉන්දියානු චෝළ රජුගෙන් මෙරට මුදා ගැනීමට මෙතුමා ක්‍රියා කළේය.


චෝළ පාලන සමයේදී නිසි අයුරින් නඩත්තු නොවූ වෙහෙර විහාර ප්‍රතිසංස්කරණ කිරීමට


මෙතුමා කටයුතු කළේය. මෙතුමා අනුරාධපුරය වෙනුවට පොළොන්නරුව සිය පාලන මධ්‍යස්ථානය බවට පත් කරගත්තේය. පොළොන්නරුව පාලන මධ්‍යස්ථානය වශයෙන් තෝරාගැනීමට බලපෑ එක් ප්‍රධාන හේතුවක් ලෙස පෙනෙන්නේ ගෝකණ්ණතිත්ථ යනුවෙන් එකල හැදින්වූ වර්තමාන ත්‍රිකුණාමල වරාය ඉන්දියානු සාගරයේ නැගෙනහිර කොටසට මුහුණලා පිහිටා තිබීමත්, එම වරායේ වෙළෙඳ කටයුතු පාලනය කිරීම වඩාත් පහසු වන්නේ පොළොන්නරුවේ සිට පාලනය කිරීමෙන් බව රජු වටහා ගැනීමය. ඓතිහාසික පනාකඩුව තඹ සන්නස ලියවන ලද්දේ ද මෙතුමා විසිනි.


 


7 Comments 

 Comment

Send a Message


Post a Comment