04.ශ්‍රී ලංකාවේ පැරණි සමාජය (10 ශ්‍රේණිය )

4.1

📌️    පාලනයේ ස්වරූපය

පුරාණ ශ්‍රී ලංකාවේ රාජතාන්ත්‍රික පිළිවෙළ කුමක් දැයි කෙටියෙන් පහදන්න.

🔖එකල මෙරට පාලනය මෙහෙය වීමේ ප්‍රධාන අංශ තුන වූයේ රජු,රාජ සභාව හා රජයේ නිලධාරීන් ය. වර්තමානයේ අපේ රටේ පාර්ලිමේන්තුව මගින් එම කටයුත්ත ඉටු කරන්නා සේ පුරාණ කාලයේ එය ඉටු කරන ලද්දේ රාජසභාව විසිනි. විධායකය යනු නීති ක්‍රියාත්මක කරන ආයතනයයි. ඊට සම්බන්ධ වූයේ රජයේ නිලධාරීන්ය. අධිකරණය මගින් නීති උල්ලංඝනය වීමෙන් සමාජයකට ඇති විය හැකි හානිය වළක්වා රටවැසියා වෙත යුක්තිය පසිඳලනු ලබයි.

🔖පුරාණ කාලයේ අපේ රටේ විධායකයක් හා අධිකරණයක් තිබිනි. ව්‍යවස්ථාදායකය ලෙස ක්‍රියාත්මක වූයේ ද විධායකයයි. ව්‍යවස්ථාදායකය මණ්ඩලයක් ලෙස වෙනම ස්වාධීන ආයතනයක් එකල නොවූයේ එසමයේ මෙරට පැවතියේ රාජාණ්ඩු ක්‍රමයක් වූ නිසාය.

රාජ්‍ය පාලන කටයුතු පිළිබඳ සදහන් වන සෙල්ලිපි මොනවා ද ?

🔖අනුරාධපුර දිස්ත්‍රික්කයට අයත් බුද්ධන්නේහෙල සෙල්ලිපිය

🔖මැදිරිගිරිය සෙල්ලිපිය

🔖මාතලේ දිස්ත්‍රික්කයට අයත් කළුදියපොකුණ සෙල්ලිපිය

රජයේ ලේකම්වරුන්ට පැවරී තිබූ රාජකාරිය කුමක් ද ?

🔖සියලු රජයේ කටයුතු ලේඛනගත කිරීම හා එම ලේඛන ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය කරන කටයුතු සම්පාදනය කිරීම.

වසභ රජතුමාගේ පාලන සමයේ නාගදීපය පාලනය කරන ලද්දේ කවුරුන් ද ?

🔖සෘෂිගිරි නම් ඇමතියා නාගදීපය පාලනය කරන ලදි. ඔහු පියංගුකතිස්ස නම් විහාරය ඉදි කළ බව සදහන් වේ.

පැරණි රජවරු පොදු සෞඛ්‍ය පහසුකම් ඇති කළ බවට උදාහරණ දක්වන්න.

🔖බුද්ධදාස රජතුමා රෝහල් ඉදි කළ අතර ඔහු
වෛද්‍යවරයෙකු ලෙස ප්‍රසිද්ධියක් උසුලයි .

🔖පස්වන මහින්ද රජතුමා නොයෙක් පළාත්වල
පිහිටුවා තිබූ රෝහල්වලට අවශ්‍ය සියලුම
පහසුකම් ලබා දීමට කටයුතු කළේය.

🔖හතර වන කාශ්‍යප රජතුමා එකල පැතිරී
ගිය දරුණු උණ රෝගයකට ප්‍රතිකාර
ලබා දීම පිණිස විශේෂ රෝහලක් ඉදි කළේය.

🔖පළමුවන උපතිස්ස රජතුමා ගැබිණි
මව්වරුන්ගේ අවශ්‍යතා සඳහා මාතෘ
නිවාස ඉදිකර වීය .

අතීත රජවරුන් විදේශයන් සමග සුහදශීලීව කටයුතු කල බවට උදාහරණ දෙන්න.

🔖පළමුවන ගජබාහු රජතුමා දකුණු ඉන්දියාවේ
චේර රාජ්‍යයේ පත්තිනි දේවාලයක් විවෘත
කිරීමේ උත්සවයකට සහභාගී වීම .

🔖භාතිකාභය රජතුමා විසින් රුවන්වැලි සෑයට
පූජාවක් පැවැත්වීමට අවශ්‍ය වූ වීදුරු පබළු
රැගෙන ඒම සඳහා රෝමානුක දේශයට
තානාපති නිලධාරීන් යැවීම.

🔖ක්‍රිරි.ව.8-9 සියවස් වල දී මෙරට පාලකයින්
චීනය සමඟ සමීප සබඳතාවක් ගොඩනඟා
ගැනීම පිණිස චීනයට මෙරටින් තානාපතිවරු
පිටත් කිරීම .

🔖හයවන අග්ගබෝධි රජුගේ පාලන කාලයේදී
වෙළඳාම් කටයුතු සාර්ථක කරගැනීම පිණිස
විසි වතාවක් ශ්‍රී ලංකාවෙන් චීනයට රාජ්‍ය
තාන්ත්‍රික දූත ගමන් යෙදීම.

🔖දේශපාලන බලය ස්ථාවරව පවත්වා ගැනීමේ
අරමුණින් ඉන්දියාවේ කාලිංග සහ පාණ්ඩ්‍ය
දේශය සමග මෙරට පාලකයින් විවාහ
සබඳතා ඇති කර ගැනීම.

🔖පළමුවන විජයබාහු රජතුමා විසින්
පොළොන්නරුවේ පිහිටි දළදා මාලිගයේ
ආරක්ෂාව සඳහා දකුණු ඉන්දියාවෙන්
මෙහි පැමිණි වැටුපට සේවය කරන
වේලෙයික්කාර නම් වූ හමුදාව පත් කිරීම .

🔖ක්‍රි.ව.10 සියවසින් පසු කාලයේ දී අපේ රජවරු
වෙළඳාම් කටයුතු සාර්ථක කර ගැනීම පිණිස
අරාබි රටවල් සමග ඉතා සුවඳ සබඳතාවක් ගොඩනගා ගැනීම.

                  4.2

      📌️ආර්ථිකය

අතීත ශ්‍රී ලංකා ආර්ථිකයේ පැවති ප්‍රධාන අංශ තුන මොනවා ද ?

🔖කෘෂිකර්මය

🔖කර්මාන්ත

🔖වෙළෙඳාම

                4.2.1

            📌️ ගොවිතැන

අතීත ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්ත යේ කොටස් තුන දක්වන්න.

🔖හේන් ගොවිතැන

🔖මඩ ගොවිතැන (වී වගාව)

🔖සත්ත්ව පාලනය

           📌️හේන් ගොවිතැන

ගොවිතැන සදහා හේනක් සකස් කර ගන්නේ කෙසේ ද ?

🔖තමන්ට අවශ්‍ය ප්‍රමාණයේ ධාන්‍ය සහ එළවළු වවා ගැනීමට ප්‍රමාණවත් තරමේ ඉඩම් කොටසක් මහ කැලෑවකින් වෙන් කොට ගෙන එය කපා ගිනි තැබීමෙන් හේනක් සකස් කරගනු ලබයි. එළි පෙහෙලි කරගත් කැලෑ කොටස ගිනි තැබීමට පෙර සියලු සතුන්ට ඉන් ඉවත් වෙන ලෙස ශබ්ද නගා කෑ ගැසීම සිදු කරයි. මෙසේ අලුතින් ගිනි තබා සකස් කර ගත් හේනක් 'නවදැලි හේන' නමින් හඳුන්වනු ලැබේ.

🔖වන සතුන්ගෙන් හේන ආරක්ෂා කර ගැනීමට හේන වටා ලී වැටක් ඉදි කරයි. එය 'දඬුවැට' නම් වේ. හේනේ උස් ගසක ඉදිකරන කුඩා පැල්පත 'පැල' නමින් හඳුන්වයි.රාත්‍රී කාලයට හේනට පැමිණෙන සතුන්ගෙන් තම හේන ආරක්ෂා කර ගැනීමට ගොවියා මෙම පැලේ රැය ගත කරනු ලබයි.

🔖කුරක්කන්,කොල්ලු,උඳු ,මුං,ඉරිඟු,මෑ, තණහාල්, අසමෝදගම්, අමු යන පැළෑටි නවය දලු ලා සරුවට වැවුණු හේන යන අදහස ද 'නවදැලි හේන' යන්නට ඇත.

පැරණි හේන් වගාව පරිසරයට අනිසි බලපෑමක් නොවන්නේ මන්ද ?

🔖හේන් වගාවේ දී අනුගමනය කෙරෙන සාමාන්‍ය ක්‍රමය වූයේ වරක් දෙවරක් වගා කළ හේන ඉන් පසු අතහැර දැමීමයි. කාලයක් එසේ අතහැර දමා තිබීමෙන් එතැන යළිත් කැලෑව හට ගැනීම නිසා පැරණි හේන් වගාව කිසිවිටෙකත් පරිසරයට අනිසි බලපෑමක් ඇති නොකළේ ය. කාලයක් අතහැර දමා යළිත් වගාකිරීම අරඹන හේන් 'කනත්ත' නමින් හදුන්වනු ලබයි.

         📌️   වී ගොවිතැන

අතීත  වී  වගාවේ  ස්වරූපය කෙටියෙන් පහදන්න .

🔖අතීතයේ වී වගාව සඳහා කුඹුර සහ කෙත භාවිත කොට තිබේ. 'කුඹුර' යනු වී වගාවට භාවිත කළ කුඩා ඉඩ ප්‍රමාණයක් වන අතර 'කෙත' යනු තරමක විශාල කුඹුරු යායවල් වේ. බොහෝ විට වී වගාව පවත්වාගෙන යන ලද්දේ වාරිමාර්ග භාවිතයෙනි.

🔖මෝසම් වැසි කාලවලදී වර්ෂා ජලය වැව්වල රැස් කරගෙන ඒවා ඇළ මාර්ග ඔස්සේ කුඹුරු වලට ලබාදෙයි.

🔖වර්ෂයට දෙවරක් වී වගා කෙරිණි. වී වගා කළ කාල දෙක 'මහ කන්නය' හා 'යල කන්නය' යනුවෙන් හදුන්වයි. මීට අමතරව 'මැද කන්නය' හෙවත් යල හා මහ කන්න දෙක අතර කාලයකදී ද වී වගා කොට ඇත. එය ජලය සුලබ වීම මත රඳා පැවතුනි. 

වී වගාවට අවශ්‍ය ජලය ප්‍රමාණවත්ව ලබා ගැනීමට වියළි කලාපයේ භාවිත කල ප්‍රධාන උපක්‍රම දෙක කුමක් ද ?

🔖වර්ෂා ජලය එකතු කර ගැනීම.

🔖ස්වාභාවික ගංගා හරස් කර ඇළ මාර්ග
ඔස්සේ ජලය කුඹුරු වෙත ගෙන යාම.

🔖ජලය  ආරක්ෂා  කර   ගැනීමේ වැදගත්කම  අතීත  පාලකයන් පෙන්වා   දුන්   අවස්ථාවකට උදාහරණය  දෙන්න .

"අහසින් වැටෙන එක් දිය බිඳක්වත් ප්‍රයෝජනයට නොගෙන මුහුදට යාමට ඉඩ නොදිය යුතු ය". යනුවෙන් ක්‍රි.ව. 1153 - 1186 කාලයේදී පොළොන්නරුවේ රජකල මහා පරාක්‍රමබාහු රජතුමා ප්‍රකාශ කළේය.

         📌️ සත්ත්ව පාලනය

අතීත ශ්‍රී ලංකාවේ සත්ත්ව පාලන කටයුතු කෙසේ සිදු වීද ?

🔖සත්ත්ව පාලනය අතර ප්‍රධාන වූයේ ගව පාලනයයි. ගව පාලනය සදහා ම වෙන් වූ ගෝපාලගම් ගැනද සෙල්ලිපි වල සදහන් ව තිබේ. මී කිරි,ගිතෙල්, වෙඬරු ආදී ආහාර වර්ග ගව පාලනය ආශ්‍රිතව නිපදවන ලදි. ගවයින්ට අමතරව කුකුළන් හා එළුවන් ද නිවෙස් වල ඇති කල බවට සාධක හමු වී ඇත.

                4.2.2

          📌️   කර්මාන්ත

අතීත ශ්‍රී ලංකාවේ පැවති කර්මාන්ත මොනවා ද ?

🔖යකඩ වැඩ හෙවත් කම්මල්
(සෙල්ලිපිවල කම්මල්කරුවන් 'කබර' නමින්
හදුන්වා ඇත.)

🔖රන් භාණ්ඩ නිපදවීම
(ලේඛන වල රන් කරුවන් 'තුලාධාර'
හා 'ස්වර්ණකාර' නමින් හදුන්වයි.)

🔖මැණික් කර්මාන්තය
(මැණික් කර්මාන්තයේ යෙදෙන්නන්
'මණිකර' යනුවෙන් හදුන්වා ඇත.)

🔖මැටි භාණ්ඩ සෑදීම
(මැටි භාණ්ඩ සාදන්නන් 'කුම්භකාර'
හෙවත් 'කුබකර' යනුවෙන් හදුන්යි.)

🔖ඇත් දත් කැටයම් කලාව
(මෙහි නිරත වූවන් 'දටික' හෙවත්
'දන්තික' යනුවෙන් හදුන්වා ඇත.)

🔖නූල් කැටීම
(නූල් කටින්නන් 'තතවය' නමින් හදුන්වා
ඇත. මෙය රෙදි විවීමේ කර්මාන්තය එකල
පැවති බවට සාක්ෂියකි.)

 

                4.2.3

           📌️   වෙළෙඳාම

වෙළෙඳාමේ නියුක්ත වූ පිරිස එකල හදුන්වන ලද්දේ කුමන නම් වලින් ද ?

🔖වණිජ

🔖වාපර 'පූගය' නැතහොත් 'නියමස්ථාන' නමින් හදුන්වන ලද්දේ කුමක් ද ?

🔖වෙළෙන්දෝ සමූහ එකතු වී කටයුතු කරන ලද සංවිධානයක් මෙනමින් හදුන්වන ලදි.

🔖හතරවන උදය රජුගේ සොරබොර වැව ටැම් ලිපියේ සදහන් හෝපිටිගම වෙළෙඳපොළ සදහා පනවා තිබූ නීති මොනවා ද ?

🔖වෙළෙඳපොළට පැමිණෙන කරත්ත වලින්
මිස වෙළෙඳපොළ පසු කොට ගෙන යන
කරත්ත වලින් බදු අය කර ගැනීම නොකළ
යුතුය .

🔖හිරු එළියෙන් ආවරණය වූ මඩුවක් යට
පමණක් බුලත් වෙළඳාම කළ යුතුය .

🔖පොහොය දින වල වෙළෙඳ කටයුතු කළ අය
දඩයක් ලෙස මහියංගණ විහාරයේ පහන්
දැල්වීමට තෙල් ලබා දිය යුතුය.

අතීතයේ මෙරට ක්‍රියාත්මක වූ දකුණු ඉන්දියානු සම්භවයක් ඇති වෙළෙඳ සංවිධානය මොනවා ද?

🔖නානාදේසි

🔖වලඤ්ඣියාර්

🔖අයින්නූරුවාර්

වෙළෙඳ කටයුතු පිළිබඳ තොරතුරු සදහන් සෙල්ලිපි මොනවා ද ?

🔖සීගිරියේ බටහිර ජලඋද්‍යාන සෙල්ලිපිය

🔖හම්බන්තොට මණ්ඩගල සෙල්ලිපිය

🔖වෙහෙරකෙම සෙල්ලිපිය

🔖සොරබොර වැව ටැම්ලිපිය

🔖බෝවත්තේගල සෙල්ලිපිය

🔖ශ්‍රී ලංකාවේ දෙමළ සෙල්ලිපිය

අතීත ශ්‍රී ලංකාවේ පැවති අන්තර්ජාතික වෙළෙඳාම් කටයුතු සදහා භාවිත කළ වරායන්   මොනවා ද?

🔖බටහිර මාතොට වරාය

🔖නැගෙනහිර ගෝකණ්ණතිත්ථ  වරාය

🔖උතුරේ ජම්බුකෝලපට්ටපන කුඩා වරාය

🔖නැගෙනහිර ලංකාපට්ටන නැංගුරම් තොටුපොල

අතීත ශ්‍රී ලංකාවේ පැවති වෙනත් වෘත්තීන් මොනවා ද ?

🔖 ගුරු වෘත්තිය

🔖වෛද්‍ය වෘත්තිය

🔖නීති වෘත්තිය

🔖නැටුම් ශිල්පය

🔖චිත්‍ර ශිල්පය

               4.3

📌️ සංස්කෘතිය

         

                4.3.1

              📌️ආගම

අතීත ශ්‍රී ලංකාවේ පැවති ප්‍රධාන ආගම් මොනවා ද ?

🔖බුදු දහම

🔖හින්දු දහම

🔖ඉස්ලාම් ධර්මය

🔖කිතුදහම

බුදු දහම ශීඝ්‍රයෙන් පැතිරීමත් සමග

භික්ෂූන් වහන්සේලාට වැඩ සිටීමට සකස් කර දුන්නේ මොනවා ද ?

🔖භික්ෂූන් වහන්සේලාට වැඩ සිටීමට ස්වාභාවික ගල්ගුහා සකස් කර දෙන ලදි.ලංකාව පුරා භික්ෂූන්ට පූජා කරන ලද ගල්ගුහා 1600 කට වැඩි ප්‍රමාණයක් තිබේ.

බුදු දහම පැතිරීමත් සමග භික්ෂූන් වහන්සේලාට වැඩ සිටීමට ස්වාභාවික ගල්ගුහා සකස් කර දුන්නේ කෙසේ ද ?

🔖සුදුසු ගල් ගල්ගුහාවක් තෝරා ගෙන පළමුව එය පිරිසිදු කර, වැසි කාලවලදී පියස්ස දිගේ ගුහාව තුලට ජලය ගලා ඒම වැළැක්වීමට කටාරමක් කොටා පසුව එම ගුහාව භික්ෂූන් වහන්සේ වෙත සඟසතු කොට පූජා කෙරිණි. ඇතැම් ගල්ගුහා වල කටාරමට යටින් එම ගල් ගුහාව පූජා කළ අයගේ විස්තර කොටා තිබෙනු දැකිය හැකි ය. ඒ සඳහා භාවිත කර ඇත්තේ බ්‍රාහ්මීය අක්ෂර යි. එම සෙල්ලිපි ලියා තිබෙන්නේ සිංහල ප්‍රාකෘත නමින් හැඳින්වෙන පැරණි සිංහල භාෂාවෙනි.

කටාරම් හා සෙල්ලිපි දැකිය හැකි ගල්ගුහා කිහිපයක් පිහිටි ස්ථාන නම් කරන්න.

🔖මිහින්තලේ

🔖රිටිගල

🔖වෙස්සගිරිය

🔖සීගිරිය

පණ්ණසාලා යනු කුමක් ද ?

🔖භික්ෂූන් වහන්සේලාට වාසය කිරීමට පන්, ඉලුක් ආදී දේ සෙවිලි කොට සාදන ලද වරිච්චි නිවාස 'පණ්ණසාල' නම් වේ. වර්තමානයේ භාවිත කරන 'පන්සල' යන වචනය සෑදී ඇත්තේ 'පණ්ණසාල' යන වචනයෙනි.

පැරණි බෞද්ධ ආරාමවල වැඩසිටි භික්ෂූන් කවුරුන් ද ?

🔖එකල බෞද්ධ ආරාම වල භික්ෂූන් වහන්සේලා කිහිප දෙනකු වාසය කළහ.නායක ස්වාමීන් වහන්සේ 'ථෙර' නමින් හැඳින්වූහ. සෙසු භික්ෂූන් හඳුන්වන ලද්දේ 'අන්තේවාසික' නමිනි. නායක ස්වාමීන් වහන්සේලා සමීපයේ විසූ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා සෙල්ලිපිවල නම් කර තිබෙන්නේ 'සදිවිහරිය' යනුවෙනි. මෙහි අදහස 'සද්ධි විහාරික' හෙවත් 'සමීපයේ වාසය කරන්නා' යන්නයි.

'භාණකවරු' යනු කවුරුන් ද ?

🔖බුද්ධ ධර්මයට අයත් ත්‍රිපිටකයෙන් කොටසක් මතකයේ තබා ගත් භික්ෂූන් වහන්සේලා හදුන්වන ලද්දේ 'භාණකවරු' යන නමිනි.

එකල බෞද්ධ ජනතාව අතර පැවති ගෞරවනීය සිරිත කුමක් ද ?

🔖භික්ෂූන් වහන්සේලාට වස් විසීමට ආරාධනා කිරීම සහ කඨින උත්සව පැවැත්වීමයි. 'වසවසික' යනු වස්සාවාසික හෙවත් වස් වසන ලද යන්නයි. 'වසවසික සහඨක' යනු වස්සාවාසික සාටක හෙවත් කඨින චීවරයයි.

                4.3.2

           📌️වෙනත් ආගම්

පැරණි ශ්‍රී ලංකාවේ හින්දු ආගමේ ව්‍යාප්තිය කෙසේ සිදුවී ද ?

🔖එකල අනුරාධපුර හා එහි අවට බ්‍රාහ්මණ ජන කණ්ඩායම් වාසය කළ අතර ඔවුහු හින්දු භක්තිකයෝ ය. බ්‍රාහ්මණයින් ආගමික කටයුතු කරන තැන 'සොත්ථිසාලා' නමින් හඳුන්වන ලදී.

🔖'සිවිකාසාලා' යනු ශිව ලිංග පිහිටුවා තිබූ තැන්ය. හින්දු භක්තිකයෝ ශිව දෙවියන් වෙනුවෙන් පුද පූජා පැවැත්වූහ.දකුණු ඉන්දියාව ශ්‍රී ලංකාව සමීපයෙහි පිහිටා තිබීම හා දෙරට අතර පැවති වෙළෙඳ සබඳතා නිසා හින්දු ආගම මෙරට පැතිරිණි. මාතොට වරායට සමීපව ඇති තිරුකේතීශ්වරම් හින්දුකෝවිල හා ගෝකණ්ණතිත්ථ වරායට සමීපව ඇති කෝණේශ්වරම් කෝවිල ද්‍රවිඩ ජනයාගේ වන්දනීය ස්ථාන විය.

අතීතයේ ඉස්ලාම් ආගම මෙරට පැතිර ගියේ කෙසේ ද ?

🔖අරාබියත් ශ්‍රී ලංකාවත් අතර අතීතයේ පටන් සුහද සබඳතා තිබූ බව ක්‍රි.ව.845 දී පමණ රචිත ලද පැරණිතම අරාබි භූගෝල විද්‍යා ග්‍රන්ථය වූ කිතබ් අල්මස්ලික්වාල්මමාලික් කෘතියේ සදහන් වේ. එහි ලංකාව හඳුන්වා ඇත්තේ 'සරන්ඩිබ්' නමිනි.

🔖මුහම්මත්තුමන් ජීවමාන කාලයේ උන්වහන්සේගේ ධර්මය කුමක් දැයි සැකහැර දැන ගැනීම සඳහා සරන්ඩිබ්හි කණ්ඩායමක් පැමිණි බව ක්‍රි.ව.953 දී ඉබ්න් ශහ්රියර් විසින් ලියන ලද අජායිබ් අල්හින්ද් කෘතියේ සදහන් වේ.

බෑග්ඩෑඩ් නගරය කේන්ද්‍ර කොට ගත්

🔖අබ්බාසීද්වරුන්ගේ මුස්ලිම් වණිජ ආධිපත්‍යය ක්‍රි.ව.751-1258 අතර කාලයේ දී ආසියාවේ පැතිර ගියේ ය.

ඒ කාලය තුළ දී ඉස්ලාම් ආගම ශ්‍රී ලංකාව තුළ පැතිර ගියේ ය.

අතීතයේ කතෝලික ආගම ශ්‍රී ලංකාවේ පැවති බවට සාක්ෂි මොනවා ද?

🔖නෙස්ටෝරියානු කතෝලික නිකායට අයත් කුරුසයක් සටහන් කළ පැරණි ගල් පුවරුවක් අනුරාධපුරයෙන් හමු විය. පර්සියාව කේන්ද්‍ර කොටගෙන වර්ධනය වූ නෙස්ටෝරියානු නිකායට අයත් අදහස් ඇති වෙළෙන්දෝ ක්‍රි.ව. පස්වන සියවසේ දී ශ්‍රී ලංකාවට පැමිණි බව කොස්මොස් ඉන්ඩිකොප්ලේටස් නම් දේශාටකයා සඳහන් කර ඇත.

                4.3.3

             අධ්‍යාපනය

අතීතයේ පරම්පරාවෙන් පරම්පරාවට දැනුම හුවමාරු වූයේ කෙසේ ද ?

අභ්‍යාස කිරීමෙන් හා අසා දැන ගැනීමෙන්

'අචරිය' යනු කවුරුන් ද?

🔖අචරිය යනු ගුරුවරුන් ය.'ධනු අචරිය' යනු දුනු විදීමේ ශිල්පයත්, 'හති අචරිය' යනු ඇතුන් හැසිරවීමේ ශිල්පයත්, 'අස අචරිය' යනු අශ්වයින් හැසිරවීමේ ශිල්පයත් ඉගැන්වූ ගුරුවරුන් ය.

බුදුදහම මෙරට මුල් බැස ගැනීමත් සමඟම බෞද්ධ විහාරාරාම ප්‍රධාන අධ්‍යාපන මධ්‍යස්ථාන බවට පත් වූයේ කෙසේ ද ?

🔖බෞද්ධ විහාරාරාම වල වැඩ විසූ භික්ෂූන් වහන්සේලා සිංහල, පාලි, සංස්කෘත, ප්‍රාකෘත ආදී භාෂා පිළිබඳ හසළ දැනුමකින් යුක්ත විය. උන් වහන්සේලා එකල මුල්පෙළේ ගුරුවරුන් වූහ. අනුරාධපුරයේ පැවති මහාවිහාර හා අභයගිරිය ආගමික ස්ථාන මෙන්ම අධ්‍යාපන ආයතන ලෙස ද ක්‍රියාත්මක විය.

               4.3.4

      📌️සාහිත්‍යය සහ රසාස්වාදය

අතීත ජනයා තුළ පැවැති පැවති රසඥතාව කෙබඳු ද ?

වසර 2000 කට පමණ පෙර රචිත නිසඳැස් කවියක්
05.ශ්‍රී ලංකාවේ පැරණි විද්‍යාව හා තාක්ෂණය (10 ශ්‍රේණිය )

×
05.ශ්‍රී ලංකාවේ පැරණි විද්‍යාව හා තාක්ෂණය (10 ශ්‍රේණිය )

                           5.1

විද්‍යාත්මක අදහස් වල මුල් අවස්ථා

ශ්‍රී ලාංකික මානවයාගේ විද්‍යාත්මක අදහස් වල මුල්ම අවස්ථාවකට උදාහරණ දෙන්න.

වසර 28 000 කට පමණ පෙර බිම්වීදුරු නමින් හැඳින්වූ විනිවිද පෙනෙන තිරිවානා ගල්වලින් නිමකළ සමමිතික ගල්මෙවලම්, දැඩි පාෂාණ හැඩගැස්වීමට එකල පැවති සංවිධානාත්මක තාක්ෂණයේ ස්වරූපය පෙන්වා දෙයි. වෙර යොදා බලයක් යෙදීමෙන් ගල් පතුරු ගලවා ගෙන මෙවලම් තැනීමේ මෙම තාක්ෂණය 'පීඩන ශල්කනය' යනුවෙන් හැදින්විය.

මැටි ඔරු ආකාරයේ පැරණි සුසාන වල පැවැති විද්‍යාත්මක ක්‍රියාවලිය පහදන්න .

මේවා ඉදි කරන ලද්දේ මියගිය අය ආදාහනය කිරීම සඳහාය. මේවා විශාල බේසමක හෝ ඔරුවක හැඩයෙන් නිමවා ඇත. වඩාත් උචිත මැටි වර්ගය තෝරා ගෙන ගර්භයේ බිත්ති අවම උසකින් හා ඊට සරිලන ඝණකමකින් යුක්තව බිත්ති ලම්බාකාරව බැඳීම තුළින් සොහොන් බිත්ති වල සමබරතාවය රැක ගෙන ඇත. මෙහි දී 'යම් කිසි වස්තුවක් පොළවට ලම්බාකාර වීමෙන් එම වස්තුව මඟින් පොළොව මත ඇති කරන පීඩනය නිෂ්ක්‍රීය වේ'.යන භෞතික විද්‍යා මූලධර්මය භාවිත වී ඇත.

ක්‍රි.පූ.1350 දී ඉදිකරන ලද සොහොන් ගර්භයක මියගිය අය ආදාහනය කිරීමේදී ඇතුළට වාතය ලබා ගැනීම සඳහා මැටි නලයක් සවි කර තිබිණි. මෙහිදී 'දහනය සඳහා ඔක්සිජන් අවශ්‍ය වේ'. යන විද්‍යාත්මක මූලධර්මය භාවිත වී ඇත.

ඈත අතීතයේ නිවාස ඉදිකිරීමේ තාක්ෂණය කෙබඳු වී ද ?

ක්‍රි.පූ.1129 දී පමණ ඉදිකරන ලද නිවසක නටබුන් රත්නපුර දිස්ත්‍රික්කයේ උඩරංචාමඩම ප්‍රදේශයෙන් හමු වී තිබේ. පොළොව මත ගල් කැබලි අතුරා සවිමත් කොට ඒ මත මැටි අතුරා එම නිවසේ ගෙබිම ඉදිකර තිබිණි.

එහි බිත්ති ගොඩනගන ලද්දේ වරිච්චි මැටි වලින් බව තහවුරු වූයේ පිළිස්සී ගිය වරිච්චි මැටි කැබලි සොයාගෙන තිබෙන නිසාය. ඒ නිවසේ ඉදිරිපස සහ පිටුපස වශයෙන් කොටස් දෙකක් වෙන්කිරීමට නිවස මැදින් බිත්තියක් ඉදිකර තිබිණි. එහි සවිකර තිබූ දැවමය දොර උළුවස්ස සවිකළ සිදුරු කැණීමේ දී සොයා ගෙන තිබේ. මෙලෙස අත්තිවාරමක් මත බිත්ති ගොඩ නගා ඒ මත වහලයක් සවිකර කාලයක් පවතින ලෙස නිවසක් ඉදි කිරීමට එකල ජනයා සතුව යම් තාක්ෂණික දැනුමක් පැවති බව පැහැදිලි වේ.

අතීතයේ මැටි බදුන් තැනීමේ තාක්ෂණය කෙබඳු ද ?

පූර්ව ඓතිහාසික යුගයේ දී සකපෝරුව නම් සරල යන්ත්‍රය මැටි බඳුන් තැනීමට භාවිත කර ඇත. භාජනයක් සෑදීමට සුදුසු මැටි වර්ග සොයා ගැනීම, ඒවා පදම් කර ගැනීම, පිලිස්සීමට උදුනක් තනා ගැනීම, නියමිත උෂ්ණත්වයට බඳුන පුලුස්සා ගැනීම ආදිය සඳහා අවශ්‍ය දැනුම එකල ජනයා සතුව පැවතිණි.

එකල එක්තරා මැටි බඳුන් විශේෂයක් පිටත රතු පැහැයෙන් සහ ඇතුළත කළු පැහැයෙන් යුක්ත වන පරිදි නිමවා තිබේ. ඒවා 'කාලරත්ත වර්ණ මැටි බදුන්' යනුවෙන් හදුන්වයි.

මැටි බඳුන පිලිස්සීමෙන් පසු එහි මතුපිට ඔප දැමීම, වර්ණ ගැන්වීම ආදී දේ මැනවින් කිරීමට අවශ්‍ය කරන තාක්ෂණය එකල පැවතිණි.

                   5.2

විද්‍යාත්මක භාවිතයේ පරිණතිය.

               5.2.1

        ජල කළමනාකරණය

ජල කළමනාකරණය යනු කුමක් ද ?

ජලය රැස්කර අවශ්‍ය අවස්ථාවන්හි දී අවශ්‍ය පමණට ප්‍රයෝජනයට ගැනීම ජල කළමනාකරණය ලෙස සරලව දැක්විය හැකිය.

අතීතයේ මහා වැව් තැනීමේ අරමුණ කුමක් ද ?

*කෘෂිකර්මය කටයුතු සාර්ථක කර  ගැනීම.

*ගංවතුර පාලනය කිරීම .

*නාගරික ජනතාවගේ අවශ්‍යතා සම්පූර්ණ කිරීම.

අනුරාධපුර යුගයේ ඉදිකරන ලද මහ වැව් වල විශාලත්වය දක්වන්න.

*මින්නේරිය වැව - හෙක්ටයාර 2550

*කවුඩුල්ල වැව  - හෙක්ටයාර 2537

*පදවිය වැව     - හෙක්ටයාර 2357

*හුරුලු වැව     - හෙක්ටයාර 2125

*කලා වැව      - හෙක්ටයාර 2125

වැව් බැම්ම කෙටියෙන් හඳුන්වන්න.

කඳු දෙකක් අතර තිබෙන ගලක් සොයා ගෙන ඒ මත ඉදි කරන වැව් බැම්ම දෙපසින් කඳු දෙකට යා කරයි.

එමඟින් බැම්මේ ශක්තිමත් භාවය ආරක්ෂා වෙයි. මැටි තට්ටුවක්, පස් තට්ටුවක්, බොරළු තට්ටුවක් සහ කිරි මැටි තට්ටුවක් වශයෙන් එකිනෙක මත එකිනෙක අතුරා ඉතා තදින් තලා ගැනීමෙන් වැව් බැම්ම ඉදි කර ඇත.

රළපනාව කෙටියෙන් හඳුන්වන්න.

සුළඟ සහ ජලයේ ඇති වන චලිතය නිසා ජලය මතු පිට තරංග ඇති වේ. මෙම තරංග වලින් වැව් බැම්ම ඛාදනය වීම වැළැක්වීම පිණිස රළපනාව ඉදිකර තිබේ. වැව් බැම්මේ ඇතුළත බෑවුමේ ගල් ඇතිරීමෙන් රළපනාව නිමවා ඇත.

සොරොව්ව කෙටියෙන් හඳුන්වන්න.

විශාල වැව් වලින් ප්‍රවේශමෙන් ජලය පිටතට මුදා හැරීමට සොරොව්ව තනා ඇත. වැව් බැම්මේ ජලය පිරී පවතින ප්‍රදේශයෙන් ආරම්භව වැව් බැම්ම යටින් හෝ එය විනිවිද යන ආකාරයට ස්වභාවික ගල් පතුරු භාවිත කර සොරොව්ව ඉදි කර ඇත.

එයින් ජලය මුදා හැරීමට භාවිත කරන ලද්දේ සිරස් අතට සොරොව්වට සම්බන්ධ කර තිබූ ගල් කුලුනකි. එය ඈත් මෑත් කිරීමෙන් අවශ්‍ය තරමට ජලය පිටතට මුදා හැරීමට හැකි විය. මෙවැනි ගල්කුලුනු 'දියකැට පහන' යනුවෙන් හඳුන්වනු ලබයි.

බිසෝකොටුව කෙටියෙන් හඳුන්වන්න.

මෙය සොරොව්වෙහිම එක් අංගයකි. එය වැවෙන් ජලය පිටතට ගලා එන ගලින් තැනූ ආයත චතුරස්‍රාකාර අවකාශයකි.එය ඉහලින් බැලූ විට දිස් වන්නේ කොටුවක් ලෙසිනි.

ඇළ මාර්ග කෙටියෙන් හඳුන්වන්න.

ඇළ මාර්ගවලින් සිදුවූයේ ගංගා හරස් කර බැඳි අමුණුවල රැස්කරගත් ජලය වැව් වෙත ගෙන යාමයි. අඹන් ගඟ හරස් කර ඉදිකළ ඇළහැර ඇළ අතීතයේ ඉදිකළ දැවැන්ත ඇළ මාර්ගයකි.ඉන් මින්නේරිය, ගිරිතලේ, කවුඩුල්ල, කන්තලේ වැව්වලට ජලය ගෙන ගියේය.

පොකුණු කෙටියෙන් හඳුන්වන්න.

අතීතයේ පොකුණු ඉදිකරන ලද්දේ බෞද්ධ විහාර වල විසූ භික්ෂූන්ගේ ප්‍රයෝජනය පිණිසය. එසේ ඉදි කළ පොකුණු අතර කුට්ටම් පොකුණ, කුමාර පොකුණ, නෙළුම් පොකුණ, ඇත් පොකුණ, ආදිය වේ.

ඌරාකැට ළිං යනු මොනවා ද ?

වියළි කලාපීය ප්‍රදේශවල පානීය ජලයේ නියමිත ප්‍රමිතිය ආරක්ෂා කර ගැනීම සඳහා මෙම ළිං තනා ඇත. මෙහිදී විශාල ප්‍රමාණයේ මැටි බඳුන් කිහිපයක් ළිඳ තුළට බස්සවා එහි බිත්ති ආවරණය කිරීම සිදු කොට ඇත.

               5.2.2

           වාස්තු විද්‍යාව

අතීතයේ ගෘහ නිර්මාණ ශිල්පයේ ස්වභාවය කෙබඳු දැයි දක්වන්න.

අතීත රාජධානි වලින් හමු වූ දාගැබ්, බෝධිඝර, පිළිම ගෙවල්, ආරාම, දාන ශාලා, භාවනා කුටි, රජ මාලිගා, බලකොටු, බෙහෙත්ශාලා ආදී ගෘහ නිර්මාණ දෙස බැලීමේ දී ඒවා කෙතරම් නවීන තාක්ෂණයට අනුකූලව නිපදවා ඇත්දැයි අපට පැහැදිලි වේ .

එකල උස් දාගැබ්වලට අකුණු සන්නායක පවා සවිකර තිබිණි. රුවන්වැලිසෑය මුදුනේ සවිකර තිබූ 'ව්ජ්‍ර චුම්බට' නම් උපකරණය ඊට කදිම නිදසුනකි.

රුවන්වැලි සෑයේ අත්තිවාරම තනා ඇත්තේ ද නූතන කොන්ක්‍රීට් තාක්ෂණයට සමාන ක්‍රමවේදයක් අනුවය. මෙම අත්තිවාරම මත ඉදිවූ දැවැන්ත ගඩොල් ස්තූපයේ බර දීර්ඝ කාලයක් තිස්සේ නොනැසී දරා සිටින්නේ ඒ නිසාය .

අතීතයේ නගර නිර්මාණය හා උද්‍යාන නිර්මාණය කෙසේවී ද ?

මීට හොඳම උදාහරණය සපයන්නේ සීගිරියේ නාගරික සැලැස්ම හා එහි උද්‍යාන සංකීර්ණයයි. සීගිරි පර්වතය එහි අවට තැනිතලාවේ සිට මීටර 200 ක උසකින් යුක්තය. මාළිගයක නටබුන් දක්නට තිබෙන පර්වතයේ මුදුනේ වපසරිය හෙක්ටයාර තුනකට ආසන්න ය. පර්වතය කේන්ද්‍ර කරගෙන පිහිටා තිබෙන නැගෙනහිර හා බටහිර රාජකීය ප්‍රවේශ පිළිවෙලින් හෙක්ටයාර 40 හා 90 යන ප්‍රමාණවලින් යුක්ත ය. මෙම නාගරික සංකීර්ණය වටා එහි ආරක්ෂාව පිණිස ඉදිකර තිබෙන ගඩොළු ප්‍රාකාරවල දිග කිලෝමීටර 10 කට ආසන්න ය. මීට අමතරව සීගිරි පර්වතය වටා දිවෙන පරිදි සකස් කර තිබෙන දිය අගල්වල මුළු දිග කිලෝමීටර 8 කි. මේ සියලු දෑ විධිමත් ගණිතානුකූල ආකෘතියකට නිමවා ඇත.

අතීතයේ සනීපාරක්ෂක පහසුකම් හා වෛද්‍ය පහසුකම් කෙබඳු වීද ?

පොළොන්නරුව ආළාහන පිරිවෙන නම් ස්ථානයෙන් පැරණි රෝහලක නටබුන් හමුවී තිබේ. අඩි 147.5 ක් දිගැති අඩි 109.2 පළලැති රෝහල් ගොඩනැගිල්ලක් එහි තිබිණි. ඒ තුළ තිබී සොයා ගන්නා ලද දේ අතර සංකීර්ණ ශල්‍යකර්ම සඳහා භාවිතා කරන මෙවලම් ද විය. ඒ මඟින් අපේ පැරණි වෛද්‍ය ශාස්ත්‍රයේ පැවති දියුණු තත්වය පැහැදිලි වේ.

රජ මාළිගාවල පාවිච්චි කරන ලද වැසිකිළි හා කැසිකිළි පද්ධතිය ඉතා ගැඹුරු වළකට අපද්‍රව්‍ය පිට කිරීමට සකස් කර ඇත.ඒ අනුව පරිසරයට හානි නොවන අයුරින් අපද්‍රව්‍ය බැහැර කොට ඇත.

පොළොන්නරුවේ නටබුන් වලින් අපවිත්‍ර වූ ජලය ගලා යාමට සැකසූ කාණු පද්ධතියක් ද හමුවී ඇත. එමෙන්ම නාන පොකුණු වල ද විශේෂ නල මාර්ග හරහා අපද්‍රව්‍ය බැහැර කිරීමට කටයුතු කර ඇත.

පුරාණ යකඩ නිස්සාරණ තාක්ෂණයේ ස්වරූපය පහදන්න.

ශ්‍රී ලංකාවේ යකඩ නිස්සාරණය

ක්‍රි.පූ.2400 තරම් ඈතට දිවයයි. සබරගමු පළාතට අයත් බලංගොඩ සමනල වැව ප්‍රදේශයෙන් සොයා ගන්නා ලද පැරණි යකඩ උදුන් හා මධ්‍යම පළාතට අයත් සීගිරියට නුදුරු අලකොල වැව දෙහිගහ ඇළකන්ද නම් ප්‍රදේශයෙන් සොයා ගන්නා ලද පැරණි යකඩ උදුන් මගින් මෙරට පැවති යකඩ නිස්සාරණ තාක්ෂණය වටහා ගත හැකිය.

යකඩ උණුවන්නේ උෂ්ණත්වය 1538 ⁰C දීය. සමනළ වැව යකඩ නිස්සාරණය කර තිබෙන්නේ ක්‍රි.පූ.3 සියවසේදීය. ඒ සඳහා යොදාගෙන තිබෙන උදුන් දැල්වීමට භාවිත කර තිබෙන්නේ ස්වභාවික සුළං බලයයි.කිරින්ද විහාරයේ ගල් පර්වතයක තිබේ. අතීත කවියෝ බුදුදහමින් ලද හික්මීමත් සොබා දහමෙන් ලද අත්දැකීමත් පදනම් කොටගෙන කාව්‍යකරණයේ නිරත වූහ. එබැවින් අනිත්‍යතාව බොහෝ කවි වලට තේමාව වී තිබේ.

අනුරාධපුර අභයගිරි විහාර භූමියෙන් සොයා ගෙන තිබෙන,ක්‍රි.ව. නමවන සියවසට අයත් සෙල්ලිපියකින් එවැනි සිත්ගන්නාසුලු කවියක් හමු වී ඇත.එම කවියේ යොදා තිබෙන උපමා ආදිය ඉතාමත් සංවේදී සියුම් වූ සෞන්දර්යාත්මක හැඟීමක් උපදවයි.

සීගිරි කුරුටු ගී තුළින් ද අතීත කවියාගේ සෞන්දර්යාත්මක සිතිවිලි විදහා දැක්වේ.

               4.3.5 

        වාර්ගික සහජීවනය

අතීතයේ පැවති වාර්ගික සහජීවනය කෙබඳු ද ?

අතීතයේ මෙරට සිංහල ජනතාව හැරුණු විට වෙළඳාමට පැමිණි වෙනත් ආගම් ඇදහූ විවිධ සංස්කෘතීන්ට අයත් ජන කණ්ඩායම් සිටියහ. ඒ අතර දකුණු ඉන්දීය ද්‍රවිඩයන්,ග්‍රීක් සහ මැසිඩෝනියන් ප්‍රදේශවලින් පැමිණි අයෝනියන්වරු, ඇෆ්ගනිස්ථානයෙන් පැමිණි කාම්බෝජවරු,මලයාවෙන් පැමිණි ජාවකවරු වූහ. මේ සෑමදෙනා සමඟම ජනයා සහජීවනයෙන් යුතුව ජීවත් වූහ.

Send a Message

Post a Comment