2.1
📌️ප්‍රාග් ඓතිහාසික යුගයේ ජනාවාස
ශ්‍රී ලංකාවේ මනුෂ්‍ය පැවැත්මේ ඉතිහාසය අවධි තුනකට බෙදා තිබේ.ඒ මොනවා ද ?
1.ප්‍රාග් ඓතිහාසික යුගය
2.පූර්ව ඓතිහාසික යුගය
3.මුල් ඓතිහාසික යුගය
ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඓතිහාසික යුගය යනු කුමක් ද ?
🔖සාහිත්‍ය මූලාශ්‍රය මගින් විස්තර කරන අතීත කලයේ ආරම්භයට පෙර තිබූ යුගය ප්‍රාග් ඓතිහාසික යුගය නමින් හදුන්වයි. මෙය ගල් යුගය යනුවෙන්ද හදුන්වයි.
ශ්‍රී ලංකාවේ ජනාවාස ව්‍යාප්තියේ ආරම්භය කෙසේ සිදු වීද ?
🔖ශ්‍රී ලංකාව මිනිස් වාසයක් බවට පත් වූයේ මීට අවුරුදු 125,000 කට පමණ ඉහත කාලවකවානුවකදී ය.
🔖ඉන්දියානු සාගරය හරහා මෙහි පැමිණි නූතන මානවයා නමින් හැදින්වෙන හෝමෝසේපියන්වරු මෙරට විවිධ ප්‍රදේශවලට පැතිර යමින් ඒ ඒ පළාත්වල තිබෙන පරිසර ස්වරූප වලට හැඩ ගැසුණි. දඩයමින් හා තැන තැන ඇවිද යමින් ආහාර එකතු කිරීම මොවුන්ගේ ප්‍රධාන යැපීම් උපාය මාර්ගය වූහ.
2.1.1
📌️ විවිධ දේශගුණික කලාපවල ජනාවාස ව්‍යාප්තිය
ශ්‍රී ලංකාවේ ගල් යුගයට අයත් ප්‍රජාව ජීවත් වූ පරිසරය කලාප 8 මොනවා ද ?
1.පහතරට ශුෂ්ක කලාපය
2.පහතරට අර්ධ ශුෂ්ක කලාපය
3.පහතරට වියළි කලාපය
4.පහතරට අතරමැදි වියළි කලාපය
5.කදුකර වියළි අතරමැදි කලාපය
6.පහතරට අතරමැදි තෙත් කලාපය
7.තෙත් කදුකර කලාපය
8.තෙත් උස් කදුකර කලාපය
2.1.2
📌️ කාලවකවානු
ගල් යුගයට අයත් කාලවකවානුව කුමක් ද ?
🔖පෙර වසර 125,000 සිට ක්‍රිස්තු පූර්ව 1,800 දක්වා කාලය ගල් යුගයට අයත් වේ.
🔖හම්බන්තොට දිස්ත්‍රික්කයේ පතිරාජවෙල ප්‍රදේශයේ ඉරණමඩු සැකැස්මට අයත් පොළව මතුපිට සිට අඩි 45 ක් ගැඹුරින් පිහිටි බොරලු තට්ටුවෙන් ගල් යුගයට අයත් සාක්ෂි සොයාගෙන ඇත. මෙය ප්‍රකාශ උත්තේජිත සන්දීප්තතා ක්‍රමය මගින් විද්‍යාත්මක විශ්ලේෂණය කොට ඇත.
ප්‍රකාශ උත්තේජිත සන්දීප්තතා ක්‍රමය නම් විද්‍යාත්මක විශ්ලේෂණය මගින් දින වකවානුව තහවුරු කොටගත් ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඓතිහාසික ජනාවාස ප්‍රදේශ මොනවා ද ?
🔖ඉරණමඩු සැකැස්ම වසර 125,000
🔖බුන්දල වැල්ලේගංගොඩ වසර 80,000
🔖පාහියන්ගල වසර 38,000
🔖කුරුවිට බටදොඹලෙන වසර 28,000
🔖කිතුල්ගල බෙලිලෙන වසර 15,000
🔖බෙල්ලන්බැඳිපැලැස්ස වසර 12,000
🔖අත්තනගොඩ අළුලෙන වසර 10,350
🔖මානියම්ගම වසර 7,900
🔖සීගිරිය පොතාන වසර 5,800
🔖සීගිරිය අලිගල වසර 5,500
🔖උඩමළල වසර 5,330
🔖මාතොට වසර 3,800
🔖හෙනගහපුගල වසර 3,370
2.1.3
📌️ ජනාවාස වාල මූලික ලක්ෂණ
ප්‍රාග් ඓතිහාසික යුගයේදී ජනාවාස සදහා තෝරාගත් ප්‍රදේශවල තිබූ ලක්ෂණ මොනවා ද ?
🔖ජලය පහසුවෙන් ලබා ගත හැකි විම.
🔖අහාර සදහා අවශ්‍ය වන ස්වාභාවික
සම්පත් බහුල වීම.
🔖ගල් මෙවලම් තනා ගැනීමට අවශ්‍ය වන
පාෂාණ වර්ග බහුලව තිබීම.
🔖වියළි කාලවල දී වෙරළාශ්‍රිත එළිමහන්
තැන්වල ජීවත් වීම.
🔖වර්ෂා කාලවල දී ස්වාභාවි ගල්ගුහා
වල ජීවත් වීම.
ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඓතිහාසික එළිමහන් කදවුරු හා ගල්ගුහා වාසස්ථාන මොනවා ද ?
🔖මිනිහාගල්කන්ද, බුන්දල, පතිරාජවෙල
(වෙරළාශ්‍රිත එළිමහන් කදවුරු )
🔖පාහියන්ගල, බටදොඹලෙන, කිතුල්ගල බෙලිලෙන
(පහතරට තෙත් කලාපීය ලෙන් )
🔖සීගිරියේ පොතාන සහ අලිගල
(පහතරට වියළි කලාපීය ලෙන් )
🔖බෙල්ලන්බැඳිපැලැස්ස
(පහතරට වියළි කලාපීය එළිමහන් කදවුරු )
🔖බණ්ඩාරවෙල ,හෝර්ටන්තැන්න
(කදුකර එළිමහන් දඩයම් ස්ථාන )
2.1.4
📌️ ජීවන රටාව
ප්‍රාග් ඓතිහාසික යුගයේ ජීවන රටාව කෙබඳු වීද ?
🔖මේ යුගයේ ජනතාව වර්ෂයේ වැඩි කාලයක් සංචාරක ජීවිතයක් ගෙවූහ.මොවුන් සාමාජිකයන් 15-25 අතර කුඩා කණ්ඩායම් ලෙස සංවිධානය වී තිබිණි. මෙම කණ්ඩායමකට අයත් වූ උපරිම සංඛ්‍යාව 50 ක් විය.ආහාර සෙවීම සදහා මොවුන් දිනකට කිලෝමීටර් 7ක් පමණ ඇවිද ඇත. මොවුන් මිය ගිය අයගේ මළසිරුරු ගුහා තුළ මෙන්ම එළිමහනේ වළ දමා ඇත. බෙල්ලන්බැඳිපැලැස්සෙන් ඇටසැකිලි 30 ක්ද ,කිතුල්ගල බෙලිලෙනෙන් ඇටසැකිලි 12 ක්ද ,පාහියන්ගල ගුහාවෙන් 9 දෙනෙකුගේ ඇටසැකිලි කොටස් ද සොයාගෙන ඇත.
2.1.5
📌️ආහාර රටාව
ගල් යුගයේ ආහාරයට ගෙන ඇති සතුන්
🔖ගවයා
🔖කුළු මී හරකා
🔖කළු වලහා
🔖වල් ඌරා
🔖ගෝනා
🔖තිත්මුවා
🔖මීමින්නා
🔖ඉත්තෑවා
🔖හාවා
🔖දඩුලේනා
🔖මුගටියා
🔖වදුරා
ගල් යුගයේ අනුභව කොට ඇති ශාක ආහාර මොනවා ද ?
🔖වල්දෙල්
🔖කැලෑකෙසෙල්
🔖කැලෑදෙල් ඇට
🔖ගෝනල
🔖කටුඅල
🔖කිතුල් ඇට මද
🔖දෝතලු ඇට මද
2.1.6
📌️ තාක්ෂණය
ප්‍රාග් ඓතිහාසික යුගයේ තාක්ෂණය කෙබඳු වීද ?
🔖මේ යුගයට අයත් තාක්ෂණය ගැන දැන ගැනීමට තිබෙන එකම සාධකය ගල් මෙවලම් පමණි.මේ යුගයේ තාක්ෂණය පිළිබදව විස්තරාත්මක දැනුමක් ලබා ගැනීමට ඉවහල් වන්නේ ජ්‍යාමිතික ක්ෂුද්‍ර ශිලා මෙවලම් යනුවෙන් හදුන්වන කුඩා ප්‍රමාණයේ ගල් මෙවලම් ය.මෙවැනි මෙවලමක් 4.5 cm පමණ දිග වේ. වැඩි වශයෙන් තිරිවානා ගල් හා සුළු ව්ශයෙන් කහද ගල් භාවිත කොට මෙම ක්ෂුද්‍ර ගල් මෙවලම් නිපදවා ඇත. මේවා සතුන් දඩයම් කිරීමේ සිට කැපීම්,සීරිම්,තැලීම්,හෑරීම් වැනි දේට උචිත පරිදි සකසා ඇත.මීට අමතරව කළු ගල් භාව්ත කොට තනන ලද මිටි,ඇඹරුම්ගල් ආදිය ද එකල නිපදවා ඇත.
2.1.7
📌️ මිනිසුන්ගේ ශරීරයේ ස්වභාවය
ප්‍රාග් ඓතිහාසික යුගයේ මිනිසුන්ගේ ශරීර ස්වභාවය කෙසේ ද ?
🔖මේ යුගයට අයත් සාමාන්‍යයෙන් වැඩුණු පිරිමියෙකුගේ උස 174 cm කි. වැඩුණු කාන්තාවකගේ උස 166 cm ක් පමණ විය. මොවුන්ගේ දත් විශාලය.පළල් නාසයක් සහ නිකටක් ඔවුන්ට තිබුණි. වැඩිහිටි පිරිමියෙකුගේ මොළයේ විශාලත්වය 1600 cm³ කි. වැඩුණු ගැහැණු අයකුගේ මොළයේ විශාලත්වය920 cm³ කි. මෙම මානවයන්ගේ උපරිම ආයු කාලය වසර 35-40 පමණ වන්නට ඇතැයි සැලකේ.
2.1.8
📌️අභිචාර විධි
ප්‍රාග් ඓතිහාසික යුගයේ අභිචාර විධි කෙබඳු ද ?
🔖මේ යුගයේ අභිචාර විධි ගැන යම් තරමකට හෝ තොරතුරු ලැබෙන්නේ ඒ කාලයට අයත් මළ සිරුරු වැළලීම් සම්බන්ධයෙනි.දෙකට බෙදෙන සේ සිදුරු විදින ලද මිනිස් හිස් කබලක් රාවණාඇල්ල ගල්ගුහාවේ කැණීමකදී සොයාගෙන ඇත.එම හිස් කබලේ රළුවට පිහිටා තිබුණු දාර හා පිටතට නෙරා තිබෙන කොටස් ගලක උලා මට්ටම් කර එක් පැත්තක රතු පැහැති ගුරු ගල් ආලේප කර තිබේ.රතු පැහැති ගුරු ගල් ආලේප කරන ලද මිනිස් ඇටසැකිලි වලට අයත් කොටස් පාහියන්ගල ගල් ගුහාවෙන් ද සොයා ගැනිණි.මළසිරුර එහි කොටස් දිරා යන තුරු යම් තැනක වළලා දමා පසුව ඇටසැකිලි ගොඩගෙන නැවත ඒවා තැන්පත් කල බව මෙවැනි සාක්ෂි වලින් පැහැදිලි වේ.කුරුවිට බටදොඹලෙනෙන් සොයා ගත් ඇටසැකිලි නමා වකුටු කර වළලා තිබිණි.
2.2
📌️ පූර්ව ඓතිහාසික යුගයේ ජනාවාස
පූර්ව ඓතිහාසික යුගය යනු කුමක් ද ?
🔖ප්‍රාග් ඓතිහාසික යුගයේ අවසානයත්,ඓතිහාසික යුගයේ ආරම්යත් අතර කාලපරිච්ඡේදය පූර්ව ඓතිහාසික යුගය නමින් හැදින්වේ.මෙම යුගයට ක්‍රි.පූ.2400 පමණ සිට ක්‍රි.පූ.400 පමණ දක්වා කාලය අයත් වේ.
2.2.1
📌️පූර්ව ඓතිහාසික යුගයේ බිහිවීම
පූර්ව ඓතිහාසික යුගයේ බිහිවීම කෙසේ සිදු වීද ?
🔖ක්‍රම ක්‍රමයෙන් සිදු වූ ශාක ආහාර මත යැපීමට හුරු වීමත්,ලෝහ භාවිතයට හුරු වීමත් සමග පූර්ව ඓතිහාසික යුගයේ බිහිවීම ආරම්භ වූහ.
🔖අයිස් යුගය අවසන් වීමත් සමග ලෝකය උණුසුම් වීම මගින් කෘෂිකර්මාන්තය සදහා වඩාත් සුදුසු පරිසර තත්ත්වයක් ගොඩනැගෙන්නට විය.එසේම ජන ගහනය කැපී පෙනෙන අයුරින් වර්ධනය වූ අතර ඒ තුළින් නව සමාජ රටාවක් කෙරෙහි යොමු වීම සිදු විය.
පූර්ව ඓතිහාසික යුගය පිළිබඳ මෙරට පැරණිතම තොරතුරු අනාවරණය වන්නේ කුමන කාලයේදී ද ?
🔖ශ්‍රී ලංකාවේ පූර්ව ඓතිහාසික යුගය පිළිබඳ පැරණිතම සාධක අයත් වන්නේ ක්‍රිස්තු පූර්ව 2400 ට ය.පුරාවිද්‍යාත්මක ගවේෂණ වලදී ශ්‍රී ලංකාවේ පූර්ව ඓතිහාසික යුගයට අයත් ස්ථාන 50 කට වැඩි ප්‍රමාණයක් සොයාගෙන ඇත.මෙම තොරතුරු අනාවරණය කරගෙන ඇත්තේ මහාශිලා සුසාන හා ඒවා ආශ්‍රිතව පිහිටා තිබුණු පැරණි ජනාවාස මගිනි
🔖මෙවැනි සොහොන් බිම් දඹුල්ලට නුදුරු ඉබ්බන්කටුව,යාපහුව, ගලේවෙලට නුදුරු යටිගල්පොත්ත, ඌව පළාතේ හල්දුම්මුල්ල හා බෙරගල ආදී ස්ථාන වලින් හමු වී ඇත.
2.2.2
📌️ කාලනිර්ණය
දැනට කැණීම් කර කාලනිර්ණය කොට ඇති පූර්ව ඓතිහාසික යුගයට අයත් ස්ථාන මොනවා ද ?
🔖බෙරගල සුසාන භූමිය - ක්‍රි.පූ. 2400
🔖හල්දුම්මුල්ල සුසානභූම- ක්‍රි.පූ.1750
🔖රංචාමඩම සුසාන භූමිය -ක්‍රි.පූ.1350
🔖උඩරංචාමඩම වාසස්ථානය -ක්‍රි.පූ.1129
🔖පූර්ව ඓතිහාසික යුගය කාලනිර්ණය කිරීමේදී මැටිඔරු සුසාන වල වැදගත්කම කවරේ ද ?
කාලනිර්ණය අතින් මැටිඔරු සුසාන වඩාත් පැරණි ය.ශිලා මංජුසා සුසාන වලින් සොයාගෙන තිබෙන පබලු ආදි දේ සමග සසඳන විට මැටිඔරු සුසාන වලින් සොයාගෙන තිබෙන දෑ තාක්ෂණය අතින් ප්‍රාථමික වනවා පමණක් නොව විවිධතාව අතින් ද දුර්වල වේ.මැටිඔරු සුසාන වලින් සැලකිය යුතු තරමේ ගල් මෙවලම් ප්‍රමාණයක් ලැබී ඇත.ගල් මෙවලම් බහුලව තැන්පත් කර තිබීම මැටිඔරු සුසාන වල පැරණි බව ස්ථිර කරන ප්‍රබල සාක්ෂියකි.
2.2.3
📌️ ජනාවාසවල ස්වභාවය
පූර්ව ඓතිහාසික යුගයේ ජනාවාස වල ස්වභාවය කෙබඳු ද ?
🔖දඩයම් ජීවිකාව අවසන් කර ස්ථිර ජනාවාස හා වාසස්ථාන ගොඩනගා ගැනීම මේ යුගය තුල සිදු වූ වැදගත් සිදුවීමයි.ස්ථිරවාසීතාවය යනුවෙන් හැදින්වෙන මෙම ලක්ෂය පිළිබිඹු කරන ප්‍රධාන සාක්ෂිය නම් ඒ යුගයට අයත් දැනට සොයාගෙන තිබෙන නිවාස අවශේෂයයි.
🔖මේ යුගයට අයත් නිවසක් 2009 වසරේදී රත්නපුර දිස්ත්‍රික්කයේ උඩරංචාමඩම නම් ගම්මානයෙන් සොයා ගන්නා ලදි.එය මීටර
🔖10.20×6.80 ප්‍රමාණයෙන් හා ආයත චතුරස්‍රාකාර හැඩයෙන් යුක්ත විය.එහි ඉදිරිපස හා පසුපස කොටස් බිත්තයකින් වෙන්කර තිබිණි.නිවසේ බිත්ති වරිච්චි මැටියෙන් ඉදි කොට අතර වහල ඉලුක් හෝ එවැනි දෙයක් සෙවිලි කොට තිබී ඇත.
2.2.4
📌️ජීවන රටාව
පූර්ව ඓතිහාසික යුගයේ ජනයාගේ ජීවන රටාව කෙබඳු වීද ?
🔖මුවා,ගවයා,වල්ඌරා,දඩුලේන,ආදී සතුන්ගේ ඇටකටු උඩරංචාමඩම නිවස කැණීමෙන් සොයා ගන්නා ලදී. ඒ අනුව පැහැදිලි වන්නේ මෙකල කෘෂිකාර්මික දිවි පෙවතක් ගත කළද ,සතුන් දඩයමද අත්හැර නොතිබූ බවයි.
🔖මෙම නිවස තුළින් සොයා ගන්නා ලද මැටි පබළු,ඇස් අදුන් තැබීමට භාවිත කරන ලෝහ කුරු,සිරුර වර්ණ ගැන්වීම සදහා භාවිත කරන කහ හා රතු පැහැති ගුරු ගල් දෙක හා ඒවා උරච්චි කිරීමට යොදාගත් ඇඹරුම්ගල් දෙක මගින් එකල විසූ කාන්තාවන් තම රූ සපුව අලංකාර කරගැනීමට උනන්දුවක් දක්වා ඇති බව පැහැදිලි වේ.
2.2.5
📌️තාක්ෂණය
පූර්ව ඓතිහාසික යුගයේ තාක්ෂණය කෙබඳු වීද ?
🔖මෙකල ජනයා ගල් ආයුධ තාක්ෂණයෙන් මිදී ලෝහ තාක්ෂණය හා මැටි බදුන් නිපදවීම කෙරෙහි පරිවර්තනය වූහ.මොවුන්ට කැලෑ එලිපෙහෙලි කිරීම,පොළොව කෙටීම හා සී සෑම ආදී කටයුතු වලට යකඩ බෙහෙවින් ප්‍රයෝජනවත් වූහ.
🔖මෙකල මැටි බදුන් තැනීමේ තාක්ෂණයද දියුණු මට්ටමක පැවති බවට උඩරංචාමඩමේ නිවසින් සොයාගත් පින්තාරු කරන ලද මැටි බදුන සාක්ෂි දරයි.
🔖මොවුන් ගිලා නොබසින ලෙස ගෙබිම සකස් කරගත් අතර පොළොවට ලම්බාකාර ලෙස බිත්ති ඉදි කරන ලදි.එමෙන්ම මොවුන් ඉතා සූක්ෂම ලෙස පබළු නිපදවීමේ තාක්ෂණයද සොයාගෙන ඇති බව පැහැදිලි වේ.
2.3
📌️ මුල් ඓතිහාසික යුගයේ ජනාවාස
මුල් ඓතිහාසික යුගය නමින් හැදින්වෙන කාල පරාසය කුමක් ද ?
🔖මුල් ඓතිහාසික යුගය වශයෙන් සැලකෙන්නේ ක්‍රි.පූ.450 පමණ සිට ක්‍රි.ව.300 පමණ දක්වා කාලයයි.
මුල් ඓතිහාසික යුගයේ ජනාවාස ව්‍යාප්තව පැවතියේ කෙසේ ද ?
🔖මෙම කාලපරිච්ඡේදය තුල මෙරට තුබූ ජනාවාස ව්‍යාප්තව පැවතියේ කුඩා ගම්වැව් ආශ්‍රිතව ය.නටබුන්ව ගිය කුඩා ගම්වැව් දහස් ගණනක් ශ්‍රී ලංකාව පුරා ව්‍යාප්තව තිබේ.මේ යුගයේ ජනාවාස බහුතරය වැවක් කේන්ද්‍ර කොට ගනිමින් වැව ආසන්නයේම පැවතිණි. වැව් බැම්මේ එක් කෙළවරක වැවට නුදුරුව එවැනි ගම් පිහිටා තිබී ඇත.
2.3.1
📌️ජනාවාස ව්‍යාප්තියට බලපෑ ප්‍රධාන සාධක
මුල් ඓතිහාසික යුගයේ ජනාවාස ව්‍යාප්තියට බලපෑ ප්‍රධාන සාධක මොනවා ද ?
🔖වාර්ෂික වර්ෂාපතනය
🔖පසේ ස්වභාවය
🔖භූ විෂමතාව
🔖ස්වාභාවික සම්පත් වල ව්‍යාප්තිය
🔖ජලවහනය
මුල් ඓතිහාසික යුගයේ දී ශ්‍රී ලංකාවේ වියළි කලාපයේ ජනාවාස ව්‍යාප්ත වූයේ ඇයි ?
🔖මුල් යුගයේදී ජනාවාස ව්‍යාප්ත වූයේ ශ්‍රී ලංකාවේ වියළි දේශගුණයක් ඇති ප්‍රදේශවලය.කෘෂිකර්මය සදහා අවශ්‍ය ප්‍රමාණවත් තරම් ජලය වර්ෂය පුරා ලබා ගැනීම දුෂ්කර වුවත් වියළි කලාපයේ ජනාවාස ව්‍යාප්ත වූයේ එහි පසේ තිබෙන සාරවත් බව නිසාය.රතු-දුඹුරු පස නම් වූ වියළි කලාපයේ වැඩි ප්‍රදේශයක් පැතිරි ඇති පස කෘෂිකර්මයට ඉතාම සුදුසු වූවකි. මෙම ප්‍රදේශ වලට කෘෂිකාර්මික කරයුතු සදහා අවශ්‍ය ජලය ලැබෙන මාර්ග දෙකක් විය.ඉන් ප්‍රධාන වූයේ මෝසම් වර්ෂාවයි.ස්වාභාවික ගංගා මගින් ලැබෙන ජලයද වියළි කාල වලදී යම් තරමකට වගා කටයුතු සදහා ප්‍රයෝජනවත් විය.පසු කාලයේදි ගංගා හරහා අමුණු බැද රැස් කරගත් ජලය ඇල මාර්ග ඔස්සේ අවශ්‍ය ස්ථානයන්ට ගෙන යන ලදි .
2.3.2
📌️ජනාවාස ව්‍යුහය හා ස්වරූපය
'වාපිගම' යනු කුමක් ද ?
🔖වැවක් කේන්ද්‍ර කොට ගෙන වර්ධනය වූ ජනාවාස,වාපගාම නම් වේ.
🔖මෙහිදී එක් ගමක් තවත් ගමකින් වෙන් වූයේ කැලෑ තීරයකිණි.මෙම ජනාවාස වල විශේෂත්වය වූයේ වැව හා ගම අතර සමීප සබදතාවයක් පැවතීමයි.මහාවංසයේ සදහන් වාන සුමනවාපිගාම,විහාරවාපිගාම, හුන්දරිවාපිගාම හා කඩහවාපිගාම යන ගම් එවැනි වැව් ගම් වේ.
වංසකථාවල හා සෙල්ලිපිවල සදහන් නොයෙක් වෘත්තිකයන් විසූ ජනාවාස මොනවා ද ?
🔖කසීකාරගාම - ගොවියන් විසූ ගම්
🔖ම්ණිකාරගාම - මැණික් ගැරූ හෝ මැණික්
කැපූ අය ජීවත් වූ ගම්
🔖ගෝපාලගාම - ගොපල්ලන් විසූ ගම්
🔖කේවට්ටගාම - ධීවරයින් විසූ ගම්
🔖කුම්භකාරගාම-වළං සාදන්නන් විසූ ගම්
🔖වඩ්ඪකීගාම - වඩුවන් විසූ ගම්
කාර්යය පදනම් කොටගෙන පැවති ගම් වර්ග මොනවා ද ?
🔖පට්ඨානගාම - වරාය ආශ්‍රිත ගම්
🔖නියම්ගම් - වෙළෙඳ ගම්
🔖ඔළගම් - ජනතාව අතහැර දැමූ වැව්ගම්
පැරණි ජනාවාසවාල විශාලත්වය හා ජනගහනය කොපමණද ?
🔖කුඩා ප්‍රමාණයේ ගමක විශාලත්වය සාමාන්‍යයෙන් හෙක්ටයාර 0.15 කට වඩා වැඩි නොවීය.මධ්‍යම ප්‍රමාණයේ ග්‍රාමීය ජනාවාසයක් හෙක්ටයාර 2 ක ප්‍රමාණයක් විය.විශාල නාගරික ජනාවාසයක් හෙක්ටයාර 2 ට වඩා විශාල විය.මෙවන් ගමක සාමාන්‍ය වශයෙන් පවුල් 5-6 ත් අතර ප්‍රමාණයක් වාසය කළේ ය.ඇතැම් විශාල ප්‍රමාණයේ ගම් වල පවුල් 30 ක් විසූ බව දැක්වේ. ක්‍රි.ව.6 වන සියවස වන විට පැරණි මාගම හා ආශ්‍රිත නාගරික ජනාවාසවල 35,000 ක පමණ ජනතාවක් වාසය කොට ඇත.
'පරික්බිත්ත ගම්' යනු මොනවා ද ?
🔖වැටකින් ආරක්ෂා කොට තිබූ ගම් පරික්බිත්ත ගම් වේ.
'අපරික්බිත්ත ගම්' යනු මොනවා ද ?
🔖වැටකින් ආරක්ෂා කොට නොතිබූ ගම් අපරික්බිත්ත ගම් වේ.
'පුර'නමින් හැදින්වූයේ කුමක්ද ?
🔖විශාල නාගරික ජනාවාස ' පුර' නමින් හදුන්වන ලදි.
පළමුවන විජයබාහු රජු පනාකඩුව තඹ සන්නසේ අනුරාධපුරය හදුන්වා ඇත්තේ කිනම් නමකින් ද ?
🔖'නුරුපුර' නමින්
'නකර' හෙවත් 'නගර' යනුවෙන් හදුන්වන ලද්දේ කුමක් ද ?
🔖ගමත්, පුරයත් අතර වූ ජනාවාසය නගර විය.ගම්වල නිපදවන දෑ වෙළෙඳාම පිණිස මහා නගර වෙත ගෙන යාම සම්බන්ධීකරණය වූයේ මෙම අතරමැදි ජනාවාස මගිනි. මේවා ප්‍රමාණයෙන් ගමකට වඩා මදක් විශාල වූ ජනාවාස විය.
පැරණි ජනාවාස වල සංවිධානය කෙසේ වීද ?
🔖ගමක් යනු පවුල් කිහිපයකින් සැදුම්ලත් ඒකකයකි.පවුල යනු ගමක වැදගත්ම සාධකයකි.පවුලක් නියෝජනය කරනු ලැබුවේ ගෘහපති විසිනි.බ්‍රාහ්මීය සෙල්ලිපි වල ඔහු 'ගහපති' යනුවෙන් හදුන්වා ඇත. ගමක ගෘහපතින් කිහිපදෙනකුගෙන් සැදුම්ලත් කණ්ඩායමක් වෙනුවෙන් කටයුතු කල පුද්ගලයා හැදින්වූයේ 'ගමික' හෙවත් 'ග්‍රාමික' නමිනි. එහි තේරුම ගමේ ප්‍රධානියා යන්නයි. පසුව ගම් ප්‍රධානීන් දසදෙනෙකුගෙන් සමන්විත වූ මණ්ඩලයක් මගින් ගම් කිහිපයකින් සැදුම්ලත් ප්‍රදේශයක පරිපාලන ගැටලු විසදීමෙහි නිරත විය.සෙල්ලිපි වල මෙම මණ්ඩලය 'දසගම් ඇත්තන්' යනුවෙන් හදුන්වා ඇත.
2.3.3
📌️යැපීම් ක්‍රමය
මුල් ඓතිහාසික යුගයේ ජනයාගේ යැපීම් ක්‍රමය කෙසේ වීද ?
🔖මොවුන්ගේ යැපීම් ක්‍රමය වූයේ හේන් ගොවිතැනයි.කුරක්කන,මිනෙරි,තල හා තණහාල් වැනි කටුසර බෝග වගා කරන ලදි.මේවා කෙටි මුල් පද්ධතියක් සහිත නියගයට හොදින් ඔරොත්තු දෙන බැවින් ජලය හිග පිටාර නිම්නයෙන් බැහැර ප්‍රදේශ වල වගා කිරීමට යෝග්‍ය විය.
🔖 මූලික ගම්වැව් ඉදිකිරීමට පෙලඹවීමක් ඇති වන්නේ එකී ජනාවාසවල විසූ ජනගහනය පුළුල් වීමට සමාන්තරව ආහාර නිෂ්පාදනය වැඩි කිරීමට සිදු වූ බැවිනි .වැඩියෙන් ගොවිතැන් කිරීමට වැඩිපුර ජලය අවශ්‍ය විය.මේ නිසා ගංගා නිම්න වලට පිටතින් ආරම්භ වන මුල් ඓතිහාසික යුගයේ ජනාවාස,ගංගා නිම්න තුළට කෙමෙන් අවතීර්ණ විය.
On Thu, 30 Dec 2021, 12:58 Online සත්කාරය (via Google Drive), <drive-shares-dm-noreply@google.com> wrote:
onlinesathkaraya@gmail.com shared a folder
Unknown profile photo
onlinesathkaraya@gmail.com has invited you